Saturday, May 16, 2015

අනවශ්‍ය මහප්ප්‍රාණ සහ දෙවියනි ඔබ බුදිද?




ඉස්සර මං නැවතිලා හිටිය ගෙදරක ගෑල්ලමයෙක් උන්නා. හප්පා , නියම ක‍ටු අත්තක් තමා එයා නං. මෙයා දවසක් මට මෙහෙම කිව්වා:



"බකුස් අයියෙ, ඔයා හම්බකරන්න දන්නවා වුනාට, වියදම් කරන්න දන්නෙ නෑ"



උන්දැගෙ අවාසනාවටද, මයෙ වාසනාවටද මන්දා , "වියදම් කරන හැටි" පාඩම් මාලාවක් කරන්න එයාට චෑන්ස් එකක් ලැබුනෙ නෑ. නැහ්නං අනිවා ඩෙෆා උන්දෑ මාව උගස් තියනවා.



බස්සා අරපිරිමැස්මෙන්  ජීවත් වෙන සතා. ඒ කිව්වෙ., අනුන්ට ණය නොවී, හම්බ කරන දෙයින් ටිකක් වැහි කාලෙකට ගන්න ඉතුරු කර ගන්නවා.මේ බකුසු ලයිෆ් ඉස්ටැයිල් එක අල්ලන්නෙ නෑ පළගැටියොන්ට. ඉතිං උන් ඇනුම්පද කියනවා



" ඇයි බං ඔච්චර හම්බ කරන්නෙ , යන කොට ගෙනියන්නද?"

" මේ අපි වගේ අඩියක්-පුඩියක් ගහල මනුස්පයෙක් වගේ හිටහංකො" 

" අපිටත් ඔයවගේ හම්බවෙනව නං , අපි දනී  ජීවත්වෙන හැටි?"



ඒක නං මටත් හිතා ගත්තෑකි. කොච්චර හම්බ වුනත් මාසෙ අන්තිම වෙන කොට යන්නෙ රිම් එකෙන් නෙව? දැනුත් එහෙමයි, වැඩිය හම්බ වුනත් එහෙමම තමා.







මං නං ඇත්තටම දැන්නෙ නෑ, මාත් එක්ක නැවැතිලා ඉන්න හාදය කොච්චර හම්බ කරනවද කියලා. මට ඒක අදාල නෑ, ඇයි මම ජීවත් වෙන්නෙ , මම හම්බ කරන පනං හතරෙන් නිසා.ඒත් අපේ බොහෝ අය එහෙම නෑ. හරියට හොයනවා අනුන්ගෙ විස්තර. ඔය "අඩි-පුඩි" පාටි වලදි කතා කරන්නෙ ඒවා.නැත්නම් දේශපාලනය. මට මේ ඕපදුප, අනුන්ගෙ ඇද හොයලා හිනාවෙලා, තමන්ව පුම්බ ගැනිලි වගේ ඩෝප් කතාබහ දිරවන්නෙ නෑ. ඉතිං මං කරන්නෙ ඔය පාටි වෙලාවට නමට එක දාගන්න , වයින් ටිකක් බීලා හෙමීටම ලිස්සලා යන එකයි. හැම සති අන්තෙම තියන මේ "සාද"  වලදි හැමදාම ලිස්සලා ගිහිල්ලම, උන් දැන් මේ වංචාව ගැන දන්නවා.අරහෙම හින්ට් ගහන්නෙ ඒකයි. 



ඔය කියන තරම්  කැකිරි ගෙඩියක් මට හම්බවෙන්නෙ නෑ. හම්බවෙන එක ටැක්ස් වලට කැපිලා ආවම, ගෙවල්  කුලී, ටෙලිෆෝන් ඉන්ටනෙට්, කෑම-බීම, ඉන්ධන සහ ඉන්ෂුවරන්ස් ගෙවන්නම සැහෙන ගානක් යනවා. හැබැයි, ඔය ඔක්කොමත් කරලා , මං කීයක් හරි ඉතුරු කර ගන්නවා.



පහසුකම් තිබුණත් ,මං ඉන්න නගරෙ ටැක්ස් හරිම වැඩියි, අනිත් රටවල් එක්ක සසඳන කොට. ඇත්තටම මට හිතෙන විදිහට, හම්බවෙන ආදායම නියම විදිහට පෙන්නන්නෙ නැති මේ පළගැටි රෑන, මට වඩා ගාණක් අතට ගන්නවා ඇති. ඒ කොච්චර හම්බ වුනත්, එකම සිංදුව තමා හැමදාම ගහන්නෙ. 



මගේ ජිවන රටාව හොඳම එකයි කියල මං කියන්නෙ නෑ. ඒත් මේ මං කැමති විදිහ, මට අනුන් ජීවත්වෙන විදිහ වෙනස් කරන්න ඕනෙ නෑ, ඒක එයාලගෙ කැමැත්ත. මං කියන්නෙ මට මගේ විදිහට ඉන්න ඉඩ දෙන්න කියල විතරයි.



මෙහෙම කිව්වට මටයි කියලා අනවශ්‍ය වියදම් නැත්ද? මොකෑ නැත්තෙ? මගේ අනවශ්‍ය මහප්ප්‍රාණ(© හැලපෙ) තමා ගැජමැටික්, ඉලෙක්ට්‍රොනික්ස් සහ කම්පියුටර්. 



උදාහරණයක් විදිහට , ඔහෙල දන්නවා නෙව මං මීයොන්ට කැමති බව? මා ගාව තියනවා ඔය මියො දුසිමක් විතර, තව කී-බෝඩ් පහ, හයක්. තව වෛවාරන්න ගැජමැටික් අටෝරාසියක්. ඔය පොතේ විදිහටම ජීවත් වෙන්නත් බෑ නෙව? ගන්න පුළුවන් කම තියනවා නං, ගන්න ඕනෙයි කියල හිතනවා නං, ගත්තා , එච්චරයි. 



දැං ඔහෙලට හිතෙයි නෙව, ඇයි මෙච්චර මී පරම්පරාවක්ම ඕනෙ කියලා. මං කියන්නම් ඇයි කියලා.



ඉස්සෙල්ලම ආවෙ නැට්ට තියෙන, බෝලෙ තියෙන මීයා - ගත්තා ඌව

පස්සෙ ආවා බෝලෙ නැති ලේසර් මීයා - ගත්තා ඌවත්

ඊට පස්සෙ  නැට්ට නැති, වෑර්ලස් මීයා - ගත්තා ඌවත්

ඊළඟට බ්ලූ ටූත් මීයා - ගත්තා ඌවත්

ආයෙ ආවා කරකවන රෝදෙ නැති ටච් මීයා - ගත්තා දෙන්නෙක්ම


ඔන්න ඔහොමයි මයෙ මී කලෙක්ෂන් එක වැඩි වුනේ. දැං තේරෙනව නේද , ඒක මයෙ වැ‍රැද්ද නෙමෙයි කියලා? ඒ වගේම, මේ හැම මීයම අරන් තියෙන්නෙ සේල් වලදි නියම මිලෙන් බාගෙකටත් අඩුවෙන්.







