ඔරුමත්තුනාඩුවෙ, මෙන්න මේ හාදයගෙ සාවියෙ ඉන්න පිංවතුන්ට පුළුවනි, තම තමන්ගෙ පරණ කම්පූටර් මේ ග්‍රෙග්ට දෙන්න, එයා ඒවා සුද්දකරලා විතරක් නෙමෙයි, අලුත්ම කෑලි-බෑලි ටිකකුත් දාලම දෙනවා. සත පහක් ගන්නෙ නෑ. විස්වාස කරන්න අමාරුයි වගේ නේද? බලන්නකො වීඩියෝව, දැන් එහෙම තමයි අලුත් විවුර්ත ආර්ථිකේ වැඩකරන්නෙ.
Wednesday, December 15, 2021
නත්තල් තෑග්ගක්
Monday, December 13, 2021
අමුතු අදේවවාදියෙක් සහ බකුසු නොස්ටැල්ජියාව
හිංගල බවුද්දයෙක් ලෙස ඉපදිලා, ආගම් ගැන දෙයිය ගැන තියෙන විස්වාසය සීග්‍රයෙන් පල්ලම් බැහැපු මූකලං බකමූනෙක් ලෙස, මට අදේවවාදය ගැන වුනත් ආයෙ හිතන්න වෙන විදිහෙ වීඩියෝවක් හම්බවුනා.
Sunday, December 5, 2021
ලොවෙන් අඩකට ඇති ලෙඩක්
මෙන්න TED-Ed වීඩියෝ එක:
මේක තියෙන පලවෙනි කමෙන්ට් එක දැක්කාම, නිදිගෙ හිනා පෝස්ට් එක බැලුව වගේ දැණුනා. " මං මෙතනට ආවේ පිළිතුරක් බලාගෙන නමුත් යන්නේ ආවටත් වඩා අවුල් වෙලාය" කියලයි ඒකෙ තිබුනෙ.
තවත් වටිනා කියමනක්: "“We might consider ourselves individuals, but we’re actually colonies”. මේ කියන්නේ, මම තමයි හොඳටම කලේ කියල හිතාගෙන හිටියට, අපිව ජීවත් කරවන්න, අපේ ඇඟේ බැක්ටීරියා රෑ දවල්, ඕ.ටී නැතුවම වැඩ කියන එකයි. සමහර බැක්ටීරියා ප්‍රයෝජනවත්, අනෙක්වා අවුල්. තවත් අයගෙන් හානියක් නෑ. එහෙම හානියක් නැති එකෙක් තමා, ඉස්හොරි ඇති කරවන්න ප්‍රධාන වෙන Malassezia කියන පුස් ජාතිය. මෙයාගෙන් කරදර වුනාට වෙන හානියක් නැහැලු. ඒ ඇරුනම, වෙන හානිකර බැක්ටීරියා එහෙම ආවොත්, මුන්දෑ උන්ට ගහලා පන්න ගන්නවලු.
අනෙක් වැදගත් කරුණු: Malassezia.ඉස්හොරි ඇතිවීමට එක කරුණක් පමණක් නිසා
1. ජනප්‍රිය Head & Shoulders, හැමෝටම, හැමවිටම සාර්ථක නොවිය හැක.
2. මම Head & Shoulders එදා-වේල ටුවර්ස් දුවන්න බාවිතා කරන නමුත්, හදිසි අවස්ථාවලට Zelsun Blue තිබේ.
3. Nizoral සහ Neutrogena T/Gel හොඳ යැයි දන්නෝ කියති. ඒත් මේවා තම, තමන්ම අත්හදා බලා ප්‍රත්‍යක්ෂ කරගත යුතු කාරණාය.
Wednesday, December 1, 2021
Buyer's remorse - පක්සියකුගේ පසුතැවිල්ල
තොට ලඟ තොරණ වගේ බලුප් පත්තුවෙයි කියලයි හිතුවෙ, ඒම වුනේ නෑ. තව ප්‍රශ්ණ තිබ්බත්, "ලාබ බඩුවේ හිල් ඇත" කියල හිත හදා ගත්තා. ක්‍රෑෂ්-ෆ්‍රී බයෝස් පහසුකම, නෑ කියලයි පේන්නෙ. කෝකටත් සූජානං සරීරෙ කියලා, බයෝස් චිප් තුනකටම ඕඩරේ දැම්මා චීනෙට. ලාබයි, වැලම සුපියල් තුනයි. අනෙක් අඩුම කුඩුම කලින්ම ලාබෙට ගෙන්න ගෙන තියෙන්නෙ. බොහෝ විට බයෝස් ෆයිල් එකෙන්, bin/rom ෆයිල් එක හදාගන්න වෙනවා. කොහොමත් ඒක වෙනමම ආතල් එකක් නිසා, ලියන්න අදහසක් නෑ. මේකත් ලිව්වෙ, ඩ්‍රැකියාගෙ විචිකිච්චාව මැකෙන්නයි. අපි එහෙමයි, අපේ දුක( විහින් හදාගත්ත) වුනත්, ඔහෙලට ආතල් ගන්න ඉඩ දෙන්නෙ.
