Wednesday, July 4, 2012
බස්සා සහ සුරංගනාවි
ඕං ඔය පහුගිය දොහක උදේක, බේගලයක් ඇදබාපු මම, සුපුරුදු පරිදි පලමු නිදි වඩියට සැට් වුනා. මේ බේගල් කිව්වෙ අර කොටා බාන එව්වා. ඒකත් කොටා බාල, හොඳට අත්ත උඩ හරිබරි ගැහිලා දෙයියනේ කියලා ඇස් පියාගත්තා. මොන, මේං කණ ගාවම ඇහෙනව රූං,රූං ගානවා. ඇස් දෙක වහගෙනම හොඳට හඬ එන තැනට මානල දුන්නා හොඳ අත්තටු පාරක්. කව්දෝ "ඌයි" ගෑව. ඇස් ඇරල බැලින්නං සුරංගනාවියක්. කහපාට මල්පෙති වලින් හදාපු ගවුමක් ඇඳලා.
"අප්පට හුඩු, මටත් ටිකට් එක ඇදිලද? ඔයා දිවියලෝකෙන් පණිවිඩේ අරගෙනද ආවෙ?
" අනේ මේ ඔයා මොනව කියනවද මන්දා බස්z , මම ටින්කර් බෙල්, ආවෙ නෙවර්ලන්තෙ ඉඳලා."
" මාත් ඔය ටිංකරින් වැඩ ටිකක් දන්නවා නං තමා. ඇයි ඔයාටත් බ්ලොග් එකක් තියනවද. එහෙම නං කියන්න, පොඩි ටිංකරින් පාරක් දාලා දෙඤ්ඤං"
" එහෙම එකක් නෙමෙයි. දැං බලාන්ට, ඔයා ටින්කරිං බාස්, මම ටින්කර් බෙල්. මේ ඔයාට FB එක්වුන්ට් එකක් තියනවද?"
" මේ මඟුලක් කතා කරනව, බස්සො කවදද FB කෙරුවෙ"
" අයියෝ, අඩුම ගානෙ ස්කයිප්,චැට් එකවුන්ට් එකක්වත්?"
"මේ ටිංකරිං නෝනෙ, ඔව්වා මගේ නින්දට බාදා වෙන වැඩ. අපි, බස්සො, බස්සොන්ට නින්ද බොහොම වටිනව, තේරුනාද?. දැං ඔහේ ඔච්චර දුර ඉඳලා මගෙ නින්දට බාදා කරන්න ආවෙ ඕක අහන්නද?"
" මොකක්ද මෙයා, ඉඳලා හිටලාවත් ඔයාගේ සොෆ්ට් ස්යිඩ් එක පෙන්නන්නකො, කොක්කම දාන්නෙ නැතුව"
"අනේ මේ මගේ සොෆ්ට් ස්යිඩ් එක තිබිච්චාවෙ. කියන්නකො මට ඔයා ගැන?"
" මට මල්කැඩීම ගැන ගෞරව උපාධියක් තියනවා. එතකොට පැණි කළමනාකරණය ගැන පස්චාස් මෙව්වා එකකුත් තියනවා. එතකොට මං රාජකාරි කරන්නෙ බොහොම ඉහල තැනක"
"හුටා! ඔය මල් සාය කොටෙත් ඇඳගෙන ඉහල යනවයි කිව්වා. ඉතිං මල්, කුරුල්ලො පිබිදෙන එක අහන්නත් දෙයක්ද?"
" ඒක තමයි මෙයා. මේ සමහර නැහැදිච්ච කුරුල්ලො මට එව්වා මෙව්වා කියනවා නෙව"
" ඉතිං ටිං,ටිං නෝනෝ. මොන හත්තිලව්වකට ඔය ඔය, errrr..... එව්වා,මෙව්වා පෙන්නන්න ගියෙ?"
