Showing posts with label බස්සාගේ ජීවිතේ... Show all posts
Showing posts with label බස්සාගේ ජීවිතේ... Show all posts
Friday, July 27, 2012
සාපේක්ෂ
පෝකර් ෆේස් කියන්නෙ සූදු ක්‍රීඩාවෙදි හදා ගන්නා කිසිම හැඟීමක් පිළිබිඹු නොවෙන මූණ. ඔබ සූදු ක්‍රීඩා කරනව නං, මේක අනිවාර්යයි, මොකද මූණ බලලා කොලේ කියන්න දන්න අය ඉන්න නිසා. ඒ කියන්නෙ , අඩුම ගානෙ සූදූ කාරයෙකුට එකකට වඩා මූණු තියනවා. ජීවිතේ කියන්නෙත් එක්තරා සූදුවක් කියල කව්ද කිව්ව නේද?
"මූණු දෙකේ හෝතම්බුවා", ඕං ඔහොමයි අල්ලපු ගහේ කොට්ටෝරුව මට බැන්නෙ. ඌගෙ වැඩේ හැම ගහකටම කොට, කොට යන එක, අපේ ගහටත් කොටන්න ඇවිල්ලා මං හරහට හිටියා කියල තමයි ඔහොම කිව්වෙ. මං නං කවදාවත් ඇත්ත "මූණු දෙකේ හෝතම්බුවෙක් " දැකලා නෑ :)
තව දවසක් අසනීපෙන් ඉන්න යාළුවෙක් බලන්න ගිහින් මොකක්ද එකකට හිනා වුනා කියලා " දාගනින් උඹෙ 'අවමඟුල් මූණ'" කියලත් අහගෙන තියනවා. හුටා!, ඒ කියන්නෙ අපට මූණු කීයක් තියනවද?
සමහර විට අවස්ථාවට හරියන විදිහට , එයට ගැලපෙන මූණ දාගන්න එක වැරද්දක් නොවෙන්නත් පුළුවන්. අපි හිතමු, මඟුල් ගෙදරක් කියලා, ඒ වෙලාවෙ මොකක් හරි කනස්සල්ලක් අපේ හිතේ තිබ්බත් "අවමඟුල් මූණක්" දාගෙන ඉන්න බෑනෙ. වැරදි දෙයකට, අනුන්ට අවැඩක් කරන්න නෙමෙයි නං මේ මූණු මාරු කිරිල්ලේ වැරද්දක් මට පේන්නෙ නෑ
මෙන්න මෙතනයි කොස්ස.හැම දේම සාපේක්ෂයි. මේ හැමදේම එක එක්කෙනාට සාපේක්ෂයි. ඒ කියන්නෙ මං මේ ලියන්නෙ මට හරියි කියලා හිතෙන එක, තව කෙනෙක් කියාවි"හහ්, අපේ පොතේ එහෙම නැතේ" කියලා. අවුලක් නෑ , ඒකත් සාපේක්ෂයි.
මූණු, හරි-වැරදි, තාත්වික- අතාත්වික, බුද්ධිමත්- මෝඩ,
හුටා ඔන්න ආයෙත් මට පැටලිලා, වැඩේ අවුල් වේගන එනවා. මං ඉතිං කොහොමත් owl නිසා ඒකෙත් අවුලක් නෑ :)
ඔය පිංතූරෙ තියෙන වෙස්මූණ වැනීසියෙ එකද,ප්‍රංශ බාල් නැටුමෙ එකද? ඔන්න ආයෙත් පැටලුනා...
Everybody is special, everybody. Everybody is a hero, a lover, a fool, a villain, everybody. Everybody has their story to tell…
Tuesday, July 24, 2012
Anonymous බස්සා
ඉස්සර අපි කිව්වෙ :
“සසර වසන තුරු
නිවන් දකින තුරු
පින්කෙත හෙල රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා
කියලයි. දැං මේ ටික දොහකට කලියෙන් පටන්ගෙන තාමත් ඇදෙමින් පවතින , අපේ කස්ටියෙගෙ "අපේ කම" දැක්කාම, යලි උපදින්න කෙසේ වෙතත්, නැවත කවදහරි ලංකාවෙ පදිංචියට එන එකත් ආයෙත් සළකා බලන්ට වෙනවා. අර කව්ද කාගෙන්ද ඇහුවලු "ඇයි හැමෝටම 'අයියෙ, අක්කෙ, නංගියෙ ,මල්ලියෙ' කියන්නෙ?" කියලා. " ඒහෙම කියන්නෙ 'අපේ කමට'නෙ?" කියලා උත්තරෙත් ලැබුණයි කියමුකො. අර ඩුප්ලිකේට් ඇනෝනිමසාගෙ දාලා තිබ්බ අපේ "'අයියලගෙ, අක්කලගෙ, නංගිලාගෙ ,මල්ලිලාලගෙ" සංගිස්කුරුත දැක්කාම "අපේ කම" යස අගේට තේරුනා :D
අපේ ගම්තුලාන වල ඔය කුල බේද ටිකක් තිබ්බා, ඉඳලා හිටලා කැලෑ පත්තරයක් ගැහැව්වා. . අබිලිං ලා, සොපියලා ගමේ තේ කඩේ, පංසලේ බණ මඩුවෙ ඕපදූපයක් දෙකක් කියෙව්වා තමයි, ඒත් ඒකෙන් මිනිස්සුන්ට සසර කළකිරුනෙ නෑ. ගම -නගරය එකට යාවෙන කොට, කුල භේදය තුරන්වේගන යනකොට , මං හිතුව අපේ සමාජය දියුණුවෙයි කියලා. ඒත් දැං නම් ඒ ගැන සැකයි:
ලෝකය විවිධයි, විෂමයි, ගෝලාකාරයි.
ලෝකෙ නිකං රෝදෙ වගේ කැරකෙනව
අපි ආපහු පරණ තැනට පැමිනෙණවා :(
දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වල ය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී පුරයයි
නැත මුදලේ වටිනාකම්
බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයටම
නැත පවුල්වාද, පිල් බේද, කුලවාද, දෑ වාද
නැත බදුබර, පවුල් බර ජීවන බර
මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්න මතු වාසනා
එහෙම උනයි කියලා බලාපොරොත්තු අතහරින්න හොඳ නෑ.
මෙන්න මගේ ප්‍රාර්ථනාව:සයිබරය අර මුලින් තිබුණු තරඟ , මරාගැනීම් නැති, සුන්දර, ඇලිස්ගේ විස්මලන්තයම වේවා!
