කාලෙකින් , අර ලියපු මටවත් නොතේරෙන ටැක්නිකල් පෝස්ට් එකක් ලියන්නත් බැරි වුනා නෙව?
If it's not broke, don't fix it කියල කිව්වෙ සුද්දා. ඒත් බස්සො
කියන්නෙ සුද්දො ජාතියක් නෙමෙයි නෙව? ඒ නිසා මේ යස අගේට
වැඩ කරන දේවල් වලට හෙනහුරු දසාව ලබන එක " හවුස් බස්තියං"
වල සාමාන්‍ය සිද්ධියක්.
මගේ දුප්පත් ගොන්පීතර රාජයාටත් , ඔය සංසිද්ධියෙන් ගැලවීමක් නෑ.
හිටපු ගමන්, ෆයිල්ස් විතරක් නෙමෙයි, පාටිෂන් පිටින් අතුරුදහන්
වෙනවා. අනික, දැන් ඉස්සර වගේ නෙමෙයි,
වින්ඩොස් බූට් ප්‍රොසිඩියර් එක සංකීර්ණයි. පොඩී දෙයක් එහා මෙහා
වෙච්ච ගමන් නෝ වින්ඩෝස්. මෙහෙම සන්තෑසියක්,
ලෝක විනාසෙට වඩා හොඳ වෙන්නෙ බොහොම සේසයකින්.
ඇයි, ඉතිං අපි ලෝකෙ දිහා බලන, පත්තර, ප්‍රවෘත්ති බලන ජනේලෙ
වින්ඩෝස් නෙව.
ඔන්න දැන් තමයි මේ විනාසෙන් ගොඩ එන්න " නෝවගේ නැව"
නැත්නම් බැකප් ඕනෙ වෙන්නෙ. මම නොයෙක් බැකප් ඇප්ස්
අත්හදා බලල තියනවා.
මේක මට හොඳම එක. මං කියන්නම් ඇයි කියල:
1. වේගය - 64 බිට් වර්ශන් එක දා ගත්තාම රොකට් එක වගේ
බැකප් එක ගහනවා
2. වැඩි තොරොම්බල් නෑ, සිම්පල් ඉන්ටෆේස් එක . සරලයි, තේරුම්
ගන්න පහසුයි.
3. Differential බැකප් සපෝට් කරනවා. බැකප් ප්‍රොෆයිල් එක
කස්ටමයිස් කරන්න ඇහැකි.
4. ෆ්‍රී වර්ශන් එකක් තියනවා.ඒකෙ full / differential බැකප්
විතරයි. ඒත් ඒක හොඳටම ඇති. නූල් සූත්තර නෑ, එක්ස්ෆයරිඩෙට් නෑ,
නියම නොමිලේ දෙන එකක්.
5. බැක්ග්‍රවුන්ඩ් ටාස්ක් එකක් විදිහට වැඩ කරනවා. උන්දැට ජොබ් එක
බාර දීලා, තමුන්ගෙ වැඩ ඕනෙ එකක් කලෑකි.
6.බැකප් ෆයිල් සයිස් එක. අනිත් බැකප් ඇප් වලට වඩා පොඩියි.
පාටිෂන් එකේ සයිස් එකට නෙමෙයි, තියන ෆයිල්ස් ටික විතරක්
කම්ප්‍රෙස් කරලා ගහනවා. ඒ වගේම ආයෙ රෙස්ටෝ කරද්දි, සමාන ,
හෝ අසමාන ඕනෙම සයිස් පාටිෂන් එකකට දා ගත්තෑකි.
7.බැකප් ෆයිල් එක මවුන්ට් කරන්න ඇහැකි. හදිස්සියෙ, ෆයිල් එක, දෙකක් හෝ
ෆොල්ඩර් එකක් අවශ්‍ය වුනොත් එහෙම මවුන්ට් කරලා කොපි කර
ගත්තෑකි.
මෙන්න භාණ්ඩෙ බාගන්ටෝ:
Macrium Reflect Free
දැන්, ඔහෙල අහයි නෙව, ඇයි "වින්ඩෝස් රිකවරි" තියෙන්නෙ කියලා. පේන විදිහට "වින්ඩෝස් රිකවරි" කියන්නෙත් කප්පාදු කරපු ඉන්ක්‍රිමෙන්ටල් බැකප් ඇප් එකක් කියලයි හිතෙන්නෙ. කප්පාදු කරලයි කිව්වෙ, කිසිම කන්ට්‍රොල් එකක් අපිට නොදෙන නිසයි.වින්ඩෝස් රිකවරි , කොහොමටවත් බස්සොන්ට ගැලපෙන ජාතියක් නෙමෙයි. වින්ඩෝස් රිකවරි රන් කරන්නෙ කොහොමද වින්ඩෝස් බූට් වෙන්නෙවත් නැති කොට :)
ඒ එක්කම,මං ඔය නිකන් දෙන
මෙන්න මගේ බැකප් ප්‍රොෆයිල්/ඩෙෆිනිෂන් එක:
1. හැම මාසෙම ෆුල් බැකප් එකක්
2. සුමාන දෙකකට සැරයක් differential බැකප් එකක්
full බැකප් දෙකක් තියා ගන්න. differential හතරක් තියා ගන්න කිව්වාම , ඇප් එක එව්වා මැනේජ් කරනවා.
මේ ඉන්නෙ හාදයා windows task scheduler එකේ
Difference between Full, Incremental and Differential Backup
මේ විස්තර දැණගන්න අත්‍යාවශයම නෑ, ඒත් මගේ අත්දැකීමෙ හැටියට Incremental ,Differential සමහර වෙලාට එච්චරම විස්වාස නෑ, ඒත් ෆුල් බැකප් දෙකක් හැමවිටම තියෙන නිසා ඒ දෙකෙන් එකකට රොල් බැක් කරගන්න පුළුවනි.
ආ තව එකක්, වින්ඩොස් සහ වර්ක් ෆයිල්, ඩවුන්ලෝඩ්ස් ඔක්කොම මැලේ අච්චාරුව වගේ එකම පාටිෂන් එකේ දා ගන්න එපා. වෙනම පාටිෂන් හදලා වින්ඩෝස් ඉස්ටොලේෂන් එක වෙනම පාටිෂන් එකක තියලා,ඒක විතරක් පාටිෂන් බැකප් එකක් ගන්න.සිස්ටම් බැකප් කියල එකක් තිබුණත්, මෙහෙම කලාම, වින්ඩෝස් සහ බූට් ලෝඩර් ඔක්කොම බැකප් වෙනවා, වැඩේ ෂුවර්
මතක ඇතුව රෙස්කිව් මීඩියා එක සීඩී එකකටම බර්න් කරගන්න. ලිනක්ස් නැත්නම් වින්ඩෝස් PE දෙවිදිහිටියම කරගන්න ඇහැකි වුනත් , මං කැමති වින්ඩෝස් PE වලට.
ප.ලි:
සියලුම නැටි ඇති/ නැති වානර සාමාජිකයන් වෙත සංවේගයෙන් දැණුම් දෙමි. සති අන්තයේදි නොන්- ටැක්නිකල් පෝස්‍ටුවක් ලිවීමට අදහස් කරමි.
මාත්තුරුකාව - සන්නාලියන්ගේ ගීතය සහ ගහ මුල විප්ලවය