Colon cancer කියන්නෙ, මේ සාවියෙ බොහොම සුලභ දෙයක්. ඇයි කියල නං දන්නෙ නෑ, ඒත් ප්‍රතිශතයක් වශයෙන් සුද්දොන්ට වඩා කල්ලො අතර වැඩියි. එහෙමයි කිව්වට colon cancer සාධාරණ හාදයා, බොහොම ධනවත්, බලවත් අයටත් සුදු, කලු බේදයකින් තොරව සලකල තියනවා. බොහොම හෙමින් වර්ධනය වන කැන්සර් එකක් නිසා, නොදැනීම අන්තිම අදියරට වර්ධනය වෙන්න ඉඩකඩ තියනවා. එහෙම වුනොත්, බඩු බනිස්ම තමා.
මෙහෙ නිදහස් සෞඛ්‍ය ක්‍රමය සෑහෙන කාර්‍යක්ෂමයි කියන එක සාධාරණයි. එක ක්‍රමයක් තමා, තැපෑලෙන් එවන කැන්සර් ටෙස් කිට් එක. මම ඕක අවුරුදු ගාණක් නොතකා ඇරියා. ඒත් මෙදා පොටේ, ඕන පු*ක් ප්‍රීති වෙසක් කියල සාම්පලයක් ඇරියා. ආවෙ නැතෑ රිසාල්ට් එක අවුල් කියලා? අවුලා හොල්මන් වෙලා, අඤ්ඤකොරොස් වෙලා ගියා.ජනාධිපතිවරු, සිනමා තරු, ගායක-ගායිකාවො, රැජිණියොන්ට බැස්ටිය දීපු මේ කැන්සරයාට , සඤ්ඤක බස්සෙක් කියන්නෙ නතිං. එහෙන් පවුලේ ඩොකා කතාකරලා බැන්නා, ඇයි ෆෝන් එක ආන්සර් කරන්නෙ නැත්තෙ කියලත්. විෂය භාර වෙදා කතා කරයි, ආන්සර් කරපිය කියලත් කිව්වා. ඕං ඉතිං අසරණ සඤ්ඤක පක්සියා එදා හිටන් ෆෝන් එකේ වයිබ්‍රේශන් ඔෆ් කරලා, ෆුල් ඇලට් එකේ හිටියා. ආවා කෝල් එක සඳුදා පාන්දර. උදේට තාම කෑවෙ නෑ කිව්වම, කිව්වා හෙට 12.30pm එන්න කියලා.
හපෝයි විඳපු දුකක්! දවස් එකහාමාරක් කෑමක් නෑ. ඊට හපන් බඩ හෝදන්න දීපු බෙහෙත. යනවා යෑමක් වක්කඩ කැඩුව වගේ, තනිකරම යන්නෙ වතුර. අපාරාදෙ කියන්න බෑ, හෝතම්බුවා මාව එක්කන් ගියා ක්ලිනික් එකට. ප්‍රයිවෙට් කිලිනික් එකක්, ගෙවීම ආණ්ඩුවෙන්. මෙහෙ හන්දි ගානෙ චැනල්
මාපිල්ලු නෑ, ප්‍රයිවෙට් ලැබ් , ක්ලිනික් වලින් ලෙඩාගෙන් සල්ලි ගන්නෙ නෑ. එකම වෙනස් දේ දත් දොස්තරලා විතරයි, උන් නං කෙලින්ම ගලවන්නෙ "දත" ම තමා. මම ගිය තැන, බලාපොරොත්තු වුනාට වඩා ඉහල, සුහද වෘතීයමය සේවයක් ලැබුනා. ඇඳුම් ගලවල ලෝගුවක් ඇන්දුවා. කට්ටක් අතට ගහලා, අනික් අතට ප්‍රෙෂර් බලන එක දාලා. දැම්මා ඇඳකට.
