හෝතම්බුවා: හෑ , ආයෙත් බය වුනා. මොකද බොල තොට වෙලා තියෙන්නෙ? ඒ වංගියෙ මොකාද, මහසෝණද?
බස්සා: නෑ මේ වෙන එකක්. බය වුනේ බැස්ටියකට.
හෝතම්බුවා: බැස්ටියකට? ඇයි හත්වලාමෙ, තෝ මෙහෙම බය වෙන්න ගියොත් ගෙදර කුස්සියෙ තියෙන කොස්සටත් බයවෙලා නූල් බඳින්න වෙනවනෙ?
බස්සා: නෑ බං නිකම්ම බැස්ටි නෙමෙයි, මේ ලිතියම්-අයන් බැස්ටි. අර ෆෝන් එකෙයි, අරකෙයි-මේකෙයි දැන් හැම පෝටබල් උලව්වෙම එන්නෙ. ආන්න එයා. උඹත් මේක බලලම කියපංකො, ඇඟේ මයිල්, ඉස්මයිල් වෙන්නෙ නැහ්ද කියලා.
මේ
Louis Rossmann - ඇපල් ලැප්ටොප් රෙපයාර් කලාවේ පිකාසෝ. ඉලෙක්ට්‍රොනික්ස් නොදන්න කෙනෙක් එහෙම නෙවෙයි. ඔය ගුවන් යානා, ටෙස්ලා කාර් වල බැටරි පැක් ගිණි ගන්නවා දැකලා තිබුණට, මට ඒක දැණුනෙ නෑ ( අපිට එව්වා නෑ නෙව). ඒ තියා පුපුරණ සැම්සුං ෆෝන් නිව්ස් එකවත් එච්චර දැණුනෙ නෑ.
ඒත් මේක දැක්කම නං මං බය වුනා. අර බයිසිකලේ යකඩ ෆ්‍රේම් එක වාෂ්ප වුන හැටියට බය නොවී තියේයෑ? ඊට පස්සෙ Li-ion, LiPo බැටරි ගැන විස්තර කියෙව්වා. හොයා ගත්තදේ එච්චර සුභදායක නෑ.
ලිතියම්-අයන් යනු අපට පුරුදු "ඕන-පුකක්" Ni-Mh හෝ Nickel–cadmium නොවේ .
( the higher capacity of Li-Ion comes with a hefty price!). ඇත්ත, අපට ලිතියම්-අයන් තාක්ෂණයෙන් ගැලවෙන්න බෑ, අපි ඇබ්බැහිවෙලා අහවරයි. කරන්න තියෙන්නෙ පරිස්සම් වෙන එකයි. Li-ion සහ LiPo අතර සමහර වෙනස්කම් තියනවා.සමහර අයගෙ මතය LiPo , Li-ion තරම් නරක නැති බවයි. කතාවෙ ඇත්ත නැත්ත කෙසේ වෙතත්. මේ අධිබලැති බැටරි කාල-බෝම්බ වලට සමානයි. අවශය කරන සාධක සැපුරුනොත්, බඩුම තමා!
අවශය එකම සාධකය - අධික උශ්ණත්වය. උශ්ණත්වය බාහිරවත්, ඒ වගේම අධික ධාරාව නිසාත් , ඒවගේම කෙමිකල් රිඇක්ෂන් (බැටරියට වෙන හානි) නිසාත් ලැබිය හැකියි. පටන් ගත්තොත් බඩුම තමා - chain reaction. මේක රසායනික ගින්නක්, බාහිර ඔක්සිජන් අවශ්‍ය නැති වෙන්න ඉඩ තියෙනවා.
1. අධික උශ්ණත්ත්වය ( අව්වෙ රත්වෙන කාර් එකේ ෆෝන් එක , GPS එක ඩෑෂ්බෝඩ් එක උඩ දමා යෑම)
2. අධික ධාරාව ( under discharge) නිසා ඇති වන රත් වීම
3. බැටරියේ ඉලෙක්ට්‍රොලයිට් ස්ථර වලට වෙන හානි ( drop, bend etc) . සැම්සුං ෆෝන් පිපිරුනේ මේ නිසා - manufacturing defect. තිබ්බ අනිත් සේෆ්ටි ෆීචර්ස් (ඉලෙක්ට්‍රිකල්) වැඩක් වුනේ නැත්තෙ, එව්ව කෙමිකල් රිඇක්ෂන් වලට අදාල නැති නිසයි.
