Saturday, October 3, 2020

ස්වයංක්‍රීය ගෙවල් ගිණිතියන්නා (And also available in pink)


 හෝතම්බුවා: හෑ , ආයෙත් බය වුනා. මොකද බොල තොට වෙලා තියෙන්නෙ? ඒ වංගියෙ මොකාද, මහසෝණද?

බස්සා: නෑ මේ වෙන එකක්. බය වුනේ බැස්ටියකට.

හෝතම්බුවා: බැස්ටියකට? ඇයි හත්වලාමෙ, තෝ මෙහෙම බය වෙන්න ගියොත් ගෙදර කුස්සියෙ තියෙන කොස්සටත්  බයවෙලා නූල්  බඳින්න වෙනවනෙ?

බස්සා: නෑ බං නිකම්ම බැස්ටි නෙමෙයි, මේ ලිතියම්-අයන් බැස්ටි. අර ෆෝන් එකෙයි, අරකෙයි-මේකෙයි දැන් හැම පෝටබල් උලව්වෙම එන්නෙ. ආන්න එයා. උඹත් මේක බලලම කියපංකො, ඇඟේ මයිල්, ඉස්මයිල් වෙන්නෙ නැහ්ද කියලා.


මේ Louis Rossmann - ඇපල් ලැප්ටොප් රෙපයාර් කලාවේ පිකාසෝ. ඉලෙක්ට්‍රොනික්ස් නොදන්න කෙනෙක් එහෙම නෙවෙයි. ඔය ගුවන්‍ යානා, ටෙස්ලා කාර් වල බැටරි පැක් ගිණි ගන්නවා දැකලා තිබුණට, මට ඒක දැණුනෙ නෑ ( අපිට එව්වා නෑ නෙව). ඒ තියා පුපුරණ සැම්සුං ෆෝන් නිව්ස් එකවත් එච්චර දැණුනෙ නෑ.

ඒත් මේක දැක්කම නං මං බය වුනා. අර බයිසිකලේ යකඩ ෆ්‍රේම් එක වාෂ්ප වුන හැටියට බය නොවී තියේයෑ? ඊට පස්සෙ Li-ion, LiPo  බැටරි ගැන විස්තර කියෙව්වා. හොයා ගත්තදේ එච්චර සුභදායක නෑ. 

ලිතියම්-අයන් යනු අපට පුරුදු "ඕන-පුකක්" Ni-Mh හෝ Nickel–cadmium නොවේ . 
(  the higher capacity of Li-Ion comes with a hefty price!). ඇත්ත, අපට ලිතියම්-අයන් තාක්ෂණයෙන් ගැලවෙන්න බෑ, අපි ඇබ්බැහිවෙලා අහවරයි. කරන්න තියෙන්නෙ පරිස්සම් වෙන එකයි. Li-ion සහ LiPo අතර සමහර වෙනස්කම් තියනවා.සමහර අයගෙ මතය LiPo , Li-ion තරම් නරක නැති බවයි. කතාවෙ ඇත්ත නැත්ත කෙසේ වෙතත්. මේ අධිබලැති බැටරි කාල-බෝම්බ වලට සමානයි. අවශය කරන සාධක සැපුරුනොත්, බඩුම තමා!

අවශය එකම සාධකය - අධික උශ්ණත්වය. උශ්ණත්වය බාහිරවත්, ඒ වගේම අධික ධාරාව නිසාත් , ඒවගේම කෙමිකල්  රිඇක්ෂන්  (බැටරියට වෙන හානි) නිසාත්  ලැබිය හැකියි. පටන් ගත්තොත් බඩුම තමා - chain reaction.  මේක රසායනික ගින්නක්, බාහිර ඔක්සිජන් අවශ්‍ය නැති වෙන්න ඉඩ තියෙනවා.

