කොළඹ යුගයේ කවින්ට , මම බොහොම කැමතියි. මට හිතෙන්නෙ අපේ කවියේ ස්වර්ණමය යුගය කොළඹ යුගය කියලයි. ඒ කාළෙ කවි මඩු , තරග වගේ එව්වත් තිබිල තියනවා.ඒ ඇරුනම මාසික කවි සඟරා පවා තිබිල තියනවා. අපේ මේ කවියො හිටිවන කවි කියන්න රුසියො. කවියෙක්ගෙ මඟුල් ගෙදරකට ගිය මාකඳුරේ කවියා සභාව මැද මෙහෙම කිව්වලු: මල්ලව උරා බොයි මල් කැකුලක රේණු හතාගොඩත් හැඬවිය මංගල සීනුඋඳුවප් දුරුත්තේ සීතල බෑ වානුමොකටද කුඩලි, මේ කාලෙට නැති ගෑනු
ඒකට පිලිතුරු කවිය කිව්වෙ,එවකට තනිකඩයෙකු වූ කුඩලිගම කවියා:
තිබහට වතුර කළයක් ඇදගනු මිසකඒ ලිඳ තඩලන්න කිසි විටකදී නොහැක කිරි අවැසි නම් වීදුරුවක් හෝ දෙකක රස බලනවා මිස කීම මේ එළ දෙනක
තවත් මම කැමති කවියෙක් තමා මීමන ප්‍රේමතිලක. එයට හේතුව, වික්ටෝරියානු සදාචාරයත්, " බොනවද දහම් පැන්, නැත්නම් පොවන්නද? " සිහල බොදු මානසිකත්වයත් උපරිම ලෙස පැවතුන ඒ යුගේ ඔහුගෙ සෘංගාරය මඳ පමණින් මුසුකල අපූරු කවිත්, උපාසකම්මලාගේ සර්ධාව වැඩීමට යැයි කියා අතිශයෝක්තියෙන් දෙසූ බෞද්ධ සාහිත්‍යයේ ඇතැම් දේ නිර්දය ලෙස විවේචනය කල ලිපිත් නිසා වන්නට ඇත.
මෙහෙම කිව්වාට , බස්සොන්ට මොන කවිද? ඌ මේ මහප්ප්‍රාණ හෑලි ලියන්න ගියාට, කියවල තියෙන්නෙ ඔය එහෙන් මෙහෙන් කඩල ඔතන්න ගත්ත පිටුවක තිබ්බ කයියක්, දෙකක් විතරයි. ඒත් මෙව්ව කියවපු, දැණුම් තේරුම් තියන අය, මේ කවි හැකි පමණින් සංරක්ෂණය කරන්න කරපු සත් ක්‍රියාවක් , ඔය පහළින් තියෙන ලින්ක් වලට ගියාම බලාගත්තෑකි.
කවි මුතු මල්
e තක්සලාව
ඔන්න එහෙනං මාත් හතර අතට වැඳලා , නමෝ විත්තියෙන් ඉස්සුව කයියක් ගෙඩි පිටින්ම.මේ විමලරත්න කුමාරගම කවියගෙ " අයියනායක " කවි පෙලෙන් කොටසක්.
සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේකාලය විසින් හෑරුව නුග ගසක බෙ ණේමළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේදෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ
සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී මකෙම්මුර දවස්වල පානින් සැරසී මවන අතු කඩා ගස් දෙබලක දැවටී මමා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම
දැන් ඔහෙලට හිතෙනව නේද, මීමන ගැන කියල කුමාරගමගෙ කවි දාන්නෙ , මූට මඤ්ඤංද කියලා? නෑ, නෑ ඒකට හේතුවක් කියනවා. කපුවො, සාස්තර කාරයො , ඔවුන්ගේ අනුග්‍රාහකයොන්ටත් බොහොම අපල මේ කාලෙ, මාත් ඇඟ බේරගන්න එපැයි?අද කතාව ගම්මැදි හෑල්ලක්ද, මිත්‍යා විස්වාසයක්ද කියල මං දන්නෙ නෑ. එක තීරණය කරන එක ඔහෙලට බාරයි. මගේ රාජකාරික කතාව කියන එක විතරයිමේ කවි කියවන කොට හිතේ මැවෙන්නෙ අපූරු චිත්‍රයක්. ඒ විතරක් නෙමෙයි, මේ කවි ඔස්සේ ගියාම මතක් වෙන්නෙ අපේ ගම සහ එහි සිටි අමතක නොවෙන චරිත. මේක මේ ගම හොඳා, නගරෙ හොඳ නෑ කියන කතාවක් නෙමෙයි. අපේ ගමෙත්, ඒ ගැමි සංස්කෘතියෙත් හොඳ වගේම නරකත් සම-සමව තිබුනා. එව්වා පැත්තකින් තියලා, අද මම කියන්න යන්නෙ එහි ජීවත් වු අපූරු චරිත කීපයක් ගැනයි.
