බස්සා කුඩා කල පොත් කියවීමට රුසියෙක් විය. අතට අසුවු ඕනෑම පොතක් , පත්තරයක් පමණක් නොව, කඩල ගොට්ටක් වුවද උගෙන් බේරුනේ නැත. මේ පොත් කියවීමේ පිස්සුව කොතරම් තදේට තිබුනාද කීවොත්, කවදා හරි ඌට පුස්තකාලාධිපති කෙනෙක් වීමට ඕනෑ විය. සියලු සංස්කාරක ධර්මයෝ නැසෙන සුළුය යන සිද්ධාන්තය නිසා හෝ පුස්තකාල වලට බස්සන් එපා වීම නිසා හෝ බස්සා පුස්තකාලාධිපති කෙනෙක් වූයේ නම් නැත.
කුඩා කල ඉතා ආසාවෙන් කියවු කතා අතර 'යකාගෙ ලියුම' නම් වූ කෙටි කතාවත්, ඊ.ආර් එරත්න නම් මහතකු විසින් ලියන ලද ' රොමාගෙ වාසනාව ' නම් පොතකුත් විය.
"රොමාගෙ වාසනාව" සම්පූර්ණ පොතම කියවීමේ වාසනාව නොලැබුනත් ,කියවීමට ලැබුනු පරිච්චේද කීපය අද දක්වා මතකයේ තිබීමම, මේ පොතට ඇති බකුසු කැමැත්ත කියාපායි. "රොමාගෙ වාසනාව" පරිවර්තනයක් නොවේ. එය අනුවර්තනයක් හෝ ඡායානුවර්තනයක් විය යුතුය. මේ පොත වැටෙන්නේ කොයි කැටගරියටද කියා බස්සා හරියටම නොදන්නේ, ඔය බර වචන දෙකේ තේරුම වෙන් වසයෙන් නොදන්නා නිසාය. ඔරිමජිනල් කතාව වන අපේ 'චාර්ලිස්' උන්නැහේගේ 'ග්‍රේට් ඇක්ස්පැක්ටේසන්' නම් පොත අනුසාරයෙන් අපේ හාදයා , එන්ගලා....න්තයේ 'ඇට' කොලුවාව 'රොමා' නමින් බෞතීස්ම කර ඇත. කරෝලිස් අයියාගේ හොඳි බෙදිල්ල, චාර්ලට් අක්කාගේ 'එඬරු තෙල් වඩිය පෙවිල්ල සහ කබ්රාල් මාමා හැලි අරක්කු බිව්ව විගස රොමා දෙන හුරේ රන් එක , අදටත් මතක් කරමින් සිනා විය හැක. අවසාන වසයෙන් කිව යුත්තේ, අනුන්ගෙන් ආභාෂයක් ගත්තද, අපේ හාදයා නියම ගේමක් දී ඇතැයි කියාය.
රොමා කියන්නෙ අනාත කොලු පැටියෙක්. ඌව 'අතේ වැරෙන්' හදා ගන්නෙ , චාලට් අක්කා. චාලට් අක්කා කට සැර අම්මණ්ඩි. රොමාත්, රොමාගෙ හොඳම මිතුරා වන මස්සිනා -ගමේ කම්මල් කාරයා වෙන කරෝලිස් අයියත් ඉන්නෙ චාලට් අක්කගෙ ආධිපත්‍යය යටතෙ. දවසක් දෙමව්පියන්නෙ සොහොන් කොත් බලන්න කනත්තට ගිය රොමාට හම්බවෙනවා, හිරෙන් පැනපු භයානක මිනිහෙක්. කන්න දෙයකුයි, කම්මලෙන් පීරකුයි ගේන පොරොන්දුව පිට, රොමා බේරිල එන්නෙ, එයාගෙ කැවුත්ත උගසට තියලා( කැවුත්ත යනු කුණුහරුපයක් නොවේ).
කතාව එතැන් සිට(කතාව කියන්නෙ රොමා):
( මතකයෙන් ලියන බැවින්, වරදට සමාව දෙන්ට, ඈ )
සුපුරුදු පරිදි, එදත් හැන්දෑවේ කරෝලිස් අයියාත්, මමත් මූණට , මූණ බලාගෙන , නිහඬ බාසාවෙන් කතා කරමින් සිටියෙමු. චාලට් අක්කා විසින් හවස තේ පානය සඳහා පුච්චන ලද රොටිය , මැදින් ඉරක් ඈඳ, දෙකට වෙන් වී, එක කොටහක් කරෝලිස් අයියාගෙ ඔඩොක්කුවටත් වැටිනි. අනෙක් කොටහා , මගේ මූණේ වැදී පාත් විය.
හැම දේටම මාගේ හවුල් කාරයා වුයේ මගේ මස්සිනාය. අපි එකට බැනුම් ඇසුවෙමු, ගුටි කෑවෙමු. ඒසේම සවස රොටි කෑමේදීත්, අප අතර අපූරු චාලිත්තරයක් විය. කරෝලිස් අයියා රොටි කෑල්ලක් කඩා ගෙන ගිල දමා, ඉතිරි කොටස මට පෙනෙන ලෙස, මා දෙසට දිගු කරන්නේ' මේ මෙච්චරයි ඉතුරු" කියන්නා සේය. මමද එයම කොට, මගේ ඉතුරුව ඔහු දෙසට දික් කරමි. රොටිය අවසන් වන තෙක් මේ සෙල්ලම දිගටම සිදු වේ.
