ටිං කටර් ගැන කව්ද නොදන්නෙ? හා, නැද්ද? ඔහෙලට කියන්න, මාත් හිතන් හිටියෙ ඔහොමම තමයි. මෙහෙම හිටියට, මමත් ඔය සම්ප්‍රධානුකූල ටිං-කටර් සෑහෙන ගාණක් කම්මුතු කරපු බස්සෙක්. එක සැරේ ගන්නවා දෙකක්. එකක් මොට වෙනකොට, ඒක පැත්තකට දාලා, අනික ගන්නවා. ආයෙ ෂොපින් ගිය වෙලාවක, සේල් එකක් බලල, නිවිහැනහිල්ලෙ ආයෙ ගේනවා තව එකක්.
ඔන්න ඔය ක්‍රමයට තමයි, බස්සාගේ ටිං කටරයේ කතාව ගලා ගෙන ගියේ. හැල-හැප්පුම් නැතුවම, ගලා ගෙන ගියා කියල නං කියන්න බෑ. ටිං එකට අත කපා ගත්ත වාර ගාණ මතක නෑ. ලොකුම අවුල තමයි, කපාපු ටිං පියන, නැවත ටිං එක උඩ තියන එක. ඒකටත් ක්‍රමයක් හොයා ගත්තා. ටිං එක මැදින් ඔබල, ඉලිප්සාකාර කරලා, පියන උඩින් තියන එක. ඒත් ඔය, අසමහ්ජාති පියන, කොහොම හරි රිංගනවා ටිං එක ඇතුලට.
ඔය අතරෙ තව අත්හදාබැලීම් කලා. පියන සම්පූර්ණයෙන්ම නොකපා, ටිකක් ඉතුරු කර දොරක් සේ භාවිතා කිරීම වගේ.
ඒත් ටික වතාවක් අරින,වහන කොට පියන වෙන් වෙනවා.අනිත් අවුල තමයි, පියන හොඳ හැටි "සීල්" නොවන නිසා , අඩංගු දේ වියලෙන එක. බාලම ටිං කටර් සිට, බ්‍රෑන්ඩඩ් එව්වා දක්වා ටිං කටර් වර්ග කීපයක් අත්හදා බැලුවත් එකම සන්තෑසිම තමයි වුනේ.
ඔය අතරේ දවසක්, මෙන්න මේක ඇන්න ආවා. ටක්කෙටම කෙලගෙන එන්න ඇත්තෙ, සේල් එකකින් වෙන්ටෑ? ගෙනාවට මුන්දෑ උන්නෙ පැත්තක. ඒ පැත්ත, මේ පැත්ත පෙරලලා බැලුවා.
ම්හු...අර දන්න ටිං කටර් වගේ නෑ, කැපෙන්නෙ කොහොමද කියලා හිතාගන්නම බෑ. මඟුලක් අහනවා? පිස්සුද, ඒ මොන ලැජ්ජා නැති වැඩක්ද මැනුවල් කියවන එක?
කියන්න කණගාටුයි මහත්වරුනි, පස්සෙ ලැජ්ජාව බිමින් තියලා යූ-ටියුබ් වීඩියෝවක් බැලුව. මේක වැටෙන්නෙ safety can opener කියන කැටගරියට. කැපෙන්නෙ පිට පැත්තෙ තියන දාරෙන්. කපාගෙන යනකොට, කැපෙනවා කියල හිතෙන්නෙත් නෑ.
ඒත් සම්පූර්ණ වටයම ගියාම, අතට සියුම් බුරුලක් දැනෙනවා. ඒත් පියන කැපිලයි තියෙන්නෙ කියල පේන්නෙ නෑ. කියල තියන විදිහට,පැත්තෙ තියෙන අඞුවෙන් අල්ලලා පියන ඉස්සුවාම, අපූරුවට ගැලවිලා එනවා.
මේ දවස්වල වැඩිය ෂොපින් නොයන නිසා, ටිං කෑම නැගලා යනවා. අලුත්ම අතුරුපස ලෙස කලවං පළතුරු තට්ටුවක් දැමූ ජෙලි සමඟ උඩින් දැමූ ටින්කිරි අත්හදා බලන ගමන් මේ ඉන්නෙ. කුකුලා මාක් ටිංකිරි එක ලඟ, පැන්සොන් ගිය ටිං කටරයාට හේත්තුව දාගෙන ඉන්නෙ අලුත් එකා. හොඳම කොටස, දැන් පියන ඇතුලට වැටෙන්නෙ නැති එකයි, සෑහෙන තරම් හොඳට පියන සීල් වෙන එකයි.