අර
ඇත්ත, අපි සැබෑ ලෝකෙයේ ඒ තත්ත්වෙට එන්න තරම් තාම දියුණු නෑ. ඒත් මේ සයිබරයේදි අපි ඊට වඩා දියුණුයි. ඒක නිසා මහත්වරුනි , කරුණාකරලා සැබෑ ලෝකයේ කුහකකම්, මේකට ගේන්න එපා. සයිබරයේ හැඳුනුම්කම්, සැබෑ ලෝකෙට ගෙනයන එක ඔහෙලගෙ වැඩක්, ඒත් මට නං මේ විවිධ සමාජ, අධ්‍යාපනික මට්ටම්වල ඉන්න අපි මෙහෙම එකට ඉන්න එක ඊට වඩා වටිනව.
සමහරු ආරූඩ නම් නැතුව නියම නමින් එනවා. ඒක ඒ අයගෙ කැමත්ත. හැබැයි, ඒක ලොකු කමක් කියල හිතන එක ඔහෙලගෙ නුවණක්කාර කම. මේක අපේ මෝඩ වෙන්න පුළුවනි, හැබැයි ඒක අපේ අයිතිය, ඒකට ගරු කරන්න. පාලකයෙක් හැටියට විවේචන තිබ්බත්, මං අගේ කරන අප අතර නැති කෙනෙක් මෙහෙම
කියලා තිබ්බා:"Stay foolish, Stay hungry."ඒ නිසා ඇත්ත නමින් එන්න, එළියට එන්න වගේ ඉල්ලීම් අසාධාරණ බව මගේ හැඟීමයි, මන්ද අදහස, ලිපිය මිස, ලේඛකයාගේ අනන්‍යතාවය අපට අදාල නොවන නිසා.
ඒ නිසා දැනට මං දොරකඩ ගහේ බකුසු තඩියම තමා :)
මේ පිංතූරෙ නම් කරලා තිබ්බෙ මෙහෙම:
අල්ලපු ගෙදර පූස පල්ලා. මේක කලේ අර අසම්ජ්ජාති පූසො සැට් එක තමා! කියලයි :)))
Disclaimer: මෙහි පූෂා යනු හුදෙක් නාමයක් පමණක් බවත්, පූෂන් උපහාසයක් කිරීමේ අදහසක් නැති බවත් සියලු පූෂන් වෙත දැනුම් දෙමි.
Tuesday, July 17, 2012
පාරාදීසය
හැමෝටම තමන්ගෙ ගතවුනු කාලය ගැන සොඳුරු මතකයක් තියනවා නේ.
මටත් එහෙමම තමා.
මේක දැක්කාම මට මතක් වෙන්නෙ එව්වා තමයි.
මෙන්න මගේ මතක ලැයිස්තුව:
ඉස්සො වඩේ
ටෙස්ට් දැමූ කඩල
පොල් වෙරළු අච්චාරු
හැලප
ලැවරියා
වණ්ඩු ආප්ප, පැනි ආප්ප
ඉඹුල් කිරිබත්
මාළු පාන්
දිවුල් සහ කිරල
හැන්දෑවට වාඩිවෙලා බකංනිලාගෙන හිටපු පහල වෙලේ බෝක්කුවක්
කුඹුකෙ ලිඳේ වතුර
කොණ්ඩෙ කපල, බෙල්ල කඩන හන්දියෙ බාබර්ගෙ හෙඩ් මසාජ් එක
මං මේ බලන් ඉන්නෙ ගුගල් කාරයා ලංකාවට ස්ට්‍රීට් වීව් දෙනකං. අම්මපා , ඇවිදිනව ගමේ පාරවල් වල කකුල් ගෙවෙනකංම :)
බලන්න මහත්වරුනි,දුරින් ඉඳන් අගේ කරන්නත්, මාස තුනකට අඩු සංචාරයකටත් කදිම , ඉන්දියන් ( හුටා, ඒකත් උන්ගෙ) සාගරයෙ කඳුළු බිංදුව!
Sunday, July 8, 2012
ටජ් මහලක් .....
පොඩ්ඩක් පරක්කුවෙලා හරි ජෝතිපාල සැමරුමට මොකක් හරි කරන්න ඕනෙයි කියල හිතුනා. මෙන්න මං කැමති සිංදුවක් - බකුසු වර්ෂන් එක :)
ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමි
බෝරියල් වනයේ පයින් ගසක මම
ගස් බෙනයක් තනමී....
තිමිර එළිය කෙරු
මගෙ ලොව දිනිසුරු
තරුපති සහ තරු
ඔබය මියෙන තුරු...
ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමි
බෝරියල් වනයේ පයින් ගසක මම
ගස් බෙනයක් තනමී....
තිමිර එළිය කෙරු
මගෙ ලොව දිනිසුරු
තරුපති සහ තරු
ඔබය මියෙන තුරු...
Wednesday, July 4, 2012
බස්සා සහ සුරංගනාවි
ඕං ඔය පහුගිය දොහක උදේක, බේගලයක් ඇදබාපු මම, සුපුරුදු පරිදි පලමු නිදි වඩියට සැට් වුනා. මේ බේගල් කිව්වෙ අර කොටා බාන එව්වා. ඒකත් කොටා බාල, හොඳට අත්ත උඩ හරිබරි ගැහිලා දෙයියනේ කියලා ඇස් පියාගත්තා. මොන, මේං කණ ගාවම ඇහෙනව රූං,රූං ගානවා. ඇස් දෙක වහගෙනම හොඳට හඬ එන තැනට මානල දුන්නා හොඳ අත්තටු පාරක්. කව්දෝ "ඌයි" ගෑව. ඇස් ඇරල බැලින්නං සුරංගනාවියක්. කහපාට මල්පෙති වලින් හදාපු ගවුමක් ඇඳලා.
"අප්පට හුඩු, මටත් ටිකට් එක ඇදිලද? ඔයා දිවියලෝකෙන් පණිවිඩේ අරගෙනද ආවෙ?
" අනේ මේ ඔයා මොනව කියනවද මන්දා බස්z , මම ටින්කර් බෙල්, ආවෙ නෙවර්ලන්තෙ ඉඳලා."
" මාත් ඔය ටිංකරින් වැඩ ටිකක් දන්නවා නං තමා. ඇයි ඔයාටත් බ්ලොග් එකක් තියනවද. එහෙම නං කියන්න, පොඩි ටිංකරින් පාරක් දාලා දෙඤ්ඤං"
" එහෙම එකක් නෙමෙයි. දැං බලාන්ට, ඔයා ටින්කරිං බාස්, මම ටින්කර් බෙල්. මේ ඔයාට FB එක්වුන්ට් එකක් තියනවද?"
" මේ මඟුලක් කතා කරනව, බස්සො කවදද FB කෙරුවෙ"
" අයියෝ, අඩුම ගානෙ ස්කයිප්,චැට් එකවුන්ට් එකක්වත්?"
