Saturday, December 20, 2014

සිංදුවක්, බස්සෙක් හා පාපොච්චාරණයක්











Will you stay with me, will you be my love


Among the fields of barley


We'll forget the sun in his jealous sky


As we lie in fields of gold




මේක කියන්නෙ මං කැමතිම ගායකයෙක් "ඇනපිය" .



ඇනපිය කිව්වට එයාගෙ ඇත්ත නම Gordon Matthew Thomas Sumner, ඒත් එයා වැඩිය ප්‍රසිද්ධ Sting කියලයි.





බස්සා කොහොමත් ඔය බල්ලො, බලල්ලුන්ට කැමති සතා, ඒත්  තුන් අණ්ඩෙන් යන බලු තඩියෙක් හරි කන් කොට බළලෙක් හරි දැක්කොත්, බකුසු හදවත් , නිකං බටර් වගේ උණුවෙලා, දියවෙලා වැක්කෙරෙන්න ගන්නවා.



මේ බකුසු කරුණාව,  බලු, බළල් සත්තුන්ට වඩා එහා ගිය එකක්,  කොටින්ම ඌ බොහොම කැමැත්තෙන් හිටියා හූම් කියන්න බැරි බැස්සියෙක් හොයාගන්න. ඌගෙ අවාසනාවටද, බැස්සිගෙ වාසනාවටද මන්දා ඒ වැඩේ කෙරුනෙ නෑ නෙව. 



ඔතන කරුණාව කියල කිව්වට, යටින්  හීනියට  වෙන කාරණාවකුත් තියනවා. දැං හිතන්නකො, අත්තක් උඩ බකුසු ජෝඩුවක් ඉන්නව කියලා. කොහොමද   බස්සව, බැස්සිගෙන් වෙන් කරලා හඳුන ගන්නෙ?





බස්සා එක පාරක් "හූම්"  කිව්වොත්, බැස්සි දෙපාරක් "හූම්, හූම්" කියනවා. දැං ඔහේලට තේරෙනව නේද? කොයි බස්සද අකමැති, වැඩ  අහවර වෙලා ගෙදර ආවම, දෙයියනේ කියල කණක්   ඇහිලා පාඩුවෙ ඉන්න.

Sunday, November 30, 2014

ලුණු දෙහි







බොහොම කාළෙකට ඉස්සර, ගමක හිටියා බස්සෙක්. බස්සෙක් කිව්වාට මේකා බසු පැටියෙක්. දවසක ගෙදර  ගෙදර පරණ පෙට්ටගමක් අවුස්සපු බස්සට හම්බවුනා මැජික් ලාම්පුවක්  පරණ පොතක්. පොතක් කිව්වට , මේක පොත් රාජයෙක්. විසාල පොතක්. හොඳට බයින්ඩ් කරලා , හදලා තිව්නෙ කලු කඩදාසි වලින්. මේ කලු කඩදාසි ඇතුල් පි‍ටු පුරවලා තිබ්බෙ, පත්තර වලින් කපා ගත්ත එක එක ලිපි.






curious owl



ඉවුම්-පිහුම්, මැහුම්-ගෙතුම්, අත්-බේත්, හප්පේ ඒකෙ තිව්න  ජාති. දැක්ක ගමන් බස්සට තේරුනා මේක නං  බකුස් පරම්පරාවෙන්, පරම්පරාවට උරුම වෙච්ච මහාර්ඝ පුස්ථක රත්නයක් බව. ඌ පටස් ගාලා ඒක යටි මඩි ගහගත්තා.



දැං  කම්පනා කරන කොට හිතෙනවා, කවුරු හරි අපේ පරම්පරාවෙ ඉස්තිරි රත්නයක්, බොහොම මහන්සිවෙලා එකතු කරපු පත්තර  ලිපි එකතුවක් බව. ඔය දැං කාලෙ ඉන්න , බතක් , පරිප්පුවක්වත් හරියට උයා ගන්ට බැරි බවලත්තු වගේ නෙමෙයි. ඉස්සර කාළෙ මෑණිවරු , තමන්ගෙ දෝණියැන්දලාට ගෙදර දොරේ වැඩපල හොඳට පුරුදු පුහුණු කලා නෙව.



