Showing posts with label ලියුං කියුං. Show all posts
Showing posts with label ලියුං කියුං. Show all posts

Sunday, October 28, 2012

සෙල් ලිපි

හඳවල් ගානකුත් ගෙවිලා ගියා, හරි හමන් ලියුං කෑල්ලක් කොටා ගන්ට බෑරිවුනා නෙව? ඔහෙලට කියන්ට  ආයිබෝං ලියන්ට කියලා මෙලෝ සංසාරයක් හිතට ආවෙ නෑ නොවෑ? ඕං ඔහොම ඉන්න කොට තමා මට මතක් වුනේ අපි හිංගල කොටන්න විඳින දුක.

ඒත් ඉතිං අපේ පුරාණ ගල් වඩුවො  හිංගල කොටන්න විඳපු දුකත් එක්ක බලපුවාම මේකත් දුකක්ද? උදේට බත් ගෙඩියක් බැඳගෙන ඇවිත්, බුලත් විටක් එහෙම සප්පායං වෙලා, උන්දලා දවසම හිංගල කොටන්න ඇති.

ඔය පහලින් තියෙන්නෙ ක්ලියොපැට්‍රාගෙ කස්ටිය සෙල්ලිපි කොටාපු හැටි.

මේකෙ නම සෙල් ලිපි" වුනාට, මං මේ කියන්න හදන්නෙ, දැනට අපට සිංහල කොටන්න තියෙන එක එක සොෆ්ට්වෙයා ගැනයි.

 ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ ඔන්ලයින් එව්වා:

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

(මෙකෙ  photoshop වලට නං ප්‍රයෝජනවත්:සිංහල font විදිහටම ගෙනියන්න.)

http://unicode.malindaprasad.com/

http://www.google.com/transliterate/sinhalese

මේවා වලත් වර්ග දෙකක් තියනවා. එකක් කොටන කොටම අකුරු පෙන්නන්න එව්වා, එහෙම නැති එවා.

මේ අතරින් Google Transliteration වල පහසුකං ගොඩක් තිබ්බට, කොටන කොටම අකුරු පෙන්නන්නෙ නෑ.මට නං ඒක අවුල්.

ඊට අමතරව වින්ඩෝස් වලට නං, stand-alone එව්වත් තියනවා. මං කැමති phonetic නැත්නම් සිංග්‍රීසි වර්ගයේ එව්වට විතරයි. හේතුව, ඔය සඤ්ඤක අකුරු කොහෙද තියෙන්නෙ කියලා හොය, හොය ඉන්න බැරි නිසා :). මේ තියන්නෙ මං පාවිච්චි කරන එකම එක:

Singreesi 1.8

ප්‍රස්ණෙ කියන්නෙ, මේක දැං හොයාගන්න නෑ. මා ලඟ නං කලින් ඩවුන්ලෝඩ් කර ගත්ත කොපියක් තියනවා වින්ඩෝස් වලට, දැන්නම් ඒක වැඩි දියුණු කිරිල්ල නැවතිලා පාටයි.

මේච්චර කල් කිසිම අවුලක් නැතුව මේක පාවිච්චි කලත් වින්ඩෝස් වලින් වෙන එකකට මාරු වෙච්ච දාට තමයි අවුල. එක එක එව්වා අත්හදා බලල අන්තිමට නැවතුනේ, ඒකෙම browser addon එක ලඟයි. හැබැයි, add-on එක තියෙන්නේ Google Chrome වලට විතරයි.

https://chrome.google.com/webstore/detail/singreesi/enobjimolcbaplolgmplicbkllihadig

මෙක ලියපු  එක හේතුවක් තමා ඔහෙල හිංගල කොටන්න පාවිච්චි කරන්නේ මොනවාද? එව්වයෙ ගුණාගුන කොහොමද කියල දැණගන්න එක :)

ඒක හින්දා  මේක බලලා , හොර බලල්ලු වගේ ලුහුටලා යන්නෙ නැතුව , දැන්න දෙයක් කොටලම ගියානං අපිටත් දැණගන්නත් එක්ක :))

Friday, August 3, 2012

‍රැජිනගෙ ඇඳ

දැං තේරෙනව නේද, ඇයි සමහරුන්ට "තුන්දෙනෙකුට" විතර නිදාගන්ට ඉඩතියෙන ඇඳවල් ඕනෙ වෙන්නෙ ඇයි කියලා. කෝකටත් බැකප් එකක් විදිහට, පැදුරකුයි, තව අමතර කොට්ට, ෂීට් එකක් එහෙම ඇඳයට තියාගන්ට .

මොකද අර "where I actually sleep" zone එකේ බුදියන්ට වාසනාව ලැබෙන්නෙ එළිවෙනකං ඇඳ උඩ ඉන්න ලැබුනොත් නොවැ :)

පැදුරෙ ඉඳන් අපි කොහොමද බිමට වැටෙන්නේ ? :))

Thursday, March 22, 2012

අඳුනා ගත්තොත් ඔබ මා........

