අපි නොදන්න
Accent
ඉංග්‍රීසි අපේ මව් භාෂාව නොවන නිසා, අපි බොහෝ දෙනෙකුට "ඇක්සන්ට්"
එකක් තියනවා.ඒත් ඒ බව, යමෙක් අපට කිව්වොත්, අපි ඒකට එච්චරම කැමති නෑ.
ඒක අපි හිතන තරම් අවුලක් කියල මට හිතෙන්නේ නැත්තෙ ලන්ඩන් නගරය
ඇතුලතම, ඉංග්‍රීසි උපභාෂා කීපයක්ම තිබෙන බව අසා තිබෙන නිසයි. මේ
භාෂාවල "ඇක්සන්ට්" එකට අමතරව, ඒවාටම ආවේනික යෙදුම්( Dialect)
තිබෙන බවත් අසා තිබෙනවා.
සුද්දන්ටත් උන්ගේම ඉංග්‍රීසි තේරුන්ගන්න ඔච්චර අමාරු නං, අපි ඒ ගැන එච්චර
හිතන්නෙ ඕනෙ නෑ කියලයි මට හිතෙන්නෙ. අනික සල්ලි දැක්කාම සුද්දගෙ ඉංග්‍රීසි
වුනත් නැමෙනවාලු.
ඔය අරාබියො, ඉංග්‍රීසී නම්-ගම් කියවන කොට තමයි ලස්සන.ඔන්න. මම මැද පෙරදිග
රස්සාව කරද්දි, දවසක් මොකක්ද ටෙනිස් ගේම් එකක් බලනවා. කමෙන්ට්‍රිය දෙන අරාබියා
"බරබරා, බරබරා" කියනවා. බැලින්නං ඒ කියල තියෙන්නෙ "බාබරා" කියන එකයි. ඒත්
පිටරටවල ඉගෙන ගත්ත, අරාබියො හොඳින් ඉංග්‍රීසි උච්චාරණය කරනවා.
ජැප්පො ඉංග්‍රීසි නම් කියන කොටත් එහෙම තමයි. ඒත් උන් ඒක කියන විලාසයෙ මාර
ගතියක් තියනවා. මම ඒකට කොච්චර කැමතිද කියනවා නම්, ජැපනීස් ෆිල්ම්ස් වල මම
කරන්නෙ, ඉංග්‍රීසි සබ් දාගෙන, ජපන් ඕඩියෝ අහන එකයි.
නානාප්‍රකාර ජාතීන් ඉන්න, මේ සාවියෙදි මට නං ඔය ඇක්සන්ට් ප්‍රශ්ණය ඒ හැටි ඇඟට
දැනිලා නෑ. ඇක්සන්ට් එකට, නොතේරුම්කමට මෙහෙ කිසිකෙනෙක් හිනාවෙන්නෙ නැති නිසා
වෙන්නත් ඇති. නොතේරුනොත්, ආයෙ අහන්නත් කිසි අවුලක් මෙහෙ නෑ. වැඩි හරියක් යැංකි
යෙදුම්, ඉඩියම්ස් තමයි මෙහෙ භාවිතා වෙන්නෙ. මෙහෙටම ආවේනික වෙච්ච යෙදුම්
තියෙන්නෙ ටිකයි.
පොප් | සෝඩා | |
ගෑස් ස්ටේෂන් | පෙට්‍රල් ෂෙඩ් | |
ලූනි, ටූනි | ඩොලරය, ඩොලර් දෙක | |
ඩබල් ඩබල් | සීනී 2, කිරි 2 දැමූ කෝපි | |
බේගල් | හයිය බනිස් ජාතියක් (ටෝස්ට් කර, බටර් උලා ජෑම් ගාගත් විට මසුරංය) |
අපේ එපාර්ට්මන්ට් එකෙත් ඉන්නවා රතු ඉන්දියන් සම්භවයක් තියෙන හාදයෙක්. මල් ඔතන්න
දෙයියා වුනාට හරිම අහිම්සක පොලිස්, කාටවත් කරදරයක් නෑ. මලක් ඇදලා, ගිටාර් පාරක්
ගහලා දැහැනට සමවදිනවා විතරමයි. පෙනුම පිල්ලෙකුට සමානයි. අපේ හෝතම්බුවා, ඌට
කියන්නෙ "ආදිවාසියා" කියලයි. ඉතිං මේ ආදිවාසියා තමයි මට "ඉන්ඩියන් සමර්" එක ගැන
කිව්වෙ. එහෙන් මෙහෙන්, අකලට වහින සමර් එකට තමා එහෙම කියන්නෙ.