මෙන්න මේ පොතේ තමා අපේ සාම්ප්‍රදායික ලුණුදෙහි ගැන තීරු ලිපියක් තිබ්බෙ. ලියල තිබ්බෙ කුස්සි අම්මා කෙනෙක් ලියන විදිහට.හදන ක්‍රමය ගැන ඒ හැටි මතකයක් අද නැති වුනත්., මෙන්න මේ කොටස නං මතකයි:




කෑම සංරක්ෂණය කල රට කුස්සියක්

සහ  කෑම ඉදෙන කන්වත් ඉවසිල්ලක්

නැති වණ්ඩු ආප්පයො සැට් එකක්



"වාරෙට දෙහි යහමින් ඇති කාළෙට, කරන්න හොඳ දෙයක් තමා ලුණුදෙහි දාන එක. ඔය වෑංජනේකට ලුණු ඇඹුල් මදි පාඩුවක් තියේනං, ලුණුදෙහි ගෙඩියක්  අරන්, ලූනු, මිරිස් කපලා සම්බෝලයක් හදාගෙන බතත් එක්ක හාමු කොරල ගත්තාම පංකාදුයි"







පොඩිකාලෙ ලමයි කැමති පැණිරස කෑම වලට උනාට , බස්සා කැමති වුනේ ඇඹුලට. (පස්සෙ තමා 'පැණි' වලට රස වැ‍ටුනෙ). ගමේ තිබ්බ ගස්වල සියඹලා විතරක් නෙමෙයි, අහල පහල වතුවල ඇඹුල් පළතුරුත්,කඩවල තිව්ව සියඹලා, ලුණුදෙහි  සෑහෙන ප්‍රමාණයක් බකුසු බඩට ගියා මයෙ හිතේ.



ලුණු කියන්නෙ විජලකාරකයක්. මේක  උදව්වෙනවා කෑම කල්තියා ගන්න. ක්‍රමය සරලයි. ලුණු දාලා වේලනවා. ලුණුදෙහි, කරවල වලදි එහෙම උනාට, ජාඩි වලදි මේ ක්‍රමේ පොඩ්ඩක් ඉතර වෙනස් වෙනවා. ජාඩි වලට ලුණුයි , ගොරකයි දෙකම දානවා. වතුර ගතිය එහෙම්ම තියනවා. ඔය ජාඩිවතුර රස කාරකයක් විදිහට මාළුපිණි වලට පාවිච්චි කරන්නත් ඇහැකි.



ගමේ කුස්සියෙ , ඔය නොයෙක් ක්‍රම වලට කල් තියාගන්න  හදපු දේ තිබුණා. වැලි කොස් ඇට, අ‍ටුකොස්, වේලපු දෙල් වගේම දුම් මැස්සෙ පුවක් කොලපුවක එල්ලාපු කිතුල් පැණි මුලක්, දෙකක් එහෙමත් තිබුනා.  දර ලිපෙන් ගෑස් ලිපට මාරු වෙච්ච අදකාලෙ කුස්සිය, එදා ගැමි ගෙදරක තිබ්බ කුස්සියට වඩා සැපපහසු තැනක් වුවත්, ඒ එක්කම, ලුණු දෙහි, ජාඩි, අ‍ටුකොසුත් අභාවයට ගියා කියලයි මට හිතෙන්නෙ.








ජාඩි කාපු නරියෙක්



හෙරලි පොලොස්

දෙල්, අ‍ටුකොස්

ජාඩි හොඳිත්

එක්ක ගුඩුස්



ඔය කවිය " කොරලි හොඳිත්"  කියලත් කියනවා. පරණ දේවලට. පාරම්පරික කෑම, බීම වලට මගේ බොහොම කෑදර කමක් තියෙනවා.පැරණි  කෑම කල්තබා ගැනීම කියන්නෙ කලාවක්. මේක අධි-ශීතකරණයක කෑම ඔබන එකට වඩා වෙනස්. උදාහරණයක් විදිහට බල මාලු වලත්, බල කරවල වලත් රස අහසට-පොලොව වගේ වෙනස්. මෙහිදි යම් බැක්ටීරියා ක්‍රියාවලියක් සිදුවෙලා රසය වෙනස් වෙනවා. මේ බැක්ටීරියා ක්‍රියාවලිය කොච්චර වැදගත්ද කියලා මෙන්න මේ මිල අධික කෝපි වර්ගය ගැන කියෙව්වාම දැණගන්න ඇහැකි.






