Sunday, October 6, 2013

කෝපි






http://www.tmstshoes.com/wp-content/uploads/2015/08/coffee-love-heart-kofe-chashka.jpgමම කෝපි වලට කැමතියි. අර කට්ටිය කියන්නෙ " get your lazy a** out of the bed & smell the coffee, mate" කියලා. ආන්න ඒ කෝපි තමා.

කෝපි ගැන කිව්වාම උගුඩුවො ගැනත් නොකියාම බැහැ. .නෑ, නෑ උගුඩුවො කෝපි බොන්නෙ නෑ : එයාල බොන්නෙ රා :). ඒත් ලෝකෙ මිල අධිකම කෝපි වර්ගයක් වන "Kopi Luwak" .හදන්නෙ උගුඩුවො", මෙන්න මෙහෙම :








ඒ නිසා අනිත් සැරේ , කරටි කැඩෙන්න රා බීලා වැනි, වැනි යන උගුඩුවෙකුට උනත් ටිකක් වැදගත් විදිහට සලකනව හොඳයි :)




මට ඊ-මේල් එකකින් ආපු මේ කතාවත් කෝපි ගැන. කතාවෙන් කියන්නෙ " Life is like a cup of coffee. Enjoy it, before it get too cold " කියලයි



















කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. හැබැයි, ඔය "කෝපි" එක රස විඳින්න නං " ජීවිතේ මූලික අවශ්‍යතා" සපුරගෙන ඉන්න ඕනෙ. කිව්වෙ මං නං නෙමෙයි,  මෙන්න මේ ගොයියා.



එහෙම "මූලික අවශ්‍යතා" සපුරගෙන ඉන්න කෙනෙක් නං , තමන්ගෙ "comfort zone". වෙලා ආතල් එකේ කෝපිවල රස බල, බල හිටියාට කාරි නෑ. නෑ, නෑ " ආත්ම සත්තියක් තියෙන" ගෑණු පරාණයක් " හිරේට " ගන්න එක ",මූලික අවශ්‍යතාවයක්" කියල සැලකෙන්නෙ නෑ :)




Sunday, September 1, 2013

සොඳුරු විරාමය






http://www.onefleshmarriage.com/wp
-content/uploads/2012/05/
The-Nagging-Wife.jpg

සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොගෙ බේරගන්ට පෝස්‍ටුවක් වගේ එකක් ලිව්වා. මදෑ, ඔය කෙලියෙ පාත්තරේටම, මුං අහනව නෙව මං බැන්දද කියලා?

මේක පොඩි අත්හදා බැලීමක්. ආරළු-බුරුළු , වැල්වටාරම් නැතිව, කොටින්ම මුකුත්ම නොකියා දානව, එකිනෙකට සම්බන්ධයක් නැති වීඩියෝවකුයි, කවි පන්තියකුයි. එහෙම කිව්වට සමහරවිට මේ දෙකටම පොදු සාධකයකුත් තියෙන්න ඇහැකි :).



මේ දෙකෙන් එකක්වත් මගේ නෙමෙයි, අනුන්ගෙ. ඒත් මේවට මං කැමති නිසා ඔහෙලත් එක්ක බෙදාගන්නව. නිධාන කතාව හිතාගන්න එක ඔහෙලට බාරයි :)



පිංසිද්ධවෙයි, දැං අහන්න එපා, මං සුමානෙකට තාවකාලික පැවිද්ද ලබා ගත්තද කියලා? :)










.







Friday, August 30, 2013

License to Wed


අපි ඔක්කොම් දන්නව නෙව කතාව?



ඕං ඉන්නව ගොබිල, රජගෙදර පරෙයියා වගේ. නිදහස් ජීවිතේ...

ඔහොම ඉන්න කොට තමා අපල කාලෙ ලබන්නෙ :)














ඔන්න ඊට පස්සෙ ගෙවල්, දොර වතු පිටි , පවුලේ වගතුග .....











එව්වත් ගැලපුනයි කියමුකො, දැන් තමයි හොඳම හරිය.. කඩු ෆයිට්....





මං විරුද්ධ කෙනක්ගෙ විවාහ වීමේ හෝ නොවීමේ අයිතිය ගරු නොකරන, නම් පට බඳින , පහත් කොට සලකන දූපත් මානසිකත්වයට විතරයි.