බස්සගෙයි මීයොන්ගෙයි සම්බන්ධකම් ඔයිටත් වැඩිය ඈතට යනවා. බොහෝම කාළෙකට ඉස්සර බස්සා නැවතිලා හිටියා බකුසු අයියලෑ ගෙදර , මහරගම. එහෙ ඉඳන් තමා වැඩට ගියෙ.උදේ ඉඳන් , රෑ දෙගොඩ හරියක් වෙනකං වැඩකරන බස්සා, වැඩ පොලෙන්ම කාලා ගෙදර එන්නෙ  , ඩෝං ගාලා ඇඳට පැනලා බුදිය ගන්න. දෙයියනේ කියලා , බස්සට නින්ද ගැන ප්‍රශ්ණයක් තිබ්බෙ නං නෑ, ඇඳ පෙන්නන්න විතරයි ඕනා. ඒත් මේකට  එක හෙනහුරෙක් හිටියා, ඒ මී තඩියෙක්. හැමදාම මහ රාත්තිරියෙ  වහලෙන් බහින මේකා සද්ද කරලා බස්සව ඇහැරවනවා.  ඇඳේ නෙට් එක දාලා තිබ්බ නිසා හපා කයි කියලා බයක් නැති වුනත්, බකුසු නින්ද කැඩීමේ ආනන්තර්ය පාප කර්මයෙන් උන්දැට ගැලවෙන්න ලැබුනෙ නෑ. ඌට පාඩමක් උගන්වන්න බස්සා දැං දහ අතේ කල්පනා කරනවා. මීයා කිව්වට , මූ " ස්පීඩි ගොන්සාලෙස්" වගේ සතා , බස්සා හැරෙන කොට, මේකා " අරීබා, අරීබා" කියලා විදුලි වේගෙන් අන්තරස්දාන වෙනවා.



බස්සා දැණගෙන හිටියා මීයගෙ  ගමන් මාර්ගය. මූ බිත්තිය දිගේ ටිකක් නැගලා, ලයිට් ස්විච් එකට එන එස්ලෝන් බටේ දිගේ තමා



ඉතුරු ගමන. බස්සා එස්ලොන් බටේ ගෑව ග්‍රීස් යන්තමට. ඔන්න එදත් ආව, අපේ "ස්පීඩි ගොන්සාලෙස්" . බස්සා ගත්තා කොස්ස අතට. එදත් වෙනදා වගේම , මීය පැන්නා එස්ලොන් බටේට. ලිස්සුව , වැ‍ටුනා බිමට, ආයෙ පැන්නා, ආයෙ ලිස්සුව. ඔහොම තුන් හතර පාරක් , ලිස්සන ගහේ නැග්ග මීයා  කෑ ගහගෙන පැනල දිව්වෙ, බස්සා විසින් එල්ල කල කොසු ප්‍රහාරයත් කාගෙනමයි. පස්සෙ පව් කියල හිතුනත්, ඌත් දැණගන්න ඕනෙ නෙව, බස්සොන්ට කොකා පෙන්නන්න යන එකේ ආනිසංස.




බොහෝ කාලෙකට ඉස්සර බස්සා රූපවාහිනී ආයතනයක වැඩ කලා, වීඩියෝ එඩිටර් කෙනෙක් විදිහට. මේ ලඟදි දවසක මං දැක්කා අපූරු ගැජමැටික් එකක් , මෙන්න මේක:







වැඩි ගාණකුත් නෑ, ඒත් අනවශ්‍ය මහප්ප්‍රාණ නං තමා. ඕන පාන් බාගයත්  රුපියල් හැටයි කියලා ,පිඹල ගිහින් ගත්තා  ඒකත්:)



දැන් වීඩියෝ එඩිටින්  අංසෙ මොනව හරි කරන්න තමා කල්පනාව. ආසාවට මිසක ‍රැකියාවක් විදිහට නෙමෙයි. 



ආ, තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මට ඔය ඉස්තිරියාවො දුන්න  කරදර ගැන කතාකරන කොට ,  මං කිව්වා ඒ ගැන පෝස්ට් එකක් ලියන්න තරම් දේවල් තියනවා කියලා, එතකොට අනිත් පැත්තෙන් කියපි "එහෙම නං, මා ගැනත් ලියන්න හොඳේ? මං එහෙම නෑ කියලත් ලියන්න" කියලා.



දැං මේ හදන්නෙ ඒ වෙච්චි පොරොන්දුව ඉස්ට කරන්නයි. බස්සො කියන්නෙ එහෙව් හොඳ පක්සි ජාතියක්:)   තව පොඩි හේතුවකුත් නැත්තෙම නෑ. ඔහෙලා කවදා හරි දැකලා තියනවද පිහා‍ටු ගලවපු පක්සියෙක්? 



මගේ මේ යාං හෑලි ලියන්න ගිහින් පෝස්ට් එක දිග වැඩි වුනා. දෙවියනි ඔබ කොහිද පස්සෙ ලියඤ්ඤං, ඈ?



Monday, May 11, 2015

බස්සෙක්, පිස්සෙක් සහ තවත් එක් ශ්‍රී ලාංකිකයෙක්






පිස්සො කියන්නෙ හරිම අපූරු සත්තු ජාතියක්.බස්සො පිස්සොන්ට කැමති ඒකයි.අනික,

සමහර බස්සොන්ටත්  ලාවට පිස්සු. දැං බලන්න බස්සොන්ට පියාඹන්න පුළුවන් නෙව? ඒ වගේම සමහර පිස්සොත් ඉන්නව පියාඹන්න පුළුවනි කියල හිතන. මේ ඒ වගේ පිස්සෙක්ගෙ කතාවක්:





දවසක් පිස්සො දෙන්නෙක් හොර කුරුම්බා බාන්න ප්ලෑනක් ගහනවලු. මේක වෙලා තියෙන්නෙ රෑක. එක පිස්සෙක්  ගැහව්වලු ටෝච් එක පොල් ගහට. ගහල කිව්වලු " හා , දැන් උඹ මේ ටෝච් එලිය දිගේ ගිහිල්ලා කුරුම්බා ගෙඩි දෙකක් කඩපං" කියලා



අනිකා කිව්වලු" හහ්, උඹ හිතුවද මට පිස්සුයි කියල, ටෝච් එලිය දිගේ ගිහිල්ලා කුරුම්බා කඩන්න? අතර මඟදි උඹ ටෝච් එක නිව්වොත් හුටා නේද?" කියලා .



කිසිම පිස්සෙක් , තමන්ට පිස්සු බව දන්නෙ නෑ වගේම පිළිගන්නෙත් නෑ. පිස්සුව මනින මීටරයක් තාම නැති නිසා, අපිටත් කොච්චර පිස්සුද කියලා අපි දන්නෙත් නෑ. දැං බලාන්ට , කෙනෙකුට කියන්න පුළුවනි මම රහත් වෙලා ඉන්නෙ කියලා, ඇයි ඒකටත් මීටරයක් නෑ නෙව? මේ සමහර කතා ඇහෙන කොට , පිස්සු අපිටද , උන්ටද කියලත් හිතෙන්නෙ නැත්ද?



