නිමිත්ත : කලානිධි( කාලා-බුදි) බස්සා
මාතෘකාව: තනි ඇහැට ඇඬිච්ච සිංදු දෙකක් සහ කාටුන් එකක්
මං ආයෙ සිංහල ටෙලි බලන්න ගත්තා. මිනි ගං දෑළ ගැන ඇතිවෙන්නෙ අනෙක් අය ලියල තියන නිසා ආයෙ කියන්නෙ මොකැටෑ? ඇරත් මෙව්වා තියෙන්නෙ රස විඳින්න. මේකට කිට්‍ටුවෙන් යන පරණ නමුත් වැඩි ප්‍රසිද්ධියක් නැති සිංදුවක් මේ:
කාළෙන් කාළෙට මගේ රස වින්දනය වෙනස් වෙනවා. දැන් අලුත්ම සොයා ගැනීම ඇනිමෙ. 1995 හදපු කතාවක්. ඒත් කැත නැතුව බැලුවෑකි. මං කැමතිම අර සබ්වේ එකේ යන පුසගෙ කොටසට. කණගාටුදායක පසු කතාවක්: ඩිරෙක්ටර් මලා - වැඩකරලා වැඩිවෙලා. ඒ නිසා බස්සො කම්මැලියි කියන ඔහෙලටයි මේ කියන්නෙ, දැන් දන්නවෙනෙ අපි කම්මැලි ඇයි කියලා?