මං විවාහයට විරුද්ධ නෑ.


Go on,get on the train, baby....:)










Le' mee tell you the truth..





මං නෙමෙයි, රොබී විලියම්ස් තමයි කිව්වෙ.. -  -the license to Wed version :)










හොඳ විවාහයක් කියන්නෙ ආශිර්වාදයක් කියන්නෙ, එහෙම නම්, ඒ වගේම තමයි ඒකෙ අනිත් පැත්තත්.ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය කියන "හොඳ" විවහා බොහොම අල්පයක් වීමයි. මට නං වැඩියෙන් හමුවෙලා තියෙන්නෙ, ජීවිත කාළයක්ම එකට බැඳී හිටිය ආගන්තුකයො. සමහරු තමන්ගෙ සහකරුගෙ/ සහකාරියගෙ අඩුපාඩු අනෙක් අය එක්ක කියනවා. මං නං කරන්නෙ, එහෙම වෙලාවට හිමීට කතාව වෙනස් කරලා ලුහුටලා යන එකයි, මොකද ඒක නොකල යුතු මං අකමැති දෙයක් නිසා. වැඩිදෙනෙක් කියන්නෙ තමන් මේ බැඳි ඉන්නෙ දරුවො නිසා කියායි. දරුවන් වෙනුවෙන් තම සතුට කැපකලත්, ගෙදර අයවත් ඒ ගැන අගය කිරීමක් නොලැබෙන අය මට හමුවෙලා තියනවා.

මේ මොන කැපවීම කලත්, තම්න්ට වැරදුනොත් අඩුම ගණනේ ගෙදර අයවත් ඉන්නවා කියල හිතුවට. වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ, වැ‍ටුනාම ගෙදර අයගෙ කෙනහිලි කං විදින්න වෙච්ච අයත් මට හමුවෙලා තියනවා. දරුවො තවදුරටත් දෙමාපියන්ගෙ මහලු වියේ ඉන්ෂුවරන්ස් පොලිසි එක නොවෙන, විවාහවීම හෝ නොවීම සමාජ පීඩනයක් නොමැති කසාදය යනු "license to ..." නොවෙන, සමාජයක නම්, කවදා හෝ " කබාය ඉරිලා ඊට කමක් නෑ, කවුරු දකින්නද, කවුරු බලන්නද..." තත්ත්වයක් ඇති වේ යැයි බියක් ඇති කරගත් යුතු යැයි මා සිතන්නේ නෑ.

මේ ගැන කියන කොට මට මතක් වෙන්නෙ " The Bucket List" කියන චිත්‍රපටයයි.





ප.ලි:



බ්ලොගේ අප්ඩේට් නොකිරීමේ වරදට මකා දෑමීමට හැකි නිසා, ගූගලයාගෙන් බේරීමට ලියූ පෝස්‍ටුවක් නිසා පාඨකයෝ සමාවී උපේක්ෂාවෙන් බලන සේක්වා!



Video segments are from "Chennai Express" and  "License to Wed" movie trailers

Sunday, June 2, 2013

පක්ෂියා රජ කරවීම





කාලෙකට ඉස්සර ඉස්සර තිබ්බ SAF Games වලට අපේ කස්ටිය ලෝගො එකක් නිර්මාණය කරලා තිබ්බා. මේකෙ ඉන්නෙ වලි කුකුලෙක් -අපේ ජාතික පක්සියා. කුකුලා නං කාරියක් නෑ කියමුකො - ඔය මොකක්ද අහවල් එකක් ගුගල් කරලා කප් එක ඉස්සුවෙත් අපි නොවැ. ඇයි  වලි කුකුලා? අපි එහෙම වලි වලට යනවයැ, බොහොම සාමකාමී  ජාතියක් නොවැ? මං  නං  කියන්නෙ අපිට ගැලපෙන්නෙ බස්සෙක් - කියන, කියදේට "හූම්, හූම්" කිය, කිය, ගහන ගහන පදේට ඔලුව වන, වන ඉන්න කස්ටියට,  බස්සෙකුට වඩා ගැලපෙන ආදේශකයක් තවත් කොයින්ද?



