මේක අහඹු රස්තියාදු සහ ස්පර්ශකය දිගේ යෑමේ පෝස්ට් එකක්. තේරෙන බාසාවෙන් random ramblings සහ going off on a tangent කිව්වොත් තේරේවි නේද? මේවා ලියන්න ගිහිල්ලා ආයෙ මොකටෑ කතන්දර අහගන්නෙ කියල හිතුනත්, අපේ බ්ලොග් තානාපති නමියත්, පංචතන්තරේ නිදි, පොල්කට්ටේ ගමයත්, තට්ටයා මහතා ප්‍රමුඛ තිලකේ, වවුලා, හැට්ටරේ, නයා, ප්‍රාජේ, ඉවාන්, ඉයන්, සඳවතී,ලිට්සීකර් සමඟ කී-නොකී පාත්‍ර වර්ගයා , බ්ලොග් ප්‍රවර්ධනට ගෙන යන වෑයම දැක්කාම, ඔන්න ඔහේ ලියලම දානව කියල හිතුන.
මේවා මෙලෝ යකෙකුට වැඩක් නැති මාතෘකා කියල කියන්නමත් බෑ. අපි කාගෙත් ඇඟේ "කම්මැලි ජානය" තියන නිසා, ලේසි පහසු "කෙටි ක්‍රම" වලට අපේ සහජ කැමැත්තක් තියනවා.
අද මාතෘකාව:
මවු-පුවරුව මාරු කිරීමෙන් පසු, පැරණි වින්ඩෝස් 10/11 නැවත පාවිච්චි කල හැකිද?
මේක ගැන බොහෝ අය කියන්නෙ, "කල හැකියි, ඒත් නොකල යුතු දෙයක්" කියලයි.
මෙතන ඉදිරිපත් කරන තර්කයෙ ඇත්තක් නැත්තෙමත් නෑ. ඒත් ප්‍රශ්ණය වෙන්නේ, ඔවුන් කියන ලෙස වින්ඩෝස් අලුතින්ම ස්ථාපිත කොට, සියලුම ඇප්ස් නැවත ස්ථාපිත කිරීමට, මට හැකියාවක් හෝ ඉවසීමක් නැති කමයි.
ඒත් අනෙක් අය දරන්නෙ වෙන මතයක්. මේක මගේ කම්මැලි ජානයත් සමඟ සමපාත වෙනවා.
වින්ඩෝස් 11ට මල් මිටක්:
මගේ අත්දැකීම අනුවත්, මා දැනටමත් වින්ඩෝස් අලුතින්ම ස්ථාපිත නොකොට, පැරණි වින්ඩෝස් මතම මවු-පුවරු පහක් පමණ මාරු කර ඇත. විශේෂයෙන්ම, නවතම වින්ඩෝස් 11 මේ ක්‍රියාවලියේදී, වැඩේ අල නොකර, ගොඩ දැමීමට විශිෂ්ඨ හැකියාවක් දක්වන බව කියන්නම වෙනවා. වින්ඩෝස් ඇක්ටිවේෂන්, මවු-පුවරුට සම්බන්ධ නිසා, ඇක්ටිවේෂන් එක මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකත් එක්ක ලින්ක් කරගැනීම නුවණට හුරු දෙයක්.
ඒත් මෙහෙම කිරීමේදී, පැරණි මවු-පුවරුවල "චිප්-සෙට්" සහ අනිකුත් දෘඩාංග ඩ්‍රයිවර්වලට මොකද වෙන්නෙ? ඒවා නිකං ඔහේ තියනවද? ඒ නිසා වින්ඩෝස් කාර්‍යක්ෂමතාවයට බලපෑමක් තියනවද?
උත්තරේ - මම දන්නෙ නෑ කියන එකයි. කිසිම කෙනෙක් ඒ ගැන කියන්නෙ නෑ. දැන් එතකොට, දන්නෙත් නැත්නම්, මොකක්ද මේ කියන්නෙ? අවාසනාවට උත්තරය එතරම් කලු-සුදු නැත. වින්ඩෝස් Task-Manager හරහා, දැනට සක්‍රීය "ප්‍රොසෙස්" පරීක්ෂා කිරීමේදී, මගේ පැරණි මවු-පුවරුවක් වූ Asus ඩ්‍රයිවර් හමුවුන බව මතකයේ ඇත.
සමහරවිට, රැව්ලයි-කැඳයි දෙකම බේරගෙන, වින්ඩෝස් වලින් පැරණි "චිප්-සෙට්" ඩ්‍රයිවර්ස් ගලවන්න ක්‍රමයක් තියෙන්නත් හැකියාවක් ඇත. GPU එකට නං එහෙම ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් තිබෙන බව දනිමි.
