චන්දෙන් පස්සෙ විස්තර බලාකියා ගන්නත් එක්ක මං මැද මූකලාන දිහාවට පියෑඹුව නෙව, ඊයෙ හැන්දෑකොරේ.අම්මට හුඩු ඔය ඉන්නෙ, මැද මූකලානෙ සිංහරාජ හතර ගාතෙන් දපා තියලා. පොල් කට්ටෙන් චංද ජයපැන් බීලා, සලු වෙලා.
සිංහයා: ආ, වරෙන්, වරෙන් බෂ්ෂො. උම්බලට ඉතිං අපිව මතක් වෙන්න චංදයක් තියෙන්නම ඕන නේද?
බස්සා: අනේ එහෙම නෑ බොස්. මේ දවස්වල බිසී
සිංහයා: අනේ පලයං යන්න. මං නොදන්නවද බොගේ හැටි.
බස්සා: එහෙම නෙවෙයිනෙ බොස්. දැන් අලි වංසෙ වැඩ පෙන්නන කාලෙ. ආරංචි ඇති නෙව, අර මියන් කුමාර. මේං මෙච්චර පැටියා. අපවත් කලේ නැතෑ නායක උන්නාන්සෙ කෙනෙක්ව. මං මේ අහිංසක පක්සියා , හොඬ වැලෙන් දෙකක් පත බෑවොත්, කම්මුතුයි නෙව?
සිංහයා: ඒක නෙමෙයි , මොකද මං ගැන කියන්නෙ , පස්ස බිම ඇණිච්ච අර හොර අලියා?
බස්සා: ආ එයා නං තවම කියන්නෙ පරණ සිංදුවම තමා. මයෙන් ඇහැව්වා , ජනතාවට ඕනෙ නිලකාස හොර තඩියව ආයෙ ගේන්නද කියලා?
සිංහයා: ඈ ඕකා එහෙම කිව්වද? ඇයි මිනිස්සු මට විතරක් හොරා කියන්නෙ? ඇයි අලිය බැංකුවට කෙලියෙ නැත්ද? දැන් බලාපං බෂ්ෂො, විජය රජ්ජුරුවො කියන්නෙ කව්ද? පල් හොරෙක් නෙව? ඉතිං හොරකම මයෙ වැරැද්ද වෙන්නෙ කොහොමද? ඒක අපේ ජාතික ක්රීඩාව නෙව?
බස්සා:බලාගෙන ගියාම,ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ.
සිංහයා: බෂ්ෂො උඹ අහල තියනවද අලිබබා සහ හොරු හතලිහ ගැන. දැන් අලිබාබා නෙව, කතාවෙ වීරයා?
බස්සා:ඔව්
සිංහයා: හා, දැන් කියපං, අලිබබා කියන්නෙ කව්ද? හොරුන්ගෙනුත් හොරකං කරපු හොරෙක් නෙව? ඉතිං මං කලෙත් ඒකම නෙව?
බස්සා:: හෑ, ඒ මොන හොරුන්ගෙන්ද ඔබතුමා හොරකං කලේ?
බස්සා: එහෙමම නෙවෙයි කිව්වෙ, රජයේ සේවකයො කියන්නෙ කම්බ හොරු රැලක් කියල නං කිව්ව තමා.
සිංහයා: ඒක නෙව කියන්නෙ? එතකොට , තව සහෝදරවරු කියන්නෙ , තාම චෑන්ස් එකක් නොලැබිච්ච හොර මුලක් කියලත් කිව්වෙ නැත්ද?
බස්සා: එහෙම කතාවකුත් කිව්ව නං තමා. ඒත් සැකයේ වාසිය විත්තියට හින්දා, කොහොමද ටක්කෙටම කියන්නෙ සහෝදරවරුත් එහෙමමයි කියලා?
සිංහයා: අනේ පලයං බස්සො යන්න,හුහ් , අපි නොදන්න සහෝදරවරු .දැන් බලාපං,අර අපේ රජගෙදර රිලවා. චෑන්ස් එක ලැබිච්ච ගමන් කාගෙන, කාගෙන ගියෙ මහසෝන වගේ.හා, එතකොට උඹ සුදනා වෙන්න එන්නෙ, ඇත්ත කියපං උඹ හොරා කාලම නැද්ද?
බස්සා: ම්... පොඩි කාලෙ පාලු වත්තෙන් හොර කුරුම්බා බීලා නං තියනවා.
සිංහයා: හා ඔය එන්නෙ. වෙන, වෙන?
බස්සා: නෑ, ඉතිං අර සිංදුවකුත් තියෙන්නෙ " අපි ඔක්කොම හොඳ හොරු, ඔක්කොම රජවරු - තුන් සිංහලයම නෑදෑයෝ" කියලා. ආන්න ඒක කියන හාදයගෙ, හිතට අල්ලලා ගිය සිංදුවක් තියනවා. මාත් ඉතිං යූටියුබ් එකෙන්ම උස්සලා ඒකට පිංතූර දැම්මා, එඩිටින් ඉගෙන ගන්නත් එක්කලා. ඔහෙලට කියන්න, මේ හොරකං කරන එකත් ඉල ඇදෙන වැඩක් නෙව? පෝස්ට් එක ලියන්න ගියේ පැයයි. අර මලදානෙ දවස් දෙකක් තිස්සෙ එඩිට් කලා කියහංකො. ඊට පස්සෙ, විඩියෝව ආයෙ 100mb වලට වඩා අඩු වෙන්න එන්කෝඩ් කරන්න ඕනෙ. නැත්නම බ්ලොගර් දාන්න බෑ කියනවා.හොඳයිද ? වීඩියෝ කෑලි වල අයිති කාරයො නඩු නොදැම්මොත් ඉස්සරහටත් බලමු ඈ.