කතන්දර කියන පූසා:
"ඉතිං ඊට පස්සෙ සියල්ලෝම සතුටින් ජීවත් වුනා" පොත වැහුව පූසා කිව්වා.
"අනේ පලයං පූසො යන්න. උඹ හැමදාම කතන්දරේ කියන්නෙ බාගෙට. දැන් බලාපං, ඔය පොතේ පහෙන් එකක්වත් ඉවර නෑ, උඹ කඩේ වැහුව නෙව", මෙච්චර වෙලා කතාවට හූමිටි තිය, තිය හිටිය බලු තඩියා කිව්වා.
" තෝ නං මහ ගුණමකු වල් බල්ලෙක්. මෙච්චර කාලයක් බොට සතියට දවස් තුන ගානෙ කතන්දර කියපුව ගැන ගාණක්වත් තියනවද? උඹ හිතන්නෙ අර මහගෙත් එක්ක මේ වැඩේ ගෙනිච්ච එක ලේසි පාසු කාරියක් කියලද? අම්මපා මට දැන් ඇතිවෙලා තියෙන්නෙ. මේ උලව් කතන්දර කියවිල්ල නිසා , මට කොච්චර නං දේවල් නැතිවෙලා තියනවද?" . පූසා නාහෙන් අඬන්න තිබා ගත්තා.
" හරි, හරි, මං එහෙම කිව්වට, උඹ හොඳ එකා වග මං නොදන්නවැයි? ඒක නෙමෙයි මොනවද උඹට නැතිවුනාය කිව්වෙ? මේ මාලු කටු, හාල් මැස්සො ඔලු වගේ එව්වද?"බලු තඩියා ඇහැව්වා.
කාන්තාරයේ රෝස කුසුම : (sweet but toxic)
"ගිණියම් වෙච්ච වැල්ල, තද ඉර එලිය වැල්ලට වැටිලා ඇස් කණවෙන තරමට දිලිසෙනවා. ඉඳහිටලා හුලං පොදක් හමනවා. ඒක සිසිල් සුළං පොදක් එහෙම නෙමෙයි. රත් වෙච්ච හුලඟ , හරියට පෝරනුවක් ඇතුලෙ ඉන්න ගානයි.අනිත් හැමෝම වගෙ මාත් මේ අරාබියේ මරුකතරට ගියේ කහවණු හොයන්න"
මං ඉස්සරහ මේසෙ හිටපු හිනාවෙන බස්සා කිව්වා. උන්දැ එත්කොටත් හිටියෙ කරටි කැඩෙන්න ගහලා, නිකනුත් හිනාවෙන ගාණටයි.ඒ වෙනකොට එලියෙ හොඳටම හිම වැටෙනවා.එදා හිම කුණාටුවක් එනව කියල තිබ්බ දවසක්. එන්න, එන්නම හිම වැස්ස වැඩි වෙච්චි හන්දා , මං ලඟ තිබ්බ අවන්හලට රිංග ගත්තෙ, මොනවා හරි උණුවට බොන්න තිබ්බ ඕනෙ කමට වඩා හිම වැස්සෙන් බේරෙන්න. ඔරවන් ඉන්න කොටත්, හිනාවෙනව වගේ පේන මේ හිනාවෙන බස්සට මං රැවටුනේ උන්දැ මාත් එක්ක බකුසු කමට හිනාවුනා කියල හිතාගෙන. එලියෙ හිම වැස්ස, කාළගුණය, ඝර්ම කලාපීය දේශගුණය හරහා අපේ කතා බහ අරාබි මරු කතර දිහාටත් ලඟා වුනා. පාඩුවෙ කෑම කන, බර වාහන රියදුරන් දෙදෙනෙක් ඇරුනාම, අවන්හලේ වැඩි සෙනගක් හිටියෙ නෑ.
"ඉතිං". මං හූ මිටි තිබ්බා.
" අරාබින්ට අපි කිව්වෙ ඔටුවො කියලා. ඒත් සුද්දො උන්ට කිව්වෙ පෙන්ගුවින්ලා කියලා. සුදුම සුදු ඇඳපු පිරිමියත්, කට්ට කලුවට කලු පොරෝගත්ත භාර්යාවත් නිසයි එහෙම කිව්වෙ, ඔය සමහරුන්ට උන්ව දැක්කහම හසන්ල, අක්බාර්ලව මතක් වුනාට, මට අදටත් පේන්න බැරි ජාතියක්, මතක් වෙන්නෙම ගල් වැද්දො.
"ඉඳලා හිටලා හොඳ අරාබියොත් හිටියට, සමස්ථයක් වශයෙන් එච්චර හොඳ මිනිස්සු නෙමෙයි. ඒත් උන්ගෙ ගෑණු, පුහ්, බලන්න එපෑ උන්ගෙ ලස්සන" මෝල්ගහක් ගිල්ලා වගේ පුටුවෙ කෙලින් වෙච්ච හිනාවෙන බස්සා කිව්වා.
" අම්මපා. ඒත් උඹ කිව්වෙ උන් හිටියෙ කලුවට මුලු ඇඟම වහගෙන කියලා. එතකොට ලස්සන දැක්කෙ. හැබෑටම උඹ ලෝගුව ඇතුලට රිංගුවා වත්ද?" ඇස් දෙක පීරිසියක් විතර ලොකු කොරාන , මං අහිංසක තාලෙට ඇහැව්වා.
" ඔන්න ඉතිං උඹත් ඇහැව්වා පුරස්නයක්? බොල , මැටි බස්සෝ ලෝගු අස්සෙ රිංගන්න ඕනෙ නෑ උන්ගෙ ඇරිලා තියෙන ඇස් දෙක ඇති ඒ ටික කියන්න. අප්පා එහෙම ඇස්, එව්වා කතා කරනවා. බලනවා බැලිල්ලක්, මුලු සරුවාංගෙම දාලා පිච්චිලා යන්න. ඒත් අපි හිටියෙ බොහොම පරිස්සමින්, මොකද අරාබියො හරිම ඊරිසියාකාර ජාතියක්, ඒකටම හරියන උන්ගෙ ආගමික නීති."
" ඔන්න ඔහොම ඉන්නකොට තමා මට එයාව මුණගැහුනෙ. එයාලත් අරාබි වුනාට, ලෙබනීස්. බටහිර උරුවට හැදිච්ච , ලෝගුව අඳින්නෙ නැති එයාලව, අනික් අරාබියො සැලකුවෙ දෙවන පුරවැසියො ගාණට. සමහර ලෙබනීස් අය ක්‍රිස්තියානි.....
යතාර්ථය ප්‍රබන්ධ තරම් ලස්සන නැත. සිදුවූ සියල්ල බ්ලොග්වල ලිවීමත් සුදුසු නැත.
-අහිංසක සොල්දාදුවා -
කතන්දර බාගෙට ඉවර කිරීමට , ලී බෝනික්කන්ට මෙන්ම බස්සන්ටද අයිතියක් ඇත.
-දොරකඩ ගහේ මූකලන් බස්සා -