පිටිසර ගමක හැදුනු බස්සට, ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුව ඇති කල හාදයෙක් පන්තියේ
හිටියා. ඉංග්‍රීසි ටිකක් ගොඩදාගත්තොත්, වෙනම ලෝකයක් විවර වෙන බවත්, පාසැලේ
ඉංග්‍රීසි පාඩමෙන් එය නොකෙරෙන බවත් ඔහු කිව්වා. මලලසේකර ශබ්දකෝෂය ගන්නට වත්කමක්
නොතිබුණ නිසා, ඊට වඩා ලාභ ශබ්දකෝෂයක් අරගෙන, ලොකු අකුරු සහ තඩි පින්තූර තිබ්බ,
ඉංග්‍රීසි ලමාකතා වලින් පටන් ගත්ත, බකුසු ඉංග්‍රීසි පාඩමට "ටිංටිං" එහෙමත්
සෑහෙන සපෝට් එකක් දුන්නා.
මුලින්ම ප්‍රංශ භාෂාවෙන් ලියවුනු "ටිංටිං" පොත් ඉංග්‍රීසියට පෙරලීම, සෑහෙන
අමාරු කටයුත්තක් වුන බව කියැවෙනවා. එහෙම වෙන්නේ, සමහර ප්‍රංස විහිලු ඒ ආකාරයටම
ඉංග්‍රීසියට පෙරලුවාම, ඒවා නිකම්ම නිකං හිස් වදන් වෙන නිසාලු. පහල වීඩියෝවෙ
20:17 ටයිම්-කෝඩ්
එකේ, ඒ විස්තරය තියනවා.
මේක මරු ඩොකියුමෙන්ට්‍රි එකක්, ටින්ටින් පිස්සොන්ට නං ඔක්කොම බැලුවත්
වටිනවා. ලොව පුරා "ටිංටිං" සෑහෙන භාෂා ගාණකට ( බෙංගාලි වලට පවා) පරිවර්තනය වුනත්,
එය සිංහලට පරිවර්තනය නූන එකම හොඳයි කියල වෙලාවකට හිතෙනවා. හ්ම්....බුබුලු නගින
බෙලිකටු
අද ඉංග්‍රීසි ඉගෙන ගන්න, එච්චරම කට්ටක් කන්න ඕනෙ නෑ, ශබ්දකෝෂ ඔන්ලයින් තියනවා,
ඇට-හුටාමාරක් වීඩියෝ තියනවා. නැත්තෙ, ඒකාලෙ අපට තිබ්බ උනන්දුවයි, කට්ටකාල ගත්ත
ප්‍රතිඵල නිසා අපට ලැබුන ආතල් එකයි වෙන්නත් ඇහැකි. ඉංග්‍රීසි දැණුම නිසා, වෙනම
ලෝකයක් විවර වීම කෙසේ වෙතත්, තියෙන ලෝකයේ සීමාවල් පුළුල් වෙන බව නං ඇත්තයි.
ඉංග්‍රීසි ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගන්නවා - පුවතක්
හා! ( ලංකාවෙ "නිදහස්" අධ්‍යාපනයෙ වගේම සෞඛ්‍ය සේවයෙත්
තියෙන්නෙ Two-tier system එකක්)
ආ යූ ඕකේ, අ යු ඕකේ ෆොනී
යූ විල් හිට් බයි ස්මූ...ත් කිරිමිනෙල්
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)