1. අධික උශ්ණත්ත්වය ( අව්වෙ රත්වෙන කාර් එකේ ෆෝන් එක , GPS එක ඩෑෂ්බෝඩ් එක උඩ දමා යෑම)
2. අධික ධාරාව ( under discharge) නිසා ඇති වන රත් වීම 
3. බැටරියේ ඉලෙක්ට්‍රොලයිට් ස්ථර වලට වෙන හානි ( drop, bend etc) . සැම්සුං ෆෝන් පිපිරුනේ මේ නිසා - manufacturing defect. තිබ්බ අනිත් සේෆ්ටි ෆීචර්ස් (ඉලෙක්ට්‍රිකල්) වැඩක් වුනේ නැත්තෙ, එව්ව කෙමිකල් රිඇක්ෂන් වලට අදාල නැති නිසයි.
4.over charging. සිදුවිය හැකි මුත් විය හැකි සම්භාව්‍යතාවය අඩුයි. ඔක්කොම ඉලෙක්ට්‍රොනික්ස් ෆෙල් වුනොත් නං වෙයි. over charging නිසා වෙන්නෙ රසායන ප්‍රතිකියාවක් බවත් බැටරිය ඇතුලෙ ප්‍රෙෂර් බිල්ඩ් අප් වෙන බවත් තමයි කියවෙන්නෙ. 

අපි ලිතියම්-අයන් වලට වගේම ලාභ චීන බඩුවලටත් ඇබ්බැහි වෙලා ඉවරයි. මොකක්, නෑ කිව්වා? හුහ් එතකොට ඔහෙලා එකට හතරක් දීලා ඔරිමජිනල් චාජර් විතරමද ගන්නෙ? ඔය රී-චාර්ජබල්  ටෝර්ච් එක ජපානෙ හැදුන කියලද, හිතාන ඉන්නෙ?

මගේ පොයින්ට් එක, අවදානම ගැන දැණුවත්වීම. දැණගෙන අවදානම මඟ හැරීමයි. 

Li-Ion චාර්ජ් කිරීමට, නියමිත නිශ්චිත වෝල්ටේජ් එකක් , ධාරාව නියමිත රටාවකට පාලනය කිරීමත් කල යුතුය.  අපේ හැම ලාබ චීන ගැජමැටික් එකකම BMS - මේ කියන චාර්ජින් සර්කිට් එක නැති වීමට ඉද ඇත. 
(Nope, BMS inside the battery is not the way to go - that's the first line of defense)

මේ BMS සර්කිට් වැලම,  ගෙඩි සුපියල් දෙකයි(හයියෝ අපේ ෂල්ලි!)
මේ PCB එකේ USB port එක ගාව තියෙන IC එක තමා ඉහත ප්‍රස්ථාරයට අනුකූලව current/voltage පාලනය කරන්නෙ. අනිත් IC දෙක protection/ cut-off වලට. ඒ IC දෙකම ආයෙ බැට්‍රිය  ඇතුලෙත් තියෙන නිසා මේ PCB තනි IC වර්ෂන් එකකුත් එනවා. සමහර චීන වාහෙලා කරන්නෙ, මේ chip set එක පාවිච්චි නොකර USB 5V රෙසිස්ටර් එකක් හරහා ඩ්‍රොප් කරලා බැට්‍රිය චාර්ජ් කරන එකයි.  ඒක වැරදි වැඩක්.


පරිස්සම් විය යුතු කාරනා:

1. ෆෝන් එක වැටුනොත්:  නෑ වාහෙ. විසිකරන්න ඕනෙ නෑ. ඒත් ආයෙ චාර්ජ් කරන කොට ෆෝන් එකට උඩින් මූණ ඔබාගෙන රත් වෙනවද බලන එකත් නෙමේ ක්‍රමය. මෙන්න මේ උලව්ව වගේ එකක්  චීනෙන් ගෙන්නගෙන අඩුගානෙ ගන්න කරන්ට් එකවත් බලන එකයි.  කොහේහරි මුල්ලකි ඇදලා අරගෙන කාලෙකින් චාර්ජ් කරන්න යන ගැජමැටික් වලටත් ,මේ වැඩේම අදාලයි,. (If  over discharged - I set my initial current limit to 500 mA in a bench power supply)

2.  No unsupervised charging. 

 රෑ-එලිවෙනකං චාර්ජ් වෙන්න දමා නොයෑම. හැකි සෑම විටම වෝල්ටේජ්, කරන්ට් බැලීම.


3. බැට්රි පැක් ඉදිමීගෙන එනවා නං, වහාම ඉවත දැමීම. අවුරුදු  දෙකක් ගියේ නෑ. ඔය බ්‍රෑන්ඩඩ් කියන  පව්ර් බෑන්ක් බැටරි පැක් එකක් ඉදිමුනා, තව ලැප්ටොප් බැටරි පැක් එකකුත්. හැබැයි ඒක නං පරණයි. මේ දෙකටම පොදු දෙයක් තමයි, පාවිච්චි කරමින් ඉඳලා, පාවිච්චිය අතහැර දැමීම. හැබැයි ඒක fact එකක්ද කියලා නං දන්නෙ නෑ.

