Sunday, May 3, 2015

අමතක වීම, බස්සා සහ Selective Memory Loss




ඔය වචනෙ මං මුලින්ම ඇහැව්වෙ, සැහෙන කාලෙකට ඉස්සෙල්ලා මං  වැඩ කරපු තැනකදි. දෙන්නෙක් වාද කරනවා , වෘතීය කාරණයක් ගැන.  එකෙක් අනිකාට කිව්වා "my friend, you have a selective memory loss" කියලා. මේක කිව්ව ගමන් අනිකාගෙ කට වැහුනා. බස්සා ටක් ගාලා ඒකට බුක් මාර්ක් එකක් දාගත්තා  selective memory loss - හරි ලස්සන වචනෙ. selective memory loss සහ short term memory loss අතර වෙනසක් තියනවා උනත්,  පොදු ව්‍යවහාරය සඳහා අපි මේ දෙකම  එක කැටගරියකට දාලා "අමතක වීම" කියල කියමුකො.



බස්සටත් තියනවා නෙව ඔහොම ලෙඩක්. ඒත් ඌට තියෙන්නෙ selective memory loss තමා.මං දහ අතේ දිවුරලා කිව්වත් අනිත් එවුන් කියන්නෙ, මං  මට ඕන දේ විතරක් මතක තියාගෙන අනිත් එව්වා අමතක කරනවා කියලයි. හරි, ඒක එහෙමයිම කියමුකො, ඒත් කාටද ඇහැකි ඔය හැමෝගෙම උපන් දින වගේ එව්වා මතක තියාගෙන ඉන්න 




http://www.brainbehavioroptimization.com/Images/Anatom

yOfShortTermMemory.jpg



පසුබිම



බැරිම තැන මං මේකෙ විද්‍යාත්මක පසුබිම හෙව්වා. ආ, ඔය තියෙන්නෙ  තොරණෙ විස්තරේ. 


ඒකට අනුව , අපේ මොලේ ඔය එදිනෙදාට අවශ්‍යය සිල්ලර මතක විතරක්, අධිවේගී -ඒත් සීමිත කෙටි මතකයෙ තියාගෙන, අනිත්  කුණුකන්දල් මතක ඔක්කෝම, දීර්ඝ මතකයට ගිහින් දානවා. මේක  මේ හාඩ් ඩිස්ක් එකක ඩේටා රෙකෝඩ් කරනවා වගේ නෙමෙයි, ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියක්. 



මතකය හැමවිටම සම්පූර්ණයෙන් ගෙඩි පිටින්ම ගිහින් දාන්නෙ නෑ. එහෙන් මෙහෙන් හිඩස් ඉන්න තමා ගිහින් දාන්නෙ. ඒ ඉඩ ඉතුරු කරගන්න වෙන්ටෑ? ඒත්  මොලේට ඇහැකිලු ඒ එවුවයෙ "හිස් තැන් පිරවීම " කරලා සම්පූර්ණ මතකයම නැවැත ප්‍රති-නිශ්පාදනය කරන්න. සමහර විට අපි " මේ දිව අග තිබ්බා, ෂහ්, මොකක්ද, මේ මතක නෑනෙ?" කියල ඔලුව කසන්නෙ ඒක වෙන්න ඇති. ආ. ඔලුව කැසිල්ල සහ මතකය අතර සම්බන්ධයක් නම් ඒකෙ කියල තිබ්බෙ නෑ.








http://www.extremetech.com/wp

-content/uploads/2013/09/340-640x426.jpg

මේ තියන්නෙ neural network  එකක පිංතූරයක් .එව්වයෙ තමා මේ මතක කොටස් ගබඩා කරන්නෙ. වෙසක් එකට බලුප් දැම්මා වගෙ ලස්සනට තියෙන්නෙ සම්පූර්ණ මතක රාමුවක්, නැත්නම් සිද්ධියක්  නැවත මතක් කරගන්න කොට , එව්වා අතර ඇතිවෙන සම්බන්ධ.



මං පොඩි අවවාදයක් දෙන්නම්.  ආකාසෙ තියෙන තරු ග්‍රහලෝක එව්වා ඇති වෙච්ච හැටි වගේම, මිනිස් මොලේ වැඩ කරන හැටි ,මතක තියාගන්න හැටි ගැන ඕනවට වැඩිය හොයන්න යන්න එපා. මොකද එව්වා මොලේ මඤ්ඤං වෙන්න මුල. කොටින්ම මේ හුදී ජන අපි ඔහෙල තියා වෛද්‍ය විශේෂඥයො උනත් එව්වා ඔක්කෝම දන්නෙ නෑ. එව්වා එච්චරම ලේසි නැති නිසා නෙව, කණට එකයි , ඇහැට එකයි කිය, කිය වෙන වෙනම විශේෂඥයො ඉන්නෙ? ඈ, එහෙම වෙන්නෙ නෑ කිව්වා ,? හහ්, සාධක ඕනා ?





ඇයි මනුස්සයො, මීට කලින් මොලේ කචල් වෙච්ච බස්සෙක් දැකලම නැහ්ද?



හරි මෙන්න දවසේ වැදගත්ම සොයා ගැනීම.  මතක තියා ගන්න එක වගේම, අමතක  කරවන එකත් , එක වගේම වැදගත් මොලයේ ක්‍රියාවලියක්. ඇයි නේද?   නිකමට හිතන්නකෝ, අපේ  ජීවිතේ දුක්මුසුම අවස්ථාවක( මගේ නං, අම්මා නැතිවෙච්ච දවස) තිබ්බ දුක ඒ විදිහටම සදහටම තිබ්බ නං මොකද වෙන්නෙ කියලා?