Kopi Luwak





කෝපි හදන යන්තරේ

මං කොහේ හරි දැක්කා, ආහාර වීදුරු බෝතල්වල හුලං නොයන සේ අසුරන ක්‍රමයක්, නැපෝලියන් බොනපාට්ගෙ කස්ටිය දියුණු කලා කියලා.. බඩගින්නේ යුද්ධ කරන්න බැරිබව , හොඳට කාපු බීපු  බොනපාට් උන්නැහේ දැණගෙන ඉන්න ඇති.















මේ තියෙන්නෙ තියෙන්නෙ එන්ගලාන්..තෙ "බුදු අම්මෝ" රජ කුස්සියක් - Windsor Castle kitchen . 1819


















මේ රජකාලෙ සුද්දන්ගෙ පාන්බාස් කෙනෙක්. "People of the upper crust" කියන කියමන ඇවිල්ලා තියෙන්නෙ පාන් ගෙඩියෙ උඩ කොටස ගියේ බලවතුන්ට වීම නිසයි කියලා මං කොහේ හරි දැකලා තියනවා




















හා, එන්න, එන්න ලාබයි. දෙක පනහයි










මං  දැන් මේ මොකක් ගැනද කියාගෙන ආවෙ.......?

ආ, හරි ලුණුදෙහි ගැන නෙව? මයෙ ගාව තිව්නා ඔරිජිනල් ලුණු දෙහි ටිකක්. මං ඕක බොහොම අරපරිස්සමට තමා පාවිච්චි කොලේ. මාත් එක්ක ඉන්න අනිත් හෝතම්බුවගෙ බොනපාට් යාලුවො මේක හොරා කාලා. මං කලේ බෝතලේ හංගපු එක. මුංව දීයා කන්ට, උන් ඒකත් හොයාගෙන ආයෙ කාලා. මං ඒ වංගියෙ කලේ ලුණුදෙහි හදපු  එකයි. අවුවෙ වේලන්න විදිහක් නෑ. අර තම්බල හදන හොර ක්‍රමේ රසට මං කැමති නෑ. මං හැදුවෙ අවන් එකේ. රස්නෙ අඩුවට දාලා යන්තන් දොර ඇරලා වේලගත්තා. පස්සෙ ලාබෙට ඩිහයිඩ්‍රේටර් එකක් ලැබෙන කොට , පෙරහැර ගිහින් ඉවරයි. නරකම නෑ. පොඩි පැඟිරි රහක් නං තියේ. හොඳම වැඩේ කියන්නෙ අර කලින් ලුණුදෙහි හොරා කාපු , හොර බළල්ලු සැට් එක නෙමෙයි ඒ දිහා ඇහැක් ඇරලා බලන්නෙ :)





Sunday, November 23, 2014

වැස්ස,කෝපි සහ කම්මැලිකම





https://smallbutvaluable.files.wordpress.com/2014/08/tumblr_mlnyz3lb1m1s44vdlo1_500.jpg




http://www.homegrowngourmet.org/wp-content/uploads/2014/01/enjoy_with_coffee_or_tea.jpg






https://c2.staticflickr.com/6/5047/5329348248_ced925be1c_z.jpg




https://themonumentaljackass.files.wordpress.com/2013/05/outdoor_raining-1680x1050.jpg




http://i.huffpost.com/gen/1444286/thumbs/o-HAWAII-RAIN-900.jpg?1








http://i.ytimg.com/vi/lasWefVUCsI/maxresdefault.jpg






http://jlroeder.files.wordpress.com/2014/04/rain-flowers_00262653.jpg




http://tv-cdn.oricon.co.jp/wp-content/uploads/2464_06.jpg




http://cdn.attackofthecute.com/August-10-2012-01-38-24-aiouiueir.jpg






http://grisoscohen.files.wordpress.com/2012/06/catsdogs_02.jpg






http://jlroeder.files.wordpress.com/2013/06/bird-in-rain-hd-wallpaper.jpg






http://th04.deviantart.net/fs21/PRE/f/2007/285/e/6/e61c252f7534511d.jpg







Monday, September 22, 2014

බස්සා සහ මකරා






යිස් ප්‍රාකාරෙ පදිංචියට ගියාට පස්සෙන් පහු , බ්ලොගෙ මකුලු දැලුත් බැඳිලා. කොහෙ පෝස්ට් ලියන්නද අප්පා, බිසී,බිසී?