"මේ ටිංකරිං නෝනෙ, ඔව්වා මගේ නින්දට බාදා වෙන වැඩ. අපි, බස්සො, බස්සොන්ට නින්ද බොහොම වටිනව, තේරුනාද?. දැං ඔහේ ඔච්චර දුර ඉඳලා මගෙ නින්දට බාදා කරන්න ආවෙ ඕක අහන්නද?"
" මොකක්ද මෙයා, ඉඳලා හිටලාවත් ඔයාගේ සොෆ්ට් ස්යිඩ් එක පෙන්නන්නකො, කොක්කම දාන්නෙ නැතුව"
"අනේ මේ මගේ සොෆ්ට් ස්යිඩ් එක තිබිච්චාවෙ. කියන්නකො මට ඔයා ගැන?"
" මට මල්කැඩීම ගැන ගෞරව උපාධියක් තියනවා. එතකොට පැණි කළමනාකරණය ගැන පස්චාස් මෙව්වා එකකුත් තියනවා. එතකොට මං රාජකාරි කරන්නෙ බොහොම ඉහල තැනක"
"හුටා! ඔය මල් සාය කොටෙත් ඇඳගෙන ඉහල යනවයි කිව්වා. ඉතිං මල්, කුරුල්ලො පිබිදෙන එක අහන්නත් දෙයක්ද?"
" ඒක තමයි මෙයා. මේ සමහර නැහැදිච්ච කුරුල්ලො මට එව්වා මෙව්වා කියනවා නෙව"
" ඉතිං ටිං,ටිං නෝනෝ. මොන හත්තිලව්වකට ඔය ඔය, errrr..... එව්වා,මෙව්වා පෙන්නන්න ගියෙ?"
"ඔයා නං කියයි. මේ දවස්වල හරිම හොට් මෙයා. එහේ නෙවර්ලන්තෙ හැමෝම ඉන්නෙ එහෙම"
" නෝනෝ, මේක මූකලාන, නෙවර්ලන්තෙ නෙමෙයි. මේකෙ ඉන්ට ඕනෙ මේ සත්තුන්ට හරියන තාලෙට, ඔය නෙවර්ලන්ත මෝස්තර මෙහෙට හරියන්නෙ නෑ"
"ඒකනෙ මෙයා, මං ඔයාගෙ කන්ටැක්ට් ඉල්ලන්නෙ"
අවවාදය:
ඔබ අන්තර්ජාලය වෙත මුදාහල දෙය නැවත ගත නොහැක. ඔබ එය මකා දැමුවද එය ඉවත් නොවේ. මොනතරම් බලපෑම් ආවද, එය කොතරම් ආකර්ශණීය අදහසක් වුවද, ඔබගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය වෙත මුදා හැරීමට ප්‍රථම දෙවරක් නොව, තුන්වරක් සිතා බලන්න.
Saturday, June 30, 2012
නින්ද නැති රැයේ....
"නින්ද නැති රැයේ" කියන්නෙ මං ආසම සිංදුවක්. ඒ වගේම "Sleepless in Seattle" කියන්නෙත් මං කැමතිම පිචෑර් එකක් - R.I.P Nora Ephron :(.
අපි ඉතිං කොහොමත් නිශාචර පක්සීන් නොවැ. ඒත් නින්ද කියන්නෙ අපි කාටත් අත්‍යවශ්‍ය දෙයක්. මට නං නොකෑවත් නිදා ගන්ට ඕනෙ. ඇයි අප්පේ නැතුව කොහොමද මේ නයිට් ශිප්ට් එක අදින්නෙ? මං සාමාන්‍යයෙන් නිදා ගන්නෙ කොටස් දෙකකට. උදේ හීල කොටා බාලා, පනිනව කෙලින්ම ඇඳට, ඊට පස්සෙ මොනවද විනාඩි පහෙන් බස්සා ෂපාන් එකට දොයි (ඔහෙලට කියන්ට, එහෙම සනීපෙට තද නින්දෙ ඉන්න කොට කෝල් කරල " R U sleeping?" කියල අහන ගල් ඉබ්බියොත් ඉන්නව ආයිබොං)
ඊට පස්සෙ දවල්ට කාලා, ඉන්ටනැට්ටෙ පොඩි හැලප පාරක් කාල එහෙම දානව දෙවන නිදි වඩිය.ඔය රෑ වැඩකරන අය හරි, මල ගෙවල් , පිරිත්, දාන ගෙවල් වඳින්ට බොහොම මනාප කස්ටියට , පොඩි ගුරු කමක් මේ: මං කිව්වට එහෙම කොටස් දෙකකට බුදියගෙන බලන්ට :)
සමහරුන්ට බුදියන්ට මහ විසාල ඇඳන් ඕනෙ උනාට හැමෝටම එහම ඕනෙ නෑ. මේ බලන්නකො:
මෙයා නං නයිට් ශිප්ට් එක කරල ඇවිල්ලා, නිදි මරගාතෙම චැට් කරන කෙනක් පාටයි.
බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ බුදියන ටොමියලෑ කස්ටිය

ඉගෙන ගන්නා අයට උපදෙස්: ඔබට නින්ද යාම හොර නං පාඩම් පොතක් කියවීමට ගන්න. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි :)
නිද්‍රා යෝග ක්‍රමය
Sunday, June 10, 2012
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
වැටෙන මල් පෙති පාවුනාවේ සුළං රැළි ඔහෙ යන අතේ..
යළිත් ගහකොළ පාළු නෑනේ රිකිළි නංවා ලියැලැවේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
කොහෙද සීතල ජලාශයක රැළි ගැටී ගැටී එයි සුළං වැදී..
අපේම සිරුරේ අපේම දහදිය නිවී නිවී යයි සුළං වැදී..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
ගලා බසී දිය පහර සෙමින් වැලිතලා සදා සමතලා බිමේ..
හැපී ගලක යළි සලා වැටුම් දී නගා නගා හඬ දිවේ දිවේ.
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..
මං මේ උදේ කෑම වේල හොයාගන්ට කියලා හන්දියෙ බේකරිය පැත්තට යන්ට පාරට බැස්සා. මේං අපෙ බකුසු තඩියා ඉන්නවා සීයට අරගෙන පනහට දීලා වගේ. මොනව උනත් අපේ එකා නෙව . මං හිමීට කිට්‍ටු කලා.
" මොකද මචෝ, නිකං අප්සැට් මූඩ් එකේ. උඹ ආයෙ දාගත්තද වලියක්?"
" මං දාගත්ත වලියක් නෑ. පලමු වෙඩිල්ල තිබ්බෙ එහා පැත්තෙන්"
"හෑ, උඹ යුද්දෙට වත් ගියා වත්දෑ?"