හිටපියව් දැන්  ටිං එකේ

4 අමතර Li-Ion/LiPo බැටරි අතන මෙතන නොදා, සුරක්ෂිත ලෙස ගබඩා කිරීම. අනිත් බඩුත් එක්ක ලාච්චුවල ඔබන්න එපා. තැලුනොත්, හිල් වුනොත් වැඩේ සැම්-සුං ම තමා. 
මං මගේ ඔක්කොම අමතර ෆෝන් බැටරි, කැමරා බැටරි ඔක්කොම එකතු කරලා පරණ බිස්කට් ටිං එකකට දාලා, ඒක ප්ලාස්ටික් ස්ටෝරේජ් පෙට්ටියකට දැම්මා ( පරණ බැස්ටි වලට ගවුරවයෙන් සැලකීම). දැන් එතකොට  සෙල්ලං බඩු -අර "උඩයන. ඉගිලෙන ඇවිදින සෙල්ලං යානා පෙනී,පෙනී" කියන්නෙ, ආන්න එව්ව වලත් ඉන්නෙ මේ කස්ටියම තමා. Bonus point : Drone battery packs, usually don't have in-built BMS circuit :). නෑ, පවර් ටූල් බැටරි පැක් වගේ තද ප්ලාස්ක් කවර් තියෙන බැටරි ටින් එකට එබුවෙ නෑ. ඒත් උන්දලා ගැනත් ඇහැ ගහගෙන තමා ඉන්නෙ,

අනෙක් බැස්ටි වගේ නෙමෙයි,ලිතියම්-අයන් බැස්ටි පැරලල් කිරීම සිරා බිසිනොස් එකකි. බැලන්ස් චාර්ජින් කියල උලව්වක් ඇත. පැක් දෙකම එකම ගාණට චාර්ජ්/ ඩිසිපේට් වෙන්න විය යුතුය. පොඩ්ඩ එහා මෙහා වුනොත්, බඩුම තමා. Louis Rossmann වුනේ ඒකද කියන එක ප්‍රශ්ණාර්ථයක්. ඉතිං ලිතියම්-අයන් එයාගෙ පුටාර් එක වාෂ්ප කලා නං, මේ ඔහෙල අපි වගේ හුදී ජනයාගෙ අටංපහුරු ගැන කුමන කතාද?

දැං ඔය Quick Charge 3, 4    කිය කිය අළුත් චාජ්ර් එහෙම තියෙනවානෙ. කව්ද අකමැති පැයේ බැස්ටිය පැය කාලෙන් චාර්ජ් කර නොගන්න. අවවාදය: දැන ගියොත් කතරගම..... අසාමාන්‍ය ලෙස රත් වෙනවා නං, නැවැත්තීම සරීර සවුක්කියට ගුණදායකය. 

5.  පවර් ටූල් , කාර් බූස්ටර් බැටරි පැක් වගේ එව්වා චාජරේට ඔබන්න ඉස්සෙල්ලා ඇස්ගෙඩි ඇරලා තියෙන බැටරි ජාතිය බැලීම හොඳ පුරුද්දක්. Ni-Cd හරි Ni-MH නං අවුලක් නෑ. ඒත් දැන් එන ඔක්කොම බැටරි පැක් LiPo. ඉතිං ඇහැ ගහගෙන සිටීම සරීර සවුක්කියට හොඳය.


මං හිතන්නෙ ඔක්කොම වගේ කවර් කලා කියලයි. ආ අර ටයිටල් එක ඉස්සුවේ මෙන්න මෙයා bigcliveගෙන්. බලන්න, යමක් ඉගෙන ගන්න නියම  බුවා. 


දැන් ඔහෙලාට හිතෙනව නං, මූට මඤ්ඤං. නිකාං......කලබල වෙනවනෙ?  චීනෙ, ඉන්දියාවෙ යස අගේට ඔය සේෆ්ටි නැතුව ඉන්නෙ කියලා, මට කියන්න තියෙන්නෙ කැලණි පාලම යටින් පොල්ලෙල්ලක් ගියාට ගාණක් තියෙනවද කියලයි? ආ..අනික ගිණි ගත්තොත් බොලෑ ගෙවල් නෙව, මයෙ මොකෑ?.......