දේශීය තාක්සනය යොදාගෙන, කටර් නැතුව සිමෙන්ති වලින් ටිං ඇරපු, ආරක්ෂක භටයෙක් අඹතලේ හිටියා . උන්දෑ ටිං අරින්න දෙයියා. ටිකක් ඈත ඉඳන් වැඩට ආවෙ පුෂ්-සයිකලේමයි. එනකොට මඟදිම සලු වෙලයි එන්නෙ. එයැයිගෙ, රෑ කෑම පොඩි සැමන් ටින් එකක් විතරයි. තව ගේනවා තක්කාලි, ලුනු-ලූණු සහ අවුමිරිස්. අර ගෙනාපු සැමන් ටිං එකේ දාරෙ උලනවා සිමෙන්ති පොලවෙ, දාරෙ ගෙවෙන කල්. අකාලෙ මලා, ඒත් උන්දෑ නියම හැල යක්ඛ පුතෙක් .
කෙටි වීඩියෝව:
සම්පූර්ණ තොරණෙ විස්තරේ:
ටිං වගේම බස්සා කැමතිම කෙනෙක් තමයි ටිංටිං. මැකීගිය දඩමං පොස්ට් සීරීස් එකේ තියෙන විදිහට,මම ප්‍රංසෙ ඉඳන් ඇම්ස්ටඩෑම් යද්දි කෝච්චිය බ්‍රසල්ස් හරහා ගියත් නැවැත්තුවෙ නෑ. බ්‍රසල්ස් වල ගොඩ බැහැපු
බුරතීනෝටවත් ටිංටිං එක්ක කෝපි බොන්න චෑන්ස් එකක් ලැබිලා නෑ. අද වගේ පහසුකම් නැති, මගේ කුඩා කාලෙ ඉංග්‍රිසි ඉගෙන ගන්න උනන්දු කරපු එක හාදයෙක් තමයි මේ ටිංටිං . අද වුනත්, කැත නැතුව කෙනෙකුට මේ පොත් නිර්දේශ කල හැක්කේ, එහි භාෂාව,ව්‍යාකරණ නිවැරදි නිසයි.
Z-libraray එකේ මේ පොත් තියනවා. දාලා තියෙන පිංතූර, ටිංටිං මුල්කාලෙ පොතක් වන TinTin - 01 - Land of the Soviets පොතෙන්. PDF කියවන්න මම පාවිච්චි කරන්නේ
Cover-Comic Reader.
ඩික්ෂණරිය ලඟ තියාගෙන, කොමික් පොත් කියවන එක ලේසි වැඩක් නෙමෙයි, ඒත් එදා ඒ ක්‍රමය සාර්ථක වුනා. අද මේ ඉන්ටනෙට් යුගේ එහෙම කරන්න අවශ්‍ය නෑ, ඊට වඩා හුඟක් පහසුකම් තියනවා. පටන් ගැනීමක් හැටියට සබ්-ටයිටල්, ගූගල් ට්‍රාන්ස්ලේට් හොඳ වුනාට, ඒවට ඇබ්බැහිවීම, බොරු වලක වැටීමක් කියන එකයි මගේ අදහස.
මට හිතෙන දෙයක් තමයි, කොතරම් අපහසු වුනත්, අපි අපේ පුරුදු විස්වාස/ඇදහිලි වලින් වෙනස් වෙන්න කැමති නෑ කියන එක. සුද්දා ඕකට කියන්නෙ "comfort zone" කියලයි. කොච්චර අත කපාගත්තත්, මම මෙච්චර කාලයක්ම පුරුදු ටිං කටර් එක අතනෑරියෙ ඒනිසා වෙන්ටෑ? ඒත් සාධක නැති අපේ හැම විස්වාසයක්ම එහෙමද, නැත්නම් ඒ අපේ නොදන්නා කමද?
ගමරාළ නං කිව්වෙ, හා බොරු නං වත්තෙ ලස්සනට වැවිච්ච මල් පාත්තියක පිංතූරයක්, මූණුපොතේ දාලා බලපල්ලකො, මල් ටික හුටස් ගාලා කූරියා ගහන්නෙ නැද්ද කියලයි.
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)