" නෑ, මං කියන්නෙ. මට අනිවාරතේ දොස් කියනව. එක වංගියක් ෆෝන් එකේ කන්ටැක්ස් මකා ගත්තා කියලා මාව කෑව.මේ වංගියෙ බ්ලොග් එකේ ඇඳුම මාරු කරා කියලා"
" ඉතිං මොකටද උඹ ඔය ඕන්නැති වැඩ කරන්න ගියෙ"
" මං ඔය ටින්කරින් වැඩ වලට කැමති හාදයා වෙච්චි. ඉතිං පොඩි පොඩි හදිසි අනතුරු වෙන එක වලක්වන්ට පුළුවනියෑ"
"එකත් හැබෑ තමයි. උඹ කොහොමත් ටින්කරින් බාස් නොවැ. මං අහල තියෙන්නෙ, ඔය උඹ වගේ ගෙදර දොරේ වැඩ පල තමන්ම කරගන්න දන්න අයට, ඒරොප්පෙ හොඳ ඉල්ලුමක් තියනවා කියලයි"
"උඹ මේ ඉල්ලුමක් ගැන කියනවා. මං මේ මගේ තටු සැට් එක බේරගන්ට හැටි කල්පනා කරනවා"
" ඔව්ව වැඩිය හිතට ගන්ට එපා. අර එන එන විදිහට ගහ උලු වස්සා කියල හිටහං. දැං වලිය ඉවරද?"
"ඔව්. යාන්තං ඉවරයි :D"
Friday, November 18, 2011
නිඳි දෙව්දුව....
සිහිල් බෙනේ තුල යහන සදා දෙමි
සැතපෙනු මැන සුවසේ.....
එවන් වෙලාවක සමනල උම්මා
දෙන්නද මම රහසේ...
අහල පහල බස්සොන්ට පෙනෙන්නට
නොයනු මැනවි පිටවී.....
සදා ඔබේ කොට්ටය වෙන්නම් මම
එහි සැතපෙනු මැනවී...
මෙවන් හැඟීමක් නැත පෙර පහළව
අරුමෙකි මහ පුදුමයි..
භවෙන්, භවේ ඔබ මට හමුවන්නට
මා පතනා පැතුමයි....
P.S: මොකක්දෝ කියාගන්ට බැරි දුකක් හිතේ තියාගෙන , තනිවෙලා ඉන්න කෙනෙකුගෙ මුහුණට හිනාවක් ගෙනාව නං, මගේ කාරිය සම්පූර්ණයි.....

Saturday, October 29, 2011
When everything's made to be broken.....
අනේ මන්දා, බලන්නකො ඉන්න හැටි
බස්සා පවු නේද? සසර කලකිරිලා වත්ද?
And you can't fight the tears that ain't coming
Or the moment of truth in your lies
When everything feels like the movies
Yeah you bleed just to know you're alive
And, I don't want the world to see me
'Coz I don't think that they'd understand
When everything's made to be broken
I just want you to know who I am
P.S: වලි ඉවරා...යි.
And, you asked me what I want this year
and I try to make this kind and clear
just a chance that maybe we'll find better days...

Monday, October 24, 2011
මන්දාරමෙන් එහා..
අහන්නකො මේ සිංදුව. ලස්සනයි නේද?
මේ දවස් වල මෙහාට ටික, ටික වහිනව. අහස පුරාම වැහි බීරම. ඒත් ඉතිං වැඩට යන්න එපෑයැ. හුළඟට ඇඟේ හිරි ගඩු පිපෙනවා. ඉතිං කාවද මතක් වෙන්නෙ? දුම් දාන කෝපි කෝප්පෙයි, බැස්සිවයි තමා.
සිංදුවෙ මෙන්න මෙහෙම කියනවා:
මන්දාරමෙන් එහා..
දෙව් දුවක් ඇති බලා...
මට යන්න දෙන්න සියුමැලියේ...
සුවඳ සොය සොයා..
මේ රාත්‍රියම නිසංසලයි.. ඒත් ඔබ නිසා...
මට ඕක තේරෙන්නෙ නෑ නෙව ආයිබෝං, සියුමැලියා ලඟ ඉන්නව නං ආයි මොකටද අර දෙව්දුවක් හොයන්න යන්නෙ. බස්සට නං, අරලිය මලයි, සුදුපාට මීදුමයි, සියුමැලියයි ඔක්කොම එක්කෙනයි.
අර ගුල්ලා මට ජූජක බමුණයි කිව්වා. ඕං බලා ගන්ටකො බස්සව. එකක බස්සා බුදි.
අනිකෙ ඔලුවට පොලු පාරක් වැදිලා වගේ බලන් ඉන්නෙ, මොනව දැකලද මන්දා?

Saturday, October 22, 2011
වළි කිකිලියෙකුට පෙම්කල උගුඩුවෙක්..
ඔය අපේ අලි මඩුවෙ, රා මුට්ටියට හොම්බ දාන්ට එන උගුඩුවෙක් හිටියා. මට මේ ලඟදි දවසක් එයාව හම්බුවුනා නෙව දෙණියෙ කුඹුක ලඟදි, කරටි කැඩෙන්න ගහලා.
"ඇයි බොල උගුඩුවො, බොනවයි කියලා ඔහොමත් බොනවද? චැහ්, තෝ නං මුළු උගුඩු පරම්පරාවටම අවනම්බුවක්"
"වැඩක් නෑ, බෂ්ෂො. ආයෙ අපෙ පරම්පරාවෙ ගන්න නම්බුවක් ඉතිරිවෙලා නෑ, ආං අරහෙ කස්ටිය ඒකෙ දැලි ගානවා"
" කව්ද බොල ඒකෙ දැලි ගාන්නෙ?"
"වෙන කව්ද, අර කස්ටිය තමා. අර කව්ද මලක් වගේ කෙනෙක් ගලක් වුනාලු. කාගෙද සායම ගියේ? මේ අහිංසක අපේ!"
" ආ, ඒකද. ඒක මේ උඹට කියපු එකක් නෙමෙයිනෙ. උගුඩුවා කියල කිව්වට ඒකා හෝතම්ඹුවෙක් නෙව"
"ආ, ඒක මිසක්. ඒත් මං බිව්වෙ වෙන දේකට, ගෙදර වලියකට"
" ඇයි උගුඩිච්චි එක්ක අදත් වලියක්ද?"
" බෂ්ෂො. එයා උගුඩිච්චියෙක් නෙමෙයි. එයා වලි කිකිළියෙක්"
" ඈ බොල උගුඩුවො, බොගේ ඔය ඔලුගෙඩිය අස්සෙ මොළේ කලඳක්වත් නැතුවද තමන්ට නොගැලපෙන මඟුලක් කරගත්තෙ? අනික,එහෙනං වැරද්දක් කියන්නත් බෑනෙ, එයා වළි කිකිලියෙක් නෙ?"
" මොනව කරන්නද බෂ්ෂො, ලබා උපන් හැටියට නෙව ඔබා වැනෙන්නෙ?"
