ඉයන්ගෙ අඩවියෙ අලුත්ම ලිපිය " ඉතින්, ඉතින් හීන් බබා සීයේ" බැලුවා, මට නැගලම ගියෙ ඒකෙ තිවුන හීන් බබා සීයා සහ සෝරත හාමුදුවන් අතර දෙබස. මං මේ කම්පනා කොලේ හීන්බබා සීයා ඕක මට කිව්වා නං කොහොම වෙයිද කියලා
"උඹහෙට කියන්න බස්සෝ, මම තරුණ කාලෙ රස්සාවට ගියා හවසට ගෙදර ආව."
"ඉතින්, ඉතින් හීන් බබා සීයේ ඊට පස්සේ?"
"ඊට පස්සෙ පහුවෙනිදාත් රස්සාවට ගියා හවසට ගෙදර ආව "
" නියමයි නෙව සීයෙ"
" උඹ ඔය මට ඔච්චම් කරනව නේද, බොල?"
"පිස්සුද සීයෙ? මං එහෙමත් කරනවද? ගෙදර එන්නෙ නැතුව, කන්තෝරුවෙ නවතින්නයැ? දැං බලාපං අපේ ප්‍රොඩක්ෂන් මැනේජර් තුමා . මං හිතන්නෙ උන්දැ ජීවත් වුනේ වැඩපොලේ. ඔය ඉඳලා හිටලා ගෙදරත් ගියා. ආං, දැන් අස් වෙන්න යනවැයි කියන්නෙ? මං හිතන්නෙ, ආතතිය වෙන්ටෑ?
" අම්මපා බස්සෝ, උඹ විතරමයි මගේ පැත්ත ගත්තෙ. අනිත් උන් ඔක්කෝම මට හිනා වුනා" සීයා අඬන්න ගත්තා.
මම ජීවත් වෙන්නෙ ලොකු නගරයක. හරි, හරි මිලියන දහතුනක් නෑ තමා, මිලියන හයයි කියමුකො. රෑ දෙගොඩහරි ජාමෙ උනත් අපේ 401 හයිවේ එක දිහා බැලුවොත් පේන්නෙ මෙන්න මේ වගේ දර්ශණයක්:
ලවක් දෙවක් නැතුව දුවන මිනිස්සු. රැ ජාමෙ මේ යක්කු කොහේ යනවද මන්දා? ඔහොම කිව්වට, හෙට රෑට බස්සත් ඔය මිනිස් ගංගාවට එකතු වෙනවා. කිලෝ මිටර් 33.33 , එකසිය විස්සට ඇරියාම විනාඩි විස්සයි. වැඩට යන මිනිස්සු, ගෙදර යන මිනිස්සු, බඩු ප්‍රවාහණය කරන ට්‍රක් .මේ ප්‍රවාහන පද්ධතිය, තමා කවදාවත් නොනිදන අපේ නගරයේ රුධිර නාල. නැවතුනොත් මලා තමයි.
සමහර වෙලාවට බස්සාටත් ඔය රැට් රේස් එකට ජොයින්ට් වෙන්න උපදෙස් නොලැබෙනවත් නෙමෙයි. මේ ලඟදි අපේ පිල්ලා -අර සෙල් ෆෝන් එක පොලේ ගහපු එකා, මට කියනවා:
" බස්සො, මෙහම ඉඳලා හරියන්නෙ නෑ, අපි බල්ලො මරලා හරි සල්ලි හොයන්න ඕනෙ"
" හා, මචං"
" ඔව්, ඉතිං බොට නං මොකද? මේ හම්බවෙන එක හොඳටම ඇති නෙව? ඒ වගේද මං? කලින් කසාදෙ නඩත්තු ගෙවන්න ඕනෙ, වාහනේ පිනෑන්ස්, ගෙදර මෝගේජ්, තව කොච්චර නං බිල් ගෙවනවද? "
ජීවිතේ රිස්ක් එකක් ගන්නෙ නැති අය දියුණු වෙන්නෙ නෑ කියලා ඔබ කියාවි. ඕනෙ නං , මූ නං මහ කම්මැලි මූකලං බකමූණෙක් කියලා කිව්වත් කාරි නෑ. ඇත්ත, මං කම්මැලි බකමූණෙක් තමා, ඒත් රිස්ක් ගන්නෙ නෑ කියල කියන්න බෑ නෙව? වාහනයක් එලෝන කොට, රස්සාව කරන කොට ගන්න රිස්ක් මට හොඳටෝම ඇති. ආයෙ බිසිනොස් කොරල අමතර රිස්ක් ගන්න ගියොත් වෙන්නෙ මටත් අරුන්දැට වෙච්ච එක , ආතතිය වැඩිවෙන එක.
ඔය ආතතිය තියනවා නෙවද? ඕක හරියට බ්ලඩ් ෂුගර් වගේ, වැඩි උනත් මැරෙනවා, අඩු උනත් මැරෙනවා.
මට මතක් වෙන්නෙ ජෙරෝම්ව. ඒ අපිත් එක්ක හිටපු තව පිල්ලෙක්. කොයි වෙලාවෙ බැලුවත් , හිනා වෙවී, සිංදුවක් මුමුන, මුමුන බොහොම ජොලියෙන් තමා හිටියෙ. මං ඇහුවාම ජෙරෝම් කිව්වෙ සතුට යනු තෝරාගැනීමක් බවයි.
So many choices
Something raining down
A river of what-to-dos, who-to-bes
Stand out? Blend in?
Help 'em? Go to war and win?
ඔබ කුමක් කල යුතුද කියා මට කියන්න බෑ. මගේ ක්‍රමය , ඔබට ගැලපෙනවා කියල කියන්නත් බෑ. සමාජ ආරක්ෂණ ක්‍රම, විශ්‍රාම වැටුප්, විශ්‍රාම ඉතිරි කිරීම්(retirement saving plan) සහ සමස්ථයක් වශයෙන් වැඩිහිටියන්ට ඇති සමාජ සැලකිල්ල/ ආකල්ප මත ,මේක රටෙන් , රටට, සමාජයෙන් , සමාජයට වෙනස් වෙනවා.
මං කියන්නෙ, අපි කරන්න ඕනෙ අපිට ඕනෙ දේ, නැතුව අරය, මෙයා කරපු දේ නෙමෙයි. මොනව කලත් කරන දේ අපිව සතුටෙන් තියනව නං එච්චරයි. දැන් මං කලේ, දෙකක් නමාගෙන මෙන්න මේක අහපු එක:
The Kiss or Promontory
From the film The Last Of The Mohicans -1992
ඔහෙලා දන්නවා නෙව , මම කැමති ටයිප් එක - මැස්සො බීපු ගොයං ගහ වගේ එක. ඇඳුම ජිප්සි හෝ සෙල්ටික් වෙන්න ඕනෙ.මොකක්දෝ කියන්න බැරි දුක්මුසු බවක් එක්කම අමුතුම ලස්සනක් මේකෙ තියනවා. සමහර විට ඒක තේරෙන්නෙ , දෙකක් ලඟ, ලඟ නමාගත්ත කම්මැලි බස්සෙකුට විතරද මන්දා?
මට ආයෙත් මතක් වුනේ ජෙරෝම්ගෙ වචන:
A Happy Owl |
Happiness is a choice