තම තමන් ගේ ආරක්ෂාව තමන්ම සලසාගන්න.
කියන්න අවුලක් නෑ, ගාණ හිතන්න බැරි තරම් ලාබයි.
කාලයක් මම AIO cooler වලට කැමති වෙලා හිටිය. නමුත් දිගු කාලීන පාවිච්චියේදී එන ප්‍රශ්ණ නිසා අත්හැරියා. Air cooler සරලයි, නඩත්තුවට ලේසියි. Direct touch heat pipes, pressure optimized fans, effective fin-array design වගේ කාරණා නිසා, දැන් මේවා වල කාර්‍යක්ෂමතාවය බොහොම ඉහලයි.
I've been reading books of old
The legends and the myths
Achilles and his gold
Hercules and his gifts
Spiderman's control
And Batman with his fists
And clearly, I don't see myself upon the list
Thursday, November 18, 2021
අපි නොදන්න රාග තාල
බස්සගෙ ජීවිතේ වෙනස් වෙන්න, බලපාපු එක සිංදුවක් තමයි ඔය. ඔය තියෙන්නෙ,You got mail සිත්තර පටියෙ, මම කැමතිම කොටසක්. හප්පේ ඔය කොටස ආයෙ, ආයෙ බලාපු වාර ගාණ මෙච්චරයි කියන්න බෑ. නිව්-යෝක් නගරෙ, උදෑසන අවදිවෙන හැටි, ස්‍ටා'බක් කොෆී කල්චර් එක එහෙම ලස්සනට පෙන්නනවා. ඒ කාලෙ කාන්තාරෙක වේලි, වේලි හිටිය බස්සෙකුට, ඔය පෙන්නන්නෙ ග්ලෝරිෆයිඩ් කරපු වෙස්ටන් ලයිෆ් ඉට්ටැයිල් එක කියල තේරුන එකක් යෑ? අනිත් සිත්තර පටියෙ කැමතිම කොටස තමා, ඩයල්-අප් මොඩම් එක " ඤෑ....ඈක්, ඤුක්, ඤී....ඊක්, හුචැක්" කියල AOL මේල් කනෙක්ට් වෙන කොටස.
Chungking Express (1994), which prominently featured Faye Wong's Cantonese version
Safe Passage (1994)
Milk Money (1994)
The Next Karate Kid (1994)
Boys on the Side (1995)
The Baby-Sitters Club (Trailer only) (1995)
Mission: Impossible (1996)
You've Got Mail (1998)
Shot Through the Heart (1998)
Mona Lisa Smile (Trailer only) (2003)
Sound of My Voice (2011)
Prom (2011)
The To Do List (2013)
Second Act (2018)
Thunder Force (2021)
1988 | As Tears Go By | 旺角卡門 Wong gok ka moon |
---|---|---|
1990 | Days of Being Wild | 阿飛正傳 Ah fei zing zyun |
1994 | Chungking Express | 重慶森林 Chung Hing sam lam |
Ashes of Time | 東邪西毒 Dung che sai duk | |
1995 | Fallen Angels | 墮落天使 Do lok tin si |
1997 | Happy Together | 春光乍洩 Chun gwong cha sit |
2000 | In the Mood for Love | 花樣年華 Fa yeung nin wa |
2004 | 2046 | — |
2007 | My Blueberry Nights | — |
2013 | The Grandmaster | 一代宗師 Yi dai zong shi |
Thursday, November 11, 2021
අටවන මාටිංගේ ජනෙල් අළුත්වැඩියාව
වින්-ඩිවෝස් වෙච්චි අටවන මාටියා, මේ දිනවල ඉන්නෙ, ටෝච් පාරක් කාලා, නයා මැරිච්ච අහිකුංටිකයා වගෙයි. ඉවසන්නම බැරි වැඩේ, වින්ඩෝස් 10 යස අගේට තිබ්බ, ස්ටාර්ට් ඇප් ගෘප්ස් නැති වෙච්චි එකයි. ඔහෙලට මේකෙ බරපතලකම තේරෙනවද මන්දා? හරි, මං කියන්නන්කො කතන්දරේ මුල ඉඳලම.
