වියත්මගේ උපදේසෙන්
ගොවිතැන් බත කෙල වුනාය
කපුටා, කබරා හිට් ද ප්ලේන්
ආර්ථිකෙත් හිඳවුනාය ///
අහස උසට නෙලුං කුළුනු
බලුප් දමා වැජඹුනාය
සකල සිරින් පිරි සිරිලක
හතර අතට ණය වුනාය///
ආසියාවෙ සව්-බාගය
කරවන එක වැරදුනාය
ඒ වුනාට මැදමූලන
ආර්ථිකේ තර වුනාය///
කොලොම්පුරේ තණනිල්ලේ
උද්ඝෝෂණ පැතිරුනාය
බෛයන් සැට් එකක් ඇවිත්
අප්පච්චී හමු වුනාය///
පුම්කට කොටන්න එපා යකෝ! |
දේශ-බැන්ජො මැතිතුමාගෙ
අනුමැතියත් හිමි වුනාය
පොලෝසියෙන් බලා ඉද්දි
කූඩාරම් ඉගිලුනාය///
මයිනා මිසින්, ජොන්ටා මිසින්
නිශාන්තයත් ලෙෆ්ට් වුනාය
බේරෙ මාලු ඇවිත් පුම්කට
කෙටුව බවත් කියැ වුනාය///
අකමැති පුටුවට අහසින්
තනි අලියා ප්ලග් වුනාය
පුතාණෝගෙ පියානෝවෙ
තිබ්බ යතුරු ගැල වුනාය
අතීතයේ සිදුවුනුදේ
අද එලෙසම සිදුනොවෙතේ
අනාගතේ ගැන හිතුවම
ඇඟේ මයිල් කෙලින් වෙතේ///
හිතෙන දෙයක් සිදු නූනට
ඒකට ලතවෙන්න එපා
අල හිටවන, වංගු ගහන
කපුටන් හිඟ වෙන්න එපා///
මේ අර /// දාලා තියන්නෙ, ඒ පේලිය තුන් පාරක් කියන්නයි, ඈ? අපට ඉතිං, ඔය අනිත් අයට වගේ හිටෝන-කවි පිහිටල නෑ. රාජකපුරු එකෙන් හොරා කෑව තමයි, අපේ හාංදුරුනේ.
"මේ සී ලංකා මහරත්..." , පැංසොන් ගිය ඉස්ටේසන් මාස්ටර් කෙනෙක් වත්දෑ?😮🤔
අදාල වෙනත් ලිපි:
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)