කලින් සැරේ, අනුන්ගේ කලිසං තමන්ගේ වගේ ඇඳගෙන යාමට ගොස්, කොමෙන්ට් 200 පොස්ට් එකේ දී ඇදගෙන (අ)නා ගත්ත නිසා, මේ සැරේ ලියන්නේ
100% ටැස් කරපු එව්වා විතරය. ඕකට ටොමියා නං කීවේ " තෝ නාන්ට හොර නිසා, ඔහොමවත් නා ගන්න එක හොඳා" කියලාය.
මට හැමදාම තිබුණු ප්‍රශ්ණයක් තමා, Blogger බ්ලොග් වල පළල ඇයි මේ තීරුවක් විදිහට තියෙන්නෙ කියන එක. ඇයි මේ සාගරයයක් වගේ පළලට මොනිටර් තියෙද්දි, අර "ඔබේ තීරය" වගේ පෙන්නන්නේ අපේ කුතුහලය අවුස්සන්නද, නැහ්නං මීයාගේ බෝලෙ ගෙවන්නද කියලා මං දහ අතේ කම්පනා කොරලා තියනවාය. ඔය "කෝපි- ඉස්කිරිප්ට්" එඩිට් කරලා නා ගන්න අකමැති නිසා, මං ඒ වැඩේ අත් ඇරලා දැම්මාය.
ඕන්න දැං Blogger කස්ටිය ඒ පහසුකම අළුත් Dash-Board ඉන්ටෆේස් එකේ සපයලා තියනවා. වැඩේ හරිම ලේසිය.
පලමුව මෙතනට කොටන්න
දෙවනුව මෙතනට කොටන්න
දැන් අවශ්‍ය කරන බ්ලොග් එක තෝරා ගන්ට
හතරවනුව මෙතනට කොටා "Backup" කර ගැනීම මගේ සරීර සවුක්කියටත් , ඔබගේ බ්ලොග් සවුක්කියටත් ගුණ දායකය
දැං මෙතනට කොටන්න
දැං මෙතනට කොටන්න
දැං මෙව්වා ඇජස් කරගෙන තමන්ට අවශ්‍ය ගානට හදාගන්ට
අවසානෙට මෙතනට කෙටුවේ නැහ්නං, මෙච්චර වේලා කොරපු ඔක්කොම වතුරේය
Disclaimer: මේ කියාපු විදිහට නොකර හිතූමතේ කූඤ්ඤ ගලවන්ට යන වඳුරන්ගේ වලිග ගැන වගකියනු නොලැබේ.
Read the fine print!: මේ වැඩේ හරියන්න නං තමන්ගේ ටෙම්ප්ලේට් එක මේ පහසුකමට ගැලපෙන්න ඕනෙ. මගේ එකට මේක හරියන්නෙ නෑ :(
ප.ලි: මොන විදිහට කිව්වත්, ඔය ටෙම්ප්ලේට් මාරු කිරිලි, අළුත්වැඩියා කිරිලි වල පොඩි පහේ යාන්ත්‍රික දෝෂ නැතුවාම නෙමෙයි. බොහෝවිට වෙන්න පුළුවන් දෙයක් තමා, එක විජට්‍ටුවක් අනෙකාගේ කරේ නැගීම. මේක වලක්වා ගන්න නම් ඔය කිව්ව එව්වාට අමතරව මෙහෙම කරන්න:
layout වලට කොටලා කොලපාට රවුමෙන් පෙන්නන " single colomn" layout එක තෝරාගෙන නිල්පාට රවුමෙන් පෙන්නලා තියන විදිහට විජට්‍ටු ටික එක single colomn එකක තියන බවට වග බලාගන්ට. එහෙම කරලා හදපු බ්ලොග් දෙකක් තමා මේ තියෙන්නෙ.
http://hotambuwa.blogspot.ca/
http://bakamuuna.blogspot.ca/