මේ තියෙන්නෙ, කලින් කසාදෙ, ස්ටාර්ට් ඇප් ගෘප්ස් වලින් කොටහක්. නිකං හිතන්නකෝ, ඇප්ස් සීයක්-හමාරක් විතර ඉන්ස්ටෝල් කරගෙන තියනවා කියලා. ඇයි එච්චර අහැව්වා? ඉතිං මුං නිකං දෙනවනෙ? එතකොට කොහොමද එපා කියන්නෙ? ඇත්ත, ඔය ඔක්කොම පාවිච්චි වෙන්නෙ නෑ තමයි. පාවිච්චි කරන්නෙත් ඉඳලා-හිටලා තමයි.
ආන්න එහෙම, අවස්ථාවක යම් ඇප් එකක් ඕන වුනා කියමුකො. උදාහරණයක් විදිහට, දැන් මගේ WD සිස්ටම් ඩ්‍රයිව් එකට ආපු ඇප් එකක් තියනවා, ෆර්ම්වෙයා අප්ඩේට් කරන්න, ට්‍රිම් කරන්න වගේ වැඩ වලට. ඕක ඉතිං ඉඳලා හිටලා ඕනෙ වෙනවා. ආං එතකොට, එයාව හොයා ගන්න ගියාමයි, සෙල්ලම පටන් ගන්නෙ. WD, NVMe, SSD ඔය මොනවා කියල ගහල සර්ච් කලත් මුකුත්ම එන්නෙ නෑ. ඒකෙ නම "ඩෑෂ්බෝඩ්". තව එකෙක් ඉන්නවා, එයා "සැම්-සුං මැජීෂියන්".ඉතිං කියහල්ලකො, මොන බස්සටද ඕවා මතක තියාගෙන ඉන්න ඇහැකි කියලා?
පාවිච්චි කලේ Standalone Stack 2.0.7 කියන, සැහැල්ලු ඇප් එක. දැනට පොඩි සාම්පල ගෲප්ස් දෙකක් හදලා, ටාස්ක් බාර් එකට දැම්මා. එයින් එකකට කෙටුවාම, ඔය පේනවා වගේ "ගහක් පැලවෙලා" පෙන්නනවා, ඇතුලෙ ඉන්න කස්ටියව. වැඩේ සාර්ථකයි, කියන්නත් බැරි කමක් නෑ.
මම කලේ මොකක්ද කියන එක, එච්චරම අදාල වෙන එකක් නෑ. සමහර විට, මගේ ක්‍රමයට වඩා ලේසි ක්‍රමයක් ඔහෙලම හොයාගන්නත් ඉඩ තියනවා. එහෙම වුනොත් මටත් කියන්න, ඈ? කුහකකමට නොකියා ඉන්නවා කියල හිතන්න එපා. කමෙන්ට් කරන්න, පෝස්ට් එක බලන්නවත් අවශ්‍යම නැති කොට, මොකටද මේ අනවශ්‍ය මහප්ප්‍රාණ, නේද?
ඒත් කාටහරි අවාසනාවන්තයෙකුට, ඕනෙමයි කියල කියනව, නං කොමෙන්ට් එකක දාන්න, මම කියන්නං අටවන මාටින් ක්‍රමවේදය. ඔහෙල දන්නෙ නෑ නේද අටවන මාටින් ගැන? හ්ම්..... මම හිතුවා, දන්න හෝතම්බුවෙක් නං, මලාට උන්දැගෙන් උපදෙස් ගන්නෙ නෑ.
මෙන්න මේකත් හොඳ විකල්පයක්: http://alastria.com/software/7stacks/
Saturday, October 30, 2021
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි, වින්-ඩිවෝස්
ඔහෙලා දන්නව නෙව, මම වින්ඩෝස් 11 පාවිච්චි කරන එක කල් දැම්ම බව. ඒත් බැකප් SSD එකේ, උන්දැ හිටියා. මමත් ඔය සුමානෙකට දෙපාරක් විතර ගිහින්, සැප-දුක අහලත් ආවා. වැඩියම අහන්න ලැබුනෙ, දුකම තමා. ඔය ටික දොහට ජනේල ගෙදර වාහෙලා, මහිතේ එක විසි-තිස් පාරක්වත් අප්ඩේට් එවන්න ඇති. ඕං ඔහොම දුකසේ ඉන්නකොට තමා, එක පාරටම ස්ටාර්ට් බටන් එකයි, සර්ච් එකයි වැඩ කරන්න ගත්තෙ. තව මට මල පීදිලා හිටිය, "ඉස්කෝල පොත" පුරස්නෙත් හරි ගියා. අකුරුත් ලස්සනයි, ඇහැටත් ප්‍රියයි. රිවීව් එකක දැක්කා, ඉන්"සයිඩර්" බීටා එක දාගන්නවා නං, ඇන්ඩ්‍රොයිඩ් ඇප් ටෙස් කරන්නත් දෙනවා කියලා. ඇප් ඉස්ටෝරුවට ගිහාම කියපි, ඒක දෙන්නෙ, යැංකි දේසෙ ගොබිලින්ට විතරයි කියලා. මෙව්ව කෙත වැඩ අප්පා! කලින් මට වින්ඩෝස් 11 එපා වෙලා හිටියෙ, තිබ්බ ලෙඩ නිසා නෙව? මෙදා සැරේ තේරුනා, දැන් ඒ හැටිම අප්සෙට් එකක් නෑ කියලා. ඒත් තවම, වින්ඩෝස් 10 ස්ටාර්ට් ඇප් ගෘප්ස් වලට විසඳුමක් නම් නෑ.මගේ ස්ටාර්ට් ඇප් ගෘප්ස් සැට් එක දාලා යන්න වුනාට, හිතට දුකයි තමා. ඒත් අසරණ අපි වෙන මොනවා කරන්නද? මාත් ගියා, අලුත් මහගෙත් එක්ක දීග කන්න.