හරි මේ දෙවන කතාව:



මානසික ආරෝග්‍ය ශාලාවක තිබ්බලු ශ්‍රමදානයක්. දැං කස්ටිය ගජරාමෙට  පස් කපලා , ඒ පස් වෙනතැනකට අදිනවාලු. මේ අවුවස්සෙ එක පිස්සෙක් විල්බැරෝවක් කනපිට හරෝගෙන , පස් කපන තැන ඉඳලා පස් ගෙනිහින් දාන්න ඕනෙ තැනට වෙනකම් එහාට, මෙහාට යනවලු. ඇටෙන්ඩන් කෙනෙක් මේක දැක්කලු. දැකලා කිව්වලු:



" ඈ බොල , මොකක්ද උඹ ඔය කරන පිස්සු වැඩේ තේරුම? ඇයි විබැරෝව කණපිට හරවගෙන යන්නෙ?" කියලා.



පිස්සා කියනවලු මෙහෙම " හහ්, උඹ හිතුවද මට පිස්සුයි කියල? විබැරෝව හරිපිට හරවගෙන ගියොත්, මුං මේකට පස් පුරවනවනෙ?" කියලා.


---------------------------------------------------------------



බ්ලොග් ලෝකෙත් ඉන්නව පිස්සො කීපදෙනෙක්. ඔය අතර හිටියා හරිම අපූරු පිස්සෙක්. අර,"මං පිස්සොත් දැක්කා , ඒවගෙ පිස්සො නොදැක්කා" ජාතියෙ එකෙක්.






http://img3.wikia.nocookie.net/__cb2007

1222164431/marveldatabase/images/2

/25/Persephone_(by_Marta_Dahlig).jpg

මේකා උගත් පිස්සා. ඔය යුරෝපය පැත්තෙ රටක, ආචාර්ය උපාධියට ඉගෙන ගනිමින් හිටියෙ.  බොලොගයක් කොටාගෙන, බත, බුලත සරි කරගෙන අපූරුවට හිටිය මූටත් වැදුනා මල් හී පාරක්. ඒක ආවෙ තැපෑලෙන්. එදා ඉඳන් මුගෙ පිස්සුව හොඳටම තද වුනා. අර කතා ලිවිල්ල එහෙමම නැවතුනා.ඊට පස්සෙ, වැඩි හරියක් ලිව්වෙ කවි. එව්වත් විරහ කවි. මේකා උල ලේනෙක් වගේ අඳෝනා තියන්න තිබා ගත්තාම බල්ලෙකුටවත් බස්සෙකුටවත් අහන් ඉන්න බෑ අඳෝනාව.



ඔව්, ඔව් සත්ය පෙරේමෙ තමා මූව නැති කලේ :). එයත් බ්ලොග් ලියපු කෙනෙක්ලු.  අපි දන්නෙ නෑලු, ගෙස් කරන්න යන්න එපාලු, මොකද එයා ලිව්වෙ ඉංගිරිසි බ්ලොග්ලු. පිස්සා එයාට කිව්වෙ ඔය වයලට්, ජුලියට් වගේ නමක්.



උගේ ලෝකෙයි, බ්ලොග් ලෝකෙයි දෙකම එපා වෙච්චි පිස්සා, හිටපු ගමන් බ්ලොග් ලෝකෙන් අතුරුදහන් වුනා. ඊට ඉස්සෙල්ලා උන්දෑ උපාධිය ගත්තා.ඒ නිසා කොහේ නමුත් හොඳින් ඉන්නව ඇති.



අද ඒ බ්ලොග් එක නෑ. ඒකෙ නම " පිස්සාගේ ලෝකය".පිස්සා කතා ලිව්වෙ , අපූරු ශෛලියකට. මේ යන්න ඉස්සෙල්ලා එයා ලියපු අමතක නොවෙන කතාවක්.මට එයා තරම් ලස්සනට කතාව ලියන්න බෑ, පුළුවන් විදිහට ලියන්නම්:



පිස්සට කතා නායකයා හම්බවෙන්නෙ ආපන ශාලාවකදි. යුරෝපීය හැඩහුරුකම් තියෙන ලස්සන පොඩි කෙලි පොඩ්ඩියක් සමඟ ආ මේ තරුණයා , පිස්සගෙ අවධාණයට යොමුවෙන්නෙ, ඔහුගෙ තිබුණ "අපේ" පෙනුම නිසා. කෙලි පොඩ්ඩි , එතන තිබ්බ වැඩි වියදමක් නැති කෑම තමයි ‍තෝරගන්නෙ.



සුහද සිනහවකින් පස්සෙ දෙන්නා දැණ හඳුනගෙන කතාවට වැටෙනවා.පොඩි කෙල්ල ඔහුගෙ දුව. මේ ඒ  ආගන්තුකයාගෙ ජීවිත කතාව:



ඔහු සරණාගතයෙක් ලෙස යුරෝපයට පැමිණි, තවත් එක් ද්‍රවිඩ ශ්‍රි ලාංකිකයෙක්.යන-එන මං නැතිව, කන්න-බොන්න,  ඉන්න-හිටින්න තැන්  නැතිව ඉබාගාතේ ගිය කාලය ගැන ඔහු ලස්සනට කියල තිබුණා. බොහෝ අය හිතන්නෙ බටහිර රටකට පැන්නාම , එහෙ සුර ලෝකෙ වගේ තමයි කියලා. ඒත් යථාර්තය එච්චර ලස්සන නෑ.සෙට්ල් වුනාට පස්සෙ ජීවිතේ හොඳ වුනත්, පටන් ගැන්ම බොහෝවිට ක‍ටුකයි. 



රෑට බෝට්‍ටු නවතා තිබුණු ජැටියක නිදා ගත්ත හැටිත්, උදේට එන සුදු ජාතික බෝට්‍ටු හිමියො, ඔවුන්ව පයින් ඇනලා අවදි කරපු හැටිත් , ඔහු කියලා තිබුණ. මට හිතෙන්නෙ , ඔහු මුල අමතක නොවෙච්ච  ශ්‍රි ලාංකිකයෙක් කියලයි.





මෙහෙම සිල්ලර වැඩකරමින්, පාවි, පාවි ඉන්න ඔහුට හමු වෙනවා සුදු ජාතික තරුණියක්. ඒ ගතකරපු ජීවිතේ එපා වෙච්ච මේ තරුණයා , එවකටත් යුධ පිටියක් වෙලා තිබ්බත්, ආපහු  ගමරට බලා එන්නෙ බටහිර පන්නයේ ආදර කතා තාවකාලික බව දන්නා නිසයි. 



අපේ පිස්සාට කෙලෙව්වෙත් සත්ය පෙරේමෙ වුනාට, අපේ ද්‍රවිඩ මිත්‍රයගෙ ආදර කතාව මෙතනදි  වෙනස් නැඹුරුවක් ගන්නවා. කෙල්ල එනවා මේකව හොයාගෙන ලංකාවට.



