ඉන්දියාව කියන්නෙ පුදුම රටක්. ඉස්සර ඒකට කිව්වෙ ජම්-බුහ් ද්වීපය කියලයි. දැං මගෙන් අහන්න එපා ඇයි කියලා. ඕක ඇතුවත් බැරි , නැතුවත් බැරි රටක් නෙව. කොටින්ම "අපේ" බුදුහාමදුරුවොත් ඉන්දියන් නෙව. එතකොට අපේ බාසාව, ඒක ආවෙ සඟිස්කුරුත වලින්. ඔය මොන කතන්දර කිව්වත්, අපේ හැම දේකම පොඩි ඉන්දියන් ආභාෂයක් , අනුකරණයක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. ඔය අපේ ආරිය-හිංගල ඇඳුම තියනවා නේද? බලන්නකො ඒකෙත් පොඩි ඉන්දියන් ගතියක් නැහ්ද කියලා.
මට නං මේකෙ වැරද්දක් පේන්නෙ නෑ. ඔය ඉස්සර අපේ පිචෑර් වලට සිංදුවක් කාරිය ඕන වුනාම , ගත්තා හින්දි සිංදුවක් එබුව වචන ටිකක්, ඔය දෙන්නෙ රම්පෙට පොරි හැලෙන්න. දැං බලාන්ට, අද වුනත් අපිට පොර-ෆයිල් එහෙම පිංතූරයක් ඕනා වුනාම කාරිය, අපි මොකද කරන්නෙ? ගත්තා හින්දි පිචෑර් බැමිණියෙක්ගෙ පිංතූරයක්, එබුව.
ඔය පහුගිය දොහක ඉන්ට-නැට්ට පැත්තෙ ගියවෙලාවක, අහන්ට ලැබුනා හින්දි සිංදුවක්.තාලෙ එහෙම හොඳා. බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ ඔලුවටම වදිනවා. ඕං අහලම බලාන්ට...
මේ සිංදුව අල්ලලා යන්න, අනික් කාරණේ තමා මේකෙ වචන සැට් එක.
තේරී, මේරී , මේරී තේරී ප්‍රේම් කහානී හේ මුෂිකිල්
දෝ ලෆසොන් මෙහ්-යා භයානා හෝ-පායේ.
තේරුම:
ඔබෙයි-මගෙයි, මගෙයි-ඔබෙයි පේරේම කහානියේ අවුලක් ඇත.
එය වචන කීපයකින් කීමට නොහැකි තරම් භයංකාරය.
ඇයි සීවරං දෙයියනේ. ඇත්ත නේන්නං. ඔය ලව් බිස්නස් තියනවා නේද? කවදාහරි , නැට්ට පුච්චගෙන තමා පස්ස බලන්නෙ. ඒත් වැඩේ කියන්නෙ, ඕකට ඇබ්බැහි වුනාම, ආයෙ නවත්තනවා බොරු. මට මේ සිංදුව කොච්චර නැගලා ගියාද කියනව නං . වැඩට ගිහිල්ලත් ඕකම කියවෙනවා.
" මේරී තේරී ප්‍රේම් කහානී.. භයානා හෝ පායේ" කිය කිය , එ පැත්තට යනවා, මේ පැත්තට යනවා. වැඩි සද්දයක් දාන්නත් බෑ නොවැ, එතන ඉන්න බමුණු යාළුවෙකුට ඇහුනොත් කාරිය, පටි රෝල් වෙනවා නෙව.
හුටා! පස්සෙ බලන කොට, ඒකත් කොපි කරලා තියෙන්නෙ ජන ගී ආස්‍රයෙන් හදපු රුමේනියන් සිංදුවකින් නෙව. :)