"ඔයා නං කියයි. මේ දවස්වල හරිම හොට් මෙයා. එහේ නෙවර්ලන්තෙ හැමෝම ඉන්නෙ එහෙම"
" නෝනෝ, මේක මූකලාන, නෙවර්ලන්තෙ නෙමෙයි. මේකෙ ඉන්ට ඕනෙ මේ සත්තුන්ට හරියන තාලෙට, ඔය නෙවර්ලන්ත මෝස්තර මෙහෙට හරියන්නෙ නෑ"
"ඒකනෙ මෙයා, මං ඔයාගෙ කන්ටැක්ට් ඉල්ලන්නෙ"
අවවාදය:
ඔබ අන්තර්ජාලය වෙත මුදාහල දෙය නැවත ගත නොහැක. ඔබ එය මකා දැමුවද එය ඉවත් නොවේ. මොනතරම් බලපෑම් ආවද, එය කොතරම් ආකර්ශණීය අදහසක් වුවද, ඔබගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය වෙත මුදා හැරීමට ප්‍රථම දෙවරක් නොව, තුන්වරක් සිතා බලන්න.
Tuesday, July 3, 2012
වැනිල්ල.....
ඔය වැනිල්ල කිව්වාම නොයකුත් ආකාරයේ වැනිලි තියනවා නෙව. සමහරු පරිසරය වනනවා. සමහරු නැට්ට වනනවා. එතකොට කරටි කැඩෙන්න ගැහැව්වාමත් සමහරු වැනෙනවා නෙව. ඒ එක්කම සමහරු කඩුව වනනවා, හෙළුවෙන් වනනවා.
මේක එහෙම වැනිල්ලක් නෙමයි. පුහ්, බලන් ඉන්න අපිවත් වැනෙන වැනිල්ලක්. හරියටම කියනවා ප්‍රංශ වැනිල්ලක්.
මේ ඉන්නෙ ඇලීසේ (ඇලීzසේ - Alizée Jacotey). කොට මොඩල් ප්‍රංශ ගායිකාවක්. එයා වනන්න දක්සා....යි.
සිංදුව නං මැඩෝනගෙ.ඒත් වැනිල්ල මෙයාගෙ.
මං වැනිලිත් දැක්කා..
මේ වගෙ වැනිලි නොදැක්කා..
හැඩකාරයි, දඟ කාරයි..
ගෑණි
Saturday, June 30, 2012
නින්ද නැති රැයේ....
"නින්ද නැති රැයේ" කියන්නෙ මං ආසම සිංදුවක්. ඒ වගේම "Sleepless in Seattle" කියන්නෙත් මං කැමතිම පිචෑර් එකක් - R.I.P Nora Ephron :(.
අපි ඉතිං කොහොමත් නිශාචර පක්සීන් නොවැ. ඒත් නින්ද කියන්නෙ අපි කාටත් අත්‍යවශ්‍ය දෙයක්. මට නං නොකෑවත් නිදා ගන්ට ඕනෙ. ඇයි අප්පේ නැතුව කොහොමද මේ නයිට් ශිප්ට් එක අදින්නෙ? මං සාමාන්‍යයෙන් නිදා ගන්නෙ කොටස් දෙකකට. උදේ හීල කොටා බාලා, පනිනව කෙලින්ම ඇඳට, ඊට පස්සෙ මොනවද විනාඩි පහෙන් බස්සා ෂපාන් එකට දොයි (ඔහෙලට කියන්ට, එහෙම සනීපෙට තද නින්දෙ ඉන්න කොට කෝල් කරල " R U sleeping?" කියල අහන ගල් ඉබ්බියොත් ඉන්නව ආයිබොං)
ඊට පස්සෙ දවල්ට කාලා, ඉන්ටනැට්ටෙ පොඩි හැලප පාරක් කාල එහෙම දානව දෙවන නිදි වඩිය.ඔය රෑ වැඩකරන අය හරි, මල ගෙවල් , පිරිත්, දාන ගෙවල් වඳින්ට බොහොම මනාප කස්ටියට , පොඩි ගුරු කමක් මේ: මං කිව්වට එහෙම කොටස් දෙකකට බුදියගෙන බලන්ට :)
සමහරුන්ට බුදියන්ට මහ විසාල ඇඳන් ඕනෙ උනාට හැමෝටම එහම ඕනෙ නෑ. මේ බලන්නකො:
මෙයා නං නයිට් ශිප්ට් එක කරල ඇවිල්ලා, නිදි මරගාතෙම චැට් කරන කෙනක් පාටයි.
බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ බුදියන ටොමියලෑ කස්ටිය

ඉගෙන ගන්නා අයට උපදෙස්: ඔබට නින්ද යාම හොර නං පාඩම් පොතක් කියවීමට ගන්න. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි :)
නිද්‍රා යෝග ක්‍රමය
Thursday, June 28, 2012
කුමරි බඹසර
කියන්නට බොහෝදේ ඇතත් කිසිවක් නොකියා, ඔබටම සිතාගන්ට ඉඩදෙමි.
තුමුල බල ඇති තෙදැති දෙවඟන
සැකයි මට ඔබේ කුමරි බඹසර
රජුගේ මිරිවැඩි ලකුණු තිබුනලු
ඔබගෙ දෙවොලේ යහන පාමුල
හුටා!
Sunday, June 24, 2012
සිහින වෙළෙන්දෝ....
ඉන්දියාව කියන්නෙ පුදුම රටක්. ඉස්සර ඒකට කිව්වෙ ජම්-බුහ් ද්වීපය කියලයි. දැං මගෙන් අහන්න එපා ඇයි කියලා. ඕක ඇතුවත් බැරි , නැතුවත් බැරි රටක් නෙව. කොටින්ම "අපේ" බුදුහාමදුරුවොත් ඉන්දියන් නෙව. එතකොට අපේ බාසාව, ඒක ආවෙ සඟිස්කුරුත වලින්. ඔය මොන කතන්දර කිව්වත්, අපේ හැම දේකම පොඩි ඉන්දියන් ආභාෂයක් , අනුකරණයක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. ඔය අපේ ආරිය-හිංගල ඇඳුම තියනවා නේද? බලන්නකො ඒකෙත් පොඩි ඉන්දියන් ගතියක් නැහ්ද කියලා.
මට නං මේකෙ වැරද්දක් පේන්නෙ නෑ. ඔය ඉස්සර අපේ පිචෑර් වලට සිංදුවක් කාරිය ඕන වුනාම , ගත්තා හින්දි සිංදුවක් එබුව වචන ටිකක්, ඔය දෙන්නෙ රම්පෙට පොරි හැලෙන්න. දැං බලාන්ට, අද වුනත් අපිට පොර-ෆයිල් එහෙම පිංතූරයක් ඕනා වුනාම කාරිය, අපි මොකද කරන්නෙ? ගත්තා හින්දි පිචෑර් බැමිණියෙක්ගෙ පිංතූරයක්, එබුව.
ඔය පහුගිය දොහක ඉන්ට-නැට්ට පැත්තෙ ගියවෙලාවක, අහන්ට ලැබුනා හින්දි සිංදුවක්.තාලෙ එහෙම හොඳා. බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ ඔලුවටම වදිනවා. ඕං අහලම බලාන්ට...
මේ සිංදුව අල්ලලා යන්න, අනික් කාරණේ තමා මේකෙ වචන සැට් එක.
තේරී, මේරී , මේරී තේරී ප්‍රේම් කහානී හේ මුෂිකිල්
දෝ ලෆසොන් මෙහ්-යා භයානා හෝ-පායේ.
තේරුම:
ඔබෙයි-මගෙයි, මගෙයි-ඔබෙයි පේරේම කහානියේ අවුලක් ඇත.
එය වචන කීපයකින් කීමට නොහැකි තරම් භයංකාරය.
ඇයි සීවරං දෙයියනේ. ඇත්ත නේන්නං. ඔය ලව් බිස්නස් තියනවා නේද? කවදාහරි , නැට්ට පුච්චගෙන තමා පස්ස බලන්නෙ. ඒත් වැඩේ කියන්නෙ, ඕකට ඇබ්බැහි වුනාම, ආයෙ නවත්තනවා බොරු. මට මේ සිංදුව කොච්චර නැගලා ගියාද කියනව නං . වැඩට ගිහිල්ලත් ඕකම කියවෙනවා.