දැං තේරෙනව නේද, අමතක වෙන එක මගේ නෙමෙයි, මොලේ වැරද්ද කියලා ?



You are Not Alone 



ඔය අමතකවීම ගැන සිංදු එහෙමත් ලියවිලා තියනවා . මෙන්න එකක්:

" ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුනා ". එහෙම කිව්වෙ මිල්ටන් පෙරේරා ගායකයා. ඊට පස්සෙ එයා මනෝ විද්‍යාව පැත්තට බර වෙන්න මෙහෙම කියනවා.



" උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතයි"



මතකය ගැන ප්‍රසිද්ධ පුද්ගලයන් කිව්ව එව්වා :




ගරු සිල්වා මැටිතුමා : කොලොන්නාවෙ සිද්දිය ගැන මට මුකුත්ම මතක නෑ( සභාවේ කසු කුසු " වෙඩි වැදුනෙ ඔලුවට නේද, එහෙම නං මොලේට හානියක් නැතුව ඇති?")



හිටපු කොටි නායකයෙක්: සිංහයොන්ට යමක් මතක තියෙන්නෙ සති දෙකයි



ටෙලි නාට්‍ය නිලියක් :හිටපු පෙම්වතුන් ගානවත් මට මතක නෑ.

 (අවුලක් නෑ,මොනව වුනත් ඇත්තම කිව්වා)






http://atomictoasters.com/wp-content/

uploads/2011/01/post-it1-e1294897015964.jpg



මෙන්න කණ සාක්කුවෙ හිටින්න බීපු වෙලාවක ,  ඔය නං-ගම් එහෙම උදේට අමතක වෙලා වෙන හදිසි අනතුරු වලට කදිම විසඳුමක්:


simply "post-it"









ඔය අමතක වීම ගැන බොහොම අපූරු සිත්තරපටි හදලා තියනවා.




http://images2.fanpop.com/image/photos/14400000/

City-Lights-charlie-chaplin-14440733-1600-1258.jpg



City Lights එහෙම අපූරු චාලි චැප්ලින් සිත්තරපටියක්, අර ලඟ නමා ගත්තාම විතරක් මතක්වෙන සල්ලිකාර මිත්තරයගෙ කතාව. 










http://www.savingcase.com/

wp-content/uploads/2011/10/Dori.jpg




තව මතකයි නේද  Finding Nemo එකේ හිටිය ඩෝරිව











මෙන්න අමතක වීම ගැන මම බලපු පට්ටම සිත්තර පටියක්. 





මේක ඇත්තම කතාවක්. කිරියි, පැණියි වගේ ඉන්න තරුණ ජෝඩුවක්. හදිසි අනතුරක්. කෝමා එකකට පස්සෙ බිරිඳට සිහිය එනවා. ඒත්  මතකයෙ පහුගිය අවුරුදු පහ අමතක වෙලා. සැමියාව මතක නෑ. මතක පරණ පෙම්වතාට  , විවහා ගිවිසගෙන හිටිය එක. කෙල්ල පෝසත්, හිතූමතේට කෙරිච්ච විවාහයක්. බොරදියේ මාලු බාන්න ලෑස්ති වෙන කෙල්ලගෙ පෝසත් දෙමව්පියෝ සහ පරණ පෙම්වතා මැද අසරණ වෙන සැමියා.



මේ කතාවට  මං කැමතියි. ජීවිතයේ  දවසක , තමන්ට  හුඟක්ම ලඟින් හිටපු, තමන් හොඳටම දන්නවායැයි හිතපු කෙනෙක්, හිටපු ගමන් අමුත්තෙක් වගේ හැසිරෙන්න ගත්ත වගේ අත්දැකීමකට මුහුණ දීලා තියෙනවා නම්, ඔහෙලත් මේකට කැමති වෙයි.



අනිත් කාරණේ තමා, රේෂල් අපේ සාවියෙ. ඔය කියන්නෙ ඩවුන් ටවුන්වල බයිසිකල් පදිනවා කියල


























people will forget what you said, people will forget what you did, but people will never forget how you made them feel.


- Maya Angelou -




Huh,forgive and forget?

I'm not God and I don't have Alzheimer's.


- D.G.M බස්සා -







Tuesday, April 28, 2015

කුකුළෙක් එකසිය පනහයි සහ කියුරියස් බස්සා

මේ වසන්තයක් හින්දා , මටත් වෙච්ච දෙයක්? හරි, ඔහෙල සමහර විට මේ කතාව අහලත් ඇති, ඒත් මට බුදු සුවර් කියුරියස් බස්සගෙ කතාව නං අහල නැතිබව, මොකද ඒක දන්නෙ ටික දෙනයි නිසා.

ඕන්න එකෝමත් එක ගමක හිටියලු කොල්ලෙක්. දැං ඉතිං අහන්න එපා කොයි ගමේද, ලංකාවෙද, නම මොකද්ද වගේ පුරස්න? මේකාත් අර එළදෙන විකුණන්න ගිය ජැක් වගේ එකෙක්. කොහෙද ගෙදරක වැඩ කර කර ඉඳලා කිව්වලු ගමේ ගිහින් එන්න ඕනෙ කියලා. කොලුවගෙ වැඩ හොඳ හින්දා, හාම්පුතා පඩියත් දීලා, බෝනස් විදිහට කුකුළෙකුත් තෑගි දුන්නලු.