කොහොම උනත් ඔය තියන ලෝගො එකට , මිනිස්සු කිව්වෙ " පන්දන් අල්ලන කුකුලා" කියලයි. ආන්න ඒක නං ගැලෙපෙනවා. ඇයි පන්දං ඇල්ලීම අපේ පුරාණයේ සිට පැවත එන  අනගි චාලිත්තරයක් නොවැ? කොහොම උනත් දැන් මේ ලෝගො එක පේන්න නෑ, අයින් කරලද කොහෙද? :)







මේ සාවියෙත් ඉන්නවා ජාතික පක්සියෙක් - පක්සියා කිව්වට මූ පාත්තයෙක්. මහ එපා කරපු එකා-මට පේන්න බෑ ඕකව.



 ඌ ජාතික පක්සියා කියල බොහොම හිතට අරගෙන ඉන්නෙ. මිනිස්සුන්ට සතපහක බයක් නෑ. ඉස්සර මම වැඩට පයින් ගාටන කොට මට කොටන්න පන්නලත් තියනවා.  ඌට විතරයි කොටන්න අයිතිය තියෙන්නෙ, අපි නිකංවත් පයින් පාරක්වත් ගහන්න බෑ, අහුවුනොත් දඩ.














මූ මහ අංග පුලාවකට නැති එකා. උන්ට ඕන , ඕන තැන් වලින් පාර පනිනව, පැටව් කෝච්චියත් අරගෙන.  අපි එහෙම වැරදිලාවත් පැන්නොත්, J walking කියල දඩත් ගහනවා. පේනවනේද   වාහන නවත්තගෙන ඉන්න හැටි? කොහොමද කස්ටිය පස්ස වන, වන යන හැටි හරියට මේක උන්ගෙ  බාප්පොච්චිගෙ පාර වගේ? 






ඕන්න දවසක්   උදේ පාන්දර , මං සුපුරුදු ලෙස රාත්තිරි වැඩමුරය ඉවර කරලා එනවා. අපේ වැඩපොලේ  ඉඳලා එන අතුරු පාර. මාත් සිංදුවකුත් දාගෙන ආතල් එකේ ආවා. වැඩිය හයියෙන් නොමෙයි- 40 ට.  කොහෝදෝ ඉඳලා එකා පස්සෙ එකා පන්න ගෙන ආපු  පාත්තයො දෙන්නෙක්, මතු වුනේ නැතෑ,එක වංගුවකදි. බැලින්නං පාත්ත වලියක් - ෂුවර් එකටම ගෑණු හුටපටයක් වෙන්ටෑ?   මට හිතන්නවත් වෙලාවක් වත් නොදී, මුං ඩබල ලෑන්ඩ් කලා පාර මැද්දට.මං දැම්මා පල්ලං පොල්ල. වදින සද්දයක් නං ආවෙ නෑ, පිහා‍ටු ටිකක් නං ගුවන්ගත වුනා. උන් දෙන්නා පියාඹලා ගියා.
















ඉස්සරහින් ආව ගෑණු පරාණයක්, කටත් බාගෙට ඇරගෙන ඉන්නව නං දැක්කා. මාත් එක්ක ගිය අනිකා ඇහැව්වා " වැදුනා නේද?" කියලා. මං උරිස්ස අකුලල කිව්වා" මන්දා?මං ඕනකමින් කලායෑ?  උන් නෙව හප්ප ගන්ට ආවෙ?" කියලා. 





ඔහෙලා දන්නව නෙව, මං අහිංසක පක්සියා බව. උයලා දුන්නොත් මිස, පාත්ත  මස් කන්ට එහෙමම ආසාවක් නෑ. මං ඕනෙ කමින් ඔහොම නොසන්ඩාල වැඩක් නොකරන බව විස්වාසයි නේද? අම්මපා මං කියන්නෙ මුසාවක්, බේගලයක් නං , ඔය පාර ක්‍රොස් කරන පාත්තයෙකුට හෙන ගහන්ටෝනැ



පිදුම - තර්ජනය කර බ්ලොග් ලියවා, සිංහල බ්ලොග් කලාවේ උන්නතිය සඳහා දායක වන උස්වැටකෙයියාවේ (UK) බුරම්පියාට :)





Saturday, March 2, 2013

When Life Gives You Lemons....




When life gives you lemons....make lemonade. කියල කිව්වට, උන්දල නං කියයි, හහ් අපි නෙව දන්නෙ අමාරුව. 




