Sunday, November 5, 2017

පාත්තයෙක්ගෙන් පාඩමක්



https://static4.depositphotos.com/1020091/365/v/950/depositphotos_3652795-stock-illustration-autumn-tree.jpg

බස්සා ලියන එක නවත්තලා , හඳවල් ගාණක් ගතවෙලා. ඒ ඩිංගට රට්‍ටු කයි-කන්දර කියන්න පටන් අරන් නෙව?



පාඨකයෙක්: මං නං කියන්නෙ , බස්සාත් එක්ක බෝට්‍ටුව ගිලිලා



යාළුව මැරෙන ඇනෝ: මයෙ යාළුවෙක් බෝට්‍ටු පදින්න ගිහිල්ලා මලා



තවත් ඇනෝවෙක්: මල සේක!?



තවත් පාඨකයෙක්:දැන් කවුරු හරි ඉන්නවද , මේකාව දැකපු?



හෝතම්බුවා: බස්සා, බස්සා කිව්වට ඕකා මොකාද කව්දැ දන්නෙ? මං කියන්නෙ බස්සා කියන්නෙ පාත්තයෙක් .මෙන්න මේකා වෙන්න බැරිද?








පොලොස් කොට්ටෝරුවෙක්: ඒක වෙන්නත් බැරි නැ. මොකක්ද පාත්ත පෝස්ට් එකකුත් ලිව්ව නෙව? මේ අපි ඉන්නව, කෝ අපි ගැන ලිව්වැයෑ?



හෝතම්බුවා: හ්ම්... ඒකත් හැබෑව. උන්දෑ කොට්ටෝරුවො ගැන ලිව්වෙ නෑ තමා. එහෙම බලන් ගියාම උන්දෑ හෝතම්බුවො ගැන ලිව්වෙත් නෑ නෙව?






http://www.onegentleman.biz/Stories/images%20stories/Having%20Sons%20Pics/Boy-checking-out-Girl-Parts.jpg

පොලොස් කොට්ටෝරුවා:  හැබෑ නේන්නම් . ඒත් මට මතකයි , කුකුලෙක් ගැන නම් ලියලා තිබුණා. මේ මොකක්ද" කුකුලෙක් පණහයි" වගේ කුකුල් බිස්නස් එකක් ගැන. ඕකා කුකුලෙක් වෙන්න බැරිද? 



හෝතම්බුවා:ඒ කතාවෙ හැටියට නං මූ, පොඩිකාලෙ ඉඳලම  රජ කුකුලෙක් නෙව?




පාඩම: කෙටිල්ල මාරාන්තික විය හැක. බ්ලොග් වලටද "එක්ස්ෆයරි ඩේට්" ඇත.ලිවිල්ල අඤ්ඤකොරොස් වීගෙන එන විට, ආ‍ඳෙකු සේ ලිස්සා යෑම සරීර සවුක්කියට ගුණ වග කාක්කොත් දන්නා දෙයකි.


බ්ලොග් කල් ඉකුත් වීමට හේතු:

1. බස්සන් බෝට්‍ටු පදින්නට යෑම

2. නාරායන් සොයා යෑම

3. පහේ පන්තියට සමත් වීම

4. අවුල් වන්නට පෙර owl වීම

5. පූසන් ටොයිලට් භාවිතා කිරීම

6. කැවුම් මඩුව ගිණි ගැනීම


















Sunday, February 5, 2017

හෝතම්බුවෙක්, ඔරලෝසුවක්, බස්සෙක් සහ බෝට්‍ටුවක්




බස්සාට වතුරෙන් අපලයි කියලා,බස්සාගෙ  පොඩි කාලෙ, බසු මෑණියෝ  උන්දැගෙ ජල ව්‍යාපෘති  වැඩි හරියක් කඩා කප්පල් කලා.  ඒකෙත් ඇත්තක් නැත්තෙමත් නෑ. බස්සා පොඩි කාලෙ   වැටිලා නැති  නාන පොකුණක් අහල පහල තිබ්බෙ නෑ. ඒත් ඌ නෙමෙයි එව්වයෙන් සැලුනෙ.  අපලෙ ගෙවෙන්නත් එක්ක, බස්සා අසල්වාසී මානකොකෙක්ගෙන් ස්විමින් ටියුෂන් ගත්තා.   අපේ ගම තිබ්බෙ "නිව්ඩාව" කිට්‍ටුව. නම නිකන් පොෂ් වගේ වුනාට  අපේ ගම් පට්ට ඩොටේ.



මඟුලක් අහනවා, එහෙ කොහෙද ස්විමින් පූල්.?



පහල  වෙලේ  ඇල කාටත් පරවේණී

මට තනි නැත , උඹ නාඬන් උලලේනී




http://static.boredpanda.com/blog/wp-content/uploads/2014/04/village-life-indonesia-herman-damar-9.jpgඔන්න මාන කොකා , බස්සව එක්කන් ගියා ඇලට පීනන්න පුරුදු කරවන්න.



මානකොකා : හා දැන්, ඔය බෝක්කුව උඩට නැගලා , මේන්න මෙහෙම අත් දෙක තියාගෙන  පැනපං ඇලට.



බස්සා , කොකා කිව්ව විදිහට පැන්න, ඒත් පිම්ම වැරදුනා. තලපතා පොලොවෙ ගැහැව්වා වගේ  වතුරට  හරහට වැ‍ටුන. බස්සා කෙඳිරි ගගා ගොඩට ආවා. ඒත් පස්සෙන් පහු  බස්සා පීනන්න ඉගෙන ගත්තා.





බස්සා සහ ජලය අතර තියෙන්නෙ බොහොම ගැඹුරු සම්බන්ධයක්. දෙවන ව්‍යාපෘතිය ඔරු පැදිල්ල. කට්ටිය එක්ක රා බීපු දවසක, බොල්ගොඩ ගඟේ තො‍ටුපලක නාන්න ගිය වෙලාවක, ඒකට චෑන්ස් එකක් ලැබුනා , එතන තිබ්බ අත්හැර දාපු පරණ ඔරුවක නැගගත්ත බස්සා සහ පිරිස. පොල්  පිත්තක් හබලක් ලෙස යොදා  ගත්තා. අඩියෙ හිලක් තිව්ව , කොල්ලෑවක් නැති ඔරු කබල නිසා එදා බසු  නාවික හමුදාව දියබත් වුනත්, කවදා හරි ඔරුවක් හබල් ගානවාමයි කියලා බස්සා ඒක "බකට් ලිස්ට් එකට" දාගත්තා.





http://rubberboats.com/templates/rubberboats.com/prodimages/68351-1.jpgබස්සගෙ බෝට්‍ටුව ඊයෙ තැපෑලෙන් ආවා. හොඳ ඩීල් එකක්. හුලං මෙට්ටෙකට වඩා ලාබයි.

මෙන්න මේක.

බෝට්‍ටුව ගත්තට , මෙහේ අහල ගං හතක ඇලක් , දොලක් නෑ.  පංච මහා විල් නං තියනවා,චෑ එව්වයෙ කිසි ගතියක් නෑ. එහා, මෙහා නොපෙනෙන, මේ විල් මුහුද වගේ, හීනියට ‍රැල්ලත් ගහනවා. ඒ වගේද, දෙපැත්තෙ සුන්දරත්වය නරඹමින් හබල් ගාන්න ඇහැකි අපේ ගඟවල්.






http://www.lankaholidays.com/pics/30906/1.jpg
බොල්ගොඩ 

හතරට  පහට නමාපු බෝට්‍ටුව දැක්කා ගෙදර ඉන්න හෝතම්බුවා.

හෝතම්බුවා: මොන ඇන්නෑවක්ද  බොල මේ ?

"බෝට්‍ටුවක්"  බස්සා අහිංසක විදිහට කිව්වා.

