ඔහෙලා අරාබි නිසොල්ලාසෙ කතා කියවල තියනවනෙ?ඒ කතාවලින් මැවෙන්නෙ, අමුතුම ,අද්භූත වගේම සුන්දර පරිසරයක් නේද? අරාබියේ මරු කතරට යන්න ඉස්සෙල්ලා මාත් හිතුවෙ එහෙමම තමයි.කව්ද බූතයෙක් "හබීබි, කම් ටු ඩුබායි" කිව්වා, ඉතිම් මාත් ගියා. පහනෙ බූතයා, මැජික් පලස් නම් දැක්කෙ නෑ. ඔටුවො හිටියා, ජාතිවාදී රාජ පුරුසයො හිටියා, මූණු බාගෙට වහගත්ත රාජ කුමාරියොත් හිටියා. ආ, තව පාරෙ වැඩට වහල්ලුත් හිටියා. අලිබාබාත් මාලිගාවක හිටියා.
ලංකාවෙ ප්‍රමිතිය එක්ක බලන කොට, අපට සෑහෙන්න හොඳට ගෙව්වා. ඒ නිසා දෙපාරක් නොහිතා කැමති, කැමති දේ ගන්න, නානාප්‍රකාර කෑම රසබලන්න අවස්ථාව නං ලැබුනා. ඒත් ඒ සඳහා මිලක් ගෙවන්න වුනා - එලිපිටම පෙනෙන සමාජ අසාධාරණය නොදැක්කා සේ සිටීම. සමාජය පුරා පැතිරුනු ජාතිවාදය, ආගම්වාදය සහ විශමතාවයන්, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවතුනා.
ඒ කෘතීම පරිසරයේ සොඳුරු බවට යටින් මොකක්දෝ අද්භූත, මුස්පේන්තු බවක්, නුහුරු බවක් මට හැමදාම දැණුනා. ඔහෙල දන්නව නොවැ, මම කල්-යල් බලා ලිස්සුව බව? ෆුල් බොඩි ආමර් ඇන්ඳත්, අරාබි කෙල්ලො හරි හැඩයි. හිඩසෙන් පේන ඒ ඇස්වල අනුරාගය පුපුරු ගහනවා. ටක් ගාලා අහක බලන්න ඕනෙ, නැත්නම් බඩුම තමා. මේ ඒ අරාබි කුමාරියන් ගේ කතාවයි.
මේ ඉන්නෙ ප්‍රින්සස් ෂැම්සා. ඇයට හැමදේම වගේ තිබුනා. ලස්සන, ධනය,බලය වගේම බුද්ධිය. ඒත් අරාබි කුමාරිකාවො, රජ පවුල්වල ප්‍රොපටි - වෙලඳ භාණ්ඩ නිසා "නිදහස" නම් තිබුනෙ නෑ.නිදහස සොයාගෙන, වසර 2000 දී, ඈ පවුලේ නිවාඩුවකට ලන්ඩන් ගිය වෙලාවකදි පනිනවා. ඔව්, ඔව් ලෝක පතල, බටහිර මානුෂික නිදහසේ ප්‍රතිමූර්ථිය වෙච්ච ලන්ඩන්ම තමයි. ඈයට ඕන වුනේ,සාමාන්‍ය මනුස්සයෙක් වගේ, යුනිවර්සිටි ඩිග්‍රියක් අරගෙන, නිදහසේ ජීවත් වෙන්න. (ඒක මූලික මිනිස් අයිතිවාසිකමක් නූනෙ කොහොමද කියල, මට අද දක්වාම තේරුම් ගන්න බෑ. )
"ඒ හුකාරිස් කොහෙද මාත් එක්ක" කියලා, අලිබාබා යවනවා ගැන්සියක් ලන්ඩන්. දනෝ දහක් බලාගෙන ඉදිද්දී, මහ දවාලෙම ඇයව පැහැරගෙන එනවා. UN, ජිනීවා, ලන්ඩන් ජෝනා, බයි-ඩෝං නෙවෙයි "මීක්" කිව්වෙ. දඞුවම - අද ඈ නිවාස අඩස්සියෙ. හපේ විතරයි -වැජිටබල්.
