වින්-ඩිවෝස් වෙච්චි අටවන මාටියා, මේ දිනවල ඉන්නෙ, ටෝච් පාරක් කාලා, නයා මැරිච්ච අහිකුංටිකයා වගෙයි. ඉවසන්නම බැරි වැඩේ, වින්ඩෝස් 10 යස අගේට තිබ්බ, ස්ටාර්ට් ඇප් ගෘප්ස් නැති වෙච්චි එකයි. ඔහෙලට මේකෙ බරපතලකම තේරෙනවද මන්දා? හරි, මං කියන්නන්කො කතන්දරේ මුල ඉඳලම.
මේ තියෙන්නෙ, කලින් කසාදෙ, ස්ටාර්ට් ඇප් ගෘප්ස් වලින් කොටහක්. නිකං හිතන්නකෝ, ඇප්ස් සීයක්-හමාරක් විතර ඉන්ස්ටෝල් කරගෙන තියනවා කියලා. ඇයි එච්චර අහැව්වා? ඉතිං මුං නිකං දෙනවනෙ? එතකොට කොහොමද එපා කියන්නෙ? ඇත්ත, ඔය ඔක්කොම පාවිච්චි වෙන්නෙ නෑ තමයි. පාවිච්චි කරන්නෙත් ඉඳලා-හිටලා තමයි.
ආන්න එහෙම, අවස්ථාවක යම් ඇප් එකක් ඕන වුනා කියමුකො. උදාහරණයක් විදිහට, දැන් මගේ WD සිස්ටම් ඩ්‍රයිව් එකට ආපු ඇප් එකක් තියනවා, ෆර්ම්වෙයා අප්ඩේට් කරන්න, ට්‍රිම් කරන්න වගේ වැඩ වලට. ඕක ඉතිං ඉඳලා හිටලා ඕනෙ වෙනවා. ආං එතකොට, එයාව හොයා ගන්න ගියාමයි, සෙල්ලම පටන් ගන්නෙ. WD, NVMe, SSD ඔය මොනවා කියල ගහල සර්ච් කලත් මුකුත්ම එන්නෙ නෑ. ඒකෙ නම "ඩෑෂ්බෝඩ්". තව එකෙක් ඉන්නවා, එයා "සැම්-සුං මැජීෂියන්".ඉතිං කියහල්ලකො, මොන බස්සටද ඕවා මතක තියාගෙන ඉන්න ඇහැකි කියලා?
නෑ, All Apps ගහදිගේ බඩගාලාත් ඕක හොයන්න බෑ, ගහෙන් බහින්නම පැය බාගයක් විතර යනවා, ඒ මදිවට, ඇප්ස් තියෙන්නෙ ෆෝල්ඩර් ඇතුලෙ. කොටල, දිගෑරලා බලන්නම වෙනවා. දැන් තේරෙනවා නේද, වැඩේ හිතනවට වඩා සංකීර්ණයි කියලා? කොච්චර ඇප්ස් තිබ්බත් වැඩක් නෑ, කෙලවෙච්ච වෙලාවට, ඒකට අදාල ඇප් එකක් තියනවද, ඒක කොහෙද තියෙන්නෙ කියලා දන්නෙ නැත්නම්. ඇප් ගෲප්ස් අදාල වෙන්නෙ, විශේෂයෙන්ම, අමතකවීම උපන්ගෙයි දෝෂයක් වෙච්ච අපි වගේ නිසාචර සත්තුන්ටයි.
මම ක්‍රමයක් අටව ගත්තා, ඔය පහල පිංතූරෙ තියෙන විදිහට. ඒත් පොඩි කොස්සක් තියනවා. වින්ඩෝස් 10 ඉඳලා, පරණ ගෲප්ස් ටික ගේන්න විදිහක් දන්නෙ නෑ. ආයෙ අලුතින්ම ගෲප්ස් හදලා නොදා, ගොඩින්ම ජාම බේරගන්න විදිහක් තියනවද කියල හොයාගන්නයි, මේ වෑයම.
වින්ඩෝස් 10 ස්ටාර්ට් ඇප් ගෘප්ස් වලට කියන්නෙ ලේ-අවුට් කියලලු. තියෙන්නෙ XML ෆයිල් එකක් විදිහට කියලයි කියන්නෙ. මට ඒ මහප්ප්‍රාණ තේරෙන්නෙ නෑ, මට ඕනෙ මෙච්චරයි. මේං මේ ගෲප් එකේ, මේං මේ ඇප්ස් ටිකේ ෂෝර්ට්-කට් ටික තියනවා කියන එකයි. දන්න පිංවතෙක්, පොඩි අයිඩියා එකක් දුන්නොත්, ලොකු උදව්වක්, ඈ?
පාවිච්චි කලේ Standalone Stack 2.0.7 කියන, සැහැල්ලු ඇප් එක. දැනට පොඩි සාම්පල ගෲප්ස් දෙකක් හදලා, ටාස්ක් බාර් එකට දැම්මා. එයින් එකකට කෙටුවාම, ඔය පේනවා වගේ "ගහක් පැලවෙලා" පෙන්නනවා, ඇතුලෙ ඉන්න කස්ටියව. වැඩේ සාර්ථකයි, කියන්නත් බැරි කමක් නෑ.
මම කලේ මොකක්ද කියන එක, එච්චරම අදාල වෙන එකක් නෑ. සමහර විට, මගේ ක්‍රමයට වඩා ලේසි ක්‍රමයක් ඔහෙලම හොයාගන්නත් ඉඩ තියනවා. එහෙම වුනොත් මටත් කියන්න, ඈ? කුහකකමට නොකියා ඉන්නවා කියල හිතන්න එපා. කමෙන්ට් කරන්න, පෝස්ට් එක බලන්නවත් අවශ්‍යම නැති කොට, මොකටද මේ අනවශ්‍ය මහප්ප්‍රාණ, නේද?
ඒත් කාටහරි අවාසනාවන්තයෙකුට, ඕනෙමයි කියල කියනව, නං කොමෙන්ට් එකක දාන්න, මම කියන්නං අටවන මාටින් ක්‍රමවේදය. ඔහෙල දන්නෙ නෑ නේද අටවන මාටින් ගැන? හ්ම්..... මම හිතුවා, දන්න හෝතම්බුවෙක් නං, මලාට උන්දැගෙන් උපදෙස් ගන්නෙ නෑ.
මෙන්න මේකත් හොඳ විකල්පයක්: http://alastria.com/software/7stacks/