ප්‍රාකාරෙ උඩත් තියනවා "පෝස්ට්". ඒත් එව්වා මේ ලියන කියවන එව්වා නං නෙමෙයි, හිටගෙන මුර කරන එව්වා. හිටපු ගමන් අපේ අණදෙන නිලධාරිතුමා කියනව " අද මං උඹව 'පෝස්ට්' කරඤ්ඤං, ඊස්ට් ටවර් එකට" කියලා. මුලදි මට හිතුනෙ , උන්දෑ මයෙ ත‍ටු අකුලලා හත‍රැස් පාර්සලයක් හදලා තැපැල් කරන්නවත් හදනවාද කියලයි.





මං ඉතිං නිසාචර පස්සියා නිසා, මට නිතරම දෙන්නෙ නයිට් ඩියුටි. පුරස්නෙ කියන්නෙ, එතන තියෙන හීතල, ඒක මං වගේ මූකලං බස්සෙකුටවත් උහුලන්න අමාරුයි. මං කරන්නෙ හොඳට අත්ත‍ටු සැට් එක පොරෝගෙන ගිණිගොඩක් ගාවට වෙලා  " හොට් වයින්" පාරක් ඇදලා අරින එකයි. 



එදා නිවාඩු දවසක්. උදේ   හීල සප්පායම් වෙලා මං ගියා රජමාවත පැත්තෙ පියාඹන්ට."හචෝස්". කව්ද මහා හයියෙන් කිඹුහුමක් යැව්වා. , මං කෝකටත් සූජානං සරීරෙ කියලා ලඟ තිව්න බුරුත ගහක ලෑන්ඩ් කලා. කෑලෑව බිඳගෙන රජමාවතට ආවෙ මකරෙක්!



මකරෙක් කිව්වට ඔය  මහා පරිමාණ එකෙක් නෙමෙයි. කොට මකරෙක් - පෝටබල් වර්ශන් එක. අර හුරතලේට හදාගන්ට නරි හොයන කස්ටියට,  දරුකමට හදාගන්න උනත් පුළුවන් ජාතියෙ එකෙක්. හරි හුරතල් පෙනුම.  තරමක පොලොස් ගෙඩියක් වගේ. පාටත් ඒ වගේ, ක‍ටු හිටං තියනවා, හදිස්සියට ලිප පත්තු කරගන්න එහෙමත් ඇහැකි.



මට හම්බ වෙනකොට හිටියෙ අසනීපෙන්. හෙම්බා ගහලා.





" මකර මචෝ, දෙන්නද බොටත් වයින් ටිකක්, මේක ඔය ලෙඩේට කියාපු බේත?කොහොමද නම. ගම , වාසෙදේසෙ කාරිය?



" නම කොරනේලිස්, ගම මෙට්‍රොපොලිස්" වයින් බීපු කොටා කුරුතග්ඥ පූර්වක බැල්මක් දාලා කිව්වා.



" හුටා, බොට තියෙන්නෙත් අමු ගිංගල නමක් නෙව? බොලෑ අප්පුච්චා ලංකාවෙ වත්ද?"



" මගුලක් කියනවා, දැන් අර සිංහ මහගෙ බොට කෙහෙල් ගහකට ඇන්න කතාවක් කිව්වෙ, බොලෑ අප්පුච්චා කොට්ටෝරුවෙක්ද?".





ඇදලා ඇරියෙ නැතෑ කොටා ප්‍රශ්ණෙට , ප්‍රශ්ණයක්. . මූ කොහොමද ඒ කතා දන්නෙ? කොහොම උනත් කොටාට කේන්ති ගිය වග රතුවෙච්චි මූණෙන් පේනවා. වැරදිලාවත් මූ ගිණි පිම්බොත් බස්සා බාබිකිව් ( සෝස පාට නං වෙයි,  PJ ,ඒත් බාබි නෙමෙයි බාබි-කිව්:P)



" හා ඔය කියන්නෙ, අපේ වලි-සිංහා නෝනෙ ගැන නෙව? එයා එහෙම තමා, වලියට ටිකක් ඉතර බරයි"



" ඔය කෝරනේලිස් කියන පිටරට නමක්, බොලා ඕක හිංගල කොර ගත්තට" තච වයින් උගුරක් ඇදලා ඇරපු කොටා කූල් ඩවුන් වෙලා කිව්වා. 



