![]() |
| www.thesaleslion.com/wp-content/uploads /2013/02/blogging-employees1.jpg |
අපි දැං මේ තනි ඇඟිල්ලෙන් සිංග්ලිෂ් කොට, කොට දුකසේ බ්ලොග් ලියනව නේද? එතකොට ඔහෙලා හිතන්නෙ මේව්ව අපේ කියලද?
බ්ලොගේ අපේ කියල කිව්වට , මේක අපේ නොවන අපේම දෙයක්. මොකද මේකෙ අයිතිය තියෙන්නෙ ගුගල්ට, තියෙන්නෙ එයැයිගෙ ඉඩමෙ. මේ තිත්ත ඇත්ත මට මතක් කලේ ගුගල්ම තමා. අද උදේ බ්ලොගෙට ගොඩ වෙන්න ගිය මාව, මේකා
දැං මේකා කියන්නෙත් නෑ, මං වයලේට් කොලේ උගේ අහවල් එකද කියලා, ඉතිං මොකේදෑ දං වළඳන්නෙ?
අපි වගේ හුදී ජනයාට මේ වගේ අකරතැබ්බයක් වුනාම , අනිත් අය කරනදේ මාත් කොලා - අහල බැලුව දන්න අයගෙන්. ඔන්න එකෙක් කියාපි, ඕක ජාවා ඉස්කිරිප්ට් ලෙඩක් කියලා. තව එකෙක් කිව්වා මැල්වෙයාය, හොර සයිට් එකකට ලින්ක් එකක් ඇතිය, අරකය මේකය , ඔය වගේ ආරළු-බුරුළු තොගයක්. මං ඉතිං ඔය දන්න කියන ගැජට්-බැජට්, ජාවා ඉස්කිරිප්ට් තියන එව්වා අයින් කරලා බැලුවා . ම්හු.. මේකා කියන්නෙම කලින් කියපු සිංදුවමයි.
මෙන්න බකුසු මැතඩ් එක. (බාගදා, මේක මට කලින් තව කවුරු හරි හොයාගෙනත් ඇති )
1. ඉස්සෙල්ලාම ගත්තා බැකප් එකක්. ටෙම්ප්ලේට් එක නෙමෙයි බ්ලොග් එකේ - XML එක
2. කලින් වේලි, වේලි තිබ්බ wordpress බ්ලොග් එකකට ඔක්කොම පෝස්ට් ටික export කලා - මේ අමතර පියවරක්. ඒත් වෙච්ච සැන්තෑසිය අනුව බොලොගර්ව මට සතේකට සුවර් නැත :)
3. බ්ලොග් එකට ලොග් වෙලා, හැදුව තව අලුත් බ්ලොග් එකක්. ඒකට import කලා කලින් එකේ පොස්ට් ඔක්කෝම.
4. වැදගත්ම කොටස : කලින් බ්ලොග් එකේ ඇඩ්‍රස් එක.
කලින් බ්ලොග් එකේ ඇඩ්‍රස් එක පොඩ්ඩක් වෙනස් කලා, අගට '1" දාලා, දැන් අලුත් එකට , පරණ එකේ ඇඩ්‍රස් එක කොපි කලා.
දැන් අලුත් එකයි , පරණ එකයි දෙකම තියනවා. පරණ ඇඩ්‍රස් එකට පෙන්නන්නෙ අලුතෙන් හදපු එක නිසා, ඒක බ්ලොක් වෙලා නෑ. පරණ එක බැකප් එකක් විදිහට තියනවා. මට ඇඩ්මින් විදිහට ලොග් වෙන්න ඇහැකි නිසා අවුලක් නෑ. දැං ඉතිං හිමීට , අනික් ගැජට්-බෑජට් පරණ එකෙන් අලුත් එකට ගෙනෙමින් පවතිනවා .
උන්නු හැටියට මලා මදැයි, කිව්වලු :)
ප.ලි:
දැං හරි, අවුල ජාවා ස්ක්‍රිප්ට් තමා. තිබ්බෙ පේජ් වල දාපු එකක.
අවවාදය : නිකං දෙන බඩුවල හිල් තිබිය හැක
අනුග්‍රහය - බුරා :)