දැං අපේ කොලුවා කුකුළත් කිහිල්ලෙ ගහගෙන ගමට එනවලු. දැං මේකා කල්පනා කරනවලු, කුකුල්ලු බිත්තර දාන්නේත් නෑ, ඒ හින්දා කුකුළව විකුණන්න. එහෙම හිතලා පටන් ගත්තලු " කුකුළෙක් එකසිය පනහයි,කුකුළෙක් එකසිය පනහයි" කියන්න. දැං ගෙදරටත් වැඩි දුරක් නෑලු. අහල පහල තිබ්බ ගම ගෙදරකට ගිහිල්ලා දොරට තඩි බෑවම, ගම මහගෙ දොර ඇරියලු.. කොලුවත් ජම්බෝලෙ වගේ, ගමරාළත් ගෙදර නැති නිසා කිව්වලු " ලමයා , ගේන්න බලන්න කුකුළ කියලා"

"ගන්න හාමිනේ, ලාබයි, කුකුළ එකසිය පනහයි" කිව්වම, ගම මහගෙ කිව්වලු " හා, හා වරෙන්කො මෙහෙ කාමරේටම" කියලා. කොලුව කෝකටත් කුකුළව අත්හැරියෙ නෑලු, ගියේ ඌවත් කිහිල්ලෙ ගහගෙනමලු. ගම මහගෙ ගෙදර දොරත් වහල දැම්මලු. කොළුව කාමරේට ගිය ගමන්, කව්ද ඉසරහ දොරට තඩි බාන්න ගත්තලු. ගමරාළ ඇවිත් කියල බයවෙච්ච ගම මහගෙ කොල්ලව විගහට අල්මාරියට දාලා දොර වැහුවලු. දැං කොලුව කරුවලේ, අල්මාරිය අස්සෙ, හැබැයි තාම කුකුළ කිහිල්ලෙ. කරුවලට ඇස් හුරු වුනාම , කොලුවට තේරුනලු, තව කවුරු හරි අල්මාරිය ඇතුලෙ ඉන්නවා, දැං කොලුව කල්පනා කරනවලු, තව කොච්චර වෙලා මේකෙ ඉන්න වෙයිද දන්නෙත් නෑ, කස්ටමර් කෙනෙකුත් ඉන්න එකේ බිසිනොස් එක කරගන්න ඕනෙයි කියලා. " හා,කුකුළෙක් එකසිය පනහයි,ගන්නවද"

අනිත් එකා කිව්වලු, " එකසිය පනහට ,ඉඳා තුන් සීයක්, කුකුළත් උඹම තියාගෙන , වහගනින් තොගේ කට" කියලා.
පස්සෙ ගම මහගෙ , කරුවල වැ‍ටුනට පස්සෙ එකා, එකා අල්මාරියෙන් එලියට ගත්තලු. දැං අපේ කොලුව ගෙදරට සැපත් වුනාම දැක්කලු, උගෙ බාප්පා පිල් කණ්ඩිය උඩ ඇණ තියාගෙන ඉන්නවා. කොලුව කිව්වලු " බාප්පෙ, මේ කුකුළ හරිම වාසනාවන්ත එකා බං, ගනින් එකසිය පණහයි" කියලා.

බාප්ප කිව්වලු " ‍තෝ මේ මඟුලක් කියනවා, මට කුකුළෙක් හින්දා , තුන්සීයකටම කෙල වෙලා ඉන්නෙ " කියල.

********************************
ඔය අහුමුළුවලට කො‍ටුවෙලා , කරන්න දෙයක් නැතුව ඉන්නව නේද, අම්මපා එතකොට එනව නෙව ඔය වගේ මරු අයිඩියාස්, බස්සා ඕක අද්දැකීමෙන්ම දන්නවා.

බස්සා ඇඹිටිල්ලං ඇටයා කාලෙ, කරපු සෙල්ලමක් තමා හැංගි මුත්තං. ඔන්න මේ කියන දෛවෝපගත දවසෙත්, බසු පැටියා අහල පහල කෙලි , කොලු කුරුට්ටොත් එක්ක පටන් ගත්තා හැංගි මුත්තං සෙල්ලම. කාවද හොයන එකාට තියලා, අනික් කට්ටිය හැංගුනා. බස්සා කෙලින්ම ගියේ උගේ ෆේවරිට් හයිඩින් ස්පොට් එක - ඉස්සරහ කාමරේ අල්මාරිය පිටි පස්සට. නැන්දලගෙ, අල්ලපු ගෙදරට නෑ ගම් ඇවිල්ල හිටිය, සුදු මාමගෙ කෙලි පොඩ්ඩි ආවෙ නැතෑ එතනටම ,මයෙ නැට්ට වගේ?

දැං ඔන්න පොඩි එව්වො දෙන්නා මූණට මූණ බලාගෙන සෑහෙන වෙලාවක් ඔහොම හිටියා. හොයන එකා ආවෙත් නෑ, දැං බස්සට කම්මැලියි. ඌටත් අර කුකුළ කිහිල්ලෙ ගහගත්ත කොල්ලට හිතුන දේම හිතුනා. කස්ටමර් කෙනකුත් ඉන්නවා, කරන්න වැඩකුත් නෑ....බස්සා දැම්මා බිසිනොස් ප්‍රපෝසල් එක" " ඔයා ඔයාගෙ එක පෙන්නන්න, මං මගෙ එක පෙන්නන්නං".කොහොමත් බස්සා ඉස්සර ඉඳලම ඔය නොදන්න එව්වා ගැන බොහොම කියුරියස්. විස්වාස කරන්න, මේ මෝඩ කෙල්ල "හා" කිව්ව නෙව? බස්සාගෙ විද්දියාත්මක ගවේෂණය ඉවර වුනාම, මේකි කිව්වෙ නැතෑ" හා, දැං ඔයාගෙ එක පෙන්නන්න" කියලා. ඇයි සීවරං දෙයියනේ, එහෙමත් ඇහැක? අනික මං ලජ්ජා බයට හැදිච්ච බකුසු පැටියා වෙච්චි. කලසං කොටේ දැතින්ම අල්ලා ගත්ත බස්සා " මට බෑ" කියලා පැනලා දී....ව්වා.
කෙල්ල අඬාගෙන ගිහින් අපේ සීයට පැමිණිලි කලා. සීයා නඩු විභාගෙට මාව කැ‍ඳෙව්වා. එතකොටත් කෙල්ල , මූණත් රතු කරගෙන බෑඟිරි ගගහා අඬනවා. මාව දැක්ක විතරයි පටන් ගත්තෙ නැතැ මතුරන්න , අර ඉන්ඩීසන් ප්‍රපොසල් එක: " එයාටත් පෙන්නන්න කියන්න,එයාටත් පෙන්නන්න කියන්න" කියන්න කිය, කිය.අපේ සීයා බොහොම දැණුම් තේරුම් තිබිච්ච මනුස්සයා. උන්දැ කොලේ මගෙ කණෙන් ඇදන් ගිහින් පස්සා පැත්තට, වේවැල් කසාය වඩියක් දීපු එකයි.