මේ දවස්වල ජීවිතේ හරිම ඒකාකාරියි, ගහකට නැග්ගොත් දෙබලක්. ඒ මදිවට පට්ට හීතල , වැඩට ගියොත් එදාට අයිස් කුණා‍ටු. කිසිම වගතුවක් නෑ.

මෙහෙම උනාම ඔහෙල මොකද කරන්නෙ, පිංවතුනි?






මෙන්න ගුගල් දෙයියා දුන්න විසඳුම්:



1.Take a day or two off. 

   ඒක නං ඉඳල හිටල කොරනවා, ඒත් වැඩක් නෑ. තව බාගෙන ‍ෆිල්ම් එහෙමත්     බලනව



2.Take a walk.

  හහ්, පිස්සු නැත්නම් හොඳයි, මේ පට්ට සීතලේ



3. Drink some water.

   හා



4. Take a nap.

    හා :)))))



5. Write a blog post

    හහ්, මඟුලක් කියනව



6. Get wild!

    ඒකත් කලා, බලමුකො මොකද වෙන්නෙ කියල :)

     

Sunday, October 28, 2012

සෙල් ලිපි




හඳවල් ගානකුත් ගෙවිලා ගියා, හරි හමන් ලියුං කෑල්ලක් කොටා ගන්ට බෑරිවුනා නෙව? ඔහෙලට කියන්ට  ආයිබෝං ලියන්ට කියලා මෙලෝ සංසාරයක් හිතට ආවෙ නෑ නොවෑ? ඕං ඔහොම ඉන්න කොට තමා මට මතක් වුනේ අපි හිංගල කොටන්න විඳින දුක.



ඒත් ඉතිං අපේ පුරාණ ගල් වඩුවො  හිංගල කොටන්න විඳපු දුකත් එක්ක බලපුවාම මේකත් දුකක්ද? උදේට බත් ගෙඩියක් බැඳගෙන ඇවිත්, බුලත් විටක් එහෙම සප්පායං වෙලා, උන්දලා දවසම හිංගල කොටන්න ඇති.








ඔය පහලින් තියෙන්නෙ ක්ලියොපැට්‍රාගෙ කස්ටිය සෙල්ලිපි කොටාපු හැටි.











මේකෙ නම සෙල් ලිපි" වුනාට, මං මේ කියන්න හදන්නෙ, දැනට අපට සිංහල කොටන්න තියෙන එක එක සොෆ්ට්වෙයා ගැනයි.



 ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ ඔන්ලයින් එව්වා:



http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

(මෙකෙ  photoshop වලට නං ප්‍රයෝජනවත්:සිංහල font විදිහටම ගෙනියන්න.)

http://unicode.malindaprasad.com/

http://www.google.com/transliterate/sinhalese





මේවා වලත් වර්ග දෙකක් තියනවා. එකක් කොටන කොටම අකුරු පෙන්නන්න එව්වා, එහෙම නැති එවා.

මේ අතරින් Google Transliteration වල පහසුකං ගොඩක් තිබ්බට, කොටන කොටම අකුරු පෙන්නන්නෙ නෑ.මට නං ඒක අවුල්.





ඊට අමතරව වින්ඩෝස් වලට නං, stand-alone එව්වත් තියනවා. මං කැමති phonetic නැත්නම් සිංග්‍රීසි වර්ගයේ එව්වට විතරයි. හේතුව, ඔය සඤ්ඤක අකුරු කොහෙද තියෙන්නෙ කියලා හොය, හොය ඉන්න බැරි නිසා :). මේ තියන්නෙ මං පාවිච්චි කරන එකම එක:



Singreesi 1.8



ප්‍රස්ණෙ කියන්නෙ, මේක දැං හොයාගන්න නෑ. මා ලඟ නං කලින් ඩවුන්ලෝඩ් කර ගත්ත කොපියක් තියනවා වින්ඩෝස් වලට, දැන්නම් ඒක වැඩි දියුණු කිරිල්ල නැවතිලා පාටයි.



