එදා වගේම අදත් භාණ්ඩ ප්‍රවාහනයට ලාබම ක්‍රමය තමයි වාරිමාර්ග භාවිතය. මුහුදු මාර්ග භාවිතයේ නං ඉතිං අවුලක් නෑනෙ, රුවල් නැව් සිට අද භාවිතාවන සද්ධන්ත කන්ටේනර් නැව් දක්වා තවමත් මුහුදු ප්‍රවාහණය පාවිච්චි වෙනවා නෙව.
කාර්මික විප්ලවය ,යුරෝපයේ ඇති වීමට එක හේතුවක් බ්‍රිතාන්‍ය අවට තිබුණු වැඩිදියුණු කරන ලද වාරිමාර්ග භාවිතය කියල, කව්දෝ කිව්වා මතකයි. ඒ කොහොම වෙතත්, මේ කතාවත් එහෙම වාරිමාර්ගයක් වැඩිදියුණු කිරීමක් ගැනයි:
පංච මහා විල් ගැන අහල තියනවනෙ. ඔය විල් භාවිතා කරලා ඉඳිකරලා තියන වාරිමාර්ගයක් තියනවා. හරි ඉතිං මොකක්ද ඕකෙ තියෙන විශේෂත්වය?
පුරස්නෙ, මේ විල් තියෙන්නෙ එකම මුහුදු මට්ටමේ නෙමෙයි. එක විල ඉඳලා, අනිත් විලට නැව උස්සලා තියන්න වෙනවා :). මෙන්න පොඩි කටු සටහනක්:
අමතර බල ශක්ති ප්‍රභවයක් භාවිතා නොකර ,වැඩේ කෙරෙන්නෙ මෙන්න මෙහෙමයි:
ඔන්න Welland Canal, Soo Locks වල
time-lapse
වීඩියෝ එකක් :
අද අභාවයට ගිහිල්ලා තිබුනත් කාලෙකට ඉහත අපේ රටෙත් වාරිමාර්ග භාවිතයෙන් භාණ්ඩ ප්‍රවාහන ජයටම කෙරුනා. මේවාට ඈඳිච්ච රසකතා, ජනකවි වගේ වෙනම ගැමි සංස්කෘතියක් තියනවා. මේ ජනකවිවල දකින්න ලැබෙන විශේෂත්වයක් තමා අව්‍යාජ ගැමි සුවඳ:
මස්සිනාගෙ මගුලට මම රුහුණු ගියේ
ලස්සන ගමන් බඩු පටවා එන්ට ගියේ
පස්ස බලන කොට අගුලක් ගිලී ගියේ
රත්තරන් ලියකි තෙලිකඩ ගඟේ ගියේ
එගොඩ ගොඩට යනකොට සුරියා වගේ
මෙගොඩ ගොඩට එනකොට බැබිල මල වගේ
දෑත දෙපය පෙරාපු රත්තරන් වගේ
උඔ නම් ලදේ මට හිත ඇති කෙනෙක් වගේ
පලාතටම සුවඳ ගහන්න උයන, පාරු බතත්, ඒවා කන්ට දොලදුක හැදෙන ඉස්තිරි පක්සෙ ඈයො ගැනත් කතා බොහොමයි- ඔව්, ඔව් පාරු බත් උයන්නෙ පිරිමි තමා :))). අමුඩය ඇඳගත්ත, උතුංග දේහධාරී, කාළවර්ණ පාරු කාරයෙක් ගාවට එදා කොළඹ කාක්කෙක්/ බජාර් එකේ කකුලක් වත් කිට්‍ටු උනේ නෑලු - ටොයිං, ටොයිං :))
ඔය ගඟවල් අද්දර , ගඟ පැත්තට මුහුණලා හදාපු වෙනම කඩපවා එදා තිබුණ කියල මං අහල තියනවා - උණු, උණු ආප්ප, ලැවරියා, වණ්ඩු ආප්ප, හැලප එහෙමත් තියන්න ඇති නේද? -චව්,චව්....:))
පාරු විතරක් නෙමෙයි, කරත්ත කවිත්,කට වහරින් පැවත එන දේවල් . වැඩිහිටි පරම්පරාවත් එක්කම එව්වා අභාවයට යාවි. කවුරු හරි ඒ දන්න දේවල් ටික, ටික හරි ලියනවා නං බොහොම හොඳ වැඩක්
කරත්ත භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගත්තා වගේම, එදා ගැමියා වන්දනා ගමන් යන්නත් යොදාගත්තා. උයන , පිහින දේ පටවගෙන, මාස ගණන් හෙමීහිට ගිය මේ ගමන්, අද අපේ දඩි-බිඩි විනෝද ගමන් වලට වඩා රසවත් වූ බවට සැකයක් නෑ.
කන්නේ කටට රස හින්දයි බුලත් මම
බොන්නේ සුරුට්ටුව සීතල යන්න තම
කන්නේ රෑ කඩෙන් නැවතී අලුත් ගම
යන්නේ වන්දනාවේ අපි කතර ගම
මෙන්න පැණි වෑහෙන කරත්ත කවියක්:
අම්බලං පෝරු පිට සිටිනා ලදුනේ
රංසලං ලෙසට ගෝමර පිට දිලුනේ
මංබොලං එහෙම දේකට නැත අගුනේ
රංදොඹෙං පිටත් වෙනකොට හඳ මුදුනේ
ඔන්න පහල තියනවා මං මේ කවි හොයාගත්ත ලින්ක් දෙකක්:
ජන කවි
සම්මත ජන කවි
පරණ පිංතූර හොයාගන්න මෙන්න කියාපු තැන:
ලංකාපුර