මම පොඩි කාලෙ බොහොම ආසාවෙන් කියෝපු පොතක් තිබුණ "දැත්තා සහ යහළුවන්ගේ හපන්කම්" කියලා. මේක බොහොම අපූරු රුසියානු මනෝරාජික සුරංගනා කතාවක්.
ඔය ඉන්නෙ මම මේ කියන, ගොබිලො කස්ටිය තමා, පේනවනෙ සයිස් එක? කියවන්න කැමති කෙනෙක් ඉන්නව නං
මේං තියනව පොතේ ඉංගිලිසි පරිවර්තනය . මං කියන්න යන්නෙ ඕකෙ සිංහල පරිවර්ථන දෙකෙන් එකක් ගැනයි. එයාලට කිව්වෙ "කීඩෑවො" කියලයි, හිටියෙ "කුසුම්පුරේ". ඔය අතරේ හිටිය "දත්තා", එයා හැම දෙයක්ම දන්නවා. එක්කෝ දන්නවයි කියලා හිතාගෙන ඉන්නවා.
ඒත් කතාවෙ, කතා නායකයා වුනේ වෙන හාදයෙක්, දැත්තා. දැත්තා ගිය, ගිය තැන අවුල්. දන්න දේකුත් නෑ, කෙලින්ම මකබාසෙක්. ඔන්න දවසක් දැත්තා යනවා කවි ලියන්න ඉගෙන ගන්න. පාඩම මැදදි දැත්තා මෙහෙම කියනවා " අයියෝ , හරි සිම්පල් නෙ, පදේ අන්තිම අකුර ගැලපුවා නං , එච්චරයිනෙ?" කියලා. ගුරුතුමා දැත්තා එලව ගන්නවා. ගෙදර ගිය දැත්තා තමන්ගෙ මිත්‍රයා "බාගවිට" ගැන ලියපු කවිය මේ:
මේ තමයි බාගවිට
ගිල දමන කාරියට
පුස් පාං බාගෙකට
වග කියයි සීරුවට
ඔය "බාගවිට"ත් හරි අපූරු හාදයා. "බාගදා" එයාගෙ සහෝදරයා. මේ ඩබල හැමදේටම " බාගවිට/බාගදා ඒකෙත් ඇත්තක් තියනවා" කියල කියනවා. දැන් ඕන්නං, කෙනෙකුට මේ කතාව, හදාරලා, විශ්ලේෂණය, විච්චේදනය කරලා කියන්න පුළුවන් බාගවිටයි, බාගදායි අඥාතවාදියො කියලා. බාගවිට ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ, නේද? හැබැයි. ඒ කතාව කියවන කොට මම නං තාම පහේ පංතියෙ බස්සා.
මං මේ කතාවෙ කොටසක් කිව්වෙ, කියන්න යනදේට ප්‍රවේශයක් ගන්නයි. ඔහෙලා දන්නව නෙව මාත්, නමෝ විත්තියෙන්ම කවියක් රචනා කොලා කියල? ඊට පස්සෙ සිංදුවකුත් ලිව්ව කියල? රට්ටු මට එක, එක කතා කියනව , අපෙ හාංදුරුවනේ! එකෙක් උළම කිව්වා. තව එකෙක් "අනේ බොගෙ සිංදු...!" කිව්වා. තව, "ග්‍රීස් ගා ගත් nostalgic ගල් ආඳා" කියලත් කිව්වා. (හුහ්! යෙපිලට තමා පුෂ්, පුෂ්. අඳෝමැයි, ලෝකයට තවත් කවි අංකුරයක් අහිමි විය).
ඒක නිසා මං හිතා ගත්තා, ඕනෙ පාං බාගයක් දෙකයි පණහයි කියලා , ටැක්නිකල් පෝස්ට් එකක් දාන්න. එහෙම කිව්වාට ඇති ටැක්නිකල් එකකුත් එහෙමට නෑ. පහල කොටස අදාල වෙන්නෙ, පරිපථ අළුත්වැඩියාව පිළිබඳ උනන්දුවක් තියන අයට විතරක් නිසා, කෙටි යෙදුම් පැහැදිලි කිරීම අනවශ්‍යයි කියල හිතනවා.
සපත්තු ලේස් - 1 කියවපු සමහර පාඨකයො, විරෝධය පල කරලා තිවුනා, බස්සාගේ "ලාබෙට කෙටීමේ" ඇබ්බැහියට. අපි සැලුනද, නෑනේ? මේකත් ටිකාක් ඒ වගේ තමා.
ලංකාවෙ අපි බවුත් එක කියන එක දන්නවා නෙව? නෑ , වාහෙ ගරාජ් බාස්ගෙ වෑල්ඩිං බවුත් එක නෙමෙයි. අර ඉලෙක්ට්‍රොනික්ස් සර්කිට් වල ඊයම් වලින් පාස්සන එක. ආන්න ඒක. මෙහෙ කියන්නෙ "පාස්සන යකඩෙ" කියලයි.
මෙන්න භාණ්ඩෙ. ගන්න. ගෙදරක තියාගන්න වටින ආවුදයක්.
https://pine64.com/product/pinecil-smart-mini-portable-soldering-iron/?v=0446c16e2e66
BC 1.5 bevel Tip එක දාගත්තාම, SMD වැඩ වලට කියාපු භාණ්ඩෙ. යැංකි සුපියල් 25 යි (විකල්ප TS 100 එකක් 100ක් විතර වෙනවා). flexible silicon charging cable එකකුත් ගත්තාම හරිම සැහැල්ලුයි.
USB type C: PD and QC 3.0 12V-20V 3A සහ Barrel Jack: DC5525, 12V-21V DC 3A dual Power.
Open Source Ralim’s IronOS firmware
දැනට out of stock, 23 වෙනිදා ඊලඟ stock එක එනවා. දාපු ගමන් උණු කැවුම් වගේ විකිනෙනවා.
එතනම chargers, cable එහෙමත් තියනවා. පරණ ලැප්ටොප් power brick එකක් Barrel Jack එක හරහා පාවිච්චි කිරීමේ ලාබ ඔප්ෂන් එක තිබ්බත් USB-C power delivery (PD) හැම අතින්ම ඉහලයි.
මෙතන තියනවා රිවීව් එකක් , යමක්-කමක් දන්න, අපක්ෂපාත ප්‍රියමනාප, නිහතමානී හාදයා. හරි, හරි රැව්ල එලුවගෙ වගේ තමා, ඉන්නෙ එංගලන්තෙ දුප්පත් ගමක. ඇහුවොත් එයා ගැන පැහැදෙනව සිකුරුයි.
VIDEO