කොහොමින් හරි , පස්සෙ කාලෙක නැන්දලා අපි එක්ක අමනාප වුනා. කෝකටත් සූජානං සරීරෙ කියලා ,මම නෙමෙයි සුදු මාමලෑ ගෙවල් ලඟින්වත් ගියේ. ඇයි කියන්න බෑ නොවැ, ඇරියස් එකකුත් තියෙන එකේ, මොනවා කරයිද කියලා.

ලමයින්ට දඬුවම් කිරීම ගැන මට නං තියෙන්නෙ මිශ්‍ර හැඟීමක්. මම නං ඉසේ කෙස් ගාණට ගුටි කාලා තියනවා. ඒ ගැන මගේ වැඩිහිටියොන්ට, මං නං අදටත් පිං දෙනවා, මොකද මං වහේ ඇට්ටර බස්සෙක් හැදුනෙ ඒ නිසා. මම මොකද්ද විභාගයක් පාස් වෙච්චි වෙලාවෙ අපේ අම්මා බොහොම ආඩම්බරෙන් කාතෙක්කද මෙහෙම කිව්වා " ඔය මගේ අතේ වැරෙනුයි, කටේ බලේටයි තමා ". මං හිනාවෙලා නිස්සද්දව හිටියා.

මට සමහර වෙලාවට, මේ ටිකකට ඉස්සෙල්ලා කරපු දේ අමතක වෙනවා. ඒත් වැදිච්ච පාරෙ සැරටද මන්දා, මේ වගේ කල්පාන්තෙකට ඉස්සෙල්ල වෙච්ච දේවල් තාමත් මතකයි:) 

Karma is a bitch....

ඊට ටික කාලෙකට පස්සෙ අපේ ගමේ වෙදාගෙ කෙල්ලො සැට් එක ඉස්සරහ, බස්සගෙ කලිසම ගැලවුනා.ඔය හිටියෙ , හිකි, හිකි ගගා, නැට්ටිච්චියො ටික.මං අහන්නෙ උන් මොකටද එතන කැරකුනේ? තාත්ත නෙව වෙදා? ඒ මේ අසමහ්ජාති කූඩැල්ලෙක් නිසා. ඒ අවලමාට කන්න වෙන තැනක් තිබුනෙම නැත්ද මන්දා?

Monday, April 27, 2015

Saturday, April 18, 2015

එදත් පක්සියා, අදත් පක්සියා











මට කතන්දර ලියන්න බෑ කියල හොඳටම තේරුනට පස්සෙ,  අත්ත උඩට වෙලා  බුම්ම ගෙන ඉන්න කොට , ආව නෙව මයෙ අසල්වාසී බ‍ටු මීයා.



" මොකද බොල නිකං නයා මැරිච්ච අහිකුණ්ටිකයා වගේ ඉන්නෙ"



" නෑ බං , බලාපං අනිත් එවුන්  අර වසන්තෙද මොකද්ද එකට එකසිය ගාණට ලියනවා,  මාත් ඉතිං දන්න තාලෙන් මොනවා හරි ලියන්න හැදුවා, හරියන්නෙම නෑ නෙව?"





ඔය මී කස්ටිය හොඳ ලේඛකයො.  පොත් ලියන්න ඔස්තාර්ල. ලියනවා නිකං  මැල්ලුම් ගාණට.



" එක නෙමෙයි, මී මචෝ, බැයිද මට පොඩි  තල්ලුවක් දෙන්න? නිකං  පොඩි ආදර්ශයක් වගේ එකක්, හොඳ කතාවක් ලියන්න  මාත්තුරුකාවක් වගේ එකක්?"





" බස්සෝ, හොඳ කතා කාරයෙකුට  තමන් දකින ඕනම දෙයක් කතාවකට පෙරලන්න ඇහැකි.මතක නෙව අපිත් එක්ක ගහයි, පොත්තයි වගේ හිටිය හාදයා. එයා බ්ලොග් එකක කමෙන්ට් එකක් දාන්න ගියත් , ආපහු එන්නෙ මාත්තුරුකා  දෙක තුනක් හොයාගෙන.උන්නැහෙව ආදුරුසෙට ගනින්. හා,දැං බලාපං මෙන්න මේක. බලල කියාපං උඹට හිතෙන දේ"











" අම්මට හුඩු, කව්ද බං ඒ ගිණි කිකිලි? ඇඟේ බූල් තියෙන කස්ටිය කියල නේද කිව්වෙ? අපේ නැටිලස්.... එක්කො ඕනෙ නෑ, අයෙ මොකටෑ මං ඔව්වා කියන්න ගිහිල්ලා ඉල්ල ගෙන කන්නෙ? 