වින්ඩෝස් ඉන්ස්ටොලේෂන් එක, දැනට දැකපු, හොඳම එක. 80% ක්ම වෙන්නෙ බැක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් එකක් විදිහට. ඒ කාලය තුල, අපට සාමාන්‍ය විදිහට වින්ඩෝස් 10 භාවිතා කල හැකියි. ඩවුන්ලෝඩ් කරගෙන, ඉන්ස්ටෝල් කරගෙන, අහක් වෙලා රී-ස්ටාර්ට් එකට යනවා. එතන වැඩිම වුනොත් විනාඩි 10( depending on your system) විතර යනවා. කහින්නෙ, කාරන්නෙ නැතුව ඔක්කොම මටසිලිටු ලෙසම වුනා. පේන විදිහට, නං ඔක්කොම වගේ ඇප්ස් වැඩ.බ්ලුටූත් කී-බෝඩ් එක ආයෙ කනෙන්ට් කරන්න ගියාම නං, අවුලක් වුනා. එක අතකට ඒක අවුලකට වඩා, අවුල ලිහිල්ලක්. ටිකක් නැටුවත්, දැන් මගේ තුට්ටු දෙකේ CSR බ්ලුටූත් ඩොංගල් එක, නියමාකාරයට "Microsoft" Generic එකක් විදිහට වැඩ.
Thursday, October 7, 2021
මැකී ගිය බකුසු දඩමං 0 - රටඉඳි මතක
උදේට ඔක්කොම රැස් කරලා, එයාගෙ පුරාජේරුව කියනවා, අපි අහන් ඉන්නවා. ඔන්න ඊට පස්සෙ, බොසා බුදියනවා, අපි කස්ටිය වැඩට බහිනවා. ඉලෙක්ට්‍රිකල්, මැකෑනිකල්, ඉන්ස්ටෘමන්ටේශන් අංශවල අය, වෙන වෙනම තමන්ගෙ වැඩ කොටස කලා. සෝමු, මම, ගව්ඩා හිටියෙ ඉන්ස්ටෘමන්ටේශන් අංසෙ. "වන් ෆුඩ, වන් බාත" කුමාර් හිටියෙ ඉලෙක්ට්‍රිකල් කොටසෙ. අපි හැන්ඩල් කලේ අඩු වොල්ටේජ්- 70V වෙනකම් විතරයි. ඒත් බොහෝවිට 24V තමයි.
