"තොට මහසෝන ගැහුවද බොල, මේ පාන්දර ජාමේ මරහත තියන්න තිබා ගත්තෙ? "
අල්ලපු ගහේ බෙනෙන් හොට එලියට දාපු , මයෙ අසල්වාසි පොලොස් කොට්ටෝරුවා එහෙම ඇහුව්වෙ, මම උදේ පාන්දරම අත්ත උඩට වෙලා , පිහාටු , පුම්බලා, හොඳට රැල් බුරුල් ඇරලා,, මෙන්න මෙහෙම කිව්වහමයි:
And I say, hey yeah yeah, hey yeah yeah
I said hey,
what's going on?
"නෑ බං , මං මේ කිව්වෙ , මේ ඇනෝමවුස් වලිය ගැන" මං එහෙම කිව්වා.
" හා , මං දැණගෙන හිටියා , උඹ කැරකිලා එන්නෙ මීයන් ගැන කතාවකට තමා කියලා" පොලොස් කොට්ටෝරුවා කිව්වා.
" මං නෙමෙයි , ඇනෝමීයො ගැන කියලා බනින්නෙ - ෂර්ලොක් හෝම්ස්"
" හුටා, ඒ වංගියෙ ෂර්ලොක් හෝම්ස් මීයෝ අල්ලන රස්සාවට බැහැලද? "
" නෑ, නෑ මේ වෙන ෂර්ලොක් හෝම්ස් කෙනෙක්."
" මෙහෙමනෙ, ඔන්න ඇනෝමීයො වගයක් කමෙන්ට් දාලා. අපේ ෂර්ලොක් හෝම්ස් ගොයියා පැන්නා , ඇල්ලුවෙ නැතෑ මීයො ටික. උන් රට මීයො වගයක්ලු"
" නෑ, මං දැණගෙන හිටියා ෂර්ලොක් හෝම්ස් දස්ස හාදයා කියලා. හැබෑටම ඔය ලෝකල් ෂර්ලොක් හෝම්ස් කියන්නෙ පූසෙක්ද?.දැන් කොහොමද ඔය මීයො අල්ලන්නෙ? බැදපු පොල් කෑල්ලක් මී කතුරට තියල වෙන්ටෑ?"
" මඟුලක් කියනවා. දැන් කාලෙ මීයෝ එහෙම අල්ලන්න බෑ. එව්වට තියනවා පුරාණෙ සිට පැවත එන පාරම්පරික රහස් ක්‍රමවේද"
" ඒ කිව්වෙ?"
" එව්වා තියනවා. එහෙම හැමෝටම කියන්න බෑ. මේක තනිකරම ගණිතය මත පදනම් වෙලා තියෙන්නෙ.මීයගෙ උපන් වෙලාව ද්විත්ව අනුකලනය කරලා , මේ ෆෝමියුලා එකට දැම්මහම , පටස් ගාලා පෙන්නනවා, මීයාගෙ ගෙදර ඇඩ්‍රස් එක"
" අනේ පලයං බස්සො ටොම්පච කෙලින්නෙ නැතිව?"
" හා , හා උඹත් ඔය කන්න තමයි ෂර්ලොක් හෝම්ස්ගෙන්. දැන් වටේටම නෙලල, ඔහොම කියපු උන් හත් අට දෙනෙක්ම බිම"
" හැබෑටම බස්සො එයා ටක්කෙටම මීයො අල්ල ගත්තද?"
" මඟුලක් කියනවා. උන්දෑ අල්ලපු මීයෙක් නෑ. එයා අල්ලයි මීයන්ගෙ නැට්ට? පස්සෙ ,මීයොන්ට එන්න දුන්නා කියලා දොස්තර හොඳහිතට දුන්නා ඇස්ටි හැලෙන්න"
" දැන් මේ උඹ මෙච්චර පරක්කු වෙලා මෙව්වා දාන්නෙ ඇයි? "
"මචං පොලොස් , මටත් පුළුවනි අපේ අනිත් වැදගත් ලියන මහත්තුරු වගේ " ඇවිලෙන වලියට පිදුරු නොදා" ඉන්න ."
" හෑ , ඒ මොන ඇන්නෑවකටද බොල වලියට පිදුරු දාන්නෙ ? හරක්ට කන්නද"
" අනේ මංද බං, එයා නං නිතරම කිව්වෙ "සම හරක්" කියලයි. දැන් යන විදිහට පිදුරු කන්නෙ හරක් විතරමද කියලයි සැක?"
" දැන් මොකක්ද උඹ මේ කියන්න තෙපර බාන්නෙ? උඹ කියන්නෙ , ඔය පුරාණ දේශීය ක්‍රමවේද ඔක්කොම බොරුයි කියලද?
" නෑ එහෙම කියන්නෙ නෑ. හරිද නැත්ද කියන්න මං දන්නෙ නෑ. ඒත් මං එකක් දන්නවා, මිනිස්සු මානසිකව වැටුනාම ඔව්වා වලට ඇදිලා යනවා. මාත් එහෙම කරල තියනවා..එතකොට බොහෝවිට ඒ අයව ගසා කනවා.
දැන් ඔව්වා ගැන උනන්දුවක් නෑ. මට අදාල නෑ, කවුරු හරි එව්වා විස්වාස කරනවා නම්, ඒක ඒ අයගෙ කැමැත්ත. ඒත් මෙව්වා ගැන අදහස් දක්වන්න ඉඩ තියෙන්නෙ ඕනෙ. ඒක තර්ජනය කරලා නවත්වන්න හදනවානම්, මං විරුද්ධ අන්න ඒකට.
I may not agree with what you have to say, but I'll defend to the death your right to say it.
- Evelyn Beatrice Hall -