" බොලං, මැටි බස්සෝ තොට නං ලේඛන කලාව කියන එක ගෑවිලාවත් නෑ, අර අසරණ  නැට්ට නැති සතාව  මේකටත් පටලන්න නේද හැදුවෙ?. හරි , එහෙනං මෙන්න මේක බලල කියාපං හිතෙන දේ?"









" බුදු අම්මෝ"



" හෑ, එච්ච්රමද හිතෙන්නෙ?"



" නැතුව? අර වගේ තඩි යකඩ බෝලෙකින් පහරදීලා, බවුමික මොකද්ද එක උල්ලංගනය කරලා, කලිසම ඔලුවෙන් ගැලෙව්වාම , වෙන මොනවද කියවෙන්නෙ?"



" ‍තෝ බස්සෙක් නෙමෙයි, පොලොස් කොට්ටෝරුවෙක්. මේ වගේ එකක් දිහා ප්‍රවීණ ලේඛකයො වගෙ බලන්න ඕනෙ අමුතු කෝණෙකින්"



"හරි, ඉතිං උඹම ඔය අමුතු කෝණෙන් බලල කියපංකො එහෙනං?"



" කතාව පටන් ගන්න ඕනෙ ප්‍රධාන නලුවගෙන්"



" හරි, ඒ කිව්වෙ අර කලිසම නැති වෙච්ච කොලුවගෙන් නෙව?"



" නෑ, එයා නෙමෙයි ප්‍රධාන නලුව"



" හෑ, එතකොට " දැක්කද  ජම්ප් එක" නෝන ද?"




ප්‍රධාන නලුව



" ඔය මං කිව්වෙ, මෙව්ව පේන්න  කලා ඇසක් ඕනෙ කියලා? බොහොම බැරෑරුම් විදිහට මං දිහා බලපු බ‍ටු මීයා කිව්වා. "ප්‍රධාන නලුව ඉන්නෙ බොහොම පොඩි වෙලාවයි.  බෝලෙ ජනේලෙ වදින්න ටිකකට කලින්, එයා  බලල, පැනල යනවා"


"අම්මපා , බලාපංකො මට එහෙම එකෙක් හිටියද කියලවත් මතක නැති හැටි?"




" මෙන්න මෙහෙමයි කතාව" උගුර පාදපු මීයා කිව්වා. "ඔය කෙල්ලගෙ බළලා , කොලුව හොරෙන් අරන් යනවා. ඒක තමයි අර බෝලෙන් ගහන්නෙ ජනේලෙ කැඩෙන්න. ඊට පස්සෙ ජම්ප් එක දාලා කාමරේට පනිනවා , කාමරේ දොර ලොක් කරල නිසා, බළලව අල්ල ගන්න"



" එතකොට අර කලිසම?"



" ඇයි, බොල, ඒ වගේ නසරානි වැඩක් කරපු එකෙකුට කලිසමක් ඇඳගෙන හිටියෑකියෑ. එක්කො උන්දැම ඒක ගලව ගන්නවා, ඇත්නං  කෙල්ල ඒක ගලවනවා ඔලුවෙන්"




මට නිකං ඔලුව කැරකෙනව වගේ තේරුනා, මං හිතන්නෙ මාව අත්තෙන් පහලට වැ‍ටුනෙ, ඔලුව පහලට හිටින්න වෙන්න ඇති





Sunday, April 12, 2015

කාන්තාරයේ රෝස කුසුම සහ කතන්දර කියන පූසා


කතන්දර කියන පූසා:






"ඉතිං ඊට පස්සෙ සියල්ලෝම සතුටින් ජීවත් වුනා" පොත වැහුව පූසා කිව්වා.




"අනේ පලයං  පූසො යන්න. උඹ හැමදාම කතන්දරේ කියන්නෙ බාගෙට. දැන් බලාපං, ඔය පොතේ පහෙන් එකක්වත් ඉවර නෑ, උඹ කඩේ වැහුව නෙව", මෙච්චර වෙලා කතාවට හූමිටි තිය, තිය හිටිය බලු තඩියා කිව්වා.



" ‍තෝ නං මහ ගුණමකු වල් බල්ලෙක්. මෙච්චර කාලයක් බොට සතියට දවස් තුන ගානෙ කතන්දර කියපුව ගැන ගාණක්වත් තියනවද? උඹ හිතන්නෙ අර මහගෙත් එක්ක මේ වැඩේ  ගෙනිච්ච එක ලේසි පාසු කාරියක් කියලද? අම්මපා මට දැන් ඇතිවෙලා තියෙන්නෙ. මේ උලව් කතන්දර කියවිල්ල නිසා , මට කොච්චර නං දේවල් නැතිවෙලා තියනවද?" . පූසා නාහෙන් අඬන්න තිබා ගත්තා.



" හරි, හරි, මං එහෙම කිව්වට, උඹ හොඳ එකා වග මං නොදන්නවැයි? ඒක නෙමෙයි මොනවද උඹට  නැතිවුනාය කිව්වෙ? මේ මාලු ක‍ටු, හාල් මැස්සො ඔලු වගේ එව්වද?"බලු තඩියා ඇහැව්වා.





