Monday, March 28, 2022
ටුරෙට් සින්ඩ්‍රෝමය සහ අවංක කතාව
Friday, March 11, 2022
කතිපයාධිකාරීන් - Oligarchs
කලින් පෝස්ට් එකට, අපේ කොළඹ ගමරාළ මෙන්න මේ කමෙන්ට් එක දැම්මා. ඕකත් මගේ හිතේ තිව්නා. දවසින්, දවස පඹගාල ලියලනවා මිසක්, ලිහෙන පාටක් නම් නෑ.
කතිපයාධිකාරීන් - Oligarchs
විනාඩි 50ක වීඩියෝවක් නිසා, කැමති නං විතරක් බලන්න. මේකෙ සාරාංශය, පුටිංගෙ සහය ලබපු, යුක්‍රේනයෙ කලින් හිටි ජනාධිපති, රට උලා කාපු හැටි. මේ කතිපයාධිකාරී හොර කල්ලිය, කොච්චර බලගතුද, සූක්ෂමද කියල මේකෙන් පේනවා. මේ හොරුන්ට, පහසුකම් සලසන්නෙ කව්ද? බටහිර රටවල් තමයි. එතකොට, ඒ බටහිර රටවල්ම කතිපයාධිකාරීන්ගෙ දේපල ගල් කලා කියලත් කියනවා නේද? ඔය "ගල්" කිරිල්ලත් සාපේක්ෂයි. ගල් දිය කරන සෑස්තරේ, අබ්බගාත් මහත්තුරු දන්නවා. ඩුබායි වගේම ලන්ඩන්, ස්විස්ටර්ලන්තයත් කළු සල්ලි සුදු කරලා දෙන ලොන්ඩරිම තමයි.
දැන්, කෙනකුට හිතෙන්නෙ පුළුවනි, කලින් හිටි ජනාධිපති, රට උලා කෑව, දැන් ඉන්න ජනාධිපති බටහිර ලණුව කෑව කියලත්. මේ හැම තර්කයකම අර්ධ සත්‍යයක් තියනවා වෙන්නත් ඇහැකි. යුක්‍රේනියානුවො නිදහස වෙනුවෙන් පණ දෙන්න හදන එකත් සාධාරණ වෙන්නත් ඇහැකි. තවත් ඇත්තක් තමයි "තිත් යාකල හැක්කේ පසු පසට පමණි" කියන එක. ඒ කියන්නෙ, කාටහරි වැරදුනාම, ඒක විවේචනය කරන්න ලේසි වුනාට, අනාගතය ගැන නිවැරදි අනාවැකි කියන්න අමාරුයි කියන එක.
නිදහස එක පාරක් රසවිඳින්න ලැබුනම, ඒක අතාරින එක අමාරු වැඩක්. සමහර රුසියානුවන්, පෝලන්තය හරහා රට හැර යන කතාවකුත් තියෙනවා. බාගදා පස්සෙ පුටිං ඒකත් නවත්තාවි. හෑ, එහෙම නෑ කිව්වා? හරි, දැන් ඔය අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ තුන්සිය හැට ගාණක් සීමාකරලා තියනවා නේද? ඒක කොහොමද බලපෑවෙ කියලා පස්සෙ කියන්නකො. ඒවගේම, රුස්සොංගෙ තෝරාගැනීමේ නිදහස නැතිවුනේ ආදායමට වැඩිය වියදං කරලා, ණය වෙලා, සම්පත්/තාක්ෂණය නැතුව එහෙම නෙමෙයි.
Choices- freedom to choose
Saturday, March 5, 2022
නිෂ්පාදිත ඇත්ත, බාග ඇත්ත, ඔබේ ඇත්ත සහ මගේ ඇත්ත
අපි ලෝකය දකින්නෙ, පාට කණ්නාඩියක් හරහාය කියල සමහරු කියනවා. ඒත් කිසිම කෙනෙක් පිළිගන්නෙ නෑ, තමනුත් පාට කණ්නාඩි පළඳින බව. අනිවාර්‍යයෙන්ම මමත් එහෙමයි.
ගලේ කොටපු දේ වගේ නූනත්, දැනට මට පෙනෙන දේවල්:1. Botox(Botulinum toxin) වලට මිනිසුන්ට තරුණ පෙනුම ලබාදිය හැකි නමුත්, අමරණීයත්වය ලබා දිය නොහැක.
2. යුක්‍රේනය EU එකට පමණක් බැඳී, NATO නොමැතිව මධ්‍යස්ථ රටක් ලෙස සිටියා නං හොඳ යැයි සිතෙන නමුත්, වැට උඩ ඉන්නා න්‍යෂ්ඨික බළලෙක් අල්ලපු රටේ සිටින විට, යුක්‍රේනයට එසේ නොසිතෙන්නටත් ඉඩ ඇත.
3. fb සහ සමාජ මාධ්‍ය වාරණය, "කතා කිරීමේ නිදහස" අගයන බටහිරට ගැලපෙන්නේ නැත.
4. රුසියාවෙන්ම මේ ආක්‍රමණයට විරෝධයක් එල්ල වෙන අතර, ලෝකයෙ වැඩි දෙනෙක් මේ ආක්‍රමණයට විරුද්ධ වෙන බව පෙනේ.
5. සීතල යුද්ධය අවසන් වී ඇති අතර, රුසියාවේ තවදුරටත් ඇති සමාජවාදයක් නැත. ඒ අනුව, NATO රටවලට මිසයිල එවා රුසියාවට තර්ජනයක් එල්ල කිරීමට අවශ්‍යතාවයක් ඇතැයි නොසිතේ.7. ඇමරිකානු යුක්තිය සහ ආචාර ධර්ම සැමවිටම හොඳ ආදර්ශයක් නොවන අතර, රුසියාව අස්ථාවර කිරීමට ඇමරිකාව කැමති නැතැයි සහතික විය නොහැක. ඒත් යුක්‍රේනය වැනසීම සාධාරණීකරනය කිරීමට එය හේතුවක් ලෙස නොපෙනේ.
හා, දැන් ඔය කිව්ව ටික ඉංග්‍රිසියෙන් කියන්න බලන්න. ඔන්න ඕක නෙව, ඔහෙලට ඉංග්‍රීසී ගුරු පත්වීමක් දෙන්න බැරි? මුදල් ඇමති කමක් නං තියෙනවා, ඕනෙද?
තාම වින්ටර් එක වුනත්, ඊයෙ කාක්කෙක් ආවා. ඇවිත් ඉංග්‍රිසියෙන් කාක්, කාක් කියලත් කිව්වා. කාක්කො අනික් පක්ෂීන් වගේ වින්ටර් එකට සංචාරය කරන බවක් සඳහන් වෙන්නෙ නෑ. මට ආපු ප්‍රශ්ණෙ තමයි, කාක්කො පට්ට සීතලට ඉන්නෙ කොහොමද කියන එක? උත්තරය Torpor
වලිගෙ වනන කපුටාස්:
ඇත්තටම මේකා ක්‍රෝ නෙමෙයි රේවන්. මේ බොලා කවුරු හරි දන්නවද රේවන්ට කියන සිංහල වචනෙ? ගූගුල් දන්නෙත් නෑ කිව්වා. එතකොට ලංකාවෙ රේවන්ලා නැත්ද?
පස්ස වනන පූසාස්:
බයින්න එපා, හරි,හරි වංචා පෝස්ට් එකක් තමයි. තර්ජනය කරල ලියවෙව්වා.😂
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)