දැන් පක්සියා ඉන්නවා, හුඹහෙන් ඇදලා ගත්ත තලගොයා වගේ. ලස්සන නේස් නෝන කෙනෙක් ඇවිත් ඔක්සිජන් බටයක් නහයට දාලා, ප්‍රෙෂර්, ලේ වල ඔක්සිජන් ලෙවල් දෙපාරක් බැලුවා. ඩොකෙක් ඇවිත් කිව්වා, බොට දැන් නින්ද යයි, ඇහැරෙන කොට ගේම ඉවරයි කියලා. තව ඩොකෙකුත් ඇවිත්, නේස් නෝනෙත් එක්ක බස්සව පැත්ත පෙරලුවා. කියන්න ලැජ්ජයි මහත්වරුනි, බකුසු පස්ස එලියෙ. පලවෙනි ඩොකා මොනවද විදිනව විතරයි මතක.
ලස්සන නේස් නෝනෙ, චට පට ගාලා කම්බුලට ගහලා බස්සව ඇහැරෙව්වා. ඔහෙලට කියන්න, ගෙදර බුදියෑව්වට වඩා සනීපෙට නින්ද ගිහින් තිබුනා කියහංකො. ඩොක්කු දෙන්නගෙන් එකෙක් ඇරියා කියල නං බුදු ෂුවර්. මම හිතාගෙන හිටියෙ, බලන එක විතරයි කරන්නෙ කියලා. උස ඩොකා ඇවිත් කිව්වා, කැන්සර් නෑ, ඒත් තිබිච්ච කුඩා ගැටිති දෙකක් අයින් කලා කියලා. ඒ ගැටිති පසු කාලෙක කැන්සර් වලට වර්ධනය වෙන්න ඉඩ තියෙනව කිව්වා. ආයෙ අවුරුදු පහකින් එන්න කියලත් කිව්වා.
මම එන ගමන්, ලස්සන නේස් නෝනෙට කිව්වා " මම ආයෙ අවුරුදු පහකින් ඔයාව බලන්න එඤ්ඤං " කියලා. එතකොට අනිත් නේස් හයියෙන් හිනාවෙලා කිව්වා " Then, it's a date" කියලා. ඩොකා මට කන්න එපා කියල කිව්වෙත් නෑ, මම ඇහැව්වෙත් නෑ. ගෙදර ඇවිත් ඇදලා ඇරියා ඉඳි ආප්ප, පූරි, වඩේ පාරක්. පස්සෙ තමා ඉන්ටනෙට් එකෙන් බැලුවෙ. එතකොට මේං කියනවා, සර්ජරි එකට පස්සෙ සැහැල්ලු ආහාර ගන්නලු. අපේ බඩවල් වලට "කමාන්ඩෝ ට්‍රේනින්" දීලා තියෙන නිසාද, කොහෙද බඩ යාන්තං ඤුරු, ඤුරු ගෑවා විතරමයි. බත් කෑවෙ පස්සෙන්දා.
බොලා දැන් කියනව නෙව " ඇහුනම නං කියන්නෙ පස්සා පැත්තෙ අමාරුවක් නෑ කියලයි" වගේ කතන්දර. ඕං , රාළෙ මෙදා පොටේ නං ඒ අමාරුවත් සුවයි, ඈ? බොරුවක්, මුසාවක් කියනව නෙමෙයි, මැඩිකල් රිපෝට් එකකුත් තියෙනවා.
පිදුම: ආයෙ ලියන්න මතක් කරපු "වම්හ"ට
|
ඇත්තමයි, සාලාමි මං කීබෝඩ් එකට විතරමයි කෙටුවෙ!
|
|
ඩ්‍රැකියා වම්හ රියලා |
|
නින්ද තරම් සොමියක් කවියෙකුට වෙන නැතේ
|
|
ගැහුවොත් ගැහැව්වමයි.....
|
|
පුස්තකාලෙමයි කාලය ගත වෙන්නේ.,ඒකයි.. |
|
බෙල්ල බේරා ගන්ට ඇඳපු, නාහෙ වෙනස් ඩ්‍රැකී |