හෝතම්බුවා: හහ්, දැං ඕක ගත්ත  පාරෙ පදින්නද?  මං අහන්නෙ මොන කෙහෙම්මලකටද  ඕක?  හෑ, උඹටත් ටොලාගෙ ලෙඩේ බෝවුනාද? හයියෝ ෂල්ලි.







ටොලාට තිබ්බෙ යොට් එකක්. ඒ කතාව මෙතන තියනවා. ටොලා  පාටි දාලා තියෙන්නෙ යොට් එකේ. ෆුල් ෆන් එකක් ගත්තට , ටොලාව නැතිකලේ  ගෑණු කියලයි පුම්බා කිව්වෙ.






හෝතඹුවා ගත්ත ජාතියේ ඔරලෝසුවක් 



බස්සා: නෑ බං , මට එහෙම  මඟුල් පිස්සුවක් නෑ. මේක මේ  පොඩිකාලෙ ඉඳලා තිව්ව ආසාවක්  බං. හා , දැන් එහෙනං  උඹ ගත්තෙ මේවගේ තුන්ගුණයක් ගණන් ඔරලෝසුවක්. දැං බලාපං මොකක්ද අත් ඔරලෝසුවකින් දැන් ඇති වැඩේ. අද බලන, බලන තැන වෙලාව තියනවා. කම්පූටරේ, සාක්කුවෙ මොබයිල් එකේ පවා. ආන්න ඒ වගේ තමා  මේකත්. මට ඕනෙ මේක ලංකාවට යන දවසක ගෙනිහිල්ලා, බොල්ගොඩ ගඟේ පදින්න.



හෝතම්බුවා: අනේ මන්දා, කොන්ත නෝනගෙ **ට කොන්ත නෝනගෙ කැමැත්තක් කිව්වලු



ඌ එහෙම කිව්වෙ, අද රටේ ලෝකෙ, ඔය ජලයට සම්බන්ධ ‍රැකියාවල් කොරන උදවිය ගැන එන ආරංචි නිසා.ඔන්න එක හාදයෙක්, ඩෝරා  බෝට්‍ටුවකින්  පිඹල ගිහින්, පත්තරකාරයෙක්ගෙ හොම්බට ඇන්නලු. තව  අනුරාජපුරේ පැත්තෙ  වැලි ගොඩදාපු බෝට්‍ටුකාරයෙක් , වැලි තියනවද කියල බලන්න අහල පහල ගෙදරකට රිංගලා, පොරෝ පාරක් කාලා මැරිලා. මං නං දැණගත්තෙ පත්තරෙන්, හිටං.



කාලෙකට ඉස්සර අපේ  පහල වෙලේ ඇල ගැන කිව්වාම , බින්දි කිව්වෙ" හහ්, හිතං ඉන්නෙ ඒක තාම ඇති කියලද?" කියලයි. හුටා, ඇත්ත නෙවෙන්නම්, "many many moons ago, when the dinosaurs ruled the earth" නෙව අන්තිමට දැක්කෙ? ඔහෙලට කියන්න, ඒක මතක් වෙලා හඳුන්පොත "කීං" ගෑව. පටස් ගාලා ගිහින් ගුගල් ස්ට්‍රීට් වලින් බැලුවා. වෙලයි, ඇලයි දෙකම වළඳලා, ගන්න දෙයක් නෑ, යාංතං  උන්දලා බොල්ගොඩ ගඟ ඉතුරු කරලා තියනවා, උන්න හැටියට මලා මදැයි කිව්වලු.හිරණ තො‍ටුපලේ පාලම් පාරුව නෑ, පාලමක් හදලා. රුක්ගහ තො‍ටුපොලේ පාලම්පාරුව තියනවා. මහබෙල්ලන  වැඩි වෙනසක් නෑ.










https://static1.1.sqspcdn.com/static/f/297115/20858227/1352003036070/HouseboatExample5890850.jpg?token=xz5VStpKbYEelT2BPPfYA4gqwv4%3D

යටත්විජිත කාළෙ , ලංකාවෙ වාරිමාර්ග ආශ්‍රිතව, හොඳ ප්‍රවාහන සේවයක් තිබිලා තියනවා. මෝටර්වාහන බහුල නොවෙච්ච ඒ යුගේ, බරවාහන වෙලා තියෙන්නෙ කරත්ත, සහ ඔරු පාරු. එතකොට  ලංදේසි, පෘතුගීසි එහෙමත්  වාරිමාර්ග  වැඩිදියුණු කරල තියනවා. මතක විදිහට ලංදේසි/පරංගි ඇල කියලා කැප්පූ ඇලක් එහෙම තිබුණ බව මතකයි. ඒ කාලෙ පාරු වලට සේවය සලසන්න, ගඟ පැත්තට මුහුණ දාලා හදපු කඩයප්පං කඩ පවා තිබුණ කියල අපේ සීයල කියනවා මං අහල තියනවා. අද වෙනකොට ඒවා අභාවයට ගියත්, අපේ අසල්වැසි රටේ , කේරළයේ මේ  පැරණි රසාංගය, සරු සංචාරක  ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියනවා.







නෙදර්ලන්තෙන් ආපු ලංදේසි වාරිමාර්ග තාක්ෂණය අතින් ඉහල ජාතියක්. නෙදර්ලන්තෙ එක විශේෂත්වයක් බයිසිකල් නම් අනික බෝට්‍ටු සහ වින්ඩ් මිල්ස්. ගෙවල් පේලියක් තියනවා නම්, එක පැත්තක් පාර, පිටිපස්සෙන් ඇල. කාර් එක පාරෙ පාක් කරලා, බෝට්‍ටුව ගේ පිටිපස්සෙ  ඇලේ නවත්තලා.





මේ සාවියෙත්, සුපිරි ධනවතුන්ට මෙන්න මේ වගෙ සමර් හවුස් තියනවා. ඇත්තටම , ධනවතුන්ට විතරක්ම නෙමෙයි, මං දන්න රුසියන් පවුලක් හිටියා සාමාන්‍ය ‍රැකියා කරපු. එයාලටත් සමර් කොටේජ් එකක් තිබ්බා  විලක් අයිනෙ. මම කියන්නෙ, අවශ්‍යතාවය තියනවා නම්,ඕන කෙනෙකුට බැංකුවක් කඩන්නෙ නැතුව විනෝදාංශයක් කරගන්න පුළුවන් කියන එකයි.



http://lankapura.com/wp-content/uploads/2009/02/river-transport-at-ratnapura-ceylon.jpgමෙන්න අපේ  පැරණි පාරු කාරයො ගත්ත ආතල්. වෙලාව හොඳ නං , මයෙ දෙකයි පනහෙ බෝට්‍ටු කට්ට වුනත් ඇති "සොබාදහම් අසිරිය" නරඹන්න:)



වගේ අස මිතුර – මකියන දී            සවන

ඇඟේ මල් දමසෙ – පෙති ගෝමර දිළෙන

ගඟේ යන පානදුර – යේ තොටු       පලින

මගේ නම් මෙ ළඳ – ඇවිදිමි වඩා     ගෙන



කද්දුව එගොඩ උළු අම්බලම         ගාවා

ගැහැණු තුන් දෙනෙක් ඉස නාව    නාවා

අප දැකලා උන් කරවන              නුරාවා

කොහොමද ලියෝ සිත නළවන  උපාවා





මේ කාලෙ නං  විල් ඔක්කොම මිදිලා. ගිරීස්ම ඉර්තුවෙ , ඔහෙලා මේ පැත්තෙ ආවොත්, බාග වෙලාවට, බස්සෙකුයි, හෝතම්බුවෙකුයි ඔරු පදිනවා බලාගන්න පුළුවන් වෙයි.