කාන්තාරයේ රෝස කුසුම : (sweet but toxic)






"ගිණියම් වෙච්ච වැල්ල, තද ඉර එලිය වැල්ලට වැටිලා  ඇස් කණවෙන තරමට දිලිසෙනවා. ඉඳහිටලා හුලං පොදක් හමනවා. ඒක සිසිල්  සුළං පොදක් එහෙම නෙමෙයි. රත් වෙච්ච හුලඟ , හරියට පෝරනුවක් ඇතුලෙ ඉන්න ගානයි.අනිත් හැමෝම වගෙ මාත් මේ අරාබියේ මරුකතරට ගියේ කහවණු හොයන්න"



 මං ඉස්සරහ මේසෙ  හිටපු හිනාවෙන බස්සා කිව්වා. උන්දැ එත්කොටත් හිටියෙ කරටි කැඩෙන්න ගහලා, නිකනුත් හිනාවෙන ගාණටයි.ඒ වෙනකොට එලියෙ හොඳටම හිම වැටෙනවා.එදා හිම කුණා‍ටුවක්  එනව කියල තිබ්බ දවසක්. එන්න, එන්නම හිම වැස්ස වැඩි වෙච්චි හන්දා , මං  ලඟ තිබ්බ අවන්හලට රිංග ගත්තෙ, මොනවා හරි උණුවට බොන්න තිබ්බ ඕනෙ කමට වඩා හිම වැස්සෙන් බේරෙන්න. ඔරවන් ඉන්න කොටත්, හිනාවෙනව වගේ පේන මේ හිනාවෙන බස්සට මං ‍රැව‍ටුනේ උන්දැ මාත් එක්ක බකුසු කමට හිනාවුනා කියල හිතාගෙන. එලියෙ හිම වැස්ස, කාළගුණය, ඝර්ම කලාපීය දේශගුණය හරහා අපේ කතා බහ අරාබි මරු කතර දිහාටත් ලඟා වුනා. පාඩුවෙ කෑම කන, බර වාහන රියදුරන් දෙදෙනෙක් ඇරුනාම, අවන්හලේ වැඩි සෙනගක් හිටියෙ නෑ.



"ඉතිං". මං හූ මිටි තිබ්බා.



" අරාබින්ට අපි කිව්වෙ ඔ‍ටුවො කියලා. ඒත් සුද්දො උන්ට කිව්වෙ පෙන්ගුවින්ලා කියලා. සුදුම සුදු ඇඳපු පිරිමියත්, කට්ට කලුවට කලු පොරෝගත්ත  භාර්යාවත් නිසයි එහෙම කිව්වෙ, ඔය සමහරුන්ට උන්ව දැක්කහම හසන්ල, අක්බාර්ලව මතක් වුනාට,  මට අදටත්  පේන්න බැරි ජාතියක්, මතක් වෙන්නෙම  ගල් වැද්දො.


"ඉඳලා හිටලා හොඳ අරාබියොත් හිටියට, සමස්ථයක් වශයෙන් එච්චර හොඳ මිනිස්සු නෙමෙයි. ඒත් උන්ගෙ ගෑණු, පුහ්, බලන්න එපෑ උන්ගෙ ලස්සන" මෝල්ගහක් ගිල්ලා වගේ පු‍ටුවෙ  කෙලින් වෙච්ච හිනාවෙන බස්සා කිව්වා.



" අම්මපා. ඒත් උඹ කිව්වෙ උන් හිටියෙ කලුවට මුලු ඇඟම වහගෙන කියලා. එතකොට ලස්සන දැක්කෙ. හැබෑටම උඹ ලෝගුව ඇතුලට රිංගුවා වත්ද?"  ඇස් දෙක පීරිසියක් විතර ලොකු කොරාන , මං අහිංසක තාලෙට ඇහැව්වා.



" ඔන්න ඉතිං උඹත් ඇහැව්වා පුරස්නයක්? බොල , මැටි බස්සෝ ලෝගු අස්සෙ රිංගන්න ඕනෙ නෑ උන්ගෙ ඇරිලා තියෙන ඇස් දෙක ඇති ඒ ටික කියන්න. අප්පා එහෙම ඇස්, එව්වා කතා කරනවා. බලනවා බැලිල්ලක්, මුලු සරුවාංගෙම දාලා පිච්චිලා යන්න. ඒත් අපි හිටියෙ බොහොම පරිස්සමින්, මොකද අරාබියො හරිම ඊරිසියාකාර ජාතියක්, ඒකටම හරියන උන්ගෙ ආගමික නීති." 



" ඔන්න ඔහොම ඉන්නකොට තමා මට එයාව මුණගැහුනෙ. එයාලත් අරාබි වුනාට, ලෙබනීස්. බටහිර උරුවට හැදිච්ච , ලෝගුව අඳින්නෙ නැති එයාලව, අනික් අරාබියො සැලකුවෙ දෙවන පුරවැසියො ගාණට. සමහර ලෙබනීස් අය ක්‍රිස්තියානි.....


යතාර්ය ප්‍රබන්ධ තරම් ලස්සන නැත. සිදුවූ සියල්ල බ්ලොග්වල ලිවීමත් සුදුසු නැත.

-අහිංසක සොල්දාදුවා  -



කතන්දර බාගෙට ඉවර කිරීමට , ලී බෝනික්කන්ට මෙන්ම බස්සන්ටද අයිතියක් ඇත.

-දොරකඩ ගහේ මූකලන් බස්සා -












Saturday, April 4, 2015

ගොයම් මැස්සෝ සහ සිත්තරපටි බස්සෝ




බොහොම කාලෙකට ඉස්සර කියවපු කතාවක් කෙටි මතක් වුනා. කතාවෙ නම නං මතක නෑ, මයෙ හිතේ ඩබ්ලිව් ඒ සිල්වා මහත්තයා ලියපු කතාවක්ද කොහෙද:





එක ගමක ඉන්නවා යමක්  කමක් තියෙන මුදලාලි කෙනෙක්. ඉස්සරහා ගෙදරට එනවා ඒජන්ත උන්නාන්සෙ කෙනෙක්. මේ  යටත් විජිත කාලේ කතාවක්. ඔය වකවානුවෙ, ආණ්ඩුවෙ ඒජන්ත කියන්නෙ , බොහොම ලොකු සිවිල් බලයක් තිබ්බ තනතුරක්.  මුදලාලියා ටිකක් නාහෙට නාහෙන ගොබිලෙක්, ඒජන්තව සත පහකට ගණන් ගන්නෙ නෑ. ඊටත් වඩා ඒජන්තට  ඉවසන්න බැරි, පුරුද්දක් මේ මුදලාලිගෙ තියනවා. සති අන්තෙ කියන්නෙ,  ඒජන්ත  එයාගෙ වැදගත් යාළුවොන්ව ගෙදරට කැඳවලා සතු‍ටු සාමිචියෙ යෙදෙන දවස.මුදලාලියා මේ  වැඩේ පටන් ගන්නෙ එදාට.