" ආ, එහෙම කියන්න එපැයි කොරනේලිසෝ. මචෝ, කොහොම උනත් කිඹුහුන් අරින්නෙ බලාගෙනයි. මේකෙ ඉන්න එකාලා බලා ඉන්නෙ, කොයි වෙලේ මාව කිරට, මිරිසට උයන්නද කියලා"



"හා බයවෙන්න එපා බං, හෙම්බිරිස්සාවට ඇංජිම වැඩ කොරන්නෙ නෑ, දුං විතරයි එන්නෙ. එක නෙමෙයි බස්සෝ. මේව්ව නං බොහොම හොඳ වයින්"



"පුහ්, මෙව්ව මොනවද? උඹට දෙන්ට තිබ්බෙ, අපේ පිං-පොං ගෙ අරිස්ටෙ. ගහපු ගමන් නාගසලං"



" පිං පොං? ඒ කව්ද "





"එයා කුමාරයෙක්, හැබැයි රටේ වෙදා. ඒ වගේම හොඳ ගොයියා. කොච්චෝරවත් ඉන්නෙ අමුඩෙ පිටිං, උදැල්ල කරේ තියාගෙනමයි"



"යමං කෝරනේලිස්, මයෙ නවාතැන පැත්තෙ. පොඩ්ඩක් විවේක අරගෙන , බැරියෑ ඔය උණු සුප් එකක් කාරිය බොන්න"



මකරා මෙහෙ ඇවිල්ල තියෙන්නෙ පාර වැරදිලා. GPS අප්සැට් එකක් වෙන්ටෑ? ඔය වැලීරියාව පැත්තෙ , තියන මකර ෆාම් එකක තමා මෙයා ඉඳලා තියෙන්නෙ. එහෙ මකර ගොවිතැන, කුඩා කර්මාන්තයක් විදිහට කරනවාලු.කෙලින්ම හරිත සක්තිය නෙව. ලොකු ලොකු එව්වො ඔය බොයිලර් රත් කරන්න වගේ වැඩවලට ගන්නවාලු. මෙයා වගේ පොඩි වර්ශන් එකේ අයට තියෙන්නෙ ලිප පත්තුකරනවා වගේ සිල්ලර වැඩලු.



මෙයා කැමති ඇවිදල රට තොට බලාගන්න. සර්කස් එකකට බැඳන්න තමා . එයාගෙ කල්පනාව. මොකද මේ සමහරු විස්වාස කරන්නෙ නෑ නෙව, මකරු කියලා ජාතියක් ඉන්න බව?








http://screenrant.com/how-to-train-your-dragon-2-reviews/



Sunday, August 10, 2014

කතන්දර කියන බස්සෙක් හා නරියෙක්







ඔහෙල දන්නව නෙව, මං ලඟදි ගෙවල් මාරු කරපු විත්තිය? ඕං ඉතිං, ඔය අලුත් නවාතැනේ  පෑලපදියං වෙලා , මේ පහුගිය සති අන්තෙ හැන්දෑ ජාමෙක මං වටපිට සිරි නරඹන්න කියලා බැල්කනියට - බෙනේ ඉස්සරහ අත්ත , උඩට ආවා.



මෙන්න බොලේ කව්ද මගේ නම කියල කතා කරනව:



" බස්ස, බස්ස"



හෑ, කව්ද මේ කැලේ මට  ගරුනම්බු නැතුව  මුල් නමින් කතා කරන්න පුළුවන් ජගතා?  මං උඩ බැලුවා, බිම බැලුවා. බැලින්නං, නරියෙක්.



"එම්බා, කසාවත් පැහැති හිවල් පුත්‍රය. මේ  නුඹ ඉදිරියේ වැඩ සිටින්නේ, හවුස් බස්තියං ගෘහමූලික සේර් බස්තියං  නැමති නයිට්-වරයා බව දැණ ගනුව. නැහ්නං තා අල්ලා අයිස් ප්‍රාකාරයේ උඩ සිට ඔලුව පහතට සිටින සේ පරසක්වල ගසන්නට , මාහට හැකි බව දණුව. මේ වනයේ මා හැර වෙනත් වෙනත් බසුන්නාන්සෙලා ඇත්ද?"