Monday, September 28, 2020

හෝතම්බුවා, උලමා පිස්සා සහ මාර්ග ඵල

 මම......බොහොම බය වුනා. මගේ පණ එපා වුනා. රෑ දොලහට බ්ලොග් එකකට මාව අහුවුනා...

හෝතම්බුවා: මොකෑ බොල. තෝ හොල්මනක්වත් දැක්කද?

බස්සා: හොල්මනක්මත්ම නෙවෙයි. ඒත් ඒ වගේ බ්ලොග් එකක්.

හෝතම්බුවා: මං හූනා කියැන්නැහෙ කිව්වෙ නැහ්ද, තෝ මේ යක්කු ගස් යන ජාමෙ නටන තොයිලෙන් ඕක වෙනව කියලා?

"ඈ බං ඇයි යක්කු රෑ ජාමෙ ගස් යන්නෙ? හොර කුරුම්බා බාන්න වත්ද?" මං අහිංසක විදිහට ඇහුවාම , පැන්නෙ නැතෑ  හෝතම්බුවාට මල.

අම්මපා තෝ  මොන ජාතියක උලමෙක්ද මන්දා? 

ඒක මේ පොදු වැරදි වැටහීමක්. උලම වෙනයි, බස්සා වෙනයි. උලමට බෝදිලිමා කියලත් කියනවා. අපි බස්සො, වංසෙ ඇවිල්ලා " මූකලං". ඔය අතන මෙතන බාන් වල ලගින බස්සොත් එක්ක  පටලව ගන්න එපා. එතකොට උලමා වෙනම කේස් එකක්.ආ තව, සමහර පැතිවල උලමට , යක් කුරුල්ලා කියලත් කියනවා.

අනේ මේ බස්සො තියාගනිං උඹේ වංසෙ කබල් ගෑවිල්ල. ඔච්චර වංසවත් නං මෙහාට ආවෙ ඇයි? 

ආ, එහෙ කස්ටිය දුන්න නෙව ගස් වලට බැස්ටිය. සංරක්ෂිතේ කපල ගම්මාන හැදුව, රට බල්ලට ගියා, බස්සො රට ගියා.

දැන් මොකක් දැකලද උඹ බයවුනේ?

මේං මේක දැකලා:

මේකෙ මොකක්ද බය වෙන්නෙ තියෙන්නෙ?

උඹ නං කියයි. ඇයි සීවරං දෙයියනේ අර ජීවිත කාලයක් අච්චර ලස්සනට පිලිවෙලට ආදරෙන් එකතු කරපු වස්තුව නේද අර ගෙඩි සුපියල් හාරසීයට වික්කෙ?  අර, අර රැව්ල වවාගත්ත ගෝරිල්ලා, වලං කඩේට පැන්න හරකා වගේ එව්වා  කඩන හැටි? හපෝයි මයෙ හිත වාවන්නෙ නැතුවා.

හා, හා උඹ කලබොල නොවී ඉදහං, ඒ පරණ වෑල්, ටියුබ් එක්ස්ෆයර් වෙලා නෙව.

ඈ බං හෝතම්බු, ඔය නිධානෙ රැකපු බහිරවයා, ඕක අත් හරින්න හිත හදාගත්තෙ කොහොමද දන්නෙ නෑ නේද?

මං හිතෙන්නෙ  රහතන් වහන්නසෙ කෙනෙක්ගෙන් බණ අහල මාර්ග ඵලයක් ලබන්න ඇති. එතකොට ඔය ඕන එකක් අත් හැරියෑකි.

මගුලක් කියනවා? එහෙනං අර අරහත් උන්නාන්සෙ පන්සල්, පිලිම අසපු එකතු කරන්නෙ. " මයෙ දානෙට කෙල හලන්නෙ නැතුව, තොපිත් වවාගෙන කාපියව්" කියලත් කිව්වා. අම්මපා මටත් බුද්ධාලම්භන ප්‍රීතිය පහල වුනා කිව්වම.

ආ එයා එහෙම තමා.  ඒක නෙමෙයි, මොකද මේ උඹ ඇක්ස්ෆයර් වෙච්ච ඉලෙක්ට්‍රොනික්ස් පාට්ස් ගැන මෙච්චර හාර අවුස්සන්නෙ?