" මේරී තේරී ප්‍රේම් කහානී.. භයානා හෝ පායේ" කිය කිය , එ පැත්තට යනවා, මේ පැත්තට යනවා. වැඩි සද්දයක් දාන්නත් බෑ නොවැ, එතන ඉන්න බමුණු යාළුවෙකුට ඇහුනොත් කාරිය, පටි රෝල් වෙනවා නෙව.
හුටා! පස්සෙ බලන කොට, ඒකත් කොපි කරලා තියෙන්නෙ ජන ගී ආස්‍රයෙන් හදපු රුමේනියන් සිංදුවකින් නෙව. :)
Monday, June 18, 2012
රොබෝ නැටුම්
සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් කියනවනෙ. නැටුම් කියන්නෙත් විශ්ව භාෂාවක් කියලයි මට නං හිතෙන්නෙ. අපි වැඩිහරියක් පුරුදුවෙලා ඉන්නෙ බටහිර ගීත, නැටුම් බලන්න/අහන්නයි. මං මේ ඒකට වැරද්දක් කියනවා නෙමෙයි. මට කියන්න ඕනෙ වුනේ බටහිරට එහායිනුත් ලෝකයක් තියනව කියලයි.
මේ හුරුබුහුටි කොළුව යුක්‍රේනයෙන්.
මට හිතෙනව මේ නැටුමෙන් යම් පණිවිඩයක් දෙනවා කියල. සමහරවිට, ඔබට හැඟෙන්නේ මට එන අදහසම නොවෙන්න පුළුවනි. ඒකට කාරියක් නෑ, එහෙමම වෙන්න ඕනෙත් නෑ නොවැ.
හිතෙන දේ ඔන්න ඔහේ කුරුටු ගාලම ගියා නං :D
Sunday, June 17, 2012
Photoshop Basix
මේ බ්‍රසීලයේ හාවෙක්. හරිම "කියුට්" නේද?
ඒත් මං මේ කල්පනා කලා, මූ ඇයි මේ ආත-බූත කඩාගෙන හුරේ රන් එකක් දෙන්නෙ කියල?
" ඈ බං හා නයිදෙ, ඇයි මේ හැටට-හැටේ දුවන්නෙ? අහස කඩා ගෙන වැටුනා වත්දෑ?
" මොන පිස්සුද, බලු රාළේ. එහෙම දිව්වෙ ඉස්සර උඹලෑ රටේ හිටිය හාවො. මං බ්‍රසිලියන් හාවෙක්"
" හරි මොන සිලියන් උනත් , උඹත් දුවනවා නෙව. දඩයක් කාරයො පස්සෙන් පන්නවා වත්ද?"
" දඩයක්කාරියක්. මේ ලඟදි 'රියෝ" වලට ගොඩ බැහැල. 'කියුට්' හාවෙකුටවත් පාඩුවෙ ඉන්න නෑ. අහුවුනොත් ඉතිං'ක්ලොරෆෝම්' සාත්තුව තමයි. උඹත් දුවපාආආං..." කිය, කිය ඌ දිව්වා.
ඔය හාවට අන්දලා තියෙන්නෙ "රියෝ" වල ඉන්න කස්ටියක්, Photoshop වලින්.හා, හාවව පැත්තක තියලා ආපු වැඩේ ගැන කතා කරමුකො. Adobe Photoshop වලට තරඟයක් දෙන්න තරම් වෙන විකල්පයක් තවම නෑ කිව්වොත්, ඒක අතිශයොක්තියක් නෙමෙයි. අපේ සුප්‍රසිද්ධ ශ්‍රී ලාආආ..ආංකේය පුරුද්ද වන monkey business ක්‍රමේ, මේක ඉගෙන ගන්න එච්චරම ගැලපෙන්නෙ නෑ. මේ වැඩේට ඕනෙ කරන මූලික දැනුම ඔය පහල තියෙන සයිට් එකෙන් ගන්ට පුළුවනි. ඔක්කොම කෙටි video tutorials ඔහේ play වෙන්න ඇරලා බලාගෙන ඉන්න එකයි ඇත්තෙ.
Subscribe to:
Posts (Atom)