" බොට නං හොඳටම වැඩියි, ඔබා නෙමෙයි බොල, බඹා"
" කව්ද ඔය බඹා, අනික ඇයි එයා වැනෙන්නෙ? එයත් සෑහෙන්න බොන කෙනෙක් වෙන්ටෑ? නැත්නම් එයාගෙ මහගෙත් වළි කිකිලියෙක් වත්ද?"
"බඹා කිව්වෙ මහා බ්‍රහ්මයා නෙව. ඒක නෙමයි , උඹ ඔය කිකිලිට දැපනෙ වැටුනෙ, මොනව දැකලද?
"එයා මාව දැක්ක මුල්ම දවසෙ වේලිච්ච කොල ගොඩේ 'බස,බස' ගාලා දිව්ව හැටියට තමා මට ආදරේ හිතුනෙ. බෂ්ෂො උඹට කියන්න, මට කාලම ඉන්න බැරි වැඩේ, අහල පහල නයි , මුගටි හෝතම්ඹුවො ඔක්කොම එයාට බැල්ම දාන එකටයි"
"වළිකිකිලියෙක් නං ලස්සනට දුවන්න ඇති තමා, කෙට එලදෙන දිව්වා වගේ. කිකිලි ලස්සන ඇති, ඒකයි අනික් උන් බැල්ම දාන්නෙ"
" ලස්සන නං තමා, එයා ඩයට් කරනවා, ජිම් එකටත් යනවා.ඒත් මම එයාට ආදරේ පෙන්නනව මඳිලු. මං කොයි වෙලාවෙ බැලුවත් බුදිලු. මං 'මෙව්ව' දෙනව මඳිලු. මට තියන ප්‍රශ්ණෙ, එයා " ඔය කවුරු මොනව දුන්නත් මං ආදරෙ ඔයාට විතරනෙ මයෙ කුක්කු පැටියෝ' කියලා කිව්වට, අනික් අය දෙන 'මෙව්වා' ලස්සනට බාර ගන්න එකටනෙ"
" ඒ කියන්නෙ බොට ඔය කිකිලිව ෂුවර් නෑ"
"අනේ මන්දා බෂ්ෂො, එහෙමමත් නෙමෙයි, කිකිලියො කියන්නෙ හරිම සංකීර්ණ සත්තු ජාතියක්..."
Tuesday, October 18, 2011
අමාවක.......
ඝණ මූකලානෙ රාත්‍රිය නිසසලයි. හිරිගඩු පිපෙන හීතල හුලඟක් හමාගෙන ගියා. සර, සර ගාලා මොකෙක්ද පැනලා දිව්වා. රට උගුඩුවෙක්, ඔය කාගෙ හරි කුණු බාල්දියක් පෙරලන්න යනවා ඇති.අහසෙ ලස්සනට හඳපායලා තිබුනා, ඒත් බස්සගෙ ලෝකෙට නං හඳ පායලා තිබුනෙ නෑ.
බැස්සි ස්ට්‍රයික් කරලා. නෝ කතා, නෝ සිනා. එයා එහෙම තමා, අහිංසකයි කීවාට වෙඩි තියන්නෙ සයිලන්සර් හයිකරපු එකකින්, සද්දෙ නෑ, ඒත් බොක්කටම වදිනවා. හිනාවෙලා, සැහැල්ලුවෙන් හිටියට බස්සගෙ ජීවිතේ හැමදාම රෝසමල් යහනාවක් වුනේ නෑ. ඒත් අතාරින්න නරකයි, අර කෝටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙන ඉන්න ඕනෙ. මොකා බැන්නත් කාරි නෑ, කට අරින්න නං එපා.
බස්සා ඉන්න දිහා රාත්‍රිය නිසසල නෑ, තොරතෝංචියක් නැතිව යන වාහනවල සද්දෙ."මේ යක්කු කොහෙ යනවද මන්දා?" බස්සට හිතුනා. නිදි නැති මේ නගරයේ, මැදියම් රැයේ මේ අය යන්නෙ රැකියාවට. සමහර වෙලාවට ජීවිතේ කියන්නෙ සටනක්. ඔන්න ඕක තමයි යතාර්ථය.
අපි හැමෝගෙම හීන තියනවා, ඒත් හීන ලෝකෙ ඉඳලා සැබෑ ලෝකෙට ආවාම කටුක යතාර්ථයට මූණ දෙන්න වෙනවා. ජීවිතේ සැප, දුක එකසේ විඳගන්න ලෑස්තිනං විතරයි අපේ හීන හැබෑකරගන්න පුළුවන් වෙන්නෙ, අපේ හීන වලට පැවත්මක් තියෙන්නෙ. පැදුරෙ ඉන්න අපට නං ආයෙ වැටෙන්න බිමක් නෑ, ඒත් ඊට උඩින් ඉන්න අයට ඒක, ඔය කියන තරම් ලේසි වෙයිද?

Thursday, October 6, 2011
බස්සෙක්, බල්ලෙක් සහ පාන් බාගයක්....
ඇයි වදේ, මම ආසාවට පොඩි වල් ටුවර් එකක් දැම්මොත්, මං යන්නෙ බඩජාරිකමට හැලප ගිලින්ටලු.. උන්දැට හැම බෙනේටම හොට දාන්ට හොඳයි, මං නිකම්ම නිකං බස්සෙක් නිසා මට තියෙන්නෙ බෙනේට වෙලා ඉන්නලු.
නප්පියටම තද වෙච්චි පාර, මඔ ඕන විස්කිරිඤ්ඤයක් වෙන්න කියලා හන්දිය දිහාට පියාඹලා බේකරිය ගාව සියඹලා ගහේ ලෑන්ඩ් කලා. හුටා මේ ටොමිට නේද, තුන් අන්ඩෙන් පැන පැන එන්නෙ? අර මොකක්ද කටේ, හුහ්, මේ නොසන්ඩාලයා අදත් බේකරියෙන් හොරා කාලා නෙව.
"හූම්..හූම්...."
"ෂ්..ෂ්..කෑ ගහන්න එපා බෂ්ෂො. බේකරියෙ පාන් බාස් ආවොත්, මාත් සුං, උඹත් සුං. උඹට ඕනෙ නං කෑල්ලක් කාපං"
ඔය බඩ ගොස්තරේ හොයාගන්ට ඔහොම කලාට, ටොමියා හිත හොඳ එකා. උගෙ අම්මා single parent ලු.තාත්තා කව්ද දන්නෙ නැහැලු.
"බෂ්ෂො, උඹ දන්නවනෙ, මං අනාතයා බව. රට්‍ටු මට නොයෙක් නම් කියලා බනිනවා. ඒත් මට ඉවසන්න බැරි උන් මට අම්මා මතක් කරලා බනින කොටයි"
"හැබෑටම , චෑ, චෑ ඒක කැතයි. මොනව කියලද බොට උන් බැන්නෙ?"