මුලින්ම අපේ කොටසෙ කස්ටිය, එකටම හැමදේම කලත්, පස්සෙ මට තනියම ඔවර්හෙඩ් ක්‍රේන්ස් කරන්න වුනා. පිලිපීන ජාතික, ඉලෙක්ට්‍රිකල් නැඹුරුවක් තිබ්බ සුපවයිසරයා, සහජයෙන්ම කුලෑටි සතෙක් වෙච්ච බස්සවම ඉල්ලලම ගත්ත. සෝමු හිත හොඳ ගොබිල වුනාට, එයැයිගෙ අඹ යාලුව, කර්ණාටක ගව්ඩා රටේ වෙදා. ඉස්සර මාවත් ඇදගෙන යනවා කෑම කන්න. මටත් බලෙන්ම, බෙරි වෙන්න උයාපු, තුනපහ සුවඳ නහය කඩාගෙන යන, ඉන්දියන් කෑම කවනවා. මාත් ඉතිං, අපූරු පිලිපීන කෑම සුවඳ විඳ,විඳ, කිඹුලා කිරිමැටි ගිලින්නැහෙ ඉන්දියන් කෑම කනවා. ඊට පස්සෙ, උන් ඔක්කෝම කච, පච ගගා හින්දියෙන් විහිලු කරගන්නවා. මහිතේ ඒ උන් කිව්වෙ, තෝත් හිංදි ඉගෙන ගනින් කියලා වෙන්ටෑ?මට මේක දිගටම දරාගන්න බැරි වුනා. මම ලිස්සන ක්‍රමවේදය අනුගමනය කලා. සෝමු අහනකොට "හෑ, අදත් එන්නෙ නැත්ද?" කියලා " ක්‍යාහෙ සෝමු, අල්ලල දාහං , බං" කියලා ගව්ඩා එයාව ඇදන් යනවා. මහිතේ, ගවුඩා තමා කෙටෙව්වෙ. මම හිටියෙ වෙනම, ක්‍රේන්ස්වල නිසා අවුලක් වුනේ නෑ. සුහද කතාබහට "චංගල්පට්ටු" චෙල්ලප්පන් වගේ මිත්‍රයො හිටියා. ඇදලා-පැදලා, දමිල උච්චාරණයෙන් කතාකරපු, චෙල්ලප්පන්ගෙ කතා විලාසය, ගීතයක් වගේ ලස්සනයි. "හා තම්බී, සෞඛ්‍ය....මා....."කොම්පැණියෙ ඉහල තලවල හිටිය අරාබියො කූල්-රූම්වල බුදියගත්තා. ගේම ඇදන් ගියේ ආසියාතික "සබ්-කොන්" වහල්ලු. අපේ මට්ටමේ හිටිය අරාබින් කීපදෙනාවත් වැඩක් කරනවා මං දැක්කෙ නෑ. ඔවුන්ට ඒකට අවශ්‍ය දැණුම/උවමනාව තිබ්බෙත් නෑ. නිකං ඉඳලා තෙල් බෙදන්න, අපට වගේ කීප ගුණයක වැටුපක් ලැබෙනවා නං, මොකටද වැඩ කරන්නෙ?එක දවසක්, අධි විදුලිසැර කාන්දුවක් නිසා ක්‍රේන් එකක් පොට්-ලයින් එකේදිම මලා. දැන් ක්‍රේන් එක ගල්-ඉබ්බා වගේ පොට්-ලයින් එක මැද. අනිත් ක්‍රේන් වලට එහාට-මෙහාට යන්නත් නෑ. ඒක යටම තිබ්බ "පොට්" එක පැය ගාණක් ඇතුලත නඩත්තු නොකලොත්, ලෝහ ගල්වෙලා "මැරෙනවා". අරාබි පොඩි බොසා මටයි, පිලිපීන සුපවයිසර "සීසර්"ටයි මෙහෙම කිව්වා. "තොපි දෙන්නා, අද යන්නෙ නෑ ගෙදර, මේක මේන්ටනස් බේ එකට දාලා මිස".එහෙම කියලා, ඔෆිස් එකෙත් බුදියන එයා, ඉතුරු නිදි වඩිය නිදා ගන්න ගෙදර ගියා.
ක්‍රේන් එකේ ඔක්කොම ඉලෙක්ට්‍රොනික්ස් කන්ට්‍රෝල්ස් පිච්චිලා. සීසර් ක්‍රේන් එකේ රෝදවල බ්‍රේක් රිලීස් කරලා, වෙන ක්‍රේන් එකකින් කෙලගෙන ඇවිත් ලෙඩාට ඇන්නා. ම්හු...ලෙඩා හෙලවුනේවත් නෑ. මෙව්වා ටොන් බරගාණක දඩ ක්‍රේන්. සීසර්, ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ මගෙ දිහා බැලුව. මට මතක්වුනා, ක්‍රේන් එකේ VFD (variable frequency drive) වැඩ බවත්, ඕකෙ ස්පීඩ් කමාන්ඩ් එක PLC එකෙන් එන සිම්පල් ඇනලොග් වොල්ටේජ් එකක් බව. මම ගියා මේන්ටනස් බේ එකට . එතන තිබ්බා, අර ලංකාවෙ රජ වැඩකාරයා හදාපු ඩ්‍රයිව් ඩිමෝ මොඩල් එකක්. ගැලෙව්වා ඒකෙ පොටෙන්ශියෝ මීටර(පොට්) ගැජමැටික් එක.
