Sunday, June 24, 2012

සිහින වෙළෙන්දෝ....






ඉන්දියාව කියන්නෙ පුදුම රටක්. ඉස්සර ඒකට කිව්වෙ ජම්-බුහ් ද්වීපය කියලයි. දැං මගෙන් අහන්න එපා ඇයි කියලා. ඕක ඇතුවත් බැරි , නැතුවත් බැරි රටක් නෙව. කොටින්ම "අපේ" බුදුහාමදුරුවොත් ඉන්දියන් නෙව. එතකොට අපේ බාසාව, ඒක ආවෙ සඟිස්කුරුත වලින්. ඔය මොන කතන්දර කිව්වත්, අපේ හැම දේකම පොඩි ඉන්දියන් ආභාෂයක් , අනුකරණයක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. ඔය අපේ ආරිය-හිංගල ඇඳුම තියනවා නේද? බලන්නකො ඒකෙත් පොඩි ඉන්දියන් ගතියක් නැහ්ද කියලා.



මට නං මේකෙ වැරද්දක් පේන්නෙ නෑ. ඔය ඉස්සර අපේ පිචෑර් වලට සිංදුවක් කාරිය ඕන වුනාම , ගත්තා හින්දි සිංදුවක් එබුව වචන ටිකක්, ඔය දෙන්නෙ රම්පෙට පොරි හැලෙන්න. දැං බලාන්ට, අද වුනත් අපිට පොර-ෆයිල් එහෙම පිංතූරයක් ඕනා වුනාම කාරිය, අපි මොකද කරන්නෙ? ගත්තා හින්දි පිචෑර් බැමිණියෙක්ගෙ පිංතූරයක්, එබුව.

ඔය පහුගිය දොහක ඉන්ට-නැට්ට පැත්තෙ ගියවෙලාවක, අහන්ට ලැබුනා හින්දි සිංදුවක්.තාලෙ එහෙම හොඳා. බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ ඔලුවටම වදිනවා. ඕං අහලම බලාන්ට...
 


             
































මේ සිංදුව අල්ලලා යන්න, අනික් කාරණේ තමා මේකෙ වචන සැට් එක.
තේරී, මේරී , මේරී තේරී ප්‍රේම් කහානී හේ මුෂිකිල්
දෝ ලෆසොන් මෙහ්-යා භයානා හෝ-පායේ.


තේරුම:


ඔබෙයි-මගෙයි, මගෙයි-ඔබෙයි පේරේම කහානියේ අවුලක් ඇත.
එය වචන කීපයකින් කීමට නොහැකි තරම් භයංකාරය.


ඇයි සීවරං දෙයියනේ. ඇත්ත නේන්නං. ඔය ලව් බිස්නස් තියනවා නේද? කවදාහරි , නැට්ට පුච්චගෙන තමා පස්ස බලන්නෙ. ඒත් වැඩේ කියන්නෙ, ඕකට ඇබ්බැහි වුනාම, ආයෙ නවත්තනවා බොරු. මට මේ සිංදුව කොච්චර නැගලා ගියාද කියනව නං . වැඩට ගිහිල්ලත් ඕකම කියවෙනවා.

" මේරී තේරී ප්‍රේම් කහානී.. භයානා හෝ පායේ" කිය කිය , එ පැත්තට යනවා, මේ පැත්තට යනවා. වැඩි සද්දයක් දාන්නත් බෑ නොවැ, එතන ඉන්න බමුණු යාළුවෙකුට ඇහුනොත් කාරිය, පටි රෝල් වෙනවා නෙව.

හුටා! පස්සෙ බලන කොට, ඒකත් කොපි කරලා තියෙන්නෙ ජන ගී ආස්‍රයෙන් හදපු රුමේනියන් සිංදුවකින් නෙව. :)




               

Monday, June 18, 2012

රොබෝ නැ‍ටුම්







සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් කියනවනෙ. නැ‍ටුම් කියන්නෙත් විශ්ව භාෂාවක් කියලයි මට නං හිතෙන්නෙ. අපි වැඩිහරියක් පුරුදුවෙලා ඉන්නෙ බටහිර ගීත, නැ‍ටුම් බලන්න/අහන්නයි. මං මේ ඒකට වැරද්දක් කියනවා නෙමෙයි. මට කියන්න ඕනෙ වුනේ බටහිරට එහායිනුත් ලෝකයක් තියනව කියලයි.








මේ හුරුබුහුටි කොළුව යුක්‍රේනයෙන්.