Sunday, January 15, 2017

නරි නාටක


http://vignette2.wikia.nocookie.net/disney/images/0/03/Nick_and_judy_zootopia_renders.png/revision/latest?cb=20151220130400ඔහෙල දන්නව නේද , අර රජවෙච්ච නරියගෙ කතාව. අර නිල් බාල්දියෙ වැ‍ටුනෙ. හරි, ආන්න එයා තමා. මට හම්බ වුනා නෙව එයාව.



බස්සා:කොහොමද සෑර් වෙනස සැපද?



නරි: මඟුලක් කියනවා, හපොයි මාත් පැටලිච්ච පඹගාලක මහත?



බස්සා: ඇයි සෑර් , එහෙම කියන්නෙ? රජසැප නේද? අර හිටපු රජා තාමත් හූල්ලන්නෙ නිකංද? ආං දැන් කියනවා  කොහොමහරි පෙරලනවා කියලා



නරි: හෑ, හැබෑටම එයා එහෙම කිව්වද? පෙරලනවයි කිව්වෙ, ඔලුවට කලුගලක් වත්ද?



බස්සා:  ඒ කලුගල් පෙරලන කතාව කිව්වෙ නාලාගිරි නෙව. මේ කියන්නෙ අපේ හිටපු රජතුමා ගැන.



නරි:  ආ එයාද? එයා නං පෙරලන්නෙ බාල්දි වෙන්ටෑ. ඒක නෙමෙයි, උඹට කියන්න බස්සෝ, මට මේ රජකම එපාවෙලා තියෙන්නෙ.



බස්සා: හෑ, එහෙනං නිල් බාල්දියට පැන්නෙ  මොන උලව්වකටද?



නරි:  පැන්නෙ නෑ , මාව නැට්ටෙන් ඇඳගෙන ඇවිල්ලා, බාල්දියට තල්ලු කලා නෙව අර සැටලයිට් නෝන. අම්මපා මං මේ හම්බවෙනකං ඉන්නෙ, හපනව කකුලක් පත්තු බඳින්නම.




------------------------------------------------------------------------------------------

ලංකාවෙ නරි, දේශපාලනය කලාට, කපටි සූට් ඇන්දට, ලෝකෙ හැම නරියම එහෙම නෑ. ඔය නරිය හරි හුරතල් සතා.බල්ලො කියන්නෙත් ගෘහස්තකරණය කරපු නරි ජාතියක් කියල කියන්නෙ. ඔය  එන්ගලාන්ත වංශවත් සුද්දො නං, ඉස්සර එහෙ නරින්ගෙ "නරි අයිතිවාසිකං" උල්ළංඝනය කලා "ෆොක්ස් හන්ටින්" ගිහිල්ලා.ඒත් හැමෝම එහෙම නෑ:

Riot The Red Fox





නරියා, විශේෂයෙන්ම "නරිච්චි" ජපානෙ සහ කොරියාවෙ අත්භූත බලයක් ඇති සතෙක් විදිහටයි සැලකෙන්නෙ. මෙන්න මේ වගේ:






කොරියාවෙ නරිච්චියොත්  හරිම "ෆොක්සි". එහෙ ජනකතාවල ඉන්නෙ වලිග නමයේ නරිච්චියො. මෙන්න මේ කොරියන් ටෙලි නාට්ටිය මට නං නැගලම ගිය එකක්. බලන්න. කෙලින්ම සබ්ටයිටල් එක්කම යූ ටියුබ් එකේ තියනවා






https://s-media-cache-ak0.pinimg.com/564x/6d/ed/bd/6dedbdd0648230e1b24d427f072bea27.jpg
Sly fox and dumb bunny





Friday, December 23, 2016

දොර නාරින් අමල්බිසෝ











https://metrouk2.files.wordpress.com/2016/03/untitled4.png

ඔන්න මුළු නොවැම්බරේම යසට ඉඳලා, අපේ කාල-ගුනේ  වැඩ පටන් අරගෙන. ඔය කස්ටිය කියන්නෙ හිම වැස්ස, මල් තුහින කියලා එහෙම.ඇත්ත, මෙව්වා හරිම සුන්දරයි ගෙදර  ජනේලෙ ගාවට වෙලා , උණු කෝපි එකක් බොන ගමන් බලාගෙන ඉන්න. ඒත්  එලියට යන්න උනොත් , ඒක එච්චරම සුන්දර අත්දැකීමක් වෙන්නෙ නෑ.ඒත් හිම වැස්සකට අහුවෙලා, ගෙදර ඇවිල්ලා ත‍ටු ගසා-බසා දාලා  ඇඟ රත්වෙන්න දෙකක් නමා ගත්ත නං, ආන්න පිංවතුනි සැප.


http://miriadna.com/desctopwalls/images/max/Winter-pond.jpg

ඒත් නත්තල් පප්පගෙ සාවියෙ ජීවත් වෙනවා නම්,  සීත කාලෙ කියන එක ජීවිතේ කොටසක් විදිහට හිතන්න වෙනවා. මේ ඍතු හතර ජීවන චක්‍රයක්. කෘමීන් පාලනය, වැටිච්ච කොලරොඩු දිරාපත් කිරීම වැනි වැඩ කොටස  කරන්නෙ සීත කාලෙ.



අර දුක-සැප නිති පෙරලේ කියල කියනව නේද? ඒ කියන්නෙ දුක නැහ්නම් පෙරලෙන්න සැපක් නෑ , කියන එක නෙව?



 හෑ, තේරුණේ නෑ කිව්වා?  හොඳයි මෙහෙම හිතමුකො. සැප-දුක කියන්නෙ  රෝදයක් කියලා උඩ බාගෙ සැප. යටබාගෙ දුක. දැන් ඔය එක බාගයක් නැතිවුනොත් මොකද වෙන්නෙ? රෝද බාගෙකට  පෙරෙලෙන්න බෑ නෙව?






http://pixdaus.com/files/items/pics/6/70/514670_0122203762fffb563aa00c17025a6d6e_large.jpg
අවුල් වෙච්ච බස්සෙක්

මට කාළයක් තිබ්බ ප්‍රශ්ණයක් තමා . මොකටද  මේ කස්ටිය , ඔය හිමාලය වගේ කඳු නගින්න යන්නෙ කියලා.සමහරු නං ඕකට හේතුව වශයෙන් "ඇඩ්වෙන්චර්" කියලා බර වචනයක් කිව්වා. ඇහුවාම කිව්වෙ "අනතුරුදායක කමට" තියෙන්නෙ කැමැත්තට කියල. මට නං ඒක විස්වාස නෑ. ඔච්චරම අනතුරුවලට  ආස නං ,ඔය අධිවේගෙ මැද්දෙ හිටගෙන හිටපල්ලකො,පටස් ගාලා ප්‍රතිඵල ලැබෙයි.මට දැන් හිතෙන්නෙ, ඒ කස්ටිය යන්නෙ දුක හොයාගෙන කියල. ඇයි, උන්දලා දන්නවා ඊළඟට සැප කනේ කියලා. ඔන්න ඕකයි පිංවතුනි, දුක පිලිබඳ බකුසු තියරිය. ඇයි, අවුල් වගේද? ගණන් ගන්න එපා , සුද්දො අපිට "අවුල්" කියන්නෙ නිකන්යෑ?



පොතේ හැටියට, අපි විසි වෙනිද ඉඳන් නිවාඩු. ඔය කාලගුන සැන්තෑසිය දන්න නිසා මමත් හරි-බරි ගැහිලා උන්නෙ එහෙමයි.කොහොමින්, කොහොමින් හරි  අපේ බොසා මයෙ තවත් දවස් දෙකකට කෙලියා. මොනව කරන්නද? ඒ වැඩිපුර දවස් දෙකේ සල්ලි වලින්  මම, මටම නත්තල් තෑගි දෙනවා කියලා හිත හදාගෙන ඇදලා දැම්මා ඒකත්.