4.over charging. සිදුවිය හැකි මුත් විය හැකි සම්භාව්‍යතාවය අඩුයි. ඔක්කොම ඉලෙක්ට්‍රොනික්ස් ෆෙල් වුනොත් නං වෙයි. over charging නිසා වෙන්නෙ රසායන ප්‍රතිකියාවක් බවත් බැටරිය ඇතුලෙ ප්‍රෙෂර් බිල්ඩ් අප් වෙන බවත් තමයි කියවෙන්නෙ.
අපි ලිතියම්-අයන් වලට වගේම ලාභ චීන බඩුවලටත් ඇබ්බැහි වෙලා ඉවරයි. මොකක්, නෑ කිව්වා? හුහ් එතකොට ඔහෙලා එකට හතරක් දීලා ඔරිමජිනල් චාජර් විතරමද ගන්නෙ? ඔය රී-චාර්ජබල් ටෝර්ච් එක ජපානෙ හැදුන කියලද, හිතාන ඉන්නෙ?
මගේ පොයින්ට් එක, අවදානම ගැන දැණුවත්වීම. දැණගෙන අවදානම මඟ හැරීමයි.
Li-Ion චාර්ජ් කිරීමට, නියමිත නිශ්චිත වෝල්ටේජ් එකක් , ධාරාව නියමිත රටාවකට පාලනය කිරීමත් කල යුතුය. අපේ හැම ලාබ චීන ගැජමැටික් එකකම BMS - මේ කියන චාර්ජින් සර්කිට් එක නැති වීමට ඉද ඇත.
(Nope, BMS inside the battery is not the way to go - that's the first line of defense)
මේ BMS සර්කිට් වැලම, ගෙඩි සුපියල් දෙකයි(හයියෝ අපේ ෂල්ලි!)
මේ PCB එකේ USB port එක ගාව තියෙන IC එක තමා ඉහත ප්‍රස්ථාරයට අනුකූලව current/voltage පාලනය කරන්නෙ. අනිත් IC දෙක protection/ cut-off වලට. ඒ IC දෙකම ආයෙ බැට්‍රිය ඇතුලෙත් තියෙන නිසා මේ PCB තනි IC වර්ෂන් එකකුත් එනවා. සමහර චීන වාහෙලා කරන්නෙ, මේ chip set එක පාවිච්චි නොකර USB 5V රෙසිස්ටර් එකක් හරහා ඩ්‍රොප් කරලා බැට්‍රිය චාර්ජ් කරන එකයි. ඒක වැරදි වැඩක්.
පරිස්සම් විය යුතු කාරනා:
1. ෆෝන් එක වැටුනොත්: නෑ වාහෙ. විසිකරන්න ඕනෙ නෑ. ඒත් ආයෙ චාර්ජ් කරන කොට ෆෝන් එකට උඩින් මූණ ඔබාගෙන රත් වෙනවද බලන එකත් නෙමේ ක්‍රමය.
මෙන්න මේ උලව්ව වගේ එකක් චීනෙන් ගෙන්නගෙන අඩුගානෙ ගන්න කරන්ට් එකවත් බලන එකයි. කොහේහරි මුල්ලකි ඇදලා අරගෙන කාලෙකින් චාර්ජ් කරන්න යන ගැජමැටික් වලටත් ,මේ වැඩේම අදාලයි,. (If over discharged - I set my initial current limit to 500 mA in a bench power supply)
2. No unsupervised charging.
රෑ-එලිවෙනකං චාර්ජ් වෙන්න දමා නොයෑම. හැකි සෑම විටම වෝල්ටේජ්, කරන්ට් බැලීම.
3. බැට්රි පැක් ඉදිමීගෙන එනවා නං, වහාම ඉවත දැමීම. අවුරුදු දෙකක් ගියේ නෑ. ඔය බ්‍රෑන්ඩඩ් කියන පව්ර් බෑන්ක් බැටරි පැක් එකක් ඉදිමුනා, තව ලැප්ටොප් බැටරි පැක් එකකුත්. හැබැයි ඒක නං පරණයි. මේ දෙකටම පොදු දෙයක් තමයි, පාවිච්චි කරමින් ඉඳලා, පාවිච්චිය අතහැර දැමීම. හැබැයි ඒක fact එකක්ද කියලා නං දන්නෙ නෑ.
|
හිටපියව් දැන් ටිං එකේ |
4 අමතර Li-Ion/LiPo බැටරි අතන මෙතන නොදා, සුරක්ෂිත ලෙස ගබඩා කිරීම. අනිත් බඩුත් එක්ක ලාච්චුවල ඔබන්න එපා. තැලුනොත්, හිල් වුනොත් වැඩේ සැම්-සුං ම තමා.