මට හිතෙනව මේ නැ‍ටුමෙන් යම් පණිවිඩයක් දෙනවා කියල. සමහරවිට, ඔබට හැ‍ඟෙන්නේ මට එන අදහසම නොවෙන්න පුළුවනි. ඒකට කාරියක් නෑ, එහෙමම වෙන්න ඕනෙත් නෑ නොවැ.





හිතෙන දේ ඔන්න ඔහේ කුරු‍ටු ගාලම ගියා නං :D







Sunday, June 17, 2012

Photoshop Basix



මේ බ්‍රසීලයේ හාවෙක්. හරිම "කියුට්" නේද?



ඒත් මං මේ කල්පනා කලා, මූ ඇයි මේ ආත-බූත කඩාගෙන හුරේ රන් එකක් දෙන්නෙ කියල?




 " ඈ බං හා නයිදෙ, ඇයි මේ හැටට-හැටේ දුවන්නෙ? අහස කඩා ගෙන වැ‍ටුනා වත්දෑ?



" මොන පිස්සුද, බලු රාළේ. එහෙම දිව්වෙ ඉස්සර උඹලෑ රටේ හිටිය හාවො. මං බ්‍රසිලියන් හාවෙක්"

" හරි මොන සිලියන් උනත් , උඹත් දුවනවා නෙව. දඩයක් කාරයො පස්සෙන් පන්නවා වත්ද?"
 " දඩයක්කාරියක්. මේ ලඟදි 'රියෝ" වලට ගොඩ බැහැල. 'කියුට්' හාවෙකුටවත් පාඩුවෙ ඉන්න නෑ. අහුවුනොත් ඉතිං'ක්ලොරෆෝම්' සාත්තුව තමයි. උඹත් දුවපාආආං..." කිය, කිය ඌ දිව්වා.





ඔය හාවට අන්දලා තියෙන්නෙ "රියෝ" වල ඉන්න කස්ටියක්, Photoshop වලින්.හා, හාවව පැත්තක තියලා ආපු වැඩේ ගැන කතා කරමුකො. Adobe Photoshop වලට තරඟයක් දෙන්න තරම් වෙන විකල්පයක් තවම නෑ කිව්වොත්, ඒක අතිශයොක්තියක් නෙමෙයි. අපේ සුප්‍රසිද්ධ ශ්‍රී ලාආආ..ආංකේය පුරුද්ද වන monkey business ක්‍රමේ, මේක ඉගෙන ගන්න එච්චරම ගැලපෙන්නෙ නෑ. මේ වැඩේට ඕනෙ කරන මූලික දැනුම ඔය පහල තියෙන සයිට් එකෙන් ගන්ට පුළුවනි. ඔක්කොම කෙටි video tutorials ඔහේ play වෙන්න ඇරලා බලාගෙන ඉන්න එකයි ඇත්තෙ. 













මේ අනික් පිංතූර නං දැම්මෙ, කස්ටියට උනන්දුව ඇතිවෙන්නයි :)

Sunday, June 10, 2012

ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..



ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ..

ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..







වැටෙන මල් පෙති පාවුනාවේ සුළං රැළි ඔහෙ යන අතේ..

යළිත් ගහකොළ පාළු නෑනේ රිකිළි නංවා ලියැලැවේ..

ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..







කොහෙද සීතල ජලාශයක රැළි ගැටී ගැටී එයි සුළං වැදී..

අපේම සිරුරේ අපේම දහදිය නිවී නිවී යයි සුළං වැදී..


ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..







ගලා බසී දිය පහර සෙමින් වැලිතලා සදා සමතලා බිමේ..


හැපී ගලක යළි සලා වැටුම් දී නගා නගා හඬ දිවේ දිවේ.

ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..










මං මේ  උදේ කෑම වේල හොයාගන්ට කියලා හන්දියෙ බේකරිය පැත්තට යන්ට පාරට බැස්සා. මේං අපෙ බකුසු  තඩියා ඉන්නවා සීයට අරගෙන පනහට දීලා වගේ. මොනව උනත් අපේ එකා නෙව . මං හිමීට කිට්‍ටු කලා.





" මොකද මචෝ, නිකං අප්සැට් මූඩ් එකේ. උඹ ආයෙ දාගත්තද වලියක්?"

" මං දාගත්ත වලියක් නෑ. පලමු වෙඩිල්ල තිබ්බෙ එහා පැත්තෙන්"


"හෑ, උඹ යුද්දෙට වත් ගියා වත්දෑ?"