මෙන්න ගත්ත එක තෑග්ගක්. වැඩිය නෑ, ගෙඩි සුපියල් පනස් හතයි.



දැන් ඔහෙලා  හිතනවා ඇති , මූට නං බාගෙට පිස්සු කියලා. ඒකෙත් ඇත්තක් නැත්තෙමත් නෑ. ඒත්, බස්ස සහ දොර අගුල්වලට  බොහොම පරණ අතීතයක් තියනවා.



බොහොම කාලෙකට ඉස්සර බස්සා පන්නිපිටිය පැත්තෙ තියන මාධ්‍ය ආයතනයක වැඩ කරන කාලෙ  ඒ කිට්‍ටුව  පදිංචි වෙලා හිටියා. ගෙවල් අයිතිකාරය හිටියෙ ඒ කිට්‍ටුව.




http://s4.favim.com/orig/50/bird-cute-owl-Favim.com-448230.jpg
දුක හිතෙන මූණක්





" මම මේ ගේ , හොඳ කෙනෙක් ලැබුනෙ නැති නිසා වහලයි තිබුනෙ. ඔහේ හොඳ කෙනෙක් වගේ පේනවා" එහෙම කිව්වෙ ගෙවල් අයිතිකාරයා. බස්සගෙ අහිංසක මූණ දැක්කාම උන්දැට එහෙම හිතෙන්න ඇති.



වහල දාලා තිබ්බ ගේ , සම්පූර්ණයෙන් බස්සට කුලියට දුන්නෙ බොහොම සාධාරණ ගාණකට. විසාල ගේ, බස්සා විතරක් එක කාමරයක. කෑම කඩෙන්. දවසෙන් වැඩිවෙලාවක් රස්සාවට ගෙවිලා, නිදාගන්න විතරක් ගෙදර ආපු නිසා ප්‍රශ්නයක් වුනේ නෑ. නැත්නම් හරියට හොල්මන් බංගලාවක ඉන්නව වගේ තමා.




http://i.dailymail.co.uk/i/pix/2017/02/06/05/3CE2CFFE00000578-4194850-image-a-129_1486357279874.jpg

එක්තරා ඉරණම්කාර හෙනහුරාදා උදෑසනක, සුපුරුදු පරිදි නාගත්ත බස්තියං, තුවාය පිටින් , හෝදපු ඇඳුම් වනන්න එලියට ගියා. ආව හුලඟක්, වැහුනෙ නැතෑ දොර පටස් ගාලා. මෙන්න මේ චිත්‍රය හිතේ මවා ගන්නකො.



ඔහෙලා දන්නවා නෙව, අර ලාබ  කොළඹ පේව්මන්ට් තුවා. ආන්න ඒ වගේ තුවා කොටයක් ඇඳගත්ත ,තෙත රෙද්දක් අතින්ගත්  අඩ නිරුවත් බස්සෙක්, බාගෙට කටත් ඇරගෙන, වෙච්ච දේ අදහගන්න බැරුව, වැහිච්ච දොරක් දිහා බලාගෙන ඉන්න අසරණ විලාසය.



අනුන්ගෙ ගමක්, අහල පහල දන්න කියන කිසි කෙනෙක් නෑ. අර තුවා කොටේ ඇඳගෙන කොහොමද පාරදිගේ ගෙවල් අයිතිකාරගෙ ගෙදරටවත් යන්නෙ . ඔන්න ඔය සිදුවීමෙන් පස්සෙ ඉඳන් බස්සා   දොර අගුල් ගැන සෑහෙන උනන්දුවක් ඇතිකර ගත්තා.



දොර අගුල් විවිධයි, විශමයි, ගෝලාකාරයි. ඒත් ‍රැවටෙන්න එපා. හැම එකම එක වගේ නෑ. සමහර එව්වා  බොහොම භයානකයි.  නිකම්ම ලොක් වෙනවා. එලියෙන්  අරින්න බෑ යතුරු නැතුව.






ඔය පුරස්නෙ නිසා බස්සාගෙ විශේෂ කැමැත්තක් තියනවා " ඩෙඩ් බෝල්ට්" කියන අගුලු ජාතියට. දොර  ඉබේ ලොක් වෙන්නෙ නෑ. එක්කෝ යතුර දාන්න ඕනෙ, නැත්නම් ඇතුලෙන් ඉඳලා   ලොක් කරන්න ඕනෙ. 





මේ ගත්ත එකේ නම් , තව ගැජමැටික් තියනවා, එව්වා බෝනස් :)



සැමට ප්‍රීතිමත් නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා!






Saturday, November 19, 2016

නැතිවූ දියමන්තියේ අභිරහස




ඔබ ජේත්තුකාර  ඉහල පැලැන්තිය ගැන දන්නවා නම්, සුරූපී හර්න්කාසල් සොහොයුරියන් තිදෙනා -මිස් ඇඩිලේඩ්, මිස් කැරොලයින් හා මිස් ජූලියා ගැන නොදැන ඉන්න හේතුවක් නෑ. ඒ අය අතරින් අන්තිම කෙනා, බාලම නමුත් හොඳම ආර්‍යාව බව මගේ අදහසයි. මම ඉස්සෙල්ලාම සේවයට ගියේ  එයාලගෙ  අප්පුච්චා - ලෝඩ් හර්න්කාසල් ලඟට. දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ කතාවට උන්දෑ අදාල නොවීම ගැන, මං  ජීවිතේට දැකපු  හැකරම කට සහ  ලොකුම මූලග්ගාය තිබ්බෙ  උන්දෑට.



මං මේ කිය කිය හිටියෙ, මං පේජ්-බෝයි කෙනෙක් ලෙස ඒ තරුණ ආර්‍යාවන්ගෙ  සේවයට ගියා කියලයි. එතකොට මට යන්තං වයස පහලොවයි. ජූලියා ආර්‍යාව,



සර් ජෝන් වැරින්ඩර්ව(නැසීගිය) බඳින කල්ම මම එහේ හිටියා, . මේක මේ ඔහෙලත්, මාත් අතර විතරයි ඈ? ඔය සර් ජෝන් වැරින්ඩර් ඉන්නව නේද?  පංකාදු මනුස්පයා, එයාට ඕන කලේ එයාව කලමනාකරණය කරගන්න කෙනෙක් විතරමයි. ඉතිං එයා හොයපු කෙනා එයාට ලැබුණා,අපේ  පොඩි ආර්‍යාව එයාව පල්ලියට ඇදගෙන ගිහින් බන්දවව්ව ගත්තදා ඉඳලා,   හොඳට  කාල, බීලා , ආරපු  සර් ජෝන්, අවසානෙ බොහොම සන්තෝසෙන් ඇස් දෙක පියාගත්ත.



මට කියන්න බැරි වුනා නෙව, මම සෑර් ජෝන්ගෙ ලඟ සේවයට ගිය කොටස. ජූලියා ආර්‍යාව , සෑර් ජොන්ව බැඳගත්තාම , මාව වැරින්ඩර්  වලව්වට අරන් ගියා. අපේ ආර්‍යාව ගෙවතු වැඩ, සෑර් ජෝන්ගෙ වතුවල වගා කටයුතු ගැන උඅනන්දුවක් දක්වන බව දැක්ක මමත් ඒ ගැන උනන්දු වුනා. ඒකට තව හේතුවක් වුනේ, මම අඳ ගොවියෙක්ගෙ  පුතෙක් වීමයි. කොහොමින් හරි මම සෑර් ජොන්ගේ වතුවල කංකානම් තනතුරක් දක්වා උසස්වීමකුත් ලැබුවා.




https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWOeAbmjP_NUSaeJXW1P3rGdOGIOF0W8-a06y3EkeArWifUEy_G6X0nP-NstBJahTrky0tfjamka3zych81a3FXv05kL7ASb-TnmtY1lSTjYfN6Gmgl5CvQY865LIldm1dfxkIp-gD-KQk/s1600/Willem+Joseph+Laquy+%25281738-1798%2529+-+A+Scullery+Maid+Preparing+A+Chicken.jpg
පාට එරන්වන් ගඟබඩ කොකුන්නේ

රෑට බතට චිකන්ද , අද තියෙන්නේ?