නමුත් එදා හවස නං මේ සෙල්ලම සිදු වූයේ නැත්තේ, රොටි කෑල්ලට වඩා මගේ කැවුත්ත වටිනා නිසාය. කනත්තේ ඉන්නා අර කැවුතු කන පෝරිසාදයා මතක් වන විට මගේ කැවුත්ත 'ටිං,ටිං' ගෑව බව මට හොඳටම විස්වාසය. කරෝලිස් අයියා අහක බලන තෙක් මා කුරුමානම් ඇල්ලුවේ , රොටි කෑල්ල යටිමඩි ගසා ගැනීමටය.
නමුත් ඒ කාරිය හිතන තරම් පහසු වූයේ. නැත. දැනටමත් කරෝලිස් අයියා කීපවිටක්ම උන්දෑගේ රොටි කෑල්ල මා දෙසට දිගු කොට, පුදුමයෙන් දෑස් දල්වා ගෙන මදෙස බලා සිටියේය. මමද උන්දෑගේ වේගයෙන් කුඩා වන රොටි කෑල්ල දෙස බලා සිටියේ , යම් තරමක පසු තැවිල්ලක් ඇතිවය. අවසන මා බලාපොරොත්තු වූ අවස්තාව උදා විය, මම රොටි කෑල්ල යටිමඩි ගසා ගෙන , කිසිවක් සිදු නූනා සෙ සිටියෙමි.
මගේ රොටි කෑල්ල, එකවර අතුරුදහන් වූ බව දුටු කරෝලිස් අයියා, කන්නට ගත් රොටි කෑල්ල කටේ තිබිද්දීම කටත් ඇරගෙන පුදුමයෙන් මදෙස බලා සිටියේය. මෙතන මොකක් නමුත් හොරයක් වෙනබව චාලට් අක්කාගේ උකුසු ඇස් වලට අසුවිය.
' ඇයි, මොකද ? මොකද වුනේ"
චාලට් අක්කාගේ ප්‍රශ්ණය නොසලකා හැරිය කරෝලිස් අයියා ' කොලුවෝ ඔය සෙල්ලම නං හොඳ වැඩක් නෙමෙයි. කාපු කෑම වමාරන එක හොඳ චාලිත්තරයක් නෙමෙයි තමා, ,ඒත් මනුස්ස පරාණෙ ඊට වඩා වටිනව නෙව. පොඩ්ඩක් කැහැපං බලන්න, බාගදා එලියට එයි' කීවේය.
මා දෙසත්, කරෝලිස් අයියා දෙසත් මාරුවෙන් , මාරුවට බැලූ චාලට් අක්කා, එකවර කරෝලිස් අයියාගේ කන් කෙටියෙන් අල්ලා ඇඹරුවේ ' හා, දැං කිව්ව නං මෙතන වෙච්ච දේ' කියමිනි.
දෑස් දල්වා , මා දෙස අසරණ බැල්මක් හෙලූ කරෝලිස් අයියා ' උඹ දැන්නවනේ, මං උඹට විරුද්දව දෙයක් කියන එකෙක් නොවන බව. ඒත් ගොයියෝ, මාත් හිච්චි සංදියේ, නොකරපු දෙයක් නෑ. ඒත් මෙහෙම රොටි බැස්සිල්ලක් නං මං මයෙ අම්ම-මුත්තා කාලෙවත් අහල නෑ' කිව්වේය.
'මොනවා, මූ රොටිය එක සැරේ ගිල්ලාද? වර, වර යන්න ' කියූ චාලට් අක්කා, මාවත් ඇදගෙන කෙලින්ම ගියේ කුස්සියේ බෝතල් රාක්කය අසලටය. චාලට් අක්කා, ගමේ ගොඩේ, ගොඩ වෙදකං වලට ප්‍රසිද්ධය. වෙඬරු තෙල් උන්දෑගේ කෝකටත් තෛලය විය. බලෙන්ම මේ අමුර්තයෙන් බෝතල් බාගයක් මට ගිලින්නට සිදුවූ අතර, මගේ හවුල්කාරයා වූ කරෝලිස් අයියාට ඉතුරු පංගුව ලැබුණි.
මේ කතාවේ ඔරිමජිනල් එක වෙන චාර්ලිස් ගොයියා ගේ 'Great Expectations' කියවා රසවිඳ ඇතත්, මා කුඩා කල කියවු රොමාගෙ වාසනාවෙන් මා ලැබූ චමත්කාරය නම් නොලැබුනු බව කිව යුතුමය.
අන්තර්ජාලයෙන් 'රොමාගෙ වාසනාව' සෙවීමේ මාගේ ව්‍යායාමය, ලත්තැනම ලොප් වූයේ , බින්දිගේ පොස්‍ටුවක අපේ බුරම්පියා දැමූ කොමෙන්‍ටුවකිනි:
"රොමාගේ වාසනාව නං පුතේ උඹට මෙලෝ සංසාරෙකින් හොයාගන්ට පුළුවන් වෙයි කියලා මං හිතන්නෙ නෑ.. අපේ ගෙදර නං එකක් තියෙනවා, ඉල්ලන්ට එපා, දෙන්නෙ නං නෑ.. ඒවා වටින වස්තු.. :)"
විශ්ව සාහිත්‍යය ලියා තිබෙන්නේ ඉංගිලිසියෙන් යැයි කව්දෝ කියා ඇත. එසේම සම්භාවය කෘති, ව්‍යාපාරයක් නොව, පොදු දේපලක් විය යුතුයැයි සුද්දා විස්වාස කරයි.Project Gutenberg වැනි නොමිලේ eBook දෙන අඩවි පිහිටුවා ඇත්තේ ඒ නිසා විය යුතු වුවත්, අපේ හිංගල සම්භාවය කෘති සම්බන්ධයෙන් අපට ඒ වාසනාව තවම උදාවී නැත.

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)