1.ස්ටාර්ට් මෙනු එකේ ගෘප්ස් ආයෙ දීලා
2. ටාස්ක් බාර් එකේ ඉන්න "කාළගුණ ගැජට්" එක
3. ෆයිල් එක්ස්ප්ලෝරර් එකේ, ක්වික් ඇක්සෙස් එකට, අපි කැමති ඕනෑම ෆයිල් එකක්, ෆෝල්ඩරයක් පින් කිරීමට ඇති හැකියාව
දැන් ඔහෙලා කියාවි, ඉතින් වාහෙ, ඔව්වා ඔක්කොම වගේ වින්ඩෝස් 10 තියනවනෙ කියලා. ඇත්ත, ඒත් වින්ඩෝස් 11 අවුල වුනේ, වින්ඩෝස් 10 තිබ්බ, අපි කැමතිම පහසුකම් හලපු එක නෙව? දැන් ඒ ප්‍රශ්ණෙත් කම්මුතුයි. තව ඉතිං, ටාස්ක් මැනජර්ටත් නව මුහුණුවරක් දීලා. ටාස්ක් බාර් එකේ ඉන්න "කාළගුණ ගැජට්" එක ගාවට මවුසා ගෙන ගිය සැනින් විජට් වින්ඩෝව පෙන්නනවා. කොටන්න ඕනෙ නෑ.තව තියනවා, efficiency mode කියලා, අලුත් පහසුකමක් ටාස්ක් මැනේජර් එකේ. වින්ඩෝස් සර්ච් එකත් වැඩි දියුණු කරලා. තව, දැන් ටාස්ක් බාර් එකට ඇප්ස්, ඩ්‍රෑග් ඇන්ඩ් ඩ්‍රොප් කලෑකි. කොහොමත් වින්ඩෝස් 11 අසාර්ථක OS එකක් නෙමෙයි. හොඳයි හැබැයි තාමත් අසම්පූර්ණයි.
ඒත් වින්ඩෝස් 11 පාවිච්චි කරන්න, ඔක්කොම ඉවර වෙනකල් ඉන්න එක හරියන වැඩක් නෙමෙයි. ඒනිසා මම කියන්නෙ, දැන් පාවිච්චි කරන්න ගත්තට කමක් නෑ කියලයි.ස්ටාර්ට් මෙනු ගෘප්ස් දුන්නට, මට දැන් ඒක පරක්කු වැඩියි. මම 7Stacks පාවිච්චිය අත්හරින්න අදහසක් නෑ. මේ තියෙන්නෙ මගේ 7Stacks, ටූල්ස් ගෲප් එක:
ඕකෙ ඇට-හුටාමාරක් යුටිලිටි ඇප්ස් තිබ්බට, මම අලුතෙන්ම දාගත්ත, OCCT බොහොම හුරුබුහුටි යුටිලිටි ඇප් එකක්. AIDA64, HWINFO, HWMonotor, CPUZ, GPUZ වගේ ඇප්ස් බොහොම ප්‍රයෝජනවත් වුනාට, OCCT වල විශේෂත්වය වන්නේ, දැනට මම දැකපු හොඳම UI ඩිසයින් එක නිසයි. අවශ්‍යකරන විස්තර, කියවන්න ලේසියි වගේම ඇහැට ප්‍රියයි. ඔබට අවශ්‍ය ඔක්කොම දේවල් දැන් එකම වහලක් යට ලබා ගන්න, ඔබත් අදම ගන්න OCCT (බාගැනීම නොමිලේ මෙතනින්)කලින් පෝස්ට් එකේ, විසුල කවින්ද මැතිතුමා, වටිනා ඉල්ලීමක් කරලා තිබුනා. එයැයි හොයනවා
1. යූටියුබ් වීඩියෝ ධාවකයේ මෙන් ටයිම්පීකරය තුල මූසික සූචකය තබා සිටින විට එතැනදී පෙන්වන රූප රාමුව පෙන්වන, චිත්‍රපටියක් බාගෙට නරඹා වසා දමා නැවත නරඹන්න පටන්ගත්විට කලින් නතරකල තැනින් පටන්ගන්නා මාධ්‍ය ධාවකයක්.
2. තිරස් අතට පිටු අනුචලනයවන සහ වෙබ් ගවේශකයක මෙන් ‘ආපසු‘, ‘ඊලඟ‘ පිටු වලට යන්න බොත්තම් ඇති පීඩීඑෆ් පෙන්වනයක්
මම හෙව්වම, මෘදුකාංග කීපයක්ම ලැබුනත්, PotPlayer තමයි හොඳටම කලේ. මේකෙ තියෙන විශේෂත්වය තමයි, seek/thumbnail preview පහසුකම වඩා සුමුදු ලෙස පෙන්වීම. ඒත් දාගත්ත ගමන්, ඒ පහසුකම ඉබේ එන්නෙ නෑ. ඔප්ෂන් ගිහින් ඔන් කරගන්න ඕනෙ.
පිලිගැන්වීම: ටැක්නිකල් ලිපි ලිවීම ආරම්භ කර, අසරණ නිදිව වෙන්දේසිකල නමියාට.
හොඳ වෙලාවට උදේ ගිහින්, කන්න බඩු ටික අරං ආවෙ. මේං දැන් "දෙන්න පටන් ගති, දෙන්න පටන් ගති, දණබිම ඇනගෙන"