මේ ඉන්නෙ ඉලෙක්ට්‍රොනික් ඔස්තාර් කෙනෙක්. පරණ ඇනලොග් යුගයෙන් පටන් ගෙන, නවීන ඩිජිටල් තාක්ෂණය දක්වාම යවත්කාලීන වුන කෙනෙක්, අපි ඔහෙලා වගේ හාල් කෑලි නෙමෙයි. එහෙව් ඔස්තාර්ටත්, මාරු මාදිලිය දවල් තරු පෙන්නුව කියහංකො. ටයිම්-ස්ටෑම්ප් 5:55 සහ 53:10
Bad electrolytic capacitor |
විල්ලුද නළල් යටිකුරිත්තා |
Any PSU with visual high voltage damage is a lost cause, no point even looking. They are not that expensive to replace with a new one.
දැන් තේරෙනවා නේද, ඇයි මගේ "මාරු මාදිලිය බල සැපයුම්" අකමැත්ත කියලා? මම අකමැති වුනාට, මේක නැතුවම බැරි භාණ්ඩයක්. මමත් කාළයක් ගත්තෙ, නමක්-ගමක් නැති ලාබම බල සැපයුම් තමයි. ඒත් ටිකක් මිළ අධික GPU වලට මාරු වුනාට පස්සෙ, දැන් තියෙන සන්නාම බල සැපයුම ගත්තා. බල සැපයුමෙන් ආරක්ෂා වෙන්නෙ, ඊට වඩා කීප ගුණයකින් මිළ අධික උපාංග .ඔහෙලට, අපට ඉහළම තත්ත්වෙ මිළ අධික PSU වගේ නරි-වාදං ගන්න බැරි එක ඇත්ත. ඒත් නමක්-ගමක් නැති ලාබම බල සැපයුම් නොගන්න එක(මැදුම් පිළිවෙත), දීර්ඝ කාළීනව ලාභදායකයි.
පරිගණකයකට, මම කැමැත්තෙන්ම ගන්නා එකම over-kill උපාංගය තමයි බල සැපයුම.බල සැපයුමක් උපරිම ධාරිතාවෙන් වැඩ ගැනීම, ඉතා නරක ( පොලියත් එක්කම ගෙවන්න වෙන) පුරුද්දක් විය හැක.
සාමාන්‍ය පවර් සප්ලයි(බොහෝවිට අපි භාවිතාකරන) රේට් කරල තියෙන්නෙ 0c-40c වලට. වැඩි ධාරිතාවක පවර් සප්ලයි එකක්, අඩු ධාරිතාවයකින් භාවිතා කල යුත්තේ, එය ඉහත උශ්ණත්ව පරාසය තුල තබා ගැනීමටයි. මගේ පස් -චාස් වියැති "මරු මාදිලියා" තවත් චිරාත් කාළයක් යෙහෙන් වැජඹේවා, ඒස්වාහ පුහ්!
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)