අඳුනා ගත්තොත් ඔබමා නෙමෙයි , ඔබ - මා, ඒ කිව්වෙ ඔයයි- මමයි 

ඔය පින්තූරෙ ඉන්නෙ , Diogenes of Sinope. එයා පන්සලක තිබිච්චි නාන බාල්දියක ජීවත් උනත් උනාට එහෙමට අවතක්සේරු කරන්ට එපා - එයා දාර්ශණිකයෙක්. Cynic philosophy කියන්නෙ එයාගෙ දර්ශණය. දැන් අහන්ට එපා බල්ලොන්ට මොන දර්ශනේද - ඌරොන්ට මොන සෞඛ්‍යද කියලා. ඔය Cynic කියන වචනෙ බිඳිලා එන්නෙ පුරාණ ග්‍රීක් භාෂාවෙන්, තේරුම " සුනඛයෙක්- මෙන්" කියන එකයි. එයා කිව්වෙ ජීවිතේ තේරුම් ගන්ට නං ,සැප - සම්පත් ප්‍රතික්ශේප කරලා, සොභාව ධර්මයට අනුකුලව ජීවත් වෙන්න ඕනෙ කියලයි.

ඕන්න ඔතනදි තමයි, අපි සීන් එකට එන්නෙ. අපෙ ජීවිතේ සහජයෙන්ම 100% සොභාව ධර්මයට අනුකුල නිසා, එයා අපිට බොහොම හිතවත් උනා. පේනව නේද වටේ සාවධානව ඉඳගෙන දර්ශණය හදාරණ අපේ කස්ටිය?

එව්වා ඇරිච්චාවෙකො, අර ලන්තෑරුම තියනව නේද? ඕක පත්තු කරගෙන එයා , දවසක් මහ දවාලෙ කාවද හෙව්වා. මිනිස්සු ඇහැව්වාම කිව්වෙ, " මං මේ අබංක කුසුමව හොයනවා " කියලයි. ඔහෙලා හිතන්නෙ හම්බ උනා කියලද? නෑ.

එහෙම "අබංක කුසුමව" හොයාපු තව හාදයෙකුට වෙච්ච සංතෑසියක් මේ:

විලියොං කියලා සුද්දෙක් කිව්වලු " ලෝකය රඟ මඩලකි, අපි එහි නළුවෝ වෙමු" කියලා. එක අතකට අනුන්ගෙ වැරදි හොයන්නෙ කොහොමද, අපිත් කරන්නෙ, අපේ කොටස රඟපාන එක කොට?

මේක මට කිව්වෙ, ඒරොප්පෙ ඉහල විබාග පාස් කොරලා, ඉහල රස්සාවක් කරලා, පවුලේ යුතුකං හොඳින් කරපු, ඒත් පසු කාලෙක ආරථික අවපාතෙට අහුවෙලා වැටිලා හිටපු මහත්තයෙක්" ටොමියො, මිනිසුන්ගෙ හැටි සුබාව තේරුං ගන්ට නං අපි වැටෙන්න ඕනෙ. එතකොට පිට එවුන් කොහොම වෙතත්, තමන්ගෙම පවුලෙ අයත් අපි දිහා බලන්නෙ හරියට අත පල්ලෙන් වැටිච්ච ගානටයි" කියලා.

ඒත් බලාපොරොත්තු අත අරින්න එපා. මොකද බලාපොරොත්තු තමයි මිනිසුන්ව ජීවත් කරවන්නෙ. ඒ වගේම කව්ද දන්නෙ මෙන්න මෙහෙම අවංකවම කියන්න පුළුවන් කෙනෙක් ලැබෙයිද කියලා?   :D

Friday, December 30, 2011

සැමටම සුභ නව වසරක් වේවා!

ඕං අලුත් අවුරුද්දට මගේ ගානෙ නියම සිංදුවක්.

මට මෙන් ඌ..ටද කඬුල ඔබයි. මේක ඇහෙනකොට ඔහෙලටත් මට වගේම ටිකා..ක් මලකඩ කාපු සිංහල වොයිස් එකක් මතක් වෙනවද , හැබෑටම ? :))

Tuesday, May 17, 2011

අපි නොදන්න..ලව්

Three passions, simple but overwhelmingly strong, have governed my life: the longing for love, the search for knowledge, and unbearable pity for the suffering of mankind. These passions, like great winds, have blown me hither and thither, in a wayward course, over a deep ocean of anguish, reaching to the very verge of despair... Love and knowledge, so far as they were possible, led upward toward the heavens. But always pity brought me back to earth. Echoes of cries of pain reverberate in my heart. Children in famine, victims tortured by oppressors, helpless old people a hated burden to their sons, and the whole world of loneliness, poverty, and pain make a mockery of what human life should be. I long to alleviate the evil, but I cannot, and I too suffer. 