ගලවගෙන ආපු ගැජමැටික් එක, ක්‍රේන් එකේ VFD එකට හයි කලා. පොට් එක අඩුම කරලා, ඩිරෙක්ෂන් සිලෙක්ට් කරලා, සෙට් කර ගත්තා. දැන් සීසරයා ගැහෙනවා, "හරි යයිද, බස්සො?" කියලත් ඇහැව්වා. "දන්නෙ නෑ, කරලම බලමු, වෙන විකල්පයක් නෑ නෙව? මම කිව්වා. ඇයි, මේ අටවන-මාටිං සෙල්ලම දාන්නෙ, ටොන් බරගාණක වසවර්තියෙක් එක්ක නෙව? මට සීසර් කිව්වා, අවුලක් වුනොත්, ඕෆ් කරන්න සුවිච් එකට අත තියාගෙනම ඉන්න කියලා.
"ඔන්" කලාම,ඔය යන්නෙ මල දානෙ, කූඹියා වගේ(තියරියෙ විදිහටම). හප්පේ !දැනිච්ච සනීපයක්? සීසර්ට මාර හැපී. "බස්සො, තව ඔය ගැජමැටික් දෙකතුනක් හදලා තියගන්කො" කියල කිව්වා. ක්‍රේන් එක මේන්ටනස් බේ එකට දාලා අපි දෙන්නා ගෙදර ගියා. එදා සීසරයා නං, කණ සාක්කුවට වටෙන්නම බොන්න ඇති. පිල්ලො කියන්නෙ කන්න, බොන්න සහ "ටීක්" ලන්නම උපන් ජාතියක්.
පස්සෙන්දා, අරාබියගෙ මීටිමේ ස්තූති, ප්‍රශංසා මුකුත් නෑ. ලෙසටම එයැයිගෙ සුපුරුදු පුරාජේරුව නං තිබුනා.එයා ලකුණුත් දාගන්න ඇති, ලොකු බොසාගෙන් "මම ලඟ ඉඳලයි වැඩේ කෙරෙව්වෙ, අරූ ලිස්සන්නමයි බැලුවෙ?" කියලා. දිනක් මිටීමක් කැඳවපු ලොකු අරාබි බොසා, මෙහෙම කිව්වා: " මෙහෙ වර්ජන, පිකටිං වගෙ ෂිට් නෑ, උඹලා ඔච්චරම ස්මාට් කියල හිතනවා නං, ඇයි නාසා එකට වැඩට යන්නෙ නැත්තෙ?". අවුලක් නෑ, අඩුමගානෙ බස්සට, උගෙ "අටවන මාටිං" ක්‍රම අත්හදා බලන්න චෑන්ස් එක තිබ්බ එකම මඳෑ?
මම මොනව හරි අටවන වැඩ කරනව කියලා, සීසර් දැණගෙන හිටියා, ඒත් මා ගැන විස්වාසයක් තිව්නා. කිව්වෙ "බස්සො, උඹ ඔය කරන විදිහ, පොතක ලියල තියහංකො" කියල විතරමයි. ලියන්න පුළුවන් ටික ලිව්වත් එක්ක. ඒත් මම කරපු ඔක්කොම උන්දලා දැණගත්තා නං, මාව එලවනවා. ඒත් මම කොහොම හරි ජාම බේරගත්තා.ඊළග ඊළග ජංසන්, ඒත් නෝ ජංසන්
(ඡායාරූප අන්තර්ජාලයෙනි)
Tuesday, October 5, 2021
වින්ඩෝස් 11- අවසාන අදියර
කොහොමද, හොඳද?
අනේ මන්දා? ලොකුම අවුල, මම ඇඩ්ඩිං විදිහට ලොග් වුනාම, ස්ටාර්ට් මෙනු සහ සර්ච් දෙකම වැඩ නොකරන එකයි. ඒත් ලෝකල් එකවුන්ට් එකෙන් ගියාම නං වැඩ කරනවා. ඒත් ඒකෙ තියෙන්නෙ බේසික් සෙටප් එකක්. ලොකුම අවුලකුත් නෑ, ඔක්කොම ප්‍රෝග්‍රෑම් ටික තියෙනවා, ඒත් එක, එක වෙනම ඇඩ් කරගන්න වෙනවා. හැබැයි එහෙම කලාම එව්වා වැඩ කරනවා. ප්‍රෝග්‍රෑම් ඇක්ටිවේෂන්/ රෙජිස්ට්‍රේෂන් නැති වෙලා නෑ.ඔන්න මම ඉතිං වින්ඩෝස් 11 ඉඳන් මේ පෝස්ට් එක කොටන්න ගත්තා. චේද දෙකයි ගියේ, දුන්නෙ නැතෑ BSOD. ඒ කිව්වෙ අර කුප්‍රකට blue screen of death, හැබැයි මෙදා සැරේ උන්දෑ
කලු පාටයි. ඊළඟට රී-ස්ටාර්ට් කලාම කිව්වා, ඩිස්ක් එරර් තියෙන කියල චෙක් කරන්න පටන් ගත්තා. කලින් බීටා කොපි කීපයක් එක්ක සෙල්ලං කරපු නිසා මට දන්නවා ඕකෙ විනාසකාරී ප්‍රතිඵලය. මම ඒක ස්කිප් කරලා දැම්මා.මට කියන්න පුළුවන් මගේ අත්දැකීම් විතරයි. මේකෙන් ඔහෙල හැමෝටම මෙහෙමම වෙයි කියල ඒකෙන් අදහස් වෙන්නෙත් නෑ. ඒත් මගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක නම් එච්චර සුභදායක නෑ. එයිට අමතරව වින්ඩෝස් 10 තිබ්බ, මම දිනපතා සතුටින් පාවිච්චි කරපු සමහර පහසුකම්, වින්ඩෝස් 11 දී කප්පාදු කරල තියෙන එකටත්, මගේ වැඩි සතුටක් නෑ.