මේච්චර කල් කිසිම අවුලක් නැතුව මේක පාවිච්චි කලත් වින්ඩෝස් වලින් වෙන එකකට මාරු වෙච්ච දාට තමයි අවුල. එක එක එව්වා අත්හදා බලල අන්තිමට නැවතුනේ, ඒකෙම browser addon එක ලඟයි. හැබැයි, add-on එක තියෙන්නේ Google Chrome වලට විතරයි.



https://chrome.google.com/webstore/detail/singreesi/enobjimolcbaplolgmplicbkllihadig



මෙක ලියපු  එක හේතුවක් තමා ඔහෙල හිංගල කොටන්න පාවිච්චි කරන්නේ මොනවාද? එව්වයෙ ගුණාගුන කොහොමද කියල දැණගන්න එක :)



ඒක හින්දා  මේක බලලා , හොර බලල්ලු වගේ ලුහුටලා යන්නෙ නැතුව , දැන්න දෙයක් කොටලම ගියානං අපිටත් දැණගන්නත් එක්ක :))








Saturday, September 8, 2012

බකුසු සිත්තරා




බොහෝ කාලෙකට පෙර බස්සාට කියවීමේ පිස්සුවක් තිබුනා. අතට අහුවෙච්ච පොත් පත්තර , නවකතා, කෙටිකතා, පරිවර්තන, අනුවර්තන , ඔය කොයිවත් ඇරියෙ නෑ. ආං ඒ කාලෙ කියවපු කෙටි කතාවක් මේක. කතාවෙ නම, ලිව්වෙ කව්ද කියලා මතක නැති වුනාට, කතාව නං අද කියෙව්වා වාගේ මතකයි. 

කතාව පටන් ගන්නෙ"අමුපතනය අමුම අමු පිටිසරකි" කියලයි. ඔය අමුපතන ගමේ අළුතින් විවෘත කරපු තැපල් කන්තෝරුවට එනවා සිදාදියෙන් තරුණ තැපැල් මහත්තයෙක්. දන්නවනෙ ඉස්සර ගමේ තැපැල් කන්තෝරුව කියන්නෙ තැපැල් මහත්තයාගෙ නවාතැනේම කොටසක් කියලා. ගොවිතැන් බතක් කරගෙන බොහොම සරල දිවියක් ගතකල ගම්මු තැපැල් කන්තෝරුවෙන් වැඩක් ගන්න අය නූනත් ගමේ අළුතින් පටන් ගත් කොහු මෝල නිසයි ගමට තැපල් කන්තෝරුව ලැබුනෙ. ඒ නිසාම තැපල් කන්තෝරුවට කෙනෙක් ආවෙ බොහොම කලාතුරකින්. සිදාදියේ ජීවිතයට හුරුවෙච්ච තැපැල් මහත්තයට මේක බොහොම නරකට බලපානව. කම්මැලිකමේ ඈණුම් අරිමින්, තැපැල් මහත්තයා , වතුරට දාපු බස්සෙක් වගේ ජීවත් වෙනවා.



කාංසිය මැකෙන්න කියලා, තැපැල් මහත්තයා හිතනවා සංගීතයට නැඹුරු වෙන්ට. බට නලාවත් ගෙන්න ගන්න තැපැල් මහත්තයා ඒක වාදනය කරන්න හදනවා, ඒත් එකෙන් එන්නෙ ග්‍රීස් නැතිව කැරකෙන කරත්ත රෝදයකින් එනවා වගේ හඬක් මිසක් මිහිරි නාදයක් නෙමෙයි. ඒ වැඩේ හරිගියේ නැති තැන , තැපැල් මහත්තයා හිතනවා චිත්‍ර අදින්න ඕනෙයි කියලා. ඒකට ඕනෙ කරන අඩුම-කුඩුම ටික ගෙන්න ගන්න තැපැල් මහත්තයා මනස්කාන්ත දර්ශණයක් අඳින්න මුල පුරලා, අඳිනවා කන්දක් ඉස්සෙල්ලාම. ඒක කන්දක් නොව නිකම්ම නිකං මැටි ගොඩක් වගේ පේන නිසා, හිත කලකිරෙන තැපැල් මහත්තයා , නගරයේ උද්යෝගීමත් ජීවිතය ගැන සිහින මවමින්,දුකසේ කාලය ගත කරනවා.

ඒත් අපේ කතානායකයාගේ ජීවිතය දිගටම එහෙම වෙන්නෙ නෑ. ඒත් මම මේ කතාව මෙතනින් නවත්තලා , දැං කියන්න යන්නෙ මේක බස්සාගේ කතාවට සම්බන්ධවෙන ආකාරයයි.