- Bertrand Russell -

බස්සා මේ රටට එන්න ඉස්සෙල්ලා හිතාගෙන හිටියෙ , ඌ දන්න ඉංග්‍රිසිය හොඳටම ඇති කියලයි. කොහෙද මේ සුද්දොත් එක්ක බැහැනෙ, උන්ට වතුර වගෙ ඉංගිරිසි පුළුවන්නෙ. ඕං ඉතිං බස්සත් ගියේ නැතැයි අකුරට. අර හිම බැසියෙක්ව හම්බ උනෙත් එහෙදි තමා.

හා, හා, බස්සො කට(හොට), ඕක නිකං තියාගෙන ඉන්න බැරිනං උලාපිය, ගලක.

(එහෙම කිව්වෙ බකුසු කකුල්..ආයිබෝං.)

ඕං ඔහේදි තමා බස්සට ඌගේ ප්‍රියතම ගුරුවරිය හම්බ උනේ. එයා ග්‍රීක් නෝන කෙනෙක්. නම "විකී කෝෂ්," මාස තුනයි, ඉගැන්නුවෙ, ඒත් අවුරුදු ගානක දේවල් ඒ ටිකේදි ඉගෙනගත්තා. ඔය උඩින් තියෙන්නෙත්, එයා පොටෝ කොපි කරලා අපට ගෙනත් දීපු එකක්. ඕක පරිවර්තනය කරන්න ගිහිල්ලා එකෙ තියෙන ලස්සන කා දාන්නෙ නැතුව මං ඒක එහෙමම තියනවා.

මේ කියලා තියනදේ ගැන බස්සට වෙනම පෝස්ට් එකක් උනත් ලියන්න ඇහැකි. බලමුකො, හැබෑටම මේ බර්ටන් ගොය්යත් මාර කියුං නෙව කියල තියෙන්නෙ. හා, මං කියන්නෙ උන්දැගෙ කටෙත් හැලප දෙකක් ඔබන්න වටින්නෙ නැහ්ද? 

Saturday, April 30, 2011

ඊසොප් (බස්සාගේ )ගේ උපමා කතා

ඊසොප් ගේ උපමා කතා:

ඔන්න එකමත් එක රටක හිටියලු ඉබ්බියෙක්. ඔය ඉබ්බිට හිටියලු ඉබ්බෙක් , ඌ නං හිටියෙ වෙන රටක ලු. අනේ අර අහිංසක ඉබ්බා එක ඇඟිල්ලෙන් කී-බෝඩ් ඔබ ඔබ ලියනව ලු පැදුරු, මාගල් වගේ දිග ලියුං. ඕං එක දවසක් ඉබ්බි කොහෙද ගමනක් ගිහින් ඇවිත් කිව්වලු, මං මේ ආව විතරයි, තව මිනිත්තුවෙන එවන්නං දිග...........ලියුමක් කියල. අනේ අර මෝඩ ඉබ්බත් කට ඇරගෙන බලන්ගිටියලු. ආපු ලියුමෙ දිග දන්නවද? පේලි හතරයි.

ආදර්ශය : ඉබ්බන්ගෙන් පිහා‍ටු ඉල්ලීමත්, ඉබ්බියන්ගෙන් දිග ලියුම් ඉල්ලීමත් දෙකම එක වගේය

ප.ලි: ඊසොප් යනු ඔන්-ලයින් ඕඩර් කලහැකි සබන් ජාතියක නම නොවේ!

මේ බස්සා කැමති තව සිංදුවක්. මේකෙම තව වර්ෂන් එකක් තියනවා "shrek" වල. ඒකෙ අදහස් නං ලස්සනයි ඒත් මේ ඔරිජිනල් එකේ කටහඬට ගහන්න බෑ.

Wednesday, April 27, 2011

බස්සාගේ පිංතූර ගැලරිය

මට හිතුනා මේ බොලොග් එකත් නිකං තියෙන් එකේ මගේ "  බස්සෙකුගේ ප්‍රේමය" කතාවෙ පෙම් හසුන් ටිකක් ඔහෙලත් එක්ක බෙදා ගන්න.දැං ඉතිං මං මෙව්වා ලිව්වෙ කොයි බස්සිටද , එයා ඉන්නෙ කොයි ගහේද වගේ ඕන්නැති ප්‍රශ්ණ එහෙම අහන්න එපා. දෙන විදිහට රස විඳින එකයි ඇත්තෙ.

මේවා හොඳට ‍තෝරල බේරල , අවුලක් නැතිව දාන්න පුළුවන් එව්වා විතරයි දාන්නෙ. එක පෝස්ට් එකට එක ගාණෙ දාන්නම්. ඔහෙල කැමති නං ඒක කියන්න, නැත්නං මං මොකටද මේ පාළු ගෙයි වලං බිඳින්නෙ?

පෙම් හසුන් කිව්වට මේව පින්තූර කතා:

මෙන්න ආපු උත්තරේ:

nice pictures. give me the rose u nari mota...

i love your hugs and kisses...

mmmmmmmmmm...

ummmaaaa.....

LOVE U

මෙන්න මට කියන්න ඕනෙ දේ:

This is for you, My LOVE

for loving me, fighting with me and keeping me on the edge