සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
අවුරුදු තෑග්ග:
අපි කොමෙන්ට් කරද්දි, කොමෙන්ට් වල සපෝට් කරන්නෙ බොහොම සීමිත HTML ටිකක් විතරනෙ. ඔය wordpress blog වල කොමෙන්ට් වලදිත් පිංතූර , වීඩියෝ එහෙම පෙන්නන්න පුළුවන් ඔයෙ හිතේ. අපිට කොයින්දෑ පූසෝ මාළු, අපි යනවැයි මූදු!
නෑ, මං මේ කිව්වෙ අපි බ්ලොගර්, බ්ලොගර් අපිට නේ. බ්ලොගර්ගෙ ඔය ඇටෑච් බාත් රූම් නෑ නෙව. නැත්තෙත් නෑ, බලාගෙන හියාම , මෙන්න මෙහෙම කලොත්:
මේක මං හොයා ගත්ත දෙයක් නෙමෙයි. .සම්පූර්ණ තොරනේ විස්තරේම මෙතන තියනවා .
ඔරිජිනල් ක්‍රමේ තියෙන්නෙ. blogger template එකේ script එක මොඩිෆයි කරන විදිහට. ඔහෙලට කියන්න, ඕක ටිකක් බයානක වැඩේ. පොඩි වැරැද්දක් එහෙම වුනොත් " සදා සොත්ති බවන්තුතේ" තමයි. ඇත්තටම මට එහෙම වෙලා තියනවා.
මෙන්න මගේ ක්‍රමේ. මහප්‍රාණ නෑ . කිසිම රිස්ක් එකක් නෑ , බොහොම සරලයි:
ඉස්සෙල්ලම බ්ලොග් එකට ලොග් වෙලා පහත පිලිවෙලට කොටාගෙන, කොටාගෙන යන්න.
ඉස්සෙල්ලම බ්ලොග් එකට ලොග් වෙලාsettings වල තියන layout page එකට යන්න. ඔතන තියනවා "Add a Gadjet" කියලා එකක්. ඇත්තටම තැන් හතරක් තියනවා. අපි මේ කරන්න යන දේ නං පහලම තියන එකක් තෝරා ගත්තත් කාරියක් නෑ..
ඔය "Add a Gadjet" එකකට කෙටුවාම එනවා මෙන්න මෙහෙම එකක්
. දැන් තියෙන්නෙ ඔය ලිස්ට් එක පහලට scroll කරගෙන යන එකයි. එතකොට හම්බු වෙයි " HTML/JAVA Script" කියල එකක්. අන්න ඒකට කොටන්න. දැන් එයි මෙහෙම කොටුවක්. හෙඩිමට මුකුත් ලියන්න ඕනෙ නෑ. "Content" වලට මං මේ පහත දෙන කොඩ් කෑල්ල අලවලා, මතක ඇතුව "save" එකත් ඔබලා "logout වෙන එකයි තියෙන්නෙ.
මෙන්න අලවන්න ඕන කෝඩ් කෑල්ල:
<script src='http://hosting.gmodules.com/ig/gadgets/file/105066904960012479556/nccode.js' type='text/javascript'/></script>
දැං මේක වැඩකරන විදිහ:
අපි කොමෙන්ට් කරද්දි, කොමෙන්ට් වල සපෝට් කරන්නෙ බොහොම සීමිත HTML ටිකක් විතරනෙ. දැන්, අපිට එයිට අමතර HTML සෙට් එකකුත් ලැබෙනවා. සම්පූර්ණ සෙට් එකම ඕනෙ නං අර ඔරිජිනල් සයිට් එකෙන් බලාගන්ට. මට නං වැදගත්ම එක පිංතූර. දාන්නෙ මෙහෙමයි:
කොමෙන්ට් සාමානය විදිහට කොටලා, දාන්න ඕනෙ පිංතූරෙ URL නැත්නම් web address එක කොපි කරහෙන. , පහත විදිහට දානවා, එච්චරයි :)
[im]URL[/im]