" මට "බැල්ලිගෙ පුතා' කිව්වා"
"ඈ බං, ඉතිං ඒක ඇත්තනෙ"
" ඇත්ත උනාට ඒක කුනුහරුපයක්නෙ. මාත් ඇරියෙ නෑ, හැපුව එකෙක්ගෙ පස්ස, සරං කෑල්ලක් මයෙ කටේ හිටින්න"
"නෑ බං, ඒක කුනුහරුපයක් නෙමෙයි"
"උඹ දන්න ඉටි ගෙඩිය. ඇයි එහෙනං එහෙම කිව්වම, ඇක්මොන් ගොයියා මරතේලිසාගෙ දත් දෙකක් හැලෙන්න හොම්බට ඇන්නෙ?"

පරස්පර
"ඔයාට මාව විස්වාස නෑ නේද?"
" නෑ අවිස්වාසෙකට නෙමෙයි. විස්වාසය කියන්නෙ උපයා ගන්න ඕනෙ එකක්"
" එහෙනම්, කොහොමද මං ඔයාව මෙච්චර විස්වාස කරන්නෙ?"
" මං කවදාවත් කියල තියනවද, මාව විස්වාස කරන්න කියලා?"
ටික දිනකට පසුව......
"කොහෙද ඉන්නෙ?"
" මං මේ වැඩ. හරියට බිසී. ඉඩක් ලැබුනාම කතා කරන්නම්"
" බිසී, හුහ්, අනේ මගෙ කට. අර "ඔන්-ලයින්" ඉන්නෙ. මං නිදාගන්න කං ඉඳලා හැලප ගිලින්න ගිහින් ඇති. නැත්නම් අර අනිත් ගෙම්බියෙක් එක්ක චැට් එකක් දාන්න ඇති"
" ?#!&*$%@:(? "
Tuesday, August 23, 2011
My Baby Shot Me Down
In the course of my life, I have often had to eat my words, and I must confess that I have always found it a wholesome diet.
-Winston Churchill-
There is a thin line that separates laughter and pain, comedy and tragedy, humor and hurt.
-Erma Bombeck-
Sunday, August 21, 2011
කව්ද බොලේ මේ ඇලිස්!
මේක මමත් නිතර පාවිච්චි කරපු වචන සැට් එකක් තමයි. ඔහෙලට බොරු කියන්නෙ මොකටෑ, තාමත් පාවිච්චි වෙනවා, හෙහ්..හෙහ්..
දැං බලාන්ට, ඕං බස්සා උගේ පාඩුවේ ඉන්නව කියලා. ඕං හිටි අඩියෙම ඔතෙන්ට කඩා පාත් වෙනවා ඇහැට කණට පේන ගෑණු සතෙක්, හුටා නේද? ඉතිං මොකක්ද ඉස්සෙල්ලම පහලවෙන සිතිවිල්ල. වෙන මොකක්ද,දැම්මා රබර් ඇහැ, ඉතිං "කව්ද බොලේ මේ ඇලිස්!" තමා.
ඕං ඔය නිසා මං මේ කියමනේ සුල මුල හොය හොය හිටියෙ, අපේ කකුල් දෙකේ මකරා දාලා තිබ්බ කොමෙන්‍ටුවක් දිගේ ගිහින් තමා ඔරිජිනල් එක හොයා ගත්තෙ.
Sally called when she got the word,
And she said: "I suppose you've heard - About Alice".
When I rushed to the window,And I looked outside,
And I could hardly believe my eyes -
As a big limousine rolled up Into Alice's drive...
Twenty-four years just waiting for a chance,
To tell her how I feel, and maybe get a second glance,
Now I gotta get used to not living next door to Alice...
And Sally called back and asked how I felt,
And she said: "I know how to help - Get over Alice".
She said: "Now Alice is gone, But I'm still here,
You know I've been waiting For twenty-four years..."
And the big limousine disappeared...
ඔහෙලට කියන්ට, ඔය ඇලිස්ලා නං මේ එනවා , මේ යනවා, එච්චරයි. හැබැයි ගොයියෝ, ඔය අතර ඉන්නවා එක ඇලිස් කෙනෙක්, උන්දැ තමා "ද ඇලිස්", මං මේ තාමත් හොයනවා.සමහර විට එයා "සැලී" වෙන්ට ඇති.
අපි හැමෝම "ඇලිස්" ව හොයනවා. සමහර විට අපි, නොදන්නව උනාට , මේ ලඟටම වෙලා " පුරු,පුරු" කියකිය ඉන්න සැලී, ඒ ඇලිස් වෙන්ට බැරිත් නෑනෙ. හා නැත්ද මං කියන්නෙ. තියෙන්නෙ අර තඩි බකුසු ඇස් දෙක හොඳට ඇරලා බලන්ට විතරක් වෙන්ටත් බැරි නෑනෙ.
ආන්න එදාට අර තඩි ලිමොසීන් එක අන්තරස්දාන වෙයි..
ප.ලි:
අර මොකක් හරි හොඳ දෙයක් කරන්න ගිහිල්ලා, ඒකට බැනුම් අහන එකට කියන්නෙ "වඳින්න ගිය දේවාලෙ ඔලුවට කඩා වැටෙනව " කියලා නේද? ආන්න ඒක තමා ආයිබෝං මේ මටත් වුනේ, මේ.. ඔහෙලටත් එහෙම වෙලා තියනවද? මං තාම සුං බුං වලට යට වෙච්චි ගමන්..පොඩි උදව්වක්..
Saturday, July 30, 2011
ආයිත් වලි....බස්සා නෙමෙයි, මූ උලමා
පින්සර ඔබ හැර පිළිබද සිතුවිලි වෙනතක දළුලාදෝ...
ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්දෝ...
සිහිනෙන් ගෑ මුදු සුවදක් වාගේ මිහිරි අතීතය හැගුනේ...
ඔබට මේ තරම් මා පෙම් කල බව වෙන් වන තුරු නෑ දැනුණේ...
ඔයාල අහල තියනවද, හුඟක් පිංබර අයට යම් අසාධාරණයක් කලොත් -ඒ කියන්නෙ , නිකං හිත රිදවනවා වගේ එකක්- , ඒක ඒ වෙලාවෙම පරිසං දෙනවා කියලා. මාත් ඔය කතාව අහල තිබුනා, ඒත් මේ වෙනතුරු විස්වාස කලේ නම් නෑ. දැං ඔයාල කියයි, ඒ සැරේ මුගේ ඔලුවෙ නට් එකක් බුරුල් වෙලා කියලා. විස්වාස කරන්ට, ආයිබෝං, මේක එක දවසක්, දෙකක් වෙච්චි අහඹු සිදුවීමක් නෙවෙයි. මං වලියක් ඇද්දොත්, අනිවා ඩෙෆා, මට එදාම කෙලවෙනවා - දිථ්ට දම්ම වේදනීය කර්මද මන්දා?