ඉරිදා මුදලාලිගෙ නිවාඩු දවස. මුදලාලි උදේම නාගෙන එනවා ඉස්තෝප්පුවෙ හාන්සි පු‍ටුවට. ලඟ තියෙන කනප්පුවෙ  තියාගන්නව, බැදපු අල පීරිසියකුයි, නැ‍ටුං තෙල් බාගෙ බෝතලයකුයි. තව තියනවා රේඩියෝ කට්ටකුත්. සද්දෙ වැඩිවෙන්න රේඩියෝව දාගන්න මුදලාලි , කකුල් කෙටි දෙකත් හාන්සි පු‍ටුවෙ ඇඳි දෙක උඩ තියාගෙන  වන, වන දැහැන් ගත වෙනවා.



තමන්ගෙ වැදගත් මිතුරන් ඉස්සරහා මේ  මුදලාලියාගෙන් වෙන මදි පුංචිකමට කර කියාගන්න දෙයක් නැතුව ඉන්න එජන්ත තැන, දහ අතේ කල්පනා කරලා ගහනව ප්ලෑනක්. මුදලාලිට දෙනවා, මොකක්ද ගරු තානාන්තරයක්.  ඒක ට්‍රෝජන් අස්පයක්. දැන් මුදලාලියා ඉන්නෙ එජන්ත යටතේ, පහුවෙනි  ඉරිදා සුපුරුදු ආතල් එක ගන්න සෙට් වෙන මුදලාලියාට කතා කරන ඒජන්ත මෙහෙම කියනවා" අයිසෙ, අපි මේ වැදගත් සාකච්චාවක් කරන්නෙ, වහල දානවකො ඔහෙගෙ ඔය කං කරච්චල් රේඩියෝව". එතකොටයි මුදලාලිය තේරෙන්නෙ එජන්ත ඇරපු ඇරිල්ල :)



මං මේ කතාව කිව්වෙ , මගෙ සති අන්ත සිත්තර පටි බලන සෙටප් එකත් ටිකාක් ඒ වගේ නිසා. මං සිත්තර පටි බලන්නෙ කොම්පීතරේ. ඇඳි පු‍ටුවෙ දිගෑදිලා,  කකුල් දෙක තියාගන්නවා බංකුව උඩ. දාගන්නවා හෙඩ් ෆෝන් දෙක. 



ඔය සිත්තර පටිවල සවුන්ඩ් කියන එක බොහොම වැදගත්. ඕකෙ තියනවා නෙව "ඩයිනමික් රේන්ජ්" කියලා උලව්වක්. ඒ කියන්නෙ , අඩුම සද්දෙ ඉඳලා , වැඩිම සද්දෙට තියෙන පරාසය. අපි සිත්තර පටි බලන්නෙ මැද සාලෙ නං, වොලියුම් ටිකක් වැඩිකරලා තියන්න වෙනවා, මොකද නැත්නං අර අඩුම සද්ද නෑහෙන නිසා. දැං එහෙම වොලියුම් සෙට් කලාම, හිටපු ගමන්  අර වැඩි සද්ද එනවා තැපැලෙන්, ඔලුවට පොල්ලෙන් ගැහැව්ව වගේ .  එතකොට අල්ලපු ගෙදර එකා කෝල් කරනවා පොලෝසියට.



ඔය පුරස්නෙ නිසා ටීවී වල තියනවා සෙටින්ග් එකක් ඔය ඩයිනමික් රේන්ජ් එක සප්ප්‍රෙස් කරන්න. එතකොට පොලොසියෙන් එන්නෙ නැ, හැබැයි අර කික් එක එන්නෙ නෑ. ඔය පුරස්න නිසා මං පාවිච්චි කරන්නෙ හෙඩ් ෆෝන්. මයි කාර් - මයි පැස්ටෝල් -මයි  හෙඩ් ෆෝන්.



කොම්පීතරයක් කියන්නෙ සිත්තර පටි බලන්නම හදපු මැසිමක් නෙමෙයි නෙව. හොඳ බ්ලු-රේ කොපියක් බාගත්තාම වීඩියෝ වල අවුලක් නැති වුනාට , සවුන්ඩ් පැත්ත ටිකක් දියුණු කරගන්න වෙනවා. ඉස්සෙල්ලාම හොඳ කොපියක් වෙන්න ඕනෙ. ඒකනෙව බ්ලූ-රේ බාන්නෙ. AC-3 කියන සවුන්ඩ් ෆෝමැට් එක හොඳා.

ඊලඟට අවශ්‍ය වෙනවා AC-3  හාඩ්වෙයා සපෝට් එක තියෙන සවුන්ඩ් කාඩ් එකක්. එව්වා ටිකක් ගණන්. හොයා ගත්තා , යාළුවෙක්ගෙන් රෙපෙයාර් එකකට ඇවිත් ඉතුරු වෙච්ච පරණ සවුන්ඩ් බ්ලාස්ටර් කාඩ් එකක්. හයි කලා, ඒත්  ඩ්‍රයිවර්ස්  තියෙන්නෙ XP වලට විතරයි. ඒක තමා මැනුෆැක්චර්ලගෙ ගේම, ඒ කියන්නෙ ගනින් අලුත් එකක් කියලයි. හහ්, මං ගනියි එව්වා, මං ලංකාවෙ බස්සෙක් නෙව. 