" නෑ, මං කියන්නෙ. මට අනිවාරතේ දොස් කියනව. එක වංගියක්  ෆෝන් එකේ  කන්ටැක්ස්  මකා ගත්තා කියලා මාව කෑව.මේ වංගියෙ  බ්ලොග් එකේ ඇඳුම මාරු කරා කියලා"


" ඉතිං මොකටද උඹ ඔය  ඕන්නැති වැඩ කරන්න ගියෙ"

" මං ඔය ටින්කරින් වැඩ වලට කැමති හාදයා වෙච්චි. ඉතිං  පොඩි පොඩි හදිසි අනතුරු වෙන එක වලක්වන්ට පුළුවනියෑ"


"එකත් හැබෑ තමයි. උඹ කොහොමත් ටින්කරින් බාස් නොවැ. මං අහල තියෙන්නෙ, ඔය උඹ වගේ ගෙදර දොරේ වැඩ පල තමන්ම කරගන්න දන්න අයට, ඒරොප්පෙ හොඳ ඉල්ලුමක් තියනවා කියලයි"

"උඹ මේ ඉල්ලුමක් ගැන කියනවා. මං මේ මගේ  ත‍ටු සැට් එක බේරගන්ට හැටි කල්පනා කරනවා"


" ඔව්ව වැඩිය හිතට ගන්ට එපා. අර එන එන විදිහට ගහ උලු වස්සා කියල හිටහං. දැං වලිය ඉවරද?"


"ඔව්. යාන්තං ඉවරයි :D"
                 

                











Saturday, June 9, 2012

බ්ලොගර් පොස්ට් සඳහා සංශිප්ත මුල් පි‍ටුවක්..

මෙන්න අර යස අගේට තියෙන බ්ලොග්  කන මකබාසව එක්කගෙන ආවා :).





බය වෙන්න එපා, මෙව්ව 100% ටැස් කොරාපුව, සැක නං බලන්නකො ඔය උඩතියෙන Home බොත්තම ඔබල.  ඔය තියෙන්නෙ දිලිසි, දිලිසි යස අගේට.....( ඔබාගේ " චොප්පෙ අයියාගේ" කතාවෙන් උස්සන ලදී.. )





මම කොහොම වෙතත් ඔයාල , බොහොම මහන්සි වෙලා අපට බලන්ට ලිපි ලියනවා නෙව.  ඔන්න අපි නිවාඩු දවසක, චැට් එකකට එහෙම පස්සෙ, දෙයියනේ කියල බ්ලොග් අවකාසෙ හැලප ගිල,ගිල යනකොට හොඳ ලිපියක් හම්බ වුනයි කියමුකො. ඒක බැලුව, ගියා. ඇයි අප්පේ තව කොච්චර නිල් කැට, පුස්පරාග වගේ  ලිපි කීයක් ඔය  බ්ලොග් වල වැලලිලා ඇත්ද?  කාටද ඔය මී බෝල කරකවා,  කරකවා,  ඔව්වා හොයන්න ඇහැකි?  මේකට උත්තරේ තමයි අද පාඩම:





අද බාස් උන්නැහේ කියල දෙන්න යන්නෙ, කොහොමද summary page එකක් හදාගන්නෙ කියල. මේක හැම පොස්ට් එකකින්ම ටික, ටික පෙන්නවා, හරියට ඔය සින්ඩිවල තියෙනව වගේ.හරිම ලේසියි. දැං ඉස්සර වගේ HTML එඩිට් කරගෙන නටන්න ඕනෙ නෑ.  මේ පහසුකම Bloggerලම දීල තියනවා. හැබැයි , ඒක setting වල enable කරන්න ඕනෙ. මෙන්න මෙහෙම:





ඉස්සෙල්ලාම Dashboard -->Design--> Page Elements වලට යන්න. දැං "Blog Post" කියන කො‍ටුවෙ "Edit" වලට කොටන්න





















ඊට පස්සෙ මෙන්න මෙහෙම කො‍ටුවක් එයි. ඒකෙ "Number of posts on main page"කියන එකෙන් තමන්ට පෙන්නන්ට අවශ්‍ය පෝස්ට් ගානයි. , "Post page link text" කියන එකෙන් තමන්ට කැමති "වැඩි විස්තර" වගේ  එකකුත් දාලා මතක ඇතුව "Save" බොත්තම ඔබන්න.