එක්කෝ මුන්දෑ පිං කඳක්, නැත්නම් මට කෙලවෙයන් කියලා වූඩූ කරන මන්තර කාරියක්.
ඇයි රාළේ, මාත් ආස නැද්ද අර මුතු කැට වගේ ලස්සන කඳුළු බිංදුවක් දෙකක් ඉඳලා හිටලා හරි දකින්න? දැං බලාන්ට, එතකොට මට කෙලවෙනවා. ඒක නිසා ගොනා සේ කරබාගෙන ඉන්නවා කියන්නෙත් ,ඒත් මට කෙලවෙනවා කියන එකනෙ. බලාගෙන ගියාම අන්තිමට මට කෙලවෙලා තමයි ඉවරවෙන්නෙ.අද දවසෙම හරියට නිදාගත්තෙ නෑ, දැං ඉතිං ඇදපල්ලකො නිඳිමරගාතෙ නයිට් ශිෆ්ට් එක. අදත් බඩුම තමා.
කොහෙන් කැපුවත් රාත්තලයි නෙව.
අන්තෝ ජටා -බහී ජටා
අනේ අසරණ බස්සා පවූඌඌඋ..නේද?
Wednesday, July 27, 2011
හැලපෙට, දෙ-හැලපයක් කාපිය, මයෙ මොකද?
මටත් හිතුනා ආයිබෝං, ඔන්න ඔහේ හුරතලේටත් එක්කලා පෝස්ට් එකක් ලියලම දාන්ට. ඔහෙලා දන්නව නෙව, බස්සා දුක් මහන්සිවෙලා, රෑ පැල් රැකලා, චෙරි-බෙරි කොටාබාන පක්ෂියා වග. එහෙම සතෙකුට, බෙනේටම කූඩුවෙලා ඉන්ට පුළුවනෑ. ඒ වංගියෙ ඌ කතා පොජ්ජ දැම්මා , ඔය හුස්ම ගන්න පොඩි ඉඩක්, අනික් බෙනයකට දෙකකට හොට දාලා, හැලපයක් දෙකක් කොටාබෑමේ මූලික බකුසු අයිතිවාසිකං ලබාගන්ට. හුටා, ඔය උඩිංම දාලා තියෙන්නෙ ලැබිච්චි බිබික්කම තමා!
මේක ඔරිජිනල් කවියේ කතාව මෙන්න මෙහෙමයි:
ඉස්සර කාලෙ හිටියලු author unknown කියල කවියෙක්. මුන්දෑ හොඳ රජ වංසෙ කුකුලෙක්ලු, හොර කොටු පනින්න දෙයියලු. ඔහොම කොටුවක් පනින්න මානපු වෙලාවක තමයි, මේ කවිය කියල තියෙන්නෙ.
මිනි මිනි පොදේ ගණ අඳුරේ කෑ මදුරු
බල්ලෙක් ඉඳ බුරයි ඌගේ ගති නපුරු
කෙල්ලක් ඉඳන් දොර නාරියි ඇගෙ නපුරු
මල්ලක් කදුරු කන්නෙමි විගස දොර අරු
එදා පොටේ නං උන්දැට කෙලවෙලා, කොට්ටෝරුව වගේ කොටාගෙන, කොටාගෙන ගිහින් කෙහෙල් ගහට කෙටුව වගේ. මෙන්න ලැබිච්ච උත්තරේ:
අට පහ නො දන්නා තෝ කාගේ කවුද
බසක් නැතුව එන්නට කීවේ කවුද
ගහක් නැතුව දළු ලියලන්නේ කොහෙද
මල්ලට දෙමල්ලක් කාපිය මට මොකද
දැං මේක පටලවාගෙන , හිතනව එහෙම නෙමෙයි, බස්සා හොරකොටු පනින්න ගිහින් කෙලෝගෙන කියලා. බස්සො එහෙම නෑ, ඉල්ලුවෙ ඉඳලා හිටලා හැලපයක් කොටාබාලා එන්ට චෑන්ස් එකක් විතරමයි. හා, දැං ඔහෙලම කියන්ට බලන්ට ඒක අසාධාරණද? ( හා, මට පේනවා, අපේ සාධාරණ මුදියන්සේලාගේ ලෙංචිනා දත, කට මැදගෙන ඉන්නවා, උත්තර දෙන්ට). මේ අලකලංචිය උනාම මට මතක් වුනේ තව කවියක්:
පායන්නේ තරිඳු ලොව එළි කරන මෙනී
රෑ එන්නේ ළඳේ නුඹ වෙත ලොල් වෙමිනි
නාරින්නේ මෙමා පූරුවෙ කළ පවෙනි
ගෑනුන්නේ අරුමෙ දැනුනේ මට නුඹෙනි
මං මේ කවි සැට් එක ඉස්සුවෙ මේං මෙතනින් - සිංහල ජන කවියේ ශෘංගාර රසය
http://www.chitranandaabeysekera.org/ArticlesonSinhalaPoetry.html
බලාන්ට වටින ලිපියක්...
ප:ලි: මේ මොන කයි-කතන්දර කිව්වත් මට අන්තිමට කියන්න තියෙන්නෙ:
"මෙවන් කීවත් ලඳේ මෙසේ - සුපුන් සඳ ඔබ තමයි මගේ" කියල තමයි. ඔය Ricky Martin කියල ගොයියෙක් ඕක ඉංගිරිස් වලට පරිවර්තනය කලා නෙව , මේං මෙහෙම:
She never drinks the water, makes you order French champagne
Once you've had a taste of her, you'll never be the same
But she'll take away your pain
Like a bullet to your brain
-livin la vida loca (living on the wild side)-

Monday, July 25, 2011
බස්සෙක්..ආදරය සහ ෆිල්ම්ස් දෙකක්..
දවසක් අපේ ලෙංචිනා මට කෝචෝක් පාරක් දාලා තිබුනා, "හුහ්, බස්සෝ බලන ෆිල්ම්ස්" කියලා. මං හිතාගත්තා "හිටපංකො, දෙන්නම් ජම්බු" කියලා , ඒත් මේ වැඩ රාජකාරි අස්සෙ ඒක මඟ ඇරිලා ගියා. පොඩ්ඩිගෙ "ඇත්තම ඇත්ත ආදරේ" පොස්ට් එකට අර සොඳුරු සිතක් තියෙන ලමයා ලියපු කොමෙන්ට් එක දැක්කාම , ඕන්න ආයෙත් ඒක මතක් වුනා.