ඉන්න හිටින්න මටම වෙනම පොඩි ගෙයකුත්, උදේට වතුවල  නිරීක්ෂණ සංචාරත්, හැන්දෑවට   ගණන්පොත් තැබීමේ වැඩත්, ඉන්පසු දෙකක් නමාගෙන ,මගේ පයිප්පය දල්වාගෙන උඳුන ලඟ ගිණි තපින, වාසනාවන්තයකුට , තව මොනවද ඕනෙ කියල ඔබ අසාවි? මතක නෙව, ඊඩ්න් උයනේ  සනීපෙට හිටිය ආදම්ට ඕනෙ උනදේ? හරි, ඔබ ඒ ගැන ආදම්ට දොස් කියන්නෙ නැහ්නං , මටත්  දොස් කියන්න එපා.



මම ඇහැ ගහගෙන හිටිය කෙල්ල තමා, මයෙ ගෙදර වැඩට වලව්වෙන් එවාපු කෙලී -සැලීනා. බිරිඳක් තේරීම ගැන, අපේ පැරණි කියමනක්  එක්ක මං එකඟ වෙනවා. බලන්න ඇය කෑම, හොඳට හපලා කනවද? පොලවෙ හොඳට පය ගහල ඇවිදිනවද? කියලා, එච්චරයි. සැලීනා මේ අංස දෙකෙන්ම කිසිම අඩු පාඩුවක් තිබ්බෙ නෑ. මේ තීරණයට, මගේම සොයා ගැනීමක් වෙච්ච තව හේතුවක් තිබුණා. සැලීනාගෙ සේවය වෙනුවෙන්  මට මාසිකව සෑහෙන ගාණක් ගෙවන්න වුනා. සැලීනා මගේ බිරිඳ වශයෙන් , ඇයට මට ඒ සේවාවන් නොමිලේ සපයන්න වෙනවා. මම බැලුවෙ  ඒ කෝණයෙන් - ආදරය බිඳක් මුසුකල ආර්ථික විද්‍යාව!



කල්යල් බලලා, මම මේ අදහස අපේ  මැඩම්ට දැම්මා. " මම මේ




හපල කනවද බලන හැටි

සැලීනා කෙල්ලව හිතේ කරකවල බැලුව , මැඩම්"මම කිව්වා" මට හිතෙන විදිහට ඇයව තියා ගන්නවට වැඩිය බැඳගන්න එක ලාබයි, මැඩම්". හොඳ හැටි හිනා වුන අපේ ආර්‍යාව මට  අවසර දුන්නා.  මමත් සැලීනට වචනෙ දැම්මා. ඔබ පුදුම වෙයි , ඔබ කොච්චර ටිකද ගෑණු ගැන දන්නෙ කියලා, ඈ  දෙපාරක් හිතෙන්නෙ නැතුවම " හා" කිව්ව නෙව?





මගේ තනිකඩ ජිවිතේ කාලය අවසාන වේගන එනකොට, ඔය කොයි චන්ඩියටත් එන හැඟීම මටත් ආවා -  හිටිය විදිහට  හිතූමතේ ජීවිතේ ඉන්න තිවුණ නං කියලා. අපේ රටේ විවාහ පොරොන්දුවක් කියන්නෙ, නීතිමය බැඳීමක්. මම සැලීනට, පිහා‍ටු පුරෝපු මෙට්ටෙකුයි, සිලිං පනහකුයි  වන්දියට දෙන්න යෝජනා කලා,මේ මර උගුලෙන් ගැලවෙන්න. විස්වාස කරන්න, මේ මෝඩ ගෑණි "බැහ්" කිව්ව නෙව?



මං මේ කිය, කිය හිටියෙ මොකක්ද? ආ, හරි දියමන්තිය නැතිවෙච්ච හැටි ගැන නෙව?



-Chapter I ,THE LOSS OF THE DIAMOND






http://theweddingtodolist.com/wp-content/uploads/2015/11/funny-wedding.jpg
හහ්, එව්ව හඳේ මාත් එක්ක?

-THE EVENTSRelated by Gabriel Betteredge,

House-Steward
in the service of Julia, Lady Verinder


Year 1848




පොතේ නම The Moonstone, ලිව්වෙ විල්කි කොලින්ස් වර්ෂ 1868 දි. ලෝකයේ ප්‍රථම රහස්පරීක්ෂක නවකතාව කියලත් මතයක් තියනවා. A detective story with a dash of romance, මට හිතෙන්නෙ එහෙමයි.






https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJ9X-h6H0fUv_eBornE3tVGuz-4mmlJkB9x6H8Nf6oYwlrmZBqQtYK_isNBug6ZwS6NAML41Tgd40yeXhz2u1tHv8gJNPxNTVzavsj6k-muDGhcz203uJB2aTExakqHg4TWt4e1hQG24BT/s1600/Joseph+deCamp+%25281858-1923%2529+-+The+Steward+aka+Lewis+of+the+Porcellian+1919.jpg
Dinner is served, Sir

ඔය පඳුරු තැලිල්ල හොයා ගත්තෙත්  විල්කි කොලින්ස් කියලයි මට නං හිතෙන්නෙ. පොත කියෙව්වොත් ඔබත් මා එක්ක එකඟවෙයි. කතාවෙ මේ හරිය කියන,වැරින්ඩර් මන්දිරයෙ  ප්‍රධාන ගෘහ සේවක, ගබිරියෙල් උන්දෑ  පඳුරු තලන්න,වංගු ගහන්න දෙයියා.බලාගෙන ගියාම පඳුරු තැලිල්ල  පුරාණේ සිට පැවත එන වැදගත් චාලිත්තරයක් නෙව, ඔය කස්ටිය යස අගේට තලල තියෙන්නෙ පඳුරු එකදාස් අටසිය ගණන් වල? ඉතිං , ඔබ ඒ ගැන විල්කි කොලින්ට දොස් කියන්නෙ නැහ්නං , අර අහිංසක හැලපයට මුකුත් කියන්නත් එපා.



කීපවිටක් සිනමාවට නැගුවත්, පොත මාර රහයි කියල කිව්වෙ අසල්වාසී එළුවෙක්. මාත් ඒකා එක්ක එකඟ වුනා. එක හේතුවක් ,කතාව ඉදිපත් කරන විදිහ: කතාවට සම්බන්ධ විවිධ අයගේ ලිපි, සටහන් මඟින්. අර බ්‍රෑම් ස්ටෝකර්ගෙ , ඔරිමජිනල් ඩ්‍රැකියුලා පොතේ ඉට්ටැයිල් එකට. පරිසරය වැනිල්ල, කුතුහල , සංත්‍රාසය  ඒ වගේමයි, භීෂණ රසය ඇර. කතාවෙ ප්ලොට් එක මේක නෙමෙයි, මේ  ඒකට අවශ්‍ය වේදිකාව තනන කොටස්. මට නං වැඩියම රස මේ කොටස්. සිනමාවට ගන්න කොට කප්පාදු කරල තියෙන්නෙත් මේ කොටස්.





