මේක මේ සෑනාම කියපු කතාවක්. බලපිටියෙ පාරක් අයිනෙ කානු කපපු කම්කරු මහත්තුරු කට්ටියක් දවල්ට කන්න ලෑස්ති වුනාලු. බත් එක ඇරලා බලපු එකෙක් මෙහෙම කිව්වලු "හුකා බොල, මාලු කෑල්ල කා..... ලා නෙව? දැන් ඉතිං අම්මගෙ *?@#$$ එක්කද බත් ටික කන්නේ..ඒඒඒ...?" කියලා. වලියට බර වුනත්, හරිම හිතවත් මිනිස්සු.
අඹතලේට එන්න පාරවල් දෙකක් තිබුනා. කඩුවෙල පැත්තට යන අලුත් පාරත්, කැළනි ගඟ අසබඩින් වැටිච්ච පරණ පාරත් මුණගැහෙන්නෙ අඹතලේ හංදියෙදි. හදිස්සියට අලුත් පාරෙ ආවත්, කොට-කොටා එන පරණ පාරටත් මගේ කැමැත්තක් තිබුනා. කීර කොටු, නාන තොටුපලවල් පහු කරලා එන පරණ පාර, මීතොටමුල්ලේ කුණු කන්ද මඟ හැරලයි එන්නෙ. ඒකෙන්අඹතලේ හංදියට ආවම, පුරං වෙච්ච වෙලක් මැදින් තිබුන ගුරු පාරක් දිගේ එන ෂෝට්-කට් එකක් තිබුනා. ඔය පාරෙ එනකොට පේනවා වෙල අයිනෙ තියෙන නාන පොකුණක්.
ඇයි උලමෝ, මොනවාවත් අඩුද මට?
ලිස්සල ගියේ ඇයි, නගුලක් නැත්ද බොට?
ඔය කඩේට අල්ලලා තිබ්බා පොඩි බොලිබෝල් පිට්ටනියක්. ගමේ තරුණයොයි, අපේ ක්වාර්ටස්වල සේවක මහත්තුරුයි ඕකෙ හවසට සෙල්ලම් කරනවා. අපේ හාදයෙක් හිටියා කුලසේකර කියලා, එයා තමා බෝලෙ "උස්සලා දෙන්නෙ" අනිකාට "ඩෑෂ්" ගහන්න. කුලසේකර බෝලෙ උස්සලා දීලා මෙහෙම කියනවා "ඔන්න වීරෙ" කියලා. මේක බලන් හිටිය, තවත් සේවක මහත්තයෙක් වෙච්ච ප්‍රනාන්දු මෙහෙම කිව්වා "කුලයා මේ උස්සලා දෙන දෙවිල්ලට, මූ ගෑණියෙක් වුනා නං මුළු ගමම ඉවරයි" කියලා.ක්වාටර්ස් වල ඉන්න කොට කාලයක් අපි උයාගෙන කෑවා. එලවලු ගේන්න ගියේ කඩුවෙල පොලට. එක සති අන්තයක, එක් කෙනෙක් යනවා ඔක්කොටම එලවලු ගේන්න. යන එකාගෙ තේ- අයිස්ක්‍රීම් බිලත් ඒකට දානවා. මගේ වාරෙට පොලේ ගියාම, මම යනවා පොලේ තිබුන ආප්ප කඩේට. ආප්ප ආච්චි සැදැහැවත් බෞද්ධ උපාසිකාවක්. එයා ආප්ප ඉව්වට, බිත්තරේ කඩල දාන්නෙ වෙන්නෙ මට. ඕං ඉතිං, ඊට පස්සෙ මට බිත්තර ආප්පයක් ලැබෙනවා.ගඟ අයිනෙ හුලං වදින ගමන්, පොල් අතු කඩේක, ලෑලි බංකුවක වාඩිවෙලා උණු ආප්ප කන එක වෙනමම ආතල් එකක්. ඒක කාලා, තව අයික්‍රීම් එකකුත් කාලා තමයි, මම බඩු අරගෙන එන්නෙ, අර කිව්ව "සෙල්මුවා" වුන ගුරුපාර දිගේ.
එහෙදි හමුවුන සමහර චරිත අමතක වෙන්නෙ නෑ. පීටර් තමා කිව්වෙ" ආයෙ මොනවද සෑර්, හැන්දෑවට නා....ලා, අරක්කු කාලක් බී....ලා, බත් ජුන්ඩක් කා....ලා, අස්පයෙක් අල්ලන්න යනවා" කියලා. වල් ෆැන්ටා ගැහුවත්, ඒ මිනිස්සු තමන්ගෙ සරල ජීවන රටාවෙන් ගත්ත ආතල් එකේ, අඩුවක් තිබ්බා කියලා මට හිතෙන්නෙ නෑ.
තව හිටියා රණවංස. අත්කොට සුදු කමිසෙ ඇඳලා එන්නෙ. කතාවට අහුවුනොත්, ආයෙ කෝච්චියට අහුවුනා වගේ තමා. අසාමාන්‍ය ලෙස පිරිසිදුයි, උඩරට හාදයෙක්. කොච්චරවත් පනාවයි, කණ්නාඩියයි සාක්කුවෙ. කඩේකින් තේකක් බිව්වොත් බොන්නෙ , අඞුව තියෙන තැනින් කියලා, කුලේ තමයි මට කිව්වෙ.
කොටුව/පිට කොටුව හරියෙ. මේකා මහ රෑ යනවා කොලේ ගේන්න කොළඹ, උදේ වෙනතුරු ඉවසිල්ලක් නැතුව. රේස් යුගයට පෙර "ජිම්කානා" කියන අස්ප දිනුමක් ඇදිලා, වෙළඳ ව්‍යාපාරයක් පටන් ගෙන දියුණු වෙච්ච මුදලාලි කෙනෙකුත් ඒ හරියෙ හිටියා. ඒ කඩේ නං තාම තියනවා, නම "තුරඟා". ඔය හරියෙත් තිබ්බා, බස්සා හවසට බිත්තර ආප්ප ගිලපු පොඩි කඩයක්, දැන් නං නැතුව ඇති.
ඒ ජීවිතේ මාරයි කියල නෙවෙයි මම කියන්නෙ. එහෙ කොටු පැනිලිත් තිබ්බා. සමහර ලොක්කොත්, සොක්කොත් දෙගොල්ලම පැන්නා. බස්සො එහෙම නොකලෙ හොඳ නිසා නෙමෙයි, ඇණයක් වදී කියන බයට. ඒකත් එක්තරා ජීවිත අත්දැකීමක්, වෙනම පරිචේදයක්, වෙනමම ආතල් එකක්, එච්චරයි.