මම සිංදු අහන්නෙ වැඩට යන එන කොට තමයි. ඒත් අපේ පරණ බරබාග වල තියෙන රේඩියෝ වල USB ඉන්පුට් එකක් නෑ.තියෙන එකම ඔෆ්ෂන් එක FM ට්‍රාන්ස්මීටර් එකක් තියෙන ගැජමැටික් එකක් අරගෙන රේඩියෝ එකේ පාවිච්චි නොවන ස්ටේෂන් එකකට ටියුන් කරගන්න එකයි.
මේ වගේ ගැජමැටික් සෑහෙන ගණනක් ටැස්ට් කරලා (හයියෝ ෂල්ලි), අන්තිමට හිතට හරියන එකක් ලැබුණා. හොඳ භාණ්ඩෙ. බ්ලූටූත් එහෙමත් තියනවා.වැඩේ කෙලවුනේ දවසක් ෆෝන් එක කනෙක්ට් කරගෙන GPS දාගෙන නොදන්න තැනක් හොයාගෙන යන්න ගිය වෙලාවෙයි. මේ කියන ගැජමැටික් එක ඔන් කලාම , ගෑණු කටහඬකින් " පවර් ඔන්, කනෙක්ට් යුවර් ෆෝන්" වගේ මොකක්ද උලව්වක් කියනවා. ඒක කමක් නෑ කියමුකෝ.
මේ කියන දෛවෝපගත දවසෙ, බසු මොටා, GPS පිහිටෙන් අර කියපු තැන හොයාගෙන හැටට හැටේ යනවා කියමුකො. දාගත්තා සිංදුවකුත්, ඒක අවුලක් නෑ, එක්සිට් එක ගන්න කිට්‍ටු වෙනකොට සිංදුවෙ සද්දෙ අඩුවෙලා GPS කියනවා ලේන් මාරු කරන්න, ඉස්සරහා හරවන්න වම, දකුණ කියලා.
ඔන්න එක්සිට් එකට කිට්‍ටු වුනා. GPS විස්තරේ කියන්න කට ඇරියා විතරයි, අර ගැජමැටික් එකේ ගෑණු පරාණෙ කියන්න ගත්තෙ නැතෑ " ෆෝන් වන් කනෙක්ටඩ්, ඉන් කමින් කෝල් ෆෝන් වන්" වගේ මොකක්ද හෑල්ලක්. මට එක්සිට් එක මිස් වුනා. ඊළඟ එක්සිට් එක තියෙන්නෙ තව කිලෝමීටර් හතර, පහකට එහා. ඉඩ ලැබිච්ච ගමන් හැරෙව්වා අතුරු පාරකට. ගැලෙව්වා ගැජමැටික් එක. දැන් නිකං ෆෝන් එකෙන් අහගෙන ගියා යන්න ඕනෙ ගමන.
එහෙමයි කියලා අපි සැලෙනවද? නෑනෙ, හොයලා, හොයලා ebay එකෙන් ගෙන්න ගත්තා මෙන්න මේක.
වැඩි ගාණක් නෑ. කියල තියන විදිහටම වැඩ. හයි කරන්නෙ මෙහෙමයි:
ඔය වීඩියෝ එකේ ඉන්න හාදයා, රේඩියෝ වල පස්සා පැත්තේ , වයර් ගහලා හොඳට පුරුදු හාදයක්, ඒ නිසා එයා එකපාරින් එහෙම කලාට , වැඩේ එච්චරම ලේසි නෑ. හැබැයි, බැරිත් නෑ. කනෙක්ටර් එක ඇඟිලි දෙකක් අතර රඳවාගෙන, ඉවසිල්ලෙන් උත්සහා කලාම, ගොඩ දාගන්න පුළුවනි.
අමාරුවෙන් හරි කනෙක්ට් කලාම , ලැබෙන වාසි:
1. FM මැතඩ් එක වගේ නෙමෙයි, සිංදු වල හොඳ කොලිටි
2. රේඩියෝ කන්ට්‍රෝල් බටන් වලින්, සිංදු මාරු කරන්න, සද්දෙ අඩු, වැඩි කරන්න ඇහැකි. ෆෝන් එකෙන් සිංදු පටන් ගන්න අවශය නෑ, රේඩියෝ පවර් ඕෆ්, ඔන් කරපු ගමන්, කලින් නවත්තපු තැන ඉඳලා සිංදුව පටන් ගන්නවා
3. ෆෝන් එකත් චාර්ජ් වෙනවා. මේක හරි වැදගත්. දුර ගමනක් GPS පිහිටෙන් යනවා නං, ෆෝන් බැස්ටිය බහිනවා බලා ඉන්දැද්දි.
4.අර ගෑණු පරාණ වල කං කරච්චලේ නෑ :)
කලින් කොළඹ යුගයේ කවි ගැන කියන්න ගිහිල්ලා, මයෙ තටු සැට් එක ගලවගන්නෙ නැතිව යාංතං බේරුනා. මේ සැරේ කියන්නෙ සිංදුවක් ගැන.
| http://www.goodhousekeeping.com/cm/ goodhousekeeping/images/0C/attic-storage-de.jpg |
මේ සිංදුව මං මුලින්ම ඇහැව්වෙ, බොහොම කාලෙකට ඉස්සර, දවසක අයියගෙ යාළුවෙක්ගෙ ගෙදරදි. ඒක පරණ ගෙදරක්. මැද සාලෙ ලෑලි සිවිලිමක් තිබුණා. යාළුවගෙ කාමරේ තිබුණෙ, ඒ සිවිලිම උඩ, වහලත් , සිවිලිමත් අතර පොඩි කාමරයක්, මෙන්න මේ වගේ:
රවුම් ජනේලෙකුත් තිබුණා. දැක්ක ගමන් මයෙ හිතට අල්ලලා ගියා. බස්සෙකුට කියාපු තැන. එයා ඔය සිංදුව දාලා, ඒ ගැන මොකක්ද විචාරයකුත් කලා. ඒ වෙලාවෙ ගොම්මං අඳුර වැටෙන වෙලාව. තැනයි, පරිසරයයි, සිංදුවේ හිත නිවන ගතියයි නිසා, ඒක අදටත් නොමැකෙන ලෙස බකුසු මතකයේ රැඳුනා.
මෙහෙ වුනත්, සමහර ගෙවල් වල, ඔහොම ඇටික් කාමර තියනවා. සමහරු එව්වා ලස්සනට හදලත් තියනවා. ඒත් මයෙ හිතේ, සීත කාලෙට නං, අමාරු ඇති. බොහෝවිට, එව්වා ගබඩා කාමර විදිහට පාවිච්චි කරන්නෙ , එක නිසා වෙන්න ඇති. ඒ මොන ප්‍රශ්ණ තිව්වත්, අදටත් බස්සො, එව්වයෙ කූඩු හදනවා




