මේස ඔරලෝසුවේ දෙකයි තිහ පෙනෙනවා
එලියෙ මේ ජාමෙටත් හිම වැස්ස වහිනවා
දවල් බුදියන බස්සො, රෑට නිදි මරනවා
එලි සමක් නැතිවුනත් බස්සො කවි ලියනවා
අපේ ගම් අඩවියේ හාදයෙක් හමුවුනා
ගල්කන්දෙ පාන් ගැන කවි රසක් මතුවුනා
වැඩි කතාවට ගියොත් පටිත් දිග ඇරෙන්නා
ආඳාගේ ක්‍රමවේදෙ පිහිට මට තියෙන්නා
මරදානෙ හංදියත් තාම ඔහෙ තියෙනවද
පරණ පොත් කඩ වලට වුන දෙයක් දන්නවද
පෙට්ටිකඩ වල තවත් බුරියානි ඉදෙනවදචිකන් කරියේ තාම ඉඟුරු පෙති හැපෙනවද
ඔටුව, පිටෝටුව මට හීනෙනුත් පෙනෙනවා
සීනි සම්බල් පාන් රස දිවට දැනෙනවා
දුරින් ඉඳගෙන හිතින් එහි රසය විඳිනවා
හිතේ ඇති පිටෝටුව, නැති බවත් දන්නවා
මේ අපි ගැන කියවෙන සිංදුවක්. අර කියන්නෙ "සියොතුන්" කියලා. හරි, හරි කාක්කො, කොක්කු , පාත්තයො එහෙමත් ඒ කුලේම තමා. ඒත් බස්සත් සියොතෙක් තමා.