නැ බං හෝතම්බු, මයෙත් ඔය වෑල් නැති වුනාට අනිත්  ඉලෙක්ට්‍රොනික්ස් පාට්ස් කලෙක්ශන් එක තියෙනවානෙ? ඈ බං එව්වත්  එක්ස්ෆයර් වෙයිද? 

අනිවා ඩෙෆා. ආයි මොනවද බඩුම තමා!

මාව නිකම්ම දියවුනා.....


පසු සටහන: කස්ටිය, නැති තැන උන්දව හඳුන්වල තියෙන්නෙ "Parts Maniac" කියන ආදර නාමයෙන්. ඉස්සර ඉලෙක්ට්‍රොනික්ස්  රෙපයාර් වලට හිටිය පතාක යෝදයෙක්ලු. ඔක්කොම අල්ලල දාලා පිටරට ගියාලු. මේ යෝදයා මෙහෙම දෙයක් අත්හැරියා නං ශුවර් එකටම සෝවාන් වෙලාවත් ඇති කියල තමයි හිතෙන්නෙ. 

"පිංවතුනි, මෙව්වාවත්  ආදුරුසෙට අරගෙන, දැන්වත් සසර බැමි අතාරිමු" කියල මං කිව්වම " මං අතාරිනවා එකක් බොගෙ ඔලුවට, මේ කෝපි මැසින් දෙකෙන් එකක් කුස්සියෙන් අස් නොකොලොත්" කියල කිව්ව නෙව ගෙදර ඉන්න මේ අසම්ජ්ජාති හිකනලා.....

Wednesday, August 19, 2020

බස්සා සහ මීපුර වැසියෝ





බකුසු මී හමුදාව

 බස්සන් සහ මීයො අතර තියෙන්නෙ, ගහයි පොත්තයි වගේ  සම්බන්ධයක්. මේ බ්ලොග් ලෝකෙ සැරිසරන ඇනෝ මීයොන්ට උනත්, බස්සා මනාප ඒකයි. මේ තියෙන්නෙ බස්සගෙ මී හමුදාවෙන් කොටසක්. මේ දැනට සක්‍රීය සේවෙ ඉන්න කස්ටිය. තව ඉන්නව, ඔය අහුමුළුවල, කරකවන බෝල තියෙන, නැට්ට ඇති කස්ටිය එහෙම. එයාලව ගවුරවාන්විතව  විශ්‍රාම යවලයි තියෙන්නෙ. අර වම් පැත්තෙ පහලම ඉන්නෙ හාදයා තමා දැන් ඩියුටි. එයා " නොකර සද්ද" මීයෙක්. හැබැයි හරකවන රෝදෙ සද්දයි. ඊගාවට ඉන්නෙ "නිල්-දතා" මීයා. කෙරෝලෙම ඉන්න නැට්ට ඇති මීයා, ඔය බයෝස්  වලට කෙලෝ ගත්ත වෙලාවට ප්‍රයෝජනයි.



හෝතඹුවා නං කිව්වෙ " කොයි මවුසත් එකයි බස්සෝ කලුවරට" කියලයි. ඒ  එයැයිට ටැපලිලා. මවුසො විවිධයි, විචිත්‍රයි, ගෝලාකාරයි.



හරි, හරි මං දන්නව, ඔහෙල හිතන දේ. මෙච්චර මී හමුදාවක් නඩත්තු කරන්න මූට පයිතියංද කියලනෙ? හා, එතකොට දියවන්නාවෙ ගවගාලෙ ඔච්චර හරක්.... එක්කො එව්වා ඕනැන්නෙ නෑ.  මෙහෙමනෙ ලොක්කා වැඩේ. මේක මයෙ වැරැද්ද නෙමෙයි, ඉංතේරුවෙන්ම මවුස් කොම්පැනිවල වරැද්ද. ඔන්න උන්දලා මවුසෙක් හදනවා. අපි වගෙ බස්සො එව්වා ගන්නවා. ටික කාලෙකින් මවුස් කොම්පැනි වෙන මවුසෙක් හදනවා. හදලා හීං සීරුවෙ අර පරණ මවුසට දෙන සපෝට් නවත්තලා ඌව අබ්බගාත කරනවා. ඒ කිව්වෙ ටච්, බච් අරක-මේක ඔක්කොම විච්චූරණ චකබ්ලාස්. ඒ නොකියා කියන්නෙ " හා, දැන් පරණ එකාව පැංසොන් යවල අලුත් එකා ගනිං" කියලයි. දැන් තේරෙනව නේද කතන්දරේ. ඔන්න ඕක නිසා මං, මලාට අලුත් මවුසො ගන්නෙ නෑ, සේල් නෙමෙයි නං. ඔය ඔක්කොම සේල් මවුසො. 