කොහොමත් වික්ටෝරියානු යුගයේ එංගලන්තය, මගේ ප්‍රියතම කාලයක්. ගල් ඇතුරූ මාවත්,  නිරන්තර  මීදුමින් වැසුනු නගර වල ගෑස් වීදි පහන්, අස්ප කරත්ත, පිලිවෙලකට ඇඳපු මිනිස්සු, අඳුරු ප‍ටු මාවත් මේ ඔක්කොම මගේ හිතේ ඇති කරන්නේ චමත්කාරයක්. ඒ පරිසරය අනුගතවෙලා මේ කතාව රස විඳින්න බලන්න කියලයි මම කියන්නෙ.  හොඳම දේ ඉංග්‍රීසි පොත කියවන එක. සියවස් එකහාමාරකට ඉස්සර ලිව්ව පොතක් වුනත් , පොතේ භාෂාව හරිම ලස්සනයි.මේ පොත සිංහලට පරිවර්තනය කරල තියනවා " චන්ද්‍රකාන්ති පාෂාණය" වගේ නමකින්, අඩුගානේ ඒකවත් හොයාගෙන කියවන්න.




ඔහෙල දන්නව නෙව , මං කම්මැලි බකමූණා වග, කම්මැලියාට දිවැස් තිබේ කියල කතාවකුත් තියන නිසා , මං ගියා පරිවර්තනය කරන්න ඕනා කොටසත් අරගෙන ගුගල් දෙයියා හම්බවෙන්න. ඔය තියෙන්නෙ උන්දැගෙ පරිවර්තනය,





අවුරුදු 50 වැඩි නිසා කොපි රයිට්ස් නෑ. The Moonstone pdf කියල ගුගල් කලාම හොයාගත්තෑකි. මෙහෙම පොත් නොකියවපු "ඔය දෑස් , මක්කටෙයි?"




http://payload411.cargocollective.com/1/18/599955/10535512/firma_reduida_1000.jpg















Saturday, November 12, 2016

Chef බස්තියං





https://cache-graphicslib.viator.com/graphicslib/thumbs674x446/2428/SITours/handmade-italian-pasta-cooking-course-in-florence-in-florence-168393.jpg

බොහොම කාලෙකට ඉස්සර අපේ  ඉස්කෝලවල ගෘහ විද්‍යාව කියල විෂයක් උගන්නලා තියනවා. ඉවුම්-පිහුම්, ගේ දොර අස්-පස් කිරිලි, මැහුම්-ගෙතුම් වගේ එදිනෙදා ජීවිතේට අත්‍යවශය දේවල් තමා මේකට ඇතුලත් වෙලා තිබුනා යැයි කියන්නෙ. මේ විෂය කොච්චර සාර්ථකද කියන්න දන්නෙ නැති වුනත්, සංකල්පයක් විදිහට මේක බොහොම වටිනා එකක්. නමුත් මෙතන බරපතල කොස්සක් - තිබිල තියනවා: මේක උගන්නලා තියෙන්නෙ ගෑල්ලමයින්ට විතරයි.



මං කියන්නෙ , මේක බරපතල gender discrimination එකක්. ඇයි අපි ඔ‍ටුවොද? ඇත්ත, මෙව්වා "පිරිමින්ට අයිති නැති, ගෑණු වැඩ" කියන සමාජ සංකල්පයක් තිබුණා තමයි. නමුත්  වර්තමානයේ  අපේ ජීවන රටාවත් එක්ක  මේ සංකල්පය කොහොමවත් ගැලපෙන්නෙ නෑ කියලයි  මට හිතෙන්නෙ.අපට තියෙන්නෙ ,අපේ යල් පැනගිය අධ්‍යාපන ක්‍රමයෙ තියන , වැඩකට නැති විෂයක් හලලා හරි "ගෘහ විද්‍යාව" නැවත රිංගවන්න. මං නං කියන්නෙ ඒක අනිවාර්‍ය විෂයක් කරලා, අකමැති කොල්ලන්ට බලෙන්  හරි උගන්නන්න ඕනෙ.  උන්දලා පස්සෙ කාලෙක හරි ඒකට පිං දෙයි.



http://www.munchcatering.net/wp-content/themes/bootplate/images/man-with-yummies.pngතමන්ගෙ වැඩ තමන්ම කරගන්න, ස්වාධීනව ජීවත්වෙන්න හැකි සමාජයක, මේ"ගෘහ විද්‍යාව" කියන්නෙ බොහොම හුරුබුහුටි කුසලතාවයක්, මිස ලැජ්ජාවෙන්න ඕනෙ කාරණයක් නෙමෙයි. අද බොහෝ අය උසස් අධ්‍යාපනය, ‍රැකියාව වැනි දේ නිසා තරුණ කාලය ගත කරන්නෙ ගෙදරින් පිට, බෝඩින් වල. ජීවිතේ යම් කාලයක්  ගෙදරින් පිට ඉන්න නොවිච්ච අය , අද හොයාගන්නත් අමාරුයි. මෙවැනි පුහුණුවක අගය දැනෙන්නෙ අන්න එතකොටයි.




ඒ ඇරත් අද  සමාජයේ , කුස්සිය කියන්නෙ පිරිමින්ට  තවදුරටත් ආගන්තුක තැනක් නෙමෙයි. මං කියන්නෙ බොරු නං, ඔහෙල ඔය දන්න කියන ගෙවල්වලට හොම්බ දාලා බලන එකයි ඇත්තෙ. ඉස්සෙල්ලාම කුස්සිය පැත්තෙන් ඇහෙයි" ජිංජි බරස්, බරස්" කියල සද්දයක්, ඊට පස්සෙ ගෙදර ගෘහ මූලිකයා, කුස්සිය පැත්තෙන් මතුවෙයි' මං මේ  පොඩි රෙපයාර් වැඩක් කර, කර හිටියෙ' කියාගෙන. හොඳට බැලුවොත් පෙනෙයි, සරුවාංගෙ පුරාම  පොල් කෙඳි, පොල් කුඩු.



ගෘහ විද්‍යාවට අයත් දේ අතරින් වැදගත්ම, නමුත් වැඩිම අවතක්සේරුවට පාත්‍ර වෙලා තියෙන්නෙ සූප ශාස්ත්‍රය. මට අනුව නං උයනව කියන්නෙ කලාවක්. බෙරි නොවෙන්න, බතට කොච්චර වතුර කියන්න ඕනෙද කියන එකේ සිට , හොද්දට පදමට ලුණු-ඇඹුල් දැමිල්ල දක්වා හැම එකකටම කලාවක්-වෙලාවක්, ගාණක්-මිම්මක් තියනවා.



උදාහරණයක් විදිහට ඇඹුල් ගත්තාම, දෙහි, තක්කාලි, ගොරක,  සියඹලා ඔක්කොම ඇඹුල් උනාට එව්වයෙ රස වෙනස්,  මොන එක මොන වෑංජනයට දානවද කියන එක තමා කලාව.



තවත් මම දැකලා තියෙන දෙයක් තමා කෑම උයන්න දන්න අය උනත්, දන්න කෑම රෙසිපි ගැන උනත් තියෙන නොදනුවත් කම. සමහරු ඔහේ හිතට එනදේ හොද්දට දානවා , හිතෙන, හිතෙන විදිහට. අපේ හෝතම්බුවාට ඔය ගතිය සැරටම තියනවා.හදිසියෙ හරි, අල, ළූණු අඩුවට දාලා තිබුනොත් උන්දැට ඒක හොඳ නෑ, ගාණ වැඩි එකම තමා හොඳ. මට මතක් වෙන්නෙ බාලා. කාලයක් මම මැලේසියාව ලඟ තිබ්බ දූපතක වැඩකලා. බාලා හිටියෙ අපේ චමරියෙ. එදා බාලා උයන දවස. අපි ගෙදර ආවෙ හොඳට බඩගිනිවෙලා. බාලා ඉන්නවා ඉස්සරහ ඉස්තොප්පුවෙ  වාඩිවෙලා කකුල් වන,වන. මුකුත් උයල නැ. ඇහැව්වාම කිව්වෙ මෙහෙම " ගේ හරියෙ, කොත්තමල්ලි, උළුහාල් ඇටයක් නෑ, ඉතිං කොහොමද උයන්නෙ?"