නිගමනය
කැමති වුනත් නැතත්, අකමැත්තෙන් හරි දවසක, අපි ඔහෙල හැමෝටම මේ වින්ඩෝස් 11 මහගෙත් එක්ක දීග කන්න වෙනවා. ඒක බුදු ශුවර්, ඒත් මම නං දැම්ම කසාද කොලේ කණ අත්සන ගහන්න සූජානං නෑ. එහෙම කලොත් මුන්දෑ මාව අනුභව කරයි කියල, හිත් දෙගිඩියාවක් මට තියෙනවා. වින්ඩෝස් 11 තාම, මගෙ අනිත් ඩ්‍රයිව් එකේ ඉන්නවා, ටෙස්ටිං වලට ඇරුනාම, දිනපතා පාවිච්චියට දැම්ම ( තව ප්‍රධාන අප්ඩේට්ස් කීපයක් එනතෙක්) යන්න අදහසක් තාම නම් නෑ.Sunday, October 3, 2021
අටවන මාටිංගේ බ්ලොග් එක
අටවන මාටිං ක්‍රමවේදය
අපිව වළඳන විජට්
අවුලක් නෑ නේද? මොකෑ නැත්තෙ තියනවා. ඔය අටමඟුල් දාගත්තාම, බොලෑ කම්පූටර විතරක් නෙමෙයි, අපේ එව්ව වලත් ෆෑන් හූ තියන්න ගන්නවා, ජෙට් ඇන්ජිං වගේ. වෙලාවක, කාගෙහරි ලැපක් ගුවංගත වෙන්න වුනත් බැරි කමක් නෑ. අනික, යකුනේ, මේකට බලන්න එන එකා එන්නෙ කියවන්න මිසක්කා, තොරණ් බලන්න නෙමෙයි නෙව? ඒව උන් වෙසක් කාලෙ තොටලඟට ගිහින් බලා ගනීවි. බොලාට තියෙන්නෙ ලියන්න මිසක්කා, බ්ලොග් වල ෆ්ලෑෂර් කොට ගෙනත් හයි කරන්න නෙමෙයි.
මේවා ඉගෙන ගත්තෙ අත්දැකීමෙන්, මැගිලින් අක්කගෙ බුරානිස් ගොයියගෙ කටේ වැරෙන්, කුණු බැනුම් අහල. බයින එක සාධාරණයි නෙව, ඒ කාලෙ බ්ලොග් එක මොබයිල් වලට ලෝඩ් වෙන්නෙ, ඔලුව ජපන් කඳ ජර්මන් ඉට්ටැයිල් එකටලු.
මේ, කියන පුම්කකට වඳිඤ්ඤා, අර බ්ලොගර් දෙන ඔරිජිනල් තීම් එකක් දාගනිල්ලා. ඒව හොඳට චෙක් කරලයි තියෙන්නෙ. ලැප්ටොප්, මොබයිල්, ටැබ් ඔය ඕන එකකට ඔට්ටුයි. අනික, තර්ඩ්පාටි ජාවා ස්ක්‍රිප්ට් විජට් නං නැති තරමට හොඳයි. වංගියක් ගූගල් මගේ බ්ලොග් එක බ්ලොක් කලා, ඔහොම ජාවා ස්ක්‍රිප්ට් විජට් එකක් නිසා.