" මඟුලක් කියනවා. අනේ පිංසිද්ද වෙයි , ඔය මහප්ප්‍රාණ නැතිව කතා කරපං. දෑං බලාපං උඹ මෙහෙට වෙලා ඉන්නවා, අරහෙ අර බ්ලොග් කට්ට වේලෙනවා. මං අහන්නෙ එව්වා හරි වැඩද,බස්සො?"







" හරි, හරි, මට පොඩ්ඩක් බ්ලොග් කට්ට මඟෑරුනා නං  තමයි. ඒත් මං අර පහුගිය දොහක එහේ ගිහින් මකුලු දැල් කඩලා ආව නෙව,නරිමොටෝ?"



" හහ්, මකුලු දැල් කැඩුව? අනේ මයෙ  කට? එහෙම හරියනවද? අර වෙනදා වගේ හරි හමං කතාවක් දෙකක් ලියන්නෙ නැතිව?"



" හරි දැං උඹ ඔය කියන්නෙ , මට කතාවක් ලියන්න කියල නෙව? කතා දෙකක් විතර හිතේ නං තියේ, එකක් මේ සත්‍ය ප්‍රේමෙ ගැන කතාවක්"



" හහ් , සත්‍ය ප්‍රේමෙ??? ඇයි බොල බස්සො, උඹේ ඔය ශ්‍රී මුඛයෙන්ම නේද කිව්වෙ " අතත්‍ය වු ඉස්තිරී චින්තනයේ සත්‍ය පේරේමයක් උපදී නං, පුත්තලමේද ගෝවා වගා කල හැක " කියලා?"



" සත්‍ය පෙරේමෙ මට කෙලවාපු හන්දා මං එහෙම කිව්වාට, සත්‍ය ප්‍රේමෙ කියල එකක් තියනවා, අඩු ගානෙ තිබිල තියනවා.  වැඩි ඇතක නෙමෙයි අපේ ගමේ - දෙවැනි ලෝක යුද්දෙ කාලෙ ලංකාවට ආපු  සුද්දෙකුයි, අපේ ගමේ ගැටිස්සියකුයි අතර. මේක ඇත්තම ඇත්ත කතාවක්"



"හා, එහෙනං කියාපංකො කතාව" කියලා  කැනහිලා, වට දෙකක් කැරකිලා හොඳට තප්පලං ගැහිලා වාඩිවුනා.






----------------------------------------------------



මේක මං පැටියා කාලෙ අහපු කතාවක්, ඒ කාලෙ  මට ලව්-උලව් ගැන මෙලෝ අල බෝලයක්  නොතේරිච්ච නිසා මං හාරා අවුස්සන්න ගියේ නෑ, ඒත් කතාවෙ සාරංශය නං අද වගේ මතකයි.



කාළය : දෙවැනි ලෝක සංග්‍රාමය සමය. ලංකාව  එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්. ලෝකෙ නං දෙසින් "හිරු නොබසින අධිරාජ්‍යයේ" රාජකීය හමුදාවට සෙබලු බඳවා ගත්තා. සිදාදියේ ඉගෙනගත්ත , ඉංග්‍රිසි බස උගත් සමහර සිංහල තරුණයන්ද ඒසමයෙහි රාජකීය හමුදාවට බැඳී රට, රට වලට  ගිය බව මා අසා තියෙනවා. නමුත් ඒ සොල්දාදුවන්ගේ  රසකතා, අත්දැකීම් හරි හැටි ලේඛනගත වුන බවක් සඳහන් වෙන්නේ නැති එක  අවාසනාවක්.



එම්.එස් ප්‍රනාන්දු මහතා ගයන මේ ගීතයෙන් කියැවෙන්නේ එවැනි පිටරට ගිය සිංහල සොල්දාදුවෙකුත්, මැක්සිකන් තරුණියක් අතර පෙම් කතාවක් ගැන වුවත්, එය සත්‍ය සිද්ධියක් පදනම් වුනා දැයි කියන්න දන්නෙ නෑ.










කොහොම හරි  ඔය කියන කාලෙ අපේ ගමට ආව එක සොල්දාදුවන් කණ්ඩායමක් අතර , මේ අපේ කතාවෙ සුද්දත් ඉඳලා තියනවා. සුද්දා ගමට ආවෙ ඇයි කියල නං මං දන්නෙ නෑ. බාග වෙලාවට හැලප කන්ට වෙන්ට ඇති. මේකා සුද්ද නිසා තම්බපු ඉස්සා වගේ පොත්ත රතුවට ලස්සනට ඉන්න නං ඇති.