 Daniel_K කියන අපූරු හාදය ලියල තියනවා මේවගෙ  පරණ කාඩ්වලට ඩ්‍රයිවර් එකක්. දැම්මා ඒක, ඔක්කොම  නැති වුනත්, අවශ්‍යම කරන ටික වැඩ. දැං අවශ්‍ය වෙනවා හොඳ හෙඩ් ෆෝන් එකක්. නෑ, නෑ අර අස්ප ගණන් වල එකක් නෙමෙයි, ඒත් තරමක් හොඳ තත්ත්වයේ එකක්.



සේල් දාලා තියෙන වෙලාවට , හාෆ් ප්‍රයිස් වලට ගත්තා මේක. ue 4000හොඳ භාණ්ඩෙ. සැබෑ වෙනසක් තියනවා. කලින් නෑහිච්ච සද්ද ඔක්කොම දැන් ගාණට ඇහෙනවා.Logitech   හෙඩ් ෆොන් ගැන  වගකියන්න බෑ, ඒත් මේක හදන්නෙ එයාල නෙමෙයි. එයාලා මිලදී ගත්ත වෙන කම්පැණි එකක් . අර UE කියන්න එකයි. වටේ තියෙන පැඩින් එක මෙමෙරි ෆොම් වගේ නිසා කණ් සීල් වෙන්න සෙට් වෙනවා. සෑගෙන ගාණකට බේස් තියන්වා. හෙඩ් ෆෝන් වල දුර්වලම කොටස තමා වයර් එක. මේකෙ  ඒක වෙනම ප්ලග් කරන්න පුළුවන්. මං පාවිවිචි කරන්න on-line  එකයි පනහ ගානෙ සැට් එකක්ම ගෙන්න ගත්තා. නෑ, නෑ එකයි පනහ, හෙඩ් ෆෝන් නෙමෙයි, වයර් :)












මේකෙ UE 6000 එහෙම ගන්න නං එපා, ඒක අස්ප ගණන්. එකම වෙනස මේක on ear වර්ශන් එක. මුලදි ටිකක් අපහසු වුනාට පුරුදු වුනාම හරියනවා, Over the ear එව්වා වගේ කන් රත් වෙන්නෙ නෑ.



මං හැම සිත්තර පටියම හයි කොලිටිම බාන්නෙ නැ. කතාව හොඳටම අල්ලලා ගියොත් විතරක් හොඳම කොලිටි එකෙන් ආයෙ බාලා කලෙක්ෂන් එකට දානවා. ඒත් පුළුවන් හැම වෙලාවෙම AC-3 තියෙන කොපියක් බාන්න බලනවා, ඒ සවුන්ඩ් මට වැදගත් නිසා.



එක එක්කෙනාගෙ රසය වෙනස්. ඒත් මගේ  ටයිප් එකේ සිත්තර පටි දෙක තුනකුත් ලියලම දාඤ්ඤං ඈ.




ලඟදිම කලෙක්ෂන් එකට දැම්මෙ:



Ram-Leela



සම්භාව්‍ය ගණයේ එකක් නං නෙමෙයි, ඒත් මං කැමතියි. හරිම වර්ණවත් . සංගීතය සහ දර්ශණ අතින් බොහොම ඉහළයි.







 තව දෙකක්:



Outlander

Centurion



ඔය අන්තිම එක ඇත්ත සිද්දියක් ඇසුරින්  හැදුනු කතාවක්.  Ninth Legion කියන්නෙ බ්‍රිතාන්‍යයේ උතුර අක්‍රමණය කරන්න ඇරපු රෝම හමුදාවක්. සැහෙන විසාල බල ඇණියක්. ගියා ගියාමයි, එහෙම්ම අතුරුදහන් වුනා. අදටත් හරියට දන්නෙ නෑ , මොකද වුනේ කියලා. ලස්සන කතාව. බලන්න.



තව දෙකක්, පරණ වුනත් මසුරං වටිනවා



The Bucket List

The Shawshank Redemption



ආ අර ගොයම් මැස්සා, මේ නිකම් නම රයිම් වෙන්න දාපු එකක්. හැබැයි, " ඕකා ඔය පිහා‍ටු පුම්බං හිටියට මැස්සො බීපු ගොයම් ගහවගේ,  රෝස් කරලත් වැඩක් නෑ, ක‍ටුම විතරයි" කියල නං රට්‍ටු කියල තියනවා :)



පුඩිම : බොහෝවිට අපට අපූරු සිත්තරපටි ඔත්තු බෙදන කුරුමිණියාට



Friday, April 3, 2015

නරි දඩයම


අර බ්ලොග් වසංගතයා ද මොකක්ද එකක් තියනවා නෙව? ඉතිං අපිත් මොකක් හරි වංචාවක් කරන්න එපෑ? 



මේක මේ කෙටි කතාවක්. 








http://wallpaperswa.com/thumbnails/detail/20120331/snow%20animals

%20fox%20jump%201920x1200%20wallpaper

_www.wallpaperhi.com_48.jpg
















http://i.dailymail.co.uk/i/pix/2014/12/05/23C3CFE500000578-0-image-a-116_1417789652073.jpg













http://i.dailymail.co.uk/i/pix/2014/12/05/23C3
D03C00000578-0-image-a-115_1417789652064.jpg








http://i2.mirror.co.uk/incoming/article2874180.ece/alternates/s2197/£££ONLINE-EMBARGO-UNTIL-0001-21213.jpg







http://cdn.iwastesomuchtime.com/1292013090851.gif