කව්ද අර කිව්වෙ " කෙල්ලො පාරෙ යන බස් වගෙයි. එකක් මිස් වුනොත් අනිකෙ නැගපං, ඒත් ඔය අතර එනවා උඹව "ගෙදර" අරගෙන යන බස් එකක්. ආන්න ඒක නං මිස් කරගන්න එපා පු‍තෝ" කියලා.



අපේ කතා නායකයට තේරෙනවා මේ අර කිව්ව " ගෙදර" අරං යන බස් එක කියලා. දෙන්නා බැඳලා ආපහු යුරෝපයට යනවා. 



අද ඔහු  ශ්‍රි ලාංකික සම්භවයක් තිබෙන, තවත් එක් සාර්ථක අනේවාසිකයක්. අද ඔහුට ගේදොර, යාන වාහන හැම දෙයක්ම තියනවා. ඔහුගේ වෘතීය සඟයන් පුදුම වෙන, ඉතා හොද ආර්ථක පදනමක් ඔහුට තියනවා. ඒ ඔහු අරපිරිමැස්ම දන්න නිසයි. ඒක ඔහුගේ දරුවන්ටත් පිහිටලා තියනවා කියල තමා පිස්සා ලියල තිබ්බෙ.

පිස්සා අන්තිමට කියල තිබ්බෙ" මට ඔබ ගැන ආඩම්බරයි, සහෝදරයා" කියලයි. සාර්ථක, ශ්‍රි ලාංකික සම්භවයක් තිබෙන අය ගැන හි‍ටු කියලා ආඩම්බර වෙන මේ දවස්වල , මටත් කියන්න තියෙන්නෙ " මටත් ඔබ ගැන ආඩම්බරයි, සහෝදරයා" කියලම තමා. අවුලක් නෑ නේද?























Sunday, May 3, 2015

අමතක වීම, බස්සා සහ Selective Memory Loss




ඔය වචනෙ මං මුලින්ම ඇහැව්වෙ, සැහෙන කාලෙකට ඉස්සෙල්ලා මං  වැඩ කරපු තැනකදි. දෙන්නෙක් වාද කරනවා , වෘතීය කාරණයක් ගැන.  එකෙක් අනිකාට කිව්වා "my friend, you have a selective memory loss" කියලා. මේක කිව්ව ගමන් අනිකාගෙ කට වැහුනා. බස්සා ටක් ගාලා ඒකට බුක් මාර්ක් එකක් දාගත්තා  selective memory loss - හරි ලස්සන වචනෙ. selective memory loss සහ short term memory loss අතර වෙනසක් තියනවා උනත්,  පොදු ව්‍යවහාරය සඳහා අපි මේ දෙකම  එක කැටගරියකට දාලා "අමතක වීම" කියල කියමුකො.



බස්සටත් තියනවා නෙව ඔහොම ලෙඩක්. ඒත් ඌට තියෙන්නෙ selective memory loss තමා.මං දහ අතේ දිවුරලා කිව්වත් අනිත් එවුන් කියන්නෙ, මං  මට ඕන දේ විතරක් මතක තියාගෙන අනිත් එව්වා අමතක කරනවා කියලයි. හරි, ඒක එහෙමයිම කියමුකො, ඒත් කාටද ඇහැකි ඔය හැමෝගෙම උපන් දින වගේ එව්වා මතක තියාගෙන ඉන්න 




http://www.brainbehavioroptimization.com/Images/Anatom

yOfShortTermMemory.jpg



පසුබිම



බැරිම තැන මං මේකෙ විද්‍යාත්මක පසුබිම හෙව්වා. ආ, ඔය තියෙන්නෙ  තොරණෙ විස්තරේ. 


ඒකට අනුව , අපේ මොලේ ඔය එදිනෙදාට අවශ්‍යය සිල්ලර මතක විතරක්, අධිවේගී -ඒත් සීමිත කෙටි මතකයෙ තියාගෙන, අනිත්  කුණුකන්දල් මතක ඔක්කෝම, දීර්ඝ මතකයට ගිහින් දානවා. මේක  මේ හාඩ් ඩිස්ක් එකක ඩේටා රෙකෝඩ් කරනවා වගේ නෙමෙයි, ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියක්. 



මතකය හැමවිටම සම්පූර්ණයෙන් ගෙඩි පිටින්ම ගිහින් දාන්නෙ නෑ. එහෙන් මෙහෙන් හිඩස් ඉන්න තමා ගිහින් දාන්නෙ. ඒ ඉඩ ඉතුරු කරගන්න වෙන්ටෑ? ඒත්  මොලේට ඇහැකිලු ඒ එවුවයෙ "හිස් තැන් පිරවීම " කරලා සම්පූර්ණ මතකයම නැවැත ප්‍රති-නිශ්පාදනය කරන්න. සමහර විට අපි " මේ දිව අග තිබ්බා, ෂහ්, මොකක්ද, මේ මතක නෑනෙ?" කියල ඔලුව කසන්නෙ ඒක වෙන්න ඇති. ආ. ඔලුව කැසිල්ල සහ මතකය අතර සම්බන්ධයක් නම් ඒකෙ කියල තිබ්බෙ නෑ.








http://www.extremetech.com/wp

-content/uploads/2013/09/340-640x426.jpg

මේ තියන්නෙ neural network  එකක පිංතූරයක් .එව්වයෙ තමා මේ මතක කොටස් ගබඩා කරන්නෙ. වෙසක් එකට බලුප් දැම්මා වගෙ ලස්සනට තියෙන්නෙ සම්පූර්ණ මතක රාමුවක්, නැත්නම් සිද්ධියක්  නැවත මතක් කරගන්න කොට , එව්වා අතර ඇතිවෙන සම්බන්ධ.



මං පොඩි අවවාදයක් දෙන්නම්.  ආකාසෙ තියෙන තරු ග්‍රහලෝක එව්වා ඇති වෙච්ච හැටි වගේම, මිනිස් මොලේ වැඩ කරන හැටි ,මතක තියාගන්න හැටි ගැන ඕනවට වැඩිය හොයන්න යන්න එපා. මොකද එව්වා මොලේ මඤ්ඤං වෙන්න මුල. කොටින්ම මේ හුදී ජන අපි ඔහෙල තියා වෛද්‍ය විශේෂඥයො උනත් එව්වා ඔක්කෝම දන්නෙ නෑ. එව්වා එච්චරම ලේසි නැති නිසා නෙව, කණට එකයි , ඇහැට එකයි කිය, කිය වෙන වෙනම විශේෂඥයො ඉන්නෙ? ඈ, එහෙම වෙන්නෙ නෑ කිව්වා ,? හහ්, සාධක ඕනා ?





ඇයි මනුස්සයො, මීට කලින් මොලේ කචල් වෙච්ච බස්සෙක් දැකලම නැහ්ද?