සමහරු කියනවා, ආදරේ හරිම පිවිතුරුයි, ඒකට දුප්පත්,පෝසත් බේදයක් නෑ කියලා. උන්දලා දන්න කෙංගෙඩිය. අපි අහලා තියෙන ඔක්කොම ආදර කතාවල් , දෙන්නා එකතු වෙන තැනින් ඉවර වෙනවා. කවුරුවත් ඊට පස්සෙ වෙන දේවල් ගැන කියන්නෙ නෑනෙ. මං නං කියන්නෙ, ආදරයක පැවැත්මක් තියෙන්න, ඒකට අවශ්‍යය පරිසරයත් ගැලපෙන්න ඕනෙ කියලයි. අර " ඊට පස්සෙ, සියල්ලෝම සතුටින් ජීවත් විය" කියලා තියෙන්නෙ සුරංගනා කථාවල විතරයි. ඒ ජාතියෙ, "සම්බෝල-බත්" ආදරය ගැන මට කියන්න තියෙන දේ නන්දා මාලනී මෙහෙම කියලා තියනවා.
හරි, දැං චිත්තර පටි ගැන කියමුකෝ. මේක ටිකක් පරණ එකක්, ඒත් මේකෙන් දෙන පණිවිඩය හැමදාටම ගැලපෙනවා. අපි හැමෝම සැබෑ ආදරේ හොයනවනෙ. ඕං ඉතිං හොයාගෙන , හොයාගෙන යනකොට හම්බ වෙනවා. "හහ්,හොයන්නාට සම්බ වේ" කියලා පටස් ගාලා අල්ල ගන්නවා. හුටා, ටිකක් දුර යනකොට තමා තේරෙන්නෙ මේක ඩුප්ලිකේට් ආදරේ නෙ කියලා. කෙලිය නේද, පාත්තරේට, ඉතිං මොකේදෑ දං වලඳන්නෙ? අපේ ගතානුගතික සමාජෙ නං, ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න එපැයි, සදා දුක තමා.
එහෙම එක පාරක් වැරදිච්ච අවාසනාවන්තයොන්ට "සෙකන්ඩ් චෑන්ස්" එකක් නැද්ද? මේ කතාවෙ කියන්නෙ එහෙම ආදරයක්. බලාන්ට..හරිම ලස්සනයි. කෙල්ල පෝසත්..කොල්ලා දුප්පත්..කෙල්ලගෙ පප්පා තමා දුෂ්ටයා, හැබැයිඅත්තම්මා සීයා බුදු සපෝට් එකක් දෙනවා. පන යනකං හිනා වෙන්න පුළුවනි, ඒත් හිතන්න එපා මේකත් අර සරුවපිත්තල හින්දි පිච්ච්ර් වගේ කියලා..
මට බුදි මතා....යි, ඉතුරු එක ගැන පස්සෙ දාන්නං..
සමහරු කියනවා, ආදරේ හරිම පිවිතුරුයි, ඒකට දුප්පත්,පෝසත් බේදයක් නෑ කියලා. උන්දලා දන්න කෙංගෙඩිය. අපි අහලා තියෙන ඔක්කොම ආදර කතාවල් , දෙන්නා එකතු වෙන තැනින් ඉවර වෙනවා. කවුරුවත් ඊට පස්සෙ වෙන දේවල් ගැන කියන්නෙ නෑනෙ. මං නං කියන්නෙ, ආදරයක පැවැත්මක් තියෙන්න, ඒකට අවශ්‍යය පරිසරයත් ගැලපෙන්න ඕනෙ කියලයි. අර " ඊට පස්සෙ, සියල්ලෝම සතුටින් ජීවත් විය" කියලා තියෙන්නෙ සුරංගනා කථාවල විතරයි. ඒ ජාතියෙ, "සම්බෝල-බත්" ආදරය ගැන මට කියන්න තියෙන දේ නන්දා මාලනී මෙහෙම කියලා තියනවා.
හරි, දැං චිත්තර පටි ගැන කියමුකෝ. මේක ටිකක් පරණ එකක්, ඒත් මේකෙන් දෙන පණිවිඩය හැමදාටම ගැලපෙනවා. අපි හැමෝම සැබෑ ආදරේ හොයනවනෙ. ඕං ඉතිං හොයාගෙන , හොයාගෙන යනකොට හම්බ වෙනවා. "හහ්,හොයන්නාට සම්බ වේ" කියලා පටස් ගාලා අල්ල ගන්නවා. හුටා, ටිකක් දුර යනකොට තමා තේරෙන්නෙ මේක ඩුප්ලිකේට් ආදරේ නෙ කියලා. කෙලිය නේද, පාත්තරේට, ඉතිං මොකේදෑ දං වලඳන්නෙ? අපේ ගතානුගතික සමාජෙ නං, ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න එපැයි, සදා දුක තමා.
එහෙම එක පාරක් වැරදිච්ච අවාසනාවන්තයොන්ට "සෙකන්ඩ් චෑන්ස්" එකක් නැද්ද? මේ කතාවෙ කියන්නෙ එහෙම ආදරයක්. බලාන්ට..හරිම ලස්සනයි. කෙල්ල පෝසත්..කොල්ලා දුප්පත්..කෙල්ලගෙ පප්පා තමා දුෂ්ටයා, හැබැයි
මට බුදි මතා....යි, ඉතුරු එක ගැන පස්සෙ දාන්නං..
Saturday, July 2, 2011
බස්සෙක්..හෙම්බා..සහ පෝට්-වයින්
ඊයෙ අපේ ජාතික දිනය. බස්සටත් නිවාඩු. ඌ ජාතික දිනේ සමරන්න කියලා උදේම ගැහැව්වා සුමිහිරිපානේ. ටික වෙලාවකින් හචිස් දෙකකුත් ගියා, ඇඟටත් වෙනදට වැඩිය වෙනසක් දැනුනා. ඌ ඔය කිසිමදෙයක් ගණන් ගන්න සතෙක් නෙමයි නිසා. කෙලින්ම පැන්නා ඇඳට, බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ බුදි.
ඕන්න
මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගෙද මටම බයයි
ඔබ සඳක් වගේ හැඩයි
හෙට අමාවක ද සැකයි..
බස්සෝ කියන්නෙ අමුතු සත්තු ජාතියක්. වැඩිය කිය වන්නෙ නෑ, උන්ගේ ආදරේ තියන්නෙ හිතේ.සැකේට හරි, බයට හරි එව්වා හිතේ තියාගෙන විඳවනවා. ඒකනෙ උන්ට බස්සො කියන්නෙ ගිරව් නොකියා. ඇයි අහල නැද්ද , සමහරු කියන්නෙ, " හුහ්, ඉන්න හැටි විතරක් බස්සෙක් වගේ බුකවා ගෙන.." කියලා.
මටත් අමාවක ලබන්නයි යන්නෙ, ආයිබෝං, එන සුමානෙ...
Subscribe to:
Posts (Atom)