අපේ හෝතම්බුවා මීගමුව පලාතෙ. හරියටම කියනව නම් කිරිමැටියානෙ. මස් , මාළු ගැන අපිට උන්දලා එක්ක හැරෙන්නවත් බෑ. උන්දැගෙ කුකුල්මස් කරියයි, මාළුමිරිස් දාලා මිරිසට හදන සැමන් එකයි පංකාදු පහයි. ඔන්න මං ඉල්ලුව රෙසිපිය:



මං: මචං , දැන් ඔය  වෑංජනේ හදන්නෙ කොහොමද?

හෝතම්බුවා: සැමන්, මාළුමිරිස් තුනපහ, මිරිස් අතගාලා පැත්තක  තියලා, ලූණු මිරිස්, කරපිංචා තෙලට දාලා , ඒකට අර සැමන් දාලා ගන්නවා.



මාත් ඒ කිව්ව විදිහට හැදුවා, බල්ලෙකුට කටේ තියන්න බෑ.

මං: ඈ බං, මං හැදුව හරිගියේ නෑ නෙව? ඒකට තව මොනව හරි අඩුයි වගේ? සුදු ළූණු දානවද?

හෝතම්බුවා: නැතුව

මං:දැං බලාපං , උඹ ඕක මට කලින් කිව්වෙ නෑනෙ? මේක හරියන්නෙ නෑ. උඹ හදපං , මං බලාගෙන ඉන්නම්.



පස්සෙ බලනකොට අඩුපාඩුව. ඇඹුල්.උන්ද ඒකට තක්කාලිත් දාලා, ගොරක බික් දෙක තුනකුත් දානව. ගොරක නැතුව මේ සම්මජාතියෙ ඒකෙ නියම රහ එන්නෙ නෑ. ගොරක තමා එතන  secret ingredient එක.



මං පරිප්පු උයන්නෙ, ඇට බෙරි නෙවෙන්න. මං පරිප්පු හදනවා , මිරිසට පොල්කිරි කඳුලක් නොදා , ගෙදර ළූණු නැත්නම් ඒ මුකුත් නැතුව. කිසි අවුලක් නෑ යස අගේට තියනවා. එකම දේ තෙම්පරාදු කරනවා. දැන් අපි එන්නෙ, වෑංජනේක secret ingredient එක කියන මාතෘකාවට.



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzKgZDAouhteAxgwKIhiWANGhx6fluecWrU2y9FA0RDSLfpjl8L03sro42GQPlyCr83b9IGvuH3Gj8c4DLS2sfxfQO69ohi6nfBwXQ0chJzjODiYgPX7n41yvFSGvVE-9XqDO0C4iRG-HW/s1600/1_phixr.jpgසමහර විට මේ එක අත්‍යාවශය දේවල් එකක් හෝ අඩු වුනොත්, බලාපොරොත්තුවෙන රස ලැබෙන්නෙ නෑ. හිංගලෙන් ඔව්වට කියන්නෙ secret ingredient කියලා. සම්බෝලෙට, කරවල බැදුමට සියඹලා සහ අනෙක් බොහෝ වෑන්ජන වලට "oyster sauce" තමා මගේ secret ingredients.



ඉස්සර පොඩිකාලෙ මං පිට ගෙදරකට ගියොත් කෙලින්ම රිංගන්නෙ කුස්සියට, උයන හැටි බලන්න. අපේ ගමේ වයලට් අක්කා තමා , මට ඉස්සෙල්ලාම කරවල බදින හැටි ඉගැන්නුවෙ. ඉස්සෙල්ලාම බැදිය යුත්තේ කරවල බවත්, ලූණු තෙලට අන්තිමට එක්කරන්නේ කරවීම වැලක්වීමට බවත් කී වයලට් අක්කා , "In the game of cooking, timing is everything " නැමති වටිනා පාඩම මට ඉගැන්නුවාය.





කෑම වල texture එක කියන්නෙ බොහොම වැදගත් දෙයක්.

ආහාරයක, ගුණයත්, රසයත් , පෙනුමත් ගන්න නම් මේ texture  එක  ‍රැකගන වැඩිත් නැතුව, අඩුත් නැතුව උයාගන්න ඕනෙ. විශේෂයෙන්ම එලවළු, බෝංවි, කොල වගේ එව්වා. මේ කලාව චීන්නු හොඳට දන්නවා. ඔබ දකින චයිනීස් කෑම වල, එලවළු ලස්සනට කොලපාටට , කරස් ගාලා හැපෙන පදමට තියෙන්නෙ ඒකයි.තුනපහ  අධික ලෙස යොදා , තලප වෙන්න බෙරි කරලා උයන ඉන්දියන් කෑමට මම අකමැතිත් ඒකයි.



අවාසනාවට දේශීය වෙදකම වගේම, අපේ සුප ශාස්ත්‍රයත්  අභාවයට යන කලාවක් කියලයි මට හිතෙන්නෙ. තවකෙනෙකුට කියාදෙන්න ඇති අකමැත්ත, මෙව්වා ඉගෙන ගන්න, ලේඛණගත කරන්න උනන්දුවක්, ක්‍රමවත් වැඩපිළිවෙලක් නැතිකම වගේ හේතු ගණනාවක් මෙයට දායක වෙනවා ඇති.මා මෙන්ම ඔබත් බොහෝ විට අසා ඇති සමහරු මෙහෙම කියනවා " අපේ  අම්මා හදනවා  කිරිකොස් මාළුවක්, ආයෙ මොනවද ඒක එක්ක විතරක් බත් පිඟානක් කතෑකි" .



ප්‍රශ්ණෙ තියෙන්නෙ,  ඒ හැකියාව ඊලඟ පරම්පරාවට  නොයෑමයි. ඒ නිසා ඒ පරම්පරාවෙ අයට කියන්න වෙන්නෙ " අන්න අතන හෝටලයෙ  රෝල්ස් මාරයි, අහවල් හෝටලයෙ බුරියානි එක නියමයි" වැනි කතා විතරයි. පහල විඩියො එකේ 7.58 හරිය බලන්න. කොළඹ හොඳම බුරියානි හදන්නෙ මෙතැන. ලොකු, ලොකු තැන්වලත් මෙතනින් ඕඩර් කරලා අරගෙන ගිහින්  විකුනනවා.





මේකට විසඳුමක් ලෙස මා දකින හොඳම  දේ ඉන්ටනෙට් එක. මා මේ විෂය ගැන විශේෂඥයෙක් නූනත්, දැනටමත් මේ ගැන ලිපි ලියා ඇති අය උනන්දු කරවීම මගේ අරමුණයි.සොඳුරු සඳවතී ලියපු "පොඩි කාලේ කාපු බීපුවායේ රස !" කියන ලිපිය දැක්කාම තමා මට මේක ලියන්න හිතුනෙ. අපි ඉවීම අවතක්සේරුවට භාජනය කරන බව මට හිතුනෙ, එතරම් අමාරු දෙයක් ලෙස අප නොදකින "මිරිස් බැදිල්ල" ගැන මාරයා ලියපු ලිපියක් දැකලා. තව තේනුවර මහත්තයා කාලෙකට ඉහත ලියපු "අපේ දිව්‍ය භෝජන" ලිපි පෙලත්, මාතලන් ලියපු "මාළු ඇඹුල් තියල්" ලිපියත් බලන්න වටින එව්වා. මම නං බලල, සේව් කරගත්තා හිටං.