හරි මෙන්න දවසේ වැදගත්ම සොයා ගැනීම.  මතක තියා ගන්න එක වගේම, අමතක  කරවන එකත් , එක වගේම වැදගත් මොලයේ ක්‍රියාවලියක්. ඇයි නේද?   නිකමට හිතන්නකෝ, අපේ  ජීවිතේ දුක්මුසුම අවස්ථාවක( මගේ නං, අම්මා නැතිවෙච්ච දවස) තිබ්බ දුක ඒ විදිහටම සදහටම තිබ්බ නං මොකද වෙන්නෙ කියලා?



දැං තේරෙනව නේද, අමතක වෙන එක මගේ නෙමෙයි, මොලේ වැරද්ද කියලා ?



You are Not Alone 



ඔය අමතකවීම ගැන සිංදු එහෙමත් ලියවිලා තියනවා . මෙන්න එකක්:

" ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුනා ". එහෙම කිව්වෙ මිල්ටන් පෙරේරා ගායකයා. ඊට පස්සෙ එයා මනෝ විද්‍යාව පැත්තට බර වෙන්න මෙහෙම කියනවා.



" උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතයි"



මතකය ගැන ප්‍රසිද්ධ පුද්ගලයන් කිව්ව එව්වා :




ගරු සිල්වා මැටිතුමා : කොලොන්නාවෙ සිද්දිය ගැන මට මුකුත්ම මතක නෑ( සභාවේ කසු කුසු " වෙඩි වැදුනෙ ඔලුවට නේද, එහෙම නං මොලේට හානියක් නැතුව ඇති?")



හිටපු කොටි නායකයෙක්: සිංහයොන්ට යමක් මතක තියෙන්නෙ සති දෙකයි



ටෙලි නාට්‍ය නිලියක් :හිටපු පෙම්වතුන් ගානවත් මට මතක නෑ.

 (අවුලක් නෑ,මොනව වුනත් ඇත්තම කිව්වා)






http://atomictoasters.com/wp-content/

uploads/2011/01/post-it1-e1294897015964.jpg



මෙන්න කණ සාක්කුවෙ හිටින්න බීපු වෙලාවක ,  ඔය නං-ගම් එහෙම උදේට අමතක වෙලා වෙන හදිසි අනතුරු වලට කදිම විසඳුමක්:


simply "post-it"









ඔය අමතක වීම ගැන බොහොම අපූරු සිත්තරපටි හදලා තියනවා.




http://images2.fanpop.com/image/photos/14400000/

City-Lights-charlie-chaplin-14440733-1600-1258.jpg



City Lights එහෙම අපූරු චාලි චැප්ලින් සිත්තරපටියක්, අර ලඟ නමා ගත්තාම විතරක් මතක්වෙන සල්ලිකාර මිත්තරයගෙ කතාව. 










http://www.savingcase.com/

wp-content/uploads/2011/10/Dori.jpg




තව මතකයි නේද  Finding Nemo එකේ හිටිය ඩෝරිව











මෙන්න අමතක වීම ගැන මම බලපු පට්ටම සිත්තර පටියක්. 





මේක ඇත්තම කතාවක්. කිරියි, පැණියි වගේ ඉන්න තරුණ ජෝඩුවක්. හදිසි අනතුරක්. කෝමා එකකට පස්සෙ බිරිඳට සිහිය එනවා. ඒත්  මතකයෙ පහුගිය අවුරුදු පහ අමතක වෙලා. සැමියාව මතක නෑ. මතක පරණ පෙම්වතාට  , විවහා ගිවිසගෙන හිටිය එක. කෙල්ල පෝසත්, හිතූමතේට කෙරිච්ච විවාහයක්. බොරදියේ මාලු බාන්න ලෑස්ති වෙන කෙල්ලගෙ පෝසත් දෙමව්පියෝ සහ පරණ පෙම්වතා මැද අසරණ වෙන සැමියා.



මේ කතාවට  මං කැමතියි. ජීවිතයේ  දවසක , තමන්ට  හුඟක්ම ලඟින් හිටපු, තමන් හොඳටම දන්නවායැයි හිතපු කෙනෙක්, හිටපු ගමන් අමුත්තෙක් වගේ හැසිරෙන්න ගත්ත වගේ අත්දැකීමකට මුහුණ දීලා තියෙනවා නම්, ඔහෙලත් මේකට කැමති වෙයි.



අනිත් කාරණේ තමා, රේෂල් අපේ සාවියෙ. ඔය කියන්නෙ ඩවුන් ටවුන්වල බයිසිකල් පදිනවා කියල


























people will forget what you said, people will forget what you did, but people will never forget how you made them feel.


- Maya Angelou -




Huh,forgive and forget?

I'm not God and I don't have Alzheimer's.


- D.G.M බස්සා -







Tuesday, April 28, 2015

කුකුළෙක් එකසිය පනහයි සහ කියුරියස් බස්සා

මේ වසන්තයක් හින්දා , මටත් වෙච්ච දෙයක්? හරි, ඔහෙල සමහර විට මේ කතාව අහලත් ඇති, ඒත් මට බුදු සුවර් කියුරියස් බස්සගෙ කතාව නං අහල නැතිබව, මොකද ඒක දන්නෙ ටික දෙනයි නිසා.

ඕන්න එකෝමත් එක ගමක හිටියලු කොල්ලෙක්. දැං ඉතිං අහන්න එපා කොයි ගමේද, ලංකාවෙද, නම මොකද්ද වගේ පුරස්න? මේකාත් අර එළදෙන විකුණන්න ගිය ජැක් වගේ එකෙක්. කොහෙද ගෙදරක වැඩ කර කර ඉඳලා කිව්වලු ගමේ ගිහින් එන්න ඕනෙ කියලා. කොලුවගෙ වැඩ හොඳ හින්දා, හාම්පුතා පඩියත් දීලා, බෝනස් විදිහට කුකුළෙකුත් තෑගි දුන්නලු.

දැං අපේ කොලුවා කුකුළත් කිහිල්ලෙ ගහගෙන ගමට එනවලු. දැං මේකා කල්පනා කරනවලු, කුකුල්ලු බිත්තර දාන්නේත් නෑ, ඒ හින්දා කුකුළව විකුණන්න. එහෙම හිතලා පටන් ගත්තලු " කුකුළෙක් එකසිය පනහයි,කුකුළෙක් එකසිය පනහයි" කියන්න. දැං ගෙදරටත් වැඩි දුරක් නෑලු. අහල පහල තිබ්බ ගම ගෙදරකට ගිහිල්ලා දොරට තඩි බෑවම, ගම මහගෙ දොර ඇරියලු.. කොලුවත් ජම්බෝලෙ වගේ, ගමරාළත් ගෙදර නැති නිසා කිව්වලු " ලමයා , ගේන්න බලන්න කුකුළ කියලා"