Display Driver Uninstaller (DDU)
මේ DDU ක්‍රමවේදය ගැන, යූ-බටේ ඇති වෙන්න වීඩියෝ තියනවා. කෙටියෙන් කියනවා නං, වින්ඩෝස් "සේෆ් මෝඩ්" එකට බූට් කරලා, DDU රන් කරලා පරණ ඩැයිවර්ව ගලවලා, ආයෙ වින්ඩෝස් නෝමල් මෝඩ් එකේදී අලුත් ඩැයිවර්ව ඉන්ස්ටෝල් කරනව, එච්චරයි.
Sysprep ක්‍රමවේදය:
මේකට කියන්නෙ entering OOBE(Windows Out of Box Experience) with "Sysprep" කියලලු. මේක සිස්ටම් ඇඩ්ඩිංලගෙ කමාන්ඩ් එකක්. මට තේරුන විදිහට sysprep කමාන්ඩ් එකෙන් කරන්නෙ, "platform independent" OS image එකක් හදන එකලු.
මෙහෙම බරසාර අර්ථදැක්වීමක් තිබ්බට වැඩේ කජු කනවා වගේ ලේසියි. කරන්න තියෙන්නෙ පහලින් තියෙන ෆයිල් එක රන් කරන්න විතරයි.
c:\windows\system32\sysprep\sysprep.exe
ඒත් ප්‍රශ්ණය වෙන්නෙ, ඒකෙ සාර්ථකභාවය සහ අනතුරුදායක කමයි. දැනට තියෙන වින්ඩෝස්වල ෆුල් බැකප් එකක් නැතුව මේක කරන්න එපා කියලයි මම නං කියන්නෙ.
මගෙන් වැඩි විස්තර අහන්න එපා, දන්නෙ නෑ. මෙතන වැඩිහරියක් තියෙන්නෙ, මගේ තර්කාණුකූල අනුමාන(educated guesses) විතරයි. මට කියන්න ඇහැකි මගේ අත්දැකීම විතරයි. ටික වෙලාවක් ගත්තත්, කිසිම අතුරු ආපදාවක් නැතුව, අලුතින් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරනව වගේම ගියා. මැද හරියෙදි ඇහැව්වා, "පැරණි වින්ඩෝස් බැක්-අප්" එකක් තියනවා, සෙටිංග්ස්, ඇප්ස් ඒකෙන් ගන්නද කියලා? මම Sysprep රන් කලේ, වැඩිය පාවිච්චි නොකරන admin profile එකකින්. වැඩේ අහවර වෙලා, Local User profile එකට මාරු වුනාම, ඔක්කොම පරණ ඇප්ස් ටික තිබ්බා.
මට කියන්න තියෙන්නෙ, මෙහෙම එකක් තියනවා කියල විතරයි. මේ ගැන දන්න, අපේ උගත් සොෆ්ට්වෙයා ඉන්ජිනේරු ඇනෝලා, ඇඩ්මින්ලා, වැඩි විස්තර සපයනවා නං කුරුතග්ඥ වෙමි.
WizTree හරහා ලබාගත් Drive image පරීක්ෂා කිරීමෙන් පෙනී ගියේ, වින්ඩෝස් 11 core system අරගෙන ඇත්තේ 36Gb ඉඩක් පමණක් බවයි. වින්ඩෝස් 11 Downloads ෆෝල්ඩරය අමතර HDD එකකට යොමු කල හැකි අතර, බොහෝ ඉඩක් ගන්නා ඇපස්ද අමතර HDD එකකට දැමිය හැකිය. නිතර බැක්-අප් ගන්නේ නම්, 33Gb වන "Old Windows" ෆෝල්ඩරයද ඉවත් කල හැකිමුත්, මට එසේ කිරීමට අවශ්‍යතාවයක් ඇති වූයේ නැත.
|
මගේ ආපදා ප්‍රතිසාධන සැලසුම |
සමහරු
de-bloating windows ගැන කීවත්, තවත් දන්න කියන අය කියනා ලෙස, නවතම වින්ඩෝස් 11වල "අදාල" ඩ්‍රයිවර් පමණක් ලෝඩ් කරගෙන, අදාල නොවන ඒවා නොසලකා සිටීමෙ හැකියාව නිසා, මේ අනවශ්‍ය ඩ්‍රයිවර් ගැන කරදරවීම අත්‍යාවශ්‍යම නොවන බව මගේ පෞද්ගලික අදහසයි.
(කෙසේ වුවත් De-bloating windows මාතෘකාව, වැඩි අවධානයක් යොමු කරන්නේ, මයික්‍රොසොෆ්ට්, බ්ලෝට්වෙයා මඟින් යූසර් ඇක්ටිවිටි ට්‍රැක් කිරීම ගැනයි.)
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)