Now, this song is stuck in my head :)












Sunday, October 23, 2016

බස්සා සහ හීන් බබා සීයා






 ඉයන්ගෙ  අඩවියෙ අලුත්ම ලිපිය " ඉතින්, ඉතින් හීන් බබා සීයේ" බැලුවා, මට නැගලම ගියෙ ඒකෙ තිවුන හීන් බබා සීයා සහ සෝරත හාමුදුවන් අතර දෙබස. මං මේ කම්පනා කොලේ  හීන්බබා  සීයා ඕක මට කිව්වා නං  කොහොම වෙයිද කියලා



"උඹහෙට කියන්න බස්සෝ, මම තරුණ කාලෙ රස්සාවට ගියා හවසට ගෙදර ආව."



"ඉතින්,  ඉතින් හීන් බබා සීයේ ඊට පස්සේ?"



"ඊට පස්සෙ පහුවෙනිදාත් රස්සාවට ගියා හවසට ගෙදර ආව "



" නියමයි නෙව සීයෙ"



" උඹ ඔය මට ඔච්චම් කරනව නේද, බොල?"



"පිස්සුද සීයෙ? මං එහෙමත් කරනවද? ගෙදර එන්නෙ නැතුව, කන්තෝරුවෙ නවතින්නයැ? දැං බලාපං අපේ  ප්‍රොඩක්ෂන්  මැනේජර් තුමා . මං හිතන්නෙ උන්දැ ජීවත් වුනේ වැඩපොලේ. ඔය ඉඳලා හිටලා ගෙදරත් ගියා. ආං, දැන් අස් වෙන්න යනවැයි කියන්නෙ? මං හිතන්නෙ, ආතතිය වෙන්ටෑ?



" අම්මපා බස්සෝ, උඹ විතරමයි මගේ පැත්ත ගත්තෙ. අනිත් උන් ඔක්කෝම මට හිනා වුනා" සීයා අඬන්න ගත්තා.



මම ජීවත් වෙන්නෙ ලොකු නගරයක. හරි, හරි   මිලියන දහතුනක් නෑ තමා, මිලියන හයයි කියමුකො. රෑ දෙගොඩහරි ජාමෙ උනත් අපේ 401 හයිවේ එක  දිහා බැලුවොත් පේන්නෙ මෙන්න මේ වගේ දර්ශණයක්:



http://il8.picdn.net/shutterstock/videos/3135076/thumb/1.jpgලවක් දෙවක් නැතුව දුවන මිනිස්සු. ‍රැ ජාමෙ මේ යක්කු කොහේ යනවද මන්දා? ඔහොම කිව්වට, හෙට රෑට බස්සත් ඔය මිනිස් ගංගාවට එකතු වෙනවා. කිලෝ මිටර් 33.33 , එකසිය  විස්සට ඇරියාම විනාඩි විස්සයි. වැඩට යන මිනිස්සු, ගෙදර යන මිනිස්සු, බඩු ප්‍රවාහණය කරන ට්‍රක් .මේ ප්‍රවාහන පද්ධතිය, තමා  කවදාවත් නොනිදන අපේ නගරයේ රුධිර නාල. නැවතුනොත් මලා තමයි.



සමහර වෙලාවට බස්සාටත්  ඔය ‍රැට් රේස් එකට ජොයින්ට් වෙන්න උපදෙස් නොලැබෙනවත් නෙමෙයි. මේ ලඟදි  අපේ  පිල්ලා -අර සෙල් ෆෝන් එක පොලේ ගහපු එකා, මට කියනවා:



" බස්සො, මෙහම ඉඳලා හරියන්නෙ නෑ, අපි  බල්ලො මරලා හරි සල්ලි හොයන්න ඕනෙ"



" හා, මචං"



" ඔව්, ඉතිං බොට නං මොකද? මේ හම්බවෙන එක හොඳටම ඇති නෙව? ඒ වගේද මං? කලින් කසාදෙ  නඩත්තු ගෙවන්න ඕනෙ, වාහනේ පිනෑන්ස්, ගෙදර මෝගේජ්, තව කොච්චර නං  බිල් ගෙවනවද? "



ජීවිතේ රිස්ක් එකක් ගන්නෙ නැති අය දියුණු වෙන්නෙ නෑ කියලා ඔබ කියාවි. ඕනෙ නං , මූ  නං මහ කම්මැලි මූකලං බකමූණෙක් කියලා කිව්වත් කාරි නෑ. ඇත්ත, මං කම්මැලි බකමූණෙක් තමා, ඒත්  රිස්ක් ගන්නෙ නෑ කියල කියන්න බෑ නෙව?  වාහනයක් එලෝන කොට, රස්සාව කරන කොට  ගන්න රිස්ක් මට හොඳටෝම ඇති. ආයෙ බිසිනොස් කොරල  අමතර රිස්ක්  ගන්න ගියොත් වෙන්නෙ මටත් අරුන්දැට වෙච්ච එක , ආතතිය වැඩිවෙන එක.



ඔය ආතතිය තියනවා නෙවද? ඕක හරියට බ්ලඩ් ෂුගර් වගේ, වැඩි උනත් මැරෙනවා, අඩු උනත් මැරෙනවා. 



මට මතක් වෙන්නෙ ජෙරෝම්ව. ඒ  අපිත් එක්ක හිටපු තව පිල්ලෙක්. කොයි වෙලාවෙ බැලුවත් , හිනා වෙවී, සිංදුවක් මුමුන, මුමුන බොහොම ජොලියෙන් තමා හිටියෙ. මං ඇහුවාම ජෙරෝම් කිව්වෙ  සතුට යනු ‍තෝරාගැනීමක් බවයි.



So many choices

Something raining down

A river of what-to-dos, who-to-bes

Stand out? Blend in?

Help 'em? Go to war and win?








ඔබ කුමක් කල යුතුද කියා මට කියන්න බෑ. මගේ ක්‍රමය , ඔබට ගැලපෙනවා කියල කියන්නත් බෑ. සමාජ ආරක්ෂණ ක්‍රම, විශ්‍රාම වැ‍ටුප්, විශ්‍රාම ඉතිරි කිරීම්(retirement saving plan) සහ  සමස්ථයක් වශයෙන්  වැඩිහිටියන්ට  ඇති සමාජ සැලකිල්ල/ ආකල්ප මත ,මේක රටෙන් , රටට, සමාජයෙන් , සමාජයට වෙනස් වෙනවා. 










මං කියන්නෙ, අපි කරන්න ඕනෙ අපිට ඕනෙ දේ,  නැතුව අරය, මෙයා කරපු දේ නෙමෙයි. මොනව කලත් කරන දේ අපිව සතුටෙන් තියනව නං එච්චරයි. දැන් මං කලේ, දෙකක් නමාගෙන මෙන්න මේක අහපු එක: 





The Kiss or Promontory

From the  film The Last Of The Mohicans -1992



ඔහෙලා දන්නවා නෙව , මම කැමති ටයිප් එක - මැස්සො බීපු ගොයං ගහ වගේ එක. ඇඳුම ජිප්සි හෝ සෙල්ටික් වෙන්න ඕනෙ.මොකක්දෝ කියන්න බැරි දුක්මුසු බවක් එක්කම අමුතුම ලස්සනක් මේකෙ තියනවා. සමහර විට ඒක තේරෙන්නෙ , දෙකක් ලඟ, ලඟ නමාගත්ත කම්මැලි බස්සෙකුට විතරද මන්දා?




මට ආයෙත් මතක් වුනේ ජෙරෝම්ගෙ වචන:






http://pre06.deviantart.net/fe31/th/pre/f/2016/002/2/3/day2___sick_but_happy_owl_by_absolutedream-d9mirfx.png
A Happy Owl








Happiness is a choice