ටිං-ටිං, පෝස්ට් එඩිටින්
අනිච්චාවත සංඛාරා - ප්‍රොෆයිලය
බ්ලොග් එක හැදුවෙ ඒ ඊමෙල් එකෙන් නිසා, එයා තමා ඇඩ්ඩිං. මකන්න, වෙනස් කරන්න අමාරුයි. මම කලේ තව ඊමේල් එකක් හදලා, එයාවත් බ්ලොගෙ "ආතර්" කෙනෙක් කරවපු එකයි. ඒ කල්ල, පරණ නම, පරණ ඇවටාර්(පැවිකොන්) එකම දුන්නා. ආතර්ගෙත් ටූ ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් ඕන් කරලා නිසා, නම්/මුරපද නොකොටා මොබයිල් එකෙන් තමා ගේම ගෙනියන්නෙ. දැන් මයෙ බ්ලොග් රෝලට යටින් බැලුවොත් බස්සො දෙන්නෙක් ඉන්නවා පෙනෙයි,
මඟුලක් කියනවා? ලියන්නෙ කොහොමද, වාෂ්ප වෙනකොට?
හොඳම ක්‍රමය නොවෙනවා ඇති, ඒත් මම දන්නෙ ඔච්චරයි. මේ ඔහෙලා මෙයිට වඩා හොඳ, ලේසි ක්‍රමයක් තියේ නං දාන්ට, ඈ? ඒක නෙමෙයි, අර සිරාගෙ කාමරේ හිටපු "නැට්ට කොටා" වාෂ්ප වුනා නෙව? දැකපු කෙනෙක් ඉන්නවද? Image creditආ බයවෙන්ට කාරි නෑ, තව ටික කාලයයි, මේ ගැම්ම දිය වෙච්ච ගමන් මාත් යනවා හයිබනේට් කොරාන්ට. වින්ටර් එකත් ඕං හන්දියෙ වංගුව ගාවයි කියන්නෙ. සංසාර චක්කරේ හැටි ඔහොම තමයි කියල කිව්වෙ, අවන්හල ලියන මහේෂ්. දෙකක් නමාගෙනද හිටියෙ ඇහැව්වා? වෙන්ටෑ, හැබැයි හරි හිතහොඳ ගොබිලා - බල්ලොන්ට ගුලි කව්වවන්ට දෙයියා.
ඊයෙ අපේ නිදිගෙ උපන්දිනේ. එහෙමයි කියලා ඇරියෙ නෑ, ආං පෝස්ට් එක දාලා. මේ වගේ අඳුරුම අවදියක, එයා කරන්නෙ සමාජ සත්කාරයක්. මෙන්න හිනා කතා දෙකක්, සොසේජස් කතාව ඇත්ත එකක්.
හිනා කතා - ටැක්නිකල් අජීර්ණ වාහෙලාට
නවසිය බර ගණන්වල, කටුබැද්දෙ පොඩි හෝටලේක වෙච්චි කතාවක් :වේටර් කොලූ: මහත්තයො, පොසේජස් කියලා නියම මස් ජාතියක් ඇවිත් තියනවා, ගේන්නද? තනි කරම මස් කරල!
ඔන්න ගමේ පෝසත්, ඒත් සිදාදිය නුපුරුදු මුදලාලි කෙනෙක්, එයාගෙ ගෝලයෙක් එක්ක කොළඹ හෝටලේකට ගොඩ වැදුනලු තේකක් බොන්න. දැක්කලු ටී-මේකර්, ඒ ජොග්ගුවෙන් මේකට, කිරි තේ දාන විදිහ. හොඳට බලාගෙන හිටිය මුදලාලි, වේටර්ට මෙහෙම කිව්වලු. " ලමයො, අපිටත් කිරි යාරෙ ගානෙ, වෙන වෙනම මැනලා ගේන්න" කියලා.Friday, October 1, 2021
Thursday, September 30, 2021
මැකී ගිය බකුසු දඩමං 2 - ප්‍රංශ ගම්මානයක්
ට්‍රොලිය ගෙනත් නෑඹිලියෙන් වහල තිබ්බ කෑම ඇරල මොන, මොනවද කිව්වා මට මෙලෝ අල බෝලයක් තේරුනේ නෑ. කෑම අතර විශේෂය වුනේ ලස්සන රෝස පාට අමු මාලු පෙත්තක්. මට ඕනා වුනේ ඒක පැත්තකට කරලා අනිත් ටික කන්න. බුරුසුවා යන්නෙම නෑ, දොර ගාවට වෙලා පනාව දාගෙන මම මාළු පෙත්ත පිල්ලි යවයිද කියල ඔත්තු බලනවා. පස්සෙ අමාරුවෙන් ,වැඩිය නොහප මාලු පෙත්ත ගිල්ලාම බුරුසුගෙ කට කනේ. මට පෙනිච්ච විදිහට ඒක ප්‍රංස චාලිත්තරයක් වගෙයි.
සෙස්ස පස්සට.......