මං මගේ ඔක්කොම අමතර ෆෝන් බැටරි, කැමරා බැටරි ඔක්කොම එකතු කරලා පරණ බිස්කට් ටිං එකකට දාලා, ඒක ප්ලාස්ටික් ස්ටෝරේජ් පෙට්ටියකට දැම්මා ( පරණ බැස්ටි වලට ගවුරවයෙන් සැලකීම). දැන් එතකොට සෙල්ලං බඩු -අර "උඩයන. ඉගිලෙන ඇවිදින සෙල්ලං යානා පෙනී,පෙනී" කියන්නෙ, ආන්න එව්ව වලත් ඉන්නෙ මේ කස්ටියම තමා. Bonus point : Drone battery packs, usually don't have in-built BMS circuit :). නෑ, පවර් ටූල් බැටරි පැක් වගේ තද ප්ලාස්ක් කවර් තියෙන බැටරි ටින් එකට එබුවෙ නෑ. ඒත් උන්දලා ගැනත් ඇහැ ගහගෙන තමා ඉන්නෙ,
අනෙක් බැස්ටි වගේ නෙමෙයි,ලිතියම්-අයන් බැස්ටි පැරලල් කිරීම සිරා බිසිනොස් එකකි. බැලන්ස් චාර්ජින් කියල උලව්වක් ඇත. පැක් දෙකම එකම ගාණට චාර්ජ්/ ඩිසිපේට් වෙන්න විය යුතුය. පොඩ්ඩ එහා මෙහා වුනොත්, බඩුම තමා. Louis Rossmann වුනේ ඒකද කියන එක ප්‍රශ්ණාර්ථයක්. ඉතිං ලිතියම්-අයන් එයාගෙ පුටාර් එක වාෂ්ප කලා නං, මේ ඔහෙල අපි වගේ හුදී ජනයාගෙ අටංපහුරු ගැන කුමන කතාද?
දැං ඔය Quick Charge 3, 4 කිය කිය අළුත් චාජ්ර් එහෙම තියෙනවානෙ. කව්ද අකමැති පැයේ බැස්ටිය පැය කාලෙන් චාර්ජ් කර නොගන්න. අවවාදය: දැන ගියොත් කතරගම..... අසාමාන්‍ය ලෙස රත් වෙනවා නං, නැවැත්තීම සරීර සවුක්කියට ගුණදායකය.
5. පවර් ටූල් , කාර් බූස්ටර් බැටරි පැක් වගේ එව්වා චාජරේට ඔබන්න ඉස්සෙල්ලා ඇස්ගෙඩි ඇරලා තියෙන බැටරි ජාතිය බැලීම හොඳ පුරුද්දක්. Ni-Cd හරි Ni-MH නං අවුලක් නෑ. ඒත් දැන් එන ඔක්කොම බැටරි පැක් LiPo. ඉතිං ඇහැ ගහගෙන සිටීම සරීර සවුක්කියට හොඳය.
මං හිතන්නෙ ඔක්කොම වගේ කවර් කලා කියලයි. ආ අර ටයිටල් එක ඉස්සුවේ
මෙන්න මෙයා bigcliveගෙන්. බලන්න, යමක් ඉගෙන ගන්න නියම බුවා.
දැන් ඔහෙලාට හිතෙනව නං, මූට මඤ්ඤං. නිකාං......කලබල වෙනවනෙ? චීනෙ, ඉන්දියාවෙ යස අගේට ඔය සේෆ්ටි නැතුව ඉන්නෙ කියලා, මට කියන්න තියෙන්නෙ කැලණි පාලම යටින් පොල්ලෙල්ලක් ගියාට ගාණක් තියෙනවද කියලයි? ආ..අනික ගිණි ගත්තොත් බොලෑ ගෙවල් නෙව, මයෙ මොකෑ?.......