"ගන්න හාමිනේ, ලාබයි, කුකුළ එකසිය පනහයි" කිව්වම, ගම මහගෙ කිව්වලු " හා, හා වරෙන්කො මෙහෙ කාමරේටම" කියලා. කොලුව කෝකටත් කුකුළව අත්හැරියෙ නෑලු, ගියේ ඌවත් කිහිල්ලෙ ගහගෙනමලු. ගම මහගෙ ගෙදර දොරත් වහල දැම්මලු. කොළුව කාමරේට ගිය ගමන්, කව්ද ඉසරහ දොරට තඩි බාන්න ගත්තලු. ගමරාළ ඇවිත් කියල බයවෙච්ච ගම මහගෙ කොල්ලව විගහට අල්මාරියට දාලා දොර වැහුවලු. දැං කොලුව කරුවලේ, අල්මාරිය අස්සෙ, හැබැයි තාම කුකුළ කිහිල්ලෙ. කරුවලට ඇස් හුරු වුනාම , කොලුවට තේරුනලු, තව කවුරු හරි අල්මාරිය ඇතුලෙ ඉන්නවා, දැං කොලුව කල්පනා කරනවලු, තව කොච්චර වෙලා මේකෙ ඉන්න වෙයිද දන්නෙත් නෑ, කස්ටමර් කෙනෙකුත් ඉන්න එකේ බිසිනොස් එක කරගන්න ඕනෙයි කියලා. " හා,කුකුළෙක් එකසිය පනහයි,ගන්නවද"

අනිත් එකා කිව්වලු, " එකසිය පනහට ,ඉඳා තුන් සීයක්, කුකුළත් උඹම තියාගෙන , වහගනින් තොගේ කට" කියලා.
පස්සෙ ගම මහගෙ , කරුවල වැ‍ටුනට පස්සෙ එකා, එකා අල්මාරියෙන් එලියට ගත්තලු. දැං අපේ කොලුව ගෙදරට සැපත් වුනාම දැක්කලු, උගෙ බාප්පා පිල් කණ්ඩිය උඩ ඇණ තියාගෙන ඉන්නවා. කොලුව කිව්වලු " බාප්පෙ, මේ කුකුළ හරිම වාසනාවන්ත එකා බං, ගනින් එකසිය පණහයි" කියලා.

බාප්ප කිව්වලු " ‍තෝ මේ මඟුලක් කියනවා, මට කුකුළෙක් හින්දා , තුන්සීයකටම කෙල වෙලා ඉන්නෙ " කියල.

********************************
ඔය අහුමුළුවලට කො‍ටුවෙලා , කරන්න දෙයක් නැතුව ඉන්නව නේද, අම්මපා එතකොට එනව නෙව ඔය වගේ මරු අයිඩියාස්, බස්සා ඕක අද්දැකීමෙන්ම දන්නවා.

බස්සා ඇඹිටිල්ලං ඇටයා කාලෙ, කරපු සෙල්ලමක් තමා හැංගි මුත්තං. ඔන්න මේ කියන දෛවෝපගත දවසෙත්, බසු පැටියා අහල පහල කෙලි , කොලු කුරුට්ටොත් එක්ක පටන් ගත්තා හැංගි මුත්තං සෙල්ලම. කාවද හොයන එකාට තියලා, අනික් කට්ටිය හැංගුනා. බස්සා කෙලින්ම ගියේ උගේ ෆේවරිට් හයිඩින් ස්පොට් එක - ඉස්සරහ කාමරේ අල්මාරිය පිටි පස්සට. නැන්දලගෙ, අල්ලපු ගෙදරට නෑ ගම් ඇවිල්ල හිටිය, සුදු මාමගෙ කෙලි පොඩ්ඩි ආවෙ නැතෑ එතනටම ,මයෙ නැට්ට වගේ?

දැං ඔන්න පොඩි එව්වො දෙන්නා මූණට මූණ බලාගෙන සෑහෙන වෙලාවක් ඔහොම හිටියා. හොයන එකා ආවෙත් නෑ, දැං බස්සට කම්මැලියි. ඌටත් අර කුකුළ කිහිල්ලෙ ගහගත්ත කොල්ලට හිතුන දේම හිතුනා. කස්ටමර් කෙනකුත් ඉන්නවා, කරන්න වැඩකුත් නෑ....බස්සා දැම්මා බිසිනොස් ප්‍රපෝසල් එක" " ඔයා ඔයාගෙ එක පෙන්නන්න, මං මගෙ එක පෙන්නන්නං".කොහොමත් බස්සා ඉස්සර ඉඳලම ඔය නොදන්න එව්වා ගැන බොහොම කියුරියස්. විස්වාස කරන්න, මේ මෝඩ කෙල්ල "හා" කිව්ව නෙව? බස්සාගෙ විද්දියාත්මක ගවේෂණය ඉවර වුනාම, මේකි කිව්වෙ නැතෑ" හා, දැං ඔයාගෙ එක පෙන්නන්න" කියලා. ඇයි සීවරං දෙයියනේ, එහෙමත් ඇහැක? අනික මං ලජ්ජා බයට හැදිච්ච බකුසු පැටියා වෙච්චි. කලසං කොටේ දැතින්ම අල්ලා ගත්ත බස්සා " මට බෑ" කියලා පැනලා දී....ව්වා.
කෙල්ල අඬාගෙන ගිහින් අපේ සීයට පැමිණිලි කලා. සීයා නඩු විභාගෙට මාව කැ‍ඳෙව්වා. එතකොටත් කෙල්ල , මූණත් රතු කරගෙන බෑඟිරි ගගහා අඬනවා. මාව දැක්ක විතරයි පටන් ගත්තෙ නැතැ මතුරන්න , අර ඉන්ඩීසන් ප්‍රපොසල් එක: " එයාටත් පෙන්නන්න කියන්න,එයාටත් පෙන්නන්න කියන්න" කියන්න කිය, කිය.අපේ සීයා බොහොම දැණුම් තේරුම් තිබිච්ච මනුස්සයා. උන්දැ කොලේ මගෙ කණෙන් ඇදන් ගිහින් පස්සා පැත්තට, වේවැල් කසාය වඩියක් දීපු එකයි.

කොහොමින් හරි , පස්සෙ කාලෙක නැන්දලා අපි එක්ක අමනාප වුනා. කෝකටත් සූජානං සරීරෙ කියලා ,මම නෙමෙයි සුදු මාමලෑ ගෙවල් ලඟින්වත් ගියේ. ඇයි කියන්න බෑ නොවැ, ඇරියස් එකකුත් තියෙන එකේ, මොනවා කරයිද කියලා.

ලමයින්ට දඬුවම් කිරීම ගැන මට නං තියෙන්නෙ මිශ්‍ර හැඟීමක්. මම නං ඉසේ කෙස් ගාණට ගුටි කාලා තියනවා. ඒ ගැන මගේ වැඩිහිටියොන්ට, මං නං අදටත් පිං දෙනවා, මොකද මං වහේ ඇට්ටර බස්සෙක් හැදුනෙ ඒ නිසා. මම මොකද්ද විභාගයක් පාස් වෙච්චි වෙලාවෙ අපේ අම්මා බොහොම ආඩම්බරෙන් කාතෙක්කද මෙහෙම කිව්වා " ඔය මගේ අතේ වැරෙනුයි, කටේ බලේටයි තමා ". මං හිනාවෙලා නිස්සද්දව හිටියා.