2018 පෙබරවාරියෙ, ඇගේ සොයුරිය ප්‍රින්සස් "ලතීෆා" ත් පැනගන්නව ඉන්දියාවට, බටහිර රටකට යන බලාපොරොත්තුවෙන්. ශ්‍රේස්ඨ ඉන්දියාව නං, කලේ කෙලින්ම විකුණුව එකයි කුමාරිව අලිබාබාට. ආයිත්, තවත් වැජිටබල් එකක් තමයි.
ඊලඟ බිල්ල ප්‍රින්සස් "හායා". ඈ ජෝර්දාන රජාගෙ නංගි. ජෝර්දානෙ නිසා ඇයට විලාසිතා කරන්න, ඉහලට ඉගෙන ගන්න නිදහස තිබ්බට ලව් කරන්න නම් නිදහසක් තිබ්බෙ නෑ. ඇගේ, රාජකීය නොවෙන හමුදා පෙම්වතා, "හදිසි අනතුරකින්" අභාවප්‍රාප්ත වෙනවා. ඔන්න ඊට පස්සෙ ඇයව, වයසක අලිබාබගෙ 4 වෙනි බිරිඳද කොහෙද විදිහට විකිණෙනවා.
අපේ කතා නායක අලිබාබාට වයස වුනාට කොණ්ඩෙයි, රැව්ලයි කලුයි. කොණ්ඩෙයි, රැව්ලයි විතරමද ඇහැව්වා? ඒක නං හරියටම දන්නෙ නෑ ආයිබෝං. අපේ අලුත් මනමාලි හරි පැෂන්කාරි නිසා, අලිබාබාවත් දක්කගෙන ලන්ඩන් යනවා අස්පයො අල්ලන්න. කොහොමද ඉන්න උජාරුව, ටොප්හැට්, ටේල්කෝට් ඇඳලා. ලබ්බට කෝටු ගැහැව්වා වගේ නේද? ඒ මඟුලෙත් ආවුස කොටයි.
ප්‍රින්සස් හායා, ලමයි දෙන්නත් එක්ක ලන්ඩන් පනිනවා.
£550m divorce settlementජෝර්දාන රජුගේ නංගි නිසාද කොහෙද, ඈ නම් බේරෙනවා. ප්‍රින්සස් හායා නඩුවෙදි කියනවා, ඇගේ දරුවන් අලිබබාගෙන් "බේරගන්න" ඕනෙ කියලා. මේ කතාව නියම තේරුමත්, කූඩු කරපු කුමාරිකාවොන්ගෙ සැබෑ තත්ත්වයත්, අදටත් අභිරහසක්. මේ කතා ටික, මේ ඛේදවාචකයෙ අවසානය නෙමෙයි. මෙයිට වැඩි විස්තර පහත වීඩියෝවෙ තියනවා.
මේ වීඩියෝවෙ දින, වකවානු නම් පටලව ගෙන තියනවා. 2018 පෙබරවාරියෙ පැනලා ගියේ ප්‍රින්සස් ලතීෆා. ප්‍රින්සස් ෂැම්සා පැන්නෙ 2000 දි, පවුලේ නිවාඩුවකට ලන්ඩන් ගිය වෙලාවකදියි. වීඩියෝව සාරාංශයක් ලෙස ගත්තාම ඕකේ. සමහර ආරංචි, මාලිගාවෙ හිටපු සේවකයන්ගෙ ප්‍රකාශ බැලුවාම, ඇත්තම කතාව මීටත් වඩා අඳුරුයි. ඒත් මෙහෙම හරි මේ කතාව කලාට, කතෘට අපි ස්තූතිවන්ත වෙන්න ඕනෙ.
විකි ලින්ක් එක
මම බලාගෙන හිටියෙ මෙහෙම වීඩියෝ එකක් එනතෙක්. ඔව් තටු සැට් එක බේරගන්න තමයි, ඇයි අවුල්ද? මුං චේන් සෝ එකෙන් කුට්ටි කරලා, සූට් කේස් එකේ අරින වාහෙලා ආයිබෝං.
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)