දැං තියෙන්නෙ අළුතෙන් ලියන පෝස්ට් වලටයි, පරණ පෝස්ට් කීපයකටයි, තමන්ට සංශිප්ත කරන්න අවශ්‍ය තැනින් " page break" එකක් දාන එකයි. මෙන්න මෙහෙම:







ඔය කිඹුලගෙ කට වගේ දැති තියෙන බොත්තම එබුවාම පහල රවුම් කරල තියෙන කඩ ඉරි මායිම වැටෙනවා. මේක ඇත්තම පොස්ට් එකේ පෙන්නන්නෙ  නෑ.  මේ මායිම  ටෙම්ප්ලේට්  එකට කියනවා, මෙතනින් තමයි, සංශිප්ත කරන්න ඕනෙ කියලා. එච්චරයි,  ලේසියි නේද? :)














දැං ඉස්සර වගේ නෙමෙයි, Blogger  එකේ හුඟක් හොඳ පහසුකං දීල තියනවා. Template Designer එකේ තියන "Custom CSS" එහෙම එකක්. හා එහෙනං දැං මේක අත්හදා බලල,  තම තමන්ගේ බ්ලොග් වලට කෙලෝ ගෙනම කොහොමද කියල , කියලම හිටිමුකො, ඊට පස්සෙ බැරියෑ සීඇස්ඇස් කොරාන්ට :)




Sunday, April 22, 2012

The Machine is Us

තාක්ෂණය නිසා ලෝකයට ලැබිච්ච හොඳදේ නරකට වඩා වැඩියි කියලයි මට නං හිතෙන්නෙ. හොඳම දේ තමා යම් නරකක් තියනවා නම්, ඒක තේරුම් ගත්තාම පසු කාළෙක හරි අපි ඒ දේ නිවැරදි කිරීමට උත්සාහ ගැනීම - ඔය පරිසරය සු‍රැකීම වගේ.





මේකත් ඒ වගේ අපට ලැබිච්ච හොඳ දෙයක් .අද බස්සො, බකමූණෝ පවා පල් හෑලි ලියන්නේ මේ නිසානෙ :)) 





ඔය පල්ලෙහා විඩියෝවෙ තියනවා විස්තරේ. ගුහාවල, චිත්‍ර ඇඳලා, පස්සෙ සෙල් ලිපි පුස්කොල පොත් හරහා ආපු අපේ ලේඛන කලාව අද මෙතනට ඇවිල්ලා තියනවා.

                                





ලොකුවට ඕනෙ නෑ, ඔය හීනියට HTML ටිකක් ඉගෙන ගත්තොත් නරකද? දැං ඔහෙලා කියාවි WYSIWYG නැහ්නං what you see is what you get එඩිටර් එකක් Blogger දීලා තියෙන කොට HTML ඉගෙන ගෙන වරිගෙ නහ ගන්නෙ මොන ඇන්නෑවකටද කියලා? හරි ඔය එඩිටර් එකේ දීලා තියන පහසුකං වලිනුත් කීයෙන් කීයද අපි පාවිච්චි කරන්නෙ? simplicity is the real beauty කියන එකට මාත් එකඟ වෙනවා, ඒත් අවශ්‍ය තැන් වල ඔය පාට අකුරු ටිකක් දාලා ඔය කවියක වගේ කැපී පේන්න ඕනෙ තැනක Italic font එකක් පාවිච්චි කලාට මොනව වෙනවද? අනික, දැං බලාන්ට
Blogger comment box එක, ඒකෙ WYSIWYG නෑ, එත් HTML පාවිච්චි කරන්න පුළුවනි. හැබැයි ඒකෙ ඔක්කොම HTML tags පාවිච්චි කරන්න බෑ.





එයිනුත් වැඩියම ප්‍රයෝජන එක තමා:



< a href="වෙබ් ඇඩ්‍රස් එක">පේන්න තියෙන වාක්‍යය<a/>






කියන එක. වැඩි විස්තර මෙතනින් බලා ගන්ට මෙතනට කොටන්න.





Word-press blog comment box එකේ නං මීට වඩා tags support කරනවා. ඒත් උන්න හැටියට මලා මඳැයි කියලා මේ ටිකවත් ඉගෙන ගෙන ඉමු නේද? :))





Thursday, April 12, 2012

Kiss the Girl


කව්ද කියලා තිබ්බා සැමියෙකුට ලැබෙන්න පුළුවන් හොඳම බිරිඳ නම්. කතාකරන්න බැරි බිරිඳක් කියලා. බලාගෙන ගිහාම ඒකෙත් ඇත්තක් ඇති. හා, බොරු නං අහල බලන්නකො ඔය ඕන හස්බංඩෙක් ගෙන් ." අනේ දෙයියෙනේ, මේ උන්දැගෙ වෑර්ලස් එකේ දවසකටවත් බැස්ටි බහිනව නං, මට කනක් ඇහිල ඉන්න" කියලා නොහිතපු හස්බංඩෙක් ඉන්නවාද කියන එක සැකයි.














             





මේ මං කැමතිම කතාවක්. බුදු අම්මෝ මේකෙ ඉන්න ගෙම්බො කන්දරාව.පේනවනේද කස්ටියම කටවල් උල් කරන හැටි?



 වල් ගෙම්බො! උන් ඔහොමමයි ;D







හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා!