Here kitty kitty kitty- nope, not that kind of cat කියලා පෝස්ට් එකක් තිබුනෙ
EEVblog Electronics Community Forum එකේ. මේ කතා කරන්නෙ multimeter වල තියෙන
CAT rating ගැන.
ඔය EEVblog Forum එක, Electronics පිස්සොන්ට යන්න කියාපු තැන. එතන වයිවාරණ කස්ටිය ඉන්නවා. උගත් පිස්සෝ, ස්මාට් පිස්සෝ, දක්ස පිස්සෝ වගේ අය. කොටිම්ම ඒකෙම උයන්න කැමති අයට, වෙනම කොටසක කෑම රෙසිපි පවා තියනවා.
හොඳම දේ, මේ අපි වගේ මඤ්ඤං පිස්සොත් ඉන්නවා.. එහෙම එකෙක්, electric bug zapper එකකට multimeter එක අල්ලලා, අහනවා මීටරේ මලාද කියලා? ඒක දැක්කාම මට හිනා ගියත්, මට තේරුණා මම ආවෙ හරි තැනට කියලා. මම දැක්ක හොඳම දේ තමා, වැඩි දෙනෙක් ඒ ක්ෂේත්‍රයේ විශාරදයො වුනත්, අර නවකයට අපහාස නොකර, කියා දුන්න එක. මෙතන ඉන්නෙ යමක්-කමක් දන්න අය. ඒ නිසා යූ-ටියුබ් එකට වඩා යමක් ඉගෙන ගන්න පුළුවන්.
මගේ ප්‍රියතම යූටියුබ් ඉලෙක්ට්‍රොනික් පස්චාත් මරණ පරීක්ෂකයෙක් තමා මේ ඉන්නෙ.
VIDEO
අවුල කියන්නෙ ඔය ගැලෙව්වෙ, මගේ ගාවත් තියෙන "තැපෑලෙන් ආ චීන පූසෙක්". නිගමනය -පූසා ෆේල්. ලාබෙට අස්පයො ගත්තාම ඔහොම වෙනව කියල, කව්දෝ කිව්වා කියලත් ලාවට වගේ මතකයි. ඉතිං, මම කිසිවකට නොසැලෙන "තාදී ගුණය" ප්‍රගුණ කලා. නෑ, නෑ මගේ චාජරෙන් "මැජික් ස්මෝක්" ආවෙ නෑ. ඒත් මම තීරණය කලා උන්දැව විශ්‍රාම යවන්න.
විකල්ප තාක්ෂණය
චීන පූසො, ඔහෙල හිතන තරම්ම නරක නෑ.
එකම දේ, මෙන්න මේ golden rules දෙක අනුගමනය කරන්න ඕනෙ.
1. Always go for a over-kill. අවශ්‍ය වොට් 50 නං අඩුම ගානේ වොට් 100 එකක් ගන්න.
2. තම-තමන් ගේ ආරක්ෂාව තමාම සලසා ගන්න. ඒ කියන්නෙ ආපු ගමන් සොකට් එකට ඔබන්නෙ නැතුව, ගලවල බලනව. බලන්න ඕනෙ මොනවද කියල දැන ගන්න තමා EEVblog Forum එක ඕන වෙන්නෙ.
ඔහෙලට මතකද මන්දා, "කුසුම්පුරේ කීඩෑවෝ සහ සපත්තු ලේස් -2" පොස්ට් එකේ ලියපු USB-C powered Soldering Iron එක ගැන. ඔව්, ඔව් RISC-V ප්‍රොසෙසර් එක තමා. නෑ ඇටැච් බාත්-රූම් එකක් නෑ, ඒත් motion sensor එකක් නං තියනවා.
මේක පොඩි උනාට 65 වොට්ස් වෙනතෙක් දෙන්න පුළුවන් භාණ්ඩයක්. මුල ඉඳන්ම ඕනෙ වුනේ මේකට USB-C හරහා වැඩ කරවන්නයි. හේතුව සරලයි: USB power delivery protocols.
තේරෙන බාසාවෙන් කිව්වොත් චාජරෙයි, Soldering Iron එකයි කතා කරගෙන එකඟතාවයකට එනවා, වැඩ කරන්න පුළුවන් උපරිම ධාරිතාව ගැන.
Soldering Iron: මේ හලෝ.ඔයා ගාව PD 3 තියනවද?
චාජරේ: තමුසෙට පිස්සුද ඕයි? මම ලාබ චීන පූසෙක්. QC 3 නං තියනවා. 12V තමා උපරිම දෙන්න ඇහැකි.
Soldering Iron: හා, එවනවකො. ඒත් මට ඔහේව විස්වාස නෑ. ඉස්සෙල්ලා 5V එවලා ටික, ටික වැඩි කරලා බලමු.
මේ වැඩේට කොහොමත් මගේ ගාව තිබ්බ, ධාරිතාවෙන් අඩු චාජරේ හරි නොයන බව, ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ? අනික අඩුම ධාරාවකින්, වැඩිම ධාරිතාව ගන්න නං 20V දෙන PD 3 තියන චාජරයක් ඕනෙ වෙනවා.
ඕක ගෙන්න ගන්න කොට ෂිපින් ගෙවන්න වුනා නෙව. මම කලේ ඒකට බැර වෙන්න, ගෙන්න ගත්තා එයාලගෙම PinePower DeskTop ඒ පාර්සලේම . යැංකි සුපියල් 35 කට 120W කියන්නෙ නරක ඩීල් එකක් නෙමෙයි. අනික QC 3 යකාට ගියත් PD 3 - 20V තියෙනවා.
එකම අවුල, මේකෙ සැබෑ කොලිටිය ගැන කරපු රිවීව් හොයා ගන්න නෑ. ඒ නිසා මම ගැලෙව්වා මදේ. මෙන්න තොරණෙ විස්තරේ:
මඟුලක් අහනවා? ජැපනීස් කැපෑසිටර් තිබ්බෙ නෑ. ඇයි සුපියල් 35 ට මිලිටරි ග්‍රේඩ් කම්පෝනන්ට්ද බලාපොරොත්තු වුනේ?
වැදගත්ම එක හොඳට රබර් ඇහැ දාලා බලන එක. ඒකෙන්ම කිව්වෑකි, මේක "එපා වාහෙට හොදි බෙදන්න" වගේ කරපු ජොබ් එකක්ද නැත්ද කියලා. Dry soldering joints, Flux residue traces, ට්‍රිම් නොකර ඉතුරු කරපු නැටි, heat sink/ bridge rectifier වලට හේත්තුව දාගෙන ඉන්න උස කැපෑසිටර් වලින් telltale කතාන්දරයක් කියවෙනවා. මම එහෙම "අතපසුවීම්" දැක්කෙ නෑ. මම අපේ චෙකොස්ලෝවැකියානු යූටියුබ් ඉලෙක්ට්‍රොනික් පස්චාත් මරණ පරීක්ෂක මහතා තරම් දස්ස නැති නිසා, එච්චරම ගැඹුරු පරීක්ෂණයක් නොකලත්, දැකපු දේ අනුව සෑහෙන්න පැහැදුනා. NTC thermistor සහ ඇත්තම safety capacitor පාවිච්චි කිරීම හොඳ ලක්ෂණයක්.
Fuse -OK
Creepage and clearance distance -OK
Common mode noise rejection - OK
Input/output filtering - Not the best, but adequate
Heat sinks, isolation and mechanical stress - OK
Soldering - OK
Dual rail power design - Good
දැන් වැදගත්ම කොටස. මොනවද අවුල් කියන එක? output capacitor ratings එච්චරම හොඳ නෑ, output එකට වඩා 5V තමා වැඩි. කේස් එක ප්ලාස්ටික් නිසා අදාල නූනත්, PE connection එකක් තිබ්බ නම් තමා නියම. Dual rail power, විසාල Heat sinks සහ high efficiency, buck converter නිසා එච්චරම අවුලක් නැති වුනත්, ventilation ගැන නම් හිතලවත් නෑ. නිකන් දීපු අස්පයා - 10W wireless charging . Display එකෙන් එච්චරම accuracy එකක් බලාපොරොත්තු නූනත්, වරදක් නෑ. Display එක ඔෆ් කරන්න තියෙන, ටච් සෙන්සර් එකත් හොඳ ඔප්ෂන් එකක්.
VIDEO