බස්සටත් හිතුනා සිත්තරයක් අඳින්න. ගත්තා මවුසා ගැහුව ඉරක්. ඒක සරල රේඛාවක් නං නෙමෙයි. ඇන්ඳා වෘතයක් ඒක නිකං තැලිච්ච පකිස් පෙට්ටියක් වගේ වුනා. අපේ කතානායකයා නං වැඩේ ඔතනින්ම අල්ලලා දානව නෙව. හහ්, එව්ව කොහෙද මං බස්සෙක් මිසක් තැපැල් මහත්තයෙක් යෑ?

මං නෙමෙයි සැලුනෙ. ඇන්ඳා චතුරශ්‍රයක්, වෘතයක් වෙලා එයිද බලන්න. ම්හු, ඒකත් හරි ගියේ නෑ. මේක මවුසාගේ අවුලක් කියල හිතලා ගත්තා ගැ‍ෆික් මෙව්වා එක. ඇන්ඳා, ම්හු..ඉතිං මොකේදෑ දං වලඳන්නෙ? එත් ඇරියෙ නෑ. කියවන්න ගත්තා සිත්තර ඇඳිල්ල ගැන. මෙන්න හොයා ගත්ත දේ:

සිත්තරෙක් වීමට කෙලින් ඉරක් ඇඳ ගැනීමේ හැකියාවක් අවශ්‍ය නැත. ඒ තියා මොනම උලව් හැකියාවක් වත් අවශ්‍ය නැත, කෙලින්ම පාට, පාට උලාගෙන , උලාගෙන යන එකයි තියෙන්නෙ. සම්භාව්‍ය චිත්‍රයක් යනු බලන එකාට තියා ඇඳපු එකාවත් ඒකෙ තේරුම නොදන්නා එකකි. එතකොට තමා බලන එක එක එකා ඒකට විවිධ අර්ථකතන දෙන්නෙ. ඔහෙලට විස්වාස නැහ්නං බලන්න පහල තියන සිත්තර දිහා. ඔය සිත්තර දෙක ඇඳලා තියෙන්නෙ විශිෂ්ඨ චිත්‍ර ශිල්පියො දෙන්නෙක්. එක්කෙනෙක් නං ලෝක පූජිත කලා කාරයෙක් - පිකාසෝ. හා, කියන්න බලන්න කොයි එකද එයාගෙ කියලා? බෑ නේද? මං දන්නවා වෙනස් හොයාගන්න බැරි තරමට දෙකම විශිෂ්ඨ කලා නිර්මාණ බව :)



















දැං තේරෙනව නේද, මං කියාපු දේ? ඒ නිසා ඔබටත් විශිෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් වීමට අවශ්‍ය නං මං කියාපු විදිහට පාට, පාට උලාගෙන , උලාගෙන යන එකයි තියෙන්නෙ.





ඔය උඩින් තියන සිත්තරේ ගත්ත පොත ලස්සන රුසියන් ලමා කතාවක්. මෙන්න ලින්ක් එක PDF එකට.
http://www.arvindguptatoys.com/arvindgupta/mir-nosov-dunno.pdf



කතාවෙ මේ පරිච්චේදයෙ නං පොඩි ආදර්සෙකුත් තියනවා: අනුන්ව සමච්චලයට ලක්වෙනකොට උඩ පැන, පැන හිනාවෙන අය, තමන්ටත් ඒදේ වුනාම හැසිරෙන හැටි :)




ප.ලි:

පොත් ගුල්ලා දීපු ඔත්තුවක් අනුව ඔරිජිනල් තාගෝර් තුමාගෙ පොත හොයා ගත්තා. මොන එකක්ද මන්දා, ඒත් ඒක අර හිංගල කෙටි කතාව තරම්ම හිතට වදින්නෙ නෑ.

STORIES FROM TAGORE


කතාව ගැන කව්දෝ ලියන තිව්ව මෙන්න මේක නං බොක්කටම වැදුනා :)





Human hopes are not always bound by reason, and such hopes are, more often than not, found to be illusory. The village girl - Ratan was tempted to find a hope in her companionship with and steady dependency upon the postmaster. But when the postmaster chooses to leave the village, and Ratan's prayer to take her with him is not granted, she is left alone with tearful eyes. The postmaster philosophises that all such finer feelings of companionship are bound to be left and forgotten in the real course of life. But, for Ratan, it means genuine hope being dashed to the hard ground of realities.