මට සමහර වෙලාවට, මේ ටිකකට ඉස්සෙල්ලා කරපු දේ අමතක වෙනවා. ඒත් වැදිච්ච පාරෙ සැරටද මන්දා, මේ වගේ කල්පාන්තෙකට ඉස්සෙල්ල වෙච්ච දේවල් තාමත් මතකයි:) 

Karma is a bitch....

ඊට ටික කාලෙකට පස්සෙ අපේ ගමේ වෙදාගෙ කෙල්ලො සැට් එක ඉස්සරහ, බස්සගෙ කලිසම ගැලවුනා.ඔය හිටියෙ , හිකි, හිකි ගගා, නැට්ටිච්චියො ටික.මං අහන්නෙ උන් මොකටද එතන කැරකුනේ? තාත්ත නෙව වෙදා? ඒ මේ අසමහ්ජාති කූඩැල්ලෙක් නිසා. ඒ අවලමාට කන්න වෙන තැනක් තිබුනෙම නැත්ද මන්දා?

Monday, April 27, 2015

Saturday, April 18, 2015

එදත් පක්සියා, අදත් පක්සියා











මට කතන්දර ලියන්න බෑ කියල හොඳටම තේරුනට පස්සෙ,  අත්ත උඩට වෙලා  බුම්ම ගෙන ඉන්න කොට , ආව නෙව මයෙ අසල්වාසී බ‍ටු මීයා.



" මොකද බොල නිකං නයා මැරිච්ච අහිකුණ්ටිකයා වගේ ඉන්නෙ"



" නෑ බං , බලාපං අනිත් එවුන්  අර වසන්තෙද මොකද්ද එකට එකසිය ගාණට ලියනවා,  මාත් ඉතිං දන්න තාලෙන් මොනවා හරි ලියන්න හැදුවා, හරියන්නෙම නෑ නෙව?"





ඔය මී කස්ටිය හොඳ ලේඛකයො.  පොත් ලියන්න ඔස්තාර්ල. ලියනවා නිකං  මැල්ලුම් ගාණට.



" එක නෙමෙයි, මී මචෝ, බැයිද මට පොඩි  තල්ලුවක් දෙන්න? නිකං  පොඩි ආදර්ශයක් වගේ එකක්, හොඳ කතාවක් ලියන්න  මාත්තුරුකාවක් වගේ එකක්?"





" බස්සෝ, හොඳ කතා කාරයෙකුට  තමන් දකින ඕනම දෙයක් කතාවකට පෙරලන්න ඇහැකි.මතක නෙව අපිත් එක්ක ගහයි, පොත්තයි වගේ හිටිය හාදයා. එයා බ්ලොග් එකක කමෙන්ට් එකක් දාන්න ගියත් , ආපහු එන්නෙ මාත්තුරුකා  දෙක තුනක් හොයාගෙන.උන්නැහෙව ආදුරුසෙට ගනින්. හා,දැං බලාපං මෙන්න මේක. බලල කියාපං උඹට හිතෙන දේ"











" අම්මට හුඩු, කව්ද බං ඒ ගිණි කිකිලි? ඇඟේ බූල් තියෙන කස්ටිය කියල නේද කිව්වෙ? අපේ නැටිලස්.... එක්කො ඕනෙ නෑ, අයෙ මොකටෑ මං ඔව්වා කියන්න ගිහිල්ලා ඉල්ල ගෙන කන්නෙ? 



" බොලං, මැටි බස්සෝ තොට නං ලේඛන කලාව කියන එක ගෑවිලාවත් නෑ, අර අසරණ  නැට්ට නැති සතාව  මේකටත් පටලන්න නේද හැදුවෙ?. හරි , එහෙනං මෙන්න මේක බලල කියාපං හිතෙන දේ?"









" බුදු අම්මෝ"



" හෑ, එච්ච්රමද හිතෙන්නෙ?"



" නැතුව? අර වගේ තඩි යකඩ බෝලෙකින් පහරදීලා, බවුමික මොකද්ද එක උල්ලංගනය කරලා, කලිසම ඔලුවෙන් ගැලෙව්වාම , වෙන මොනවද කියවෙන්නෙ?"



" ‍තෝ බස්සෙක් නෙමෙයි, පොලොස් කොට්ටෝරුවෙක්. මේ වගේ එකක් දිහා ප්‍රවීණ ලේඛකයො වගෙ බලන්න ඕනෙ අමුතු කෝණෙකින්"



"හරි, ඉතිං උඹම ඔය අමුතු කෝණෙන් බලල කියපංකො එහෙනං?"



" කතාව පටන් ගන්න ඕනෙ ප්‍රධාන නලුවගෙන්"



" හරි, ඒ කිව්වෙ අර කලිසම නැති වෙච්ච කොලුවගෙන් නෙව?"



" නෑ, එයා නෙමෙයි ප්‍රධාන නලුව"



" හෑ, එතකොට " දැක්කද  ජම්ප් එක" නෝන ද?"




ප්‍රධාන නලුව



" ඔය මං කිව්වෙ, මෙව්ව පේන්න  කලා ඇසක් ඕනෙ කියලා? බොහොම බැරෑරුම් විදිහට මං දිහා බලපු බ‍ටු මීයා කිව්වා. "ප්‍රධාන නලුව ඉන්නෙ බොහොම පොඩි වෙලාවයි.  බෝලෙ ජනේලෙ වදින්න ටිකකට කලින්, එයා  බලල, පැනල යනවා"


"අම්මපා , බලාපංකො මට එහෙම එකෙක් හිටියද කියලවත් මතක නැති හැටි?"




" මෙන්න මෙහෙමයි කතාව" උගුර පාදපු මීයා කිව්වා. "ඔය කෙල්ලගෙ බළලා , කොලුව හොරෙන් අරන් යනවා. ඒක තමයි අර බෝලෙන් ගහන්නෙ ජනේලෙ කැඩෙන්න. ඊට පස්සෙ ජම්ප් එක දාලා කාමරේට පනිනවා , කාමරේ දොර ලොක් කරල නිසා, බළලව අල්ල ගන්න"



" එතකොට අර කලිසම?"



" ඇයි, බොල, ඒ වගේ නසරානි වැඩක් කරපු එකෙකුට කලිසමක් ඇඳගෙන හිටියෑකියෑ. එක්කො උන්දැම ඒක ගලව ගන්නවා, ඇත්නං  කෙල්ල ඒක ගලවනවා ඔලුවෙන්"




මට නිකං ඔලුව කැරකෙනව වගේ තේරුනා, මං හිතන්නෙ මාව අත්තෙන් පහලට වැ‍ටුනෙ, ඔලුව පහලට හිටින්න වෙන්න ඇති





Sunday, April 12, 2015

කාන්තාරයේ රෝස කුසුම සහ කතන්දර කියන පූසා


කතන්දර කියන පූසා:






"ඉතිං ඊට පස්සෙ සියල්ලෝම සතුටින් ජීවත් වුනා" පොත වැහුව පූසා කිව්වා.