ගමේ හිටපු වැදගත් තනතුරු දැරූ ,වැඩිහිටි අයට එදා ගම්මු කතාකලේ රාළහාමි කියලයි. මේ කියන රාළහාමිත් එහෙම කෙනෙක්, මට මතක සංදිය වන විට විශ්‍රාමිකව හිටි ඔහු, කලු, උස මහත , මනා පෞරුෂත්වයක් තිබුණු අයෙක්. සරම ඇන්ඳත්, කෝට් බෑයක් අඳින්න අමතක කලේ නෑ. කොච්චරවත් ගම වටා ඇවිද, ඇවිද, නැවති, නැවති වටපිට බල, බල ගිය ඔහු හැමෝ එක්කම කතාබහ කලා. ගැමියන් මූණට ඔහුට කටපුරා රාළහාමි කිව්වත්, නැති තැන කිව්වෙ ඇස්වහ-කටවහ රාළහාමි කියලයි.ඔහුගෙන් තමන් සන්තක හොද දේ වහන් කිරීමට, ඉදිරියට පැමිණ කතාවට අල්ලාගෙන, අවධානය වෙනතක යොමු කිරීමට තැත් කලත්, රාළහාමිගේ උකුසු ඇස් වලින් කිසිම දෙයක් මඟහැරුනේ නෑ. රාළහාමි කතාව අවසානෙයේ, යන්නට පෙර මොකක් හරි කට-කැඩිච්ච කතාවක් කියන්නත් අමතක කලේ නෑ.මෙවැනි පුද්ගලයකු යම් දෙයක් ගැන හොඳ කිව්වොත්, එයට අපල දෙන බවත්, අමාරුවෙන් හරි යම් දෙයක නරක කියවාගන්න හැකි නම්, එහි ප්‍රතිවිරුද්ධ දේ වන බවත් ගැමියො විස්වාස කලා.
මේ මං අසා තිබෙන, ගමේ ප්‍රසිද්ධ කතා දෙකක්:
කිට්‍ටුව ගෙදරක සාරෙට වැඩුන ඒත් ඵල නොදරන දෙහි ගහක් තිබුනා. සාමාන්‍යයෙන් රාළහාමිව මඟහරින ගෙදර මූලිකයා එදා රාළහාමිව ගෙදරටම කැඳවාගෙන ඇවිත් , තේ පැන් වලින් සංග්‍රහ කොට , මිදුලට කැටුව ගිහින් දෙහි ගහ පෙන්නලා මෙහෙම කිව්වා:
" බලන්නකො රාළහාමි. මේ ගහේ හැටි, එක දෙහි ගෙඩියක්වත් නෑ නෙව?"
ඔහු බලාපොරොත්තු වුනේ, රාලහාමිත් ගහ ගැන නුගුණ කියාවි කියලයි. ඒත් රාළහාමි කිව්වෙ මෙහෙමයි:
" හා, ගෙඩි නැති වුනාට මොකද, ඒකටත් එක්ක ඔය කොල තියෙන්නෙ"
බලා ඉන්දැද්දි වගේ කොල හැලෙන්න ගත්ත දෙහි ගහ කනාටු වෙලා මැරිල ගිය බවයි කියවෙන්නෙ. තව දවසක් දුර තිබෙන ගස් අතර පිමි පැන, පැන හිටිය වඳුරු මොටෙක් දිහා බලා " හම්මේ, බලහල්ලකො මුගෙ පිම්ම" යැයි කිවූ බවත්, ඊළඟ පිම්මේදී වඳුරු මොටා පිම්ම වැරදී බිමට පත බෑවුන වගත් තවත් ප්‍රසිද්ධ කතාවක්.
ඊළඟ අමතක නොවෙන චරිතය තමා හංදියෙ කඩේ මුදලාලි. ගමේ හිටිය තැපැල් පියුං වුන ඔහු බොහොම ප්‍රියමනාප පුද්ගලයෙක්. පසුව පොඩියට කඩයක් පටන්ගෙන එය වැඩිදියුණු කරගත්තා.
මට මේ මුදලාලි මතක් කරන්නෙ, සිබිල් වෙත්තසිංහ මහත්මියගේ කතාවක එන මුස්ලිම් මුදලාලි කෙනෙක්. කතාවෙ ඉන්න මුදලාලි කවදාවත් පාරිභෝගිකයින්ට " නෑ" කියල කිව්වෙ නෑ, කිව්වෙ " තිබුණා , මේ දැන් ඉවර වුනා" කියලයි. පහුවදා කොළඹ ගිහින් ඒ අහපු දේ ගෙනාව කියල තමා කතාවෙ තිබුනෙ. අපේ මුදලාලිත් ටිකක් ඒ වගේ, ගණුදෙණුකාරයාට අනුකූලව සුහද කතාබහ කරන්නත්. ඔහුගේ වෙළඳ භාණ්ඩ ගැන පාරට්‍ටු කරන්නත්, අපේ තැපැල් පියුං මුදලාලිට තිබුණෙ සහජ හැකියාවක්. මෙන්න මෙහෙමයි ඔහුගෙ කතාව
" මෙව්වා නියම මන්නාරම් කරවල මහත්තයො. ගන්න, නියම බඩු", සමහර විට කීරමින් කියා, වේලපු පොඩි හුරුල්ලො වික්කත්, ගණුදෙනු කාරයා ගෙදර ගියේ හිතේ සතුටින්,
තව ලියන්න දේ තිබුනත්, මට බෑ, අදට ඔය ඇති(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)