අපේ ගමේ ගැටිස්සිගෙ මල් හී පාර සුද්දට සැරටම වැදිල තියෙනවා. සුද්දා ඩවුන්, යුද්දෙ ඉවරවෙලා ගමරට යනවා වෙනුවට  සුද්දා අපේ ගමේ බින්න බැස්සා. ගමේ කරුමාන්ත ගැන කිසිම නිනව්වක් නැති  අසරණ සුද්දා , ජීවත් වෙලා තියෙන්නෙ සෑහෙන අගහිඟකම් මැද්දෙ. අන්තිමට   බඩ රස්සාවට ගමේ ගස් මැදලා, පැණි හදලා විකුණල තමයි  ජීවත්වෙලා තියෙන්නෙ. මේ දෙපලගේ දරුවන් හොඳින් ඉගෙනගත් බවත් , පසුව සියලුදෙනා ඔට්ටේලියාවට සංක්‍රමණය වුනබවත් තමයි කියවෙන්නෙ.සමහරවිට අද ඔට්ටේලියාවෙ ඉන්න අපේ අයගෙ යාළුවන් අතර මේ අයගෙන් පැවත එන්නනුන් ඇති.



ඉංග්‍රිසියත්, සුදු හමත් ඇත්නම් එය අමතර වාසියක් වෙන අද කාලෙ  ගැන සලකන විට වුනත්, ඒ කාලෙ  අපේ සුද්දා ආදරේ වෙනුවෙන් කරල තියෙන්නෙ එසේ මෙසේ පරිත්‍යාගයක් නෙමෙයි. ඒකයි, ඔහු හැමදාම මගේ ලෝකයේ සැබෑ වීරයෙක් වෙන්නෙ. 




කතාව ඉවර කරලා මම නරිමොටා දිහා බැලුවා. නෙදකින්, මේ අසමජ්ජාති කැනහිලා ගොරෝ, ගොරෝ බුදි නෙව?



Saturday, August 2, 2014

බස්තියං



හා. ආයිබෝං කිව්වා. මං මේ, මේ පැත්තෙ ආව මකුලු දැල් ටික කඩල පොඩ්ඩක් සුද්ද බුද්ද කරල යන්න. දැන් පදිංචිය අයන්වුඩ් ගහක  නෙව. ඔහෙලට කියන්න එහෙ නෙව සෙල්ලං තියෙන්නෙ.අම්මපා, එහෙමත් පිංසාර රටක්, කිරියෙන් පැණියෙන් උතුරනව. විසේසයෙන්ම එහෙ පැණි බාන්නෙ බැරල් වලින් :)



















We left the city, the pollution, the crowd 


The air is clear here, ocean's blue, I love that sound


We're happy in this destination we found


And if you want us you can follow me


Now let's go, follow me and let's go


To the place where we belong


And leave our troubles at home


Come with me, we can go 


To a paradise of love and joy


destination unknown.





                                                               destination unknown.......නෝන්...නෝන්. ආපු එකේ ඔය මොනව හරි කොටලම යනව.මෙන්න මේකත් බලලම ඉන්නකො:








බර්ෆි, පට්ට ‍ෆිල්ම් එක . ඔව්, ඔව් ඒක් පූල් දෝ මාලි එකක් තමා. ඒත් මේක ඒ කැටගරි එකට දාන්න එපා. සරල වින්දනයක් ඕනෙ නං එහෙමයි. ඒත්  කල්පනාවෙන් බැලුවොත් ජීවිතේ ගැන ගැඹුරු තේරුමකුත් තියනවා. රන්බීර් කපූර් මාරයි. ඒ නිසාම , මම එයා ඉන්න තව ‍ෆිල්ම් හොය, හොයා බැලුව. මොන. මේකෙ කොලිටියට  කිට්‍ටුවෙන්න වත් බෑ. 



ලොකුම පුදුමෙ ප්‍රියන්කා චොප්රා. තනි ඇහැට ඇඬෙන්න  ඇක්ටින්  පාරක් දෙනවා. මේ මේකෙ ඉන්න ප්‍රියංකාමද කියල පුදුමත් හිතෙනවා.









එහෙනං අපි යන්නං ඈ...