"අනේ පලයං  පූසො යන්න. උඹ හැමදාම කතන්දරේ කියන්නෙ බාගෙට. දැන් බලාපං, ඔය පොතේ පහෙන් එකක්වත් ඉවර නෑ, උඹ කඩේ වැහුව නෙව", මෙච්චර වෙලා කතාවට හූමිටි තිය, තිය හිටිය බලු තඩියා කිව්වා.



" ‍තෝ නං මහ ගුණමකු වල් බල්ලෙක්. මෙච්චර කාලයක් බොට සතියට දවස් තුන ගානෙ කතන්දර කියපුව ගැන ගාණක්වත් තියනවද? උඹ හිතන්නෙ අර මහගෙත් එක්ක මේ වැඩේ  ගෙනිච්ච එක ලේසි පාසු කාරියක් කියලද? අම්මපා මට දැන් ඇතිවෙලා තියෙන්නෙ. මේ උලව් කතන්දර කියවිල්ල නිසා , මට කොච්චර නං දේවල් නැතිවෙලා තියනවද?" . පූසා නාහෙන් අඬන්න තිබා ගත්තා.



" හරි, හරි, මං එහෙම කිව්වට, උඹ හොඳ එකා වග මං නොදන්නවැයි? ඒක නෙමෙයි මොනවද උඹට  නැතිවුනාය කිව්වෙ? මේ මාලු ක‍ටු, හාල් මැස්සො ඔලු වගේ එව්වද?"බලු තඩියා ඇහැව්වා.





කාන්තාරයේ රෝස කුසුම : (sweet but toxic)






"ගිණියම් වෙච්ච වැල්ල, තද ඉර එලිය වැල්ලට වැටිලා  ඇස් කණවෙන තරමට දිලිසෙනවා. ඉඳහිටලා හුලං පොදක් හමනවා. ඒක සිසිල්  සුළං පොදක් එහෙම නෙමෙයි. රත් වෙච්ච හුලඟ , හරියට පෝරනුවක් ඇතුලෙ ඉන්න ගානයි.අනිත් හැමෝම වගෙ මාත් මේ අරාබියේ මරුකතරට ගියේ කහවණු හොයන්න"



 මං ඉස්සරහ මේසෙ  හිටපු හිනාවෙන බස්සා කිව්වා. උන්දැ එත්කොටත් හිටියෙ කරටි කැඩෙන්න ගහලා, නිකනුත් හිනාවෙන ගාණටයි.ඒ වෙනකොට එලියෙ හොඳටම හිම වැටෙනවා.එදා හිම කුණා‍ටුවක්  එනව කියල තිබ්බ දවසක්. එන්න, එන්නම හිම වැස්ස වැඩි වෙච්චි හන්දා , මං  ලඟ තිබ්බ අවන්හලට රිංග ගත්තෙ, මොනවා හරි උණුවට බොන්න තිබ්බ ඕනෙ කමට වඩා හිම වැස්සෙන් බේරෙන්න. ඔරවන් ඉන්න කොටත්, හිනාවෙනව වගේ පේන මේ හිනාවෙන බස්සට මං ‍රැව‍ටුනේ උන්දැ මාත් එක්ක බකුසු කමට හිනාවුනා කියල හිතාගෙන. එලියෙ හිම වැස්ස, කාළගුණය, ඝර්ම කලාපීය දේශගුණය හරහා අපේ කතා බහ අරාබි මරු කතර දිහාටත් ලඟා වුනා. පාඩුවෙ කෑම කන, බර වාහන රියදුරන් දෙදෙනෙක් ඇරුනාම, අවන්හලේ වැඩි සෙනගක් හිටියෙ නෑ.



"ඉතිං". මං හූ මිටි තිබ්බා.



" අරාබින්ට අපි කිව්වෙ ඔ‍ටුවො කියලා. ඒත් සුද්දො උන්ට කිව්වෙ පෙන්ගුවින්ලා කියලා. සුදුම සුදු ඇඳපු පිරිමියත්, කට්ට කලුවට කලු පොරෝගත්ත  භාර්යාවත් නිසයි එහෙම කිව්වෙ, ඔය සමහරුන්ට උන්ව දැක්කහම හසන්ල, අක්බාර්ලව මතක් වුනාට,  මට අදටත්  පේන්න බැරි ජාතියක්, මතක් වෙන්නෙම  ගල් වැද්දො.


"ඉඳලා හිටලා හොඳ අරාබියොත් හිටියට, සමස්ථයක් වශයෙන් එච්චර හොඳ මිනිස්සු නෙමෙයි. ඒත් උන්ගෙ ගෑණු, පුහ්, බලන්න එපෑ උන්ගෙ ලස්සන" මෝල්ගහක් ගිල්ලා වගේ පු‍ටුවෙ  කෙලින් වෙච්ච හිනාවෙන බස්සා කිව්වා.



" අම්මපා. ඒත් උඹ කිව්වෙ උන් හිටියෙ කලුවට මුලු ඇඟම වහගෙන කියලා. එතකොට ලස්සන දැක්කෙ. හැබෑටම උඹ ලෝගුව ඇතුලට රිංගුවා වත්ද?"  ඇස් දෙක පීරිසියක් විතර ලොකු කොරාන , මං අහිංසක තාලෙට ඇහැව්වා.



" ඔන්න ඉතිං උඹත් ඇහැව්වා පුරස්නයක්? බොල , මැටි බස්සෝ ලෝගු අස්සෙ රිංගන්න ඕනෙ නෑ උන්ගෙ ඇරිලා තියෙන ඇස් දෙක ඇති ඒ ටික කියන්න. අප්පා එහෙම ඇස්, එව්වා කතා කරනවා. බලනවා බැලිල්ලක්, මුලු සරුවාංගෙම දාලා පිච්චිලා යන්න. ඒත් අපි හිටියෙ බොහොම පරිස්සමින්, මොකද අරාබියො හරිම ඊරිසියාකාර ජාතියක්, ඒකටම හරියන උන්ගෙ ආගමික නීති." 



" ඔන්න ඔහොම ඉන්නකොට තමා මට එයාව මුණගැහුනෙ. එයාලත් අරාබි වුනාට, ලෙබනීස්. බටහිර උරුවට හැදිච්ච , ලෝගුව අඳින්නෙ නැති එයාලව, අනික් අරාබියො සැලකුවෙ දෙවන පුරවැසියො ගාණට. සමහර ලෙබනීස් අය ක්‍රිස්තියානි.....


යතාර්ය ප්‍රබන්ධ තරම් ලස්සන නැත. සිදුවූ සියල්ල බ්ලොග්වල ලිවීමත් සුදුසු නැත.

-අහිංසක සොල්දාදුවා  -



කතන්දර බාගෙට ඉවර කිරීමට , ලී බෝනික්කන්ට මෙන්ම බස්සන්ටද අයිතියක් ඇත.

-දොරකඩ ගහේ මූකලන් බස්සා -