Logitech T400 -Damn you Logitech for making 

such a great mouse with crappy micro switches

මී හමුදාවෙ ඉහල නිලයක් දරපු , සාජන් මීජර් කෙනෙක් තමා මේ. අර කරකවන රෝදෙ වෙනුවට තියෙන්නෙ ටච් ස්ට්‍රිප් එකක්. ඔය අවසේස කෝපල්ලා, පයිවෙට්ලා වගේ නෙමෙයි මෙයා. දැන් කියනව එහෙම නෙමෙයි , මේ හමුදා නිල ලිවුවා වැරදියි කියල එහෙම? රසදාවත  ලියන ප්‍රයිවෙට්ටාරච්ච්චි තමා කියල දුන්නෙ.

 මේ Logitech T400,  මම කැමතිම හාදයෙක්. රෝද කරකැවිල්ලක් නෑ. ටච් ස්ට්‍රිප් එක උලන්නයි තියෙන්නෙ. අවසනාවට, ක්‍රියාන්විත මෙහෙයුමකදි බිම් බෝම්බෙකට අහුවුනා. වම් පැත්ත සොත්ති. ක්ලික් වෙන්නෙ යලට -මහට. කීප විටක් මස් කරල ගොඩදාන්න බැලුව. ම්හු




A  very bad soldering job



ඔන්න ඒ වංගියෙ ගෙන්න ගත්තා , ඊබේ එකෙන් නේක වර්ග මයික්‍රො සුවිච් පෙට්ටියක්ම. ගත්තා බවුත් එක. දැම්මා වෙන මයික්‍රො සුවිච් එකක්, නිකම්ම නෙමෙයි . හතර වටේම ප්ලාස්ටි ටැබ් එහෙමත් පුච්චගෙන, ඉගෙන ගත් පාඩම: surface mounted - SMD component  තඩි බවුත් වලින් පෑස්සිය නොහැක. මයික්‍රො සුවිච් එක වැඩ නං කලා, ඒත් මේ බාල ඊ-බේ සුවිච් මීයොන්ට හරියන්නෙ නෑ. ඔය යලට-මහට ඔබන වෙන දේක වගේ නෙමෙයි, නිරන්තරයෙන් ඔබන මීයගෙ වම්පැත්තට. අනික මයෙ ඇඟිල්ල ඇද වෙනවා ඒක දිගටම පාවිච්චි කලා නං, එච්චර තදයි.







මෙතන උඩින්ම ඉන්නෙ Logitech T400, යටම ඉන්නෙ Logitech M325 with weighted wheel, එයා නව පරපුරේ කෙනෙක්. එතකොට මැද ඉන්නෙ පැංසොං ගිය Logitech මොඩල් එකත් මැකිච්ච හාදයෙක්, මෙයා Logitech  universal receiver වලට කලින් පරපුරේ කෙනෙක්. මගේ පොයින්ට් එක, එහෙව් වයසක උන්දත් පාවිච්චි කරල තියෙන්නෙ high quality Omron switch. දැන් තේරෙනව නේද Logitech T400 නිසි වයසට කලින් අබ්බගාත උනේ ඇයි කියල?







ඔය යටින් තියෙන්නෙ සිලිකන් මැට් එකක්. පාස්සන වැඩ වලට කියල තියෙන එව්වා ගණන්.  ලාභ බේකින් මැට් එක හරියටම හරි, එකම ජාතිය. පේනව නේද කොම්පැණිවල මාකටින් ජිමික්? හොට් එයා ගන් පාවිච්චි කරන කොට කාමරේ ගිනි නොතිය ඉන්න මේක වැදගත්.








උනුසුම් වායු තුවක්කුව

SMD පාස්සන්න ඕනෙ කරන හරිහමන් ආවුද ගෙන්න ගත්තට පස්සෙ, මට හිතුන පරන ඔරිජිනල් සුවිච් එක මස් කරන්න. ඉස්සෙල්ලම බැලුවෙ ගොඩින් බේරගන්න. ගැහුවා හෑන්ඩ් සැනිටයිසර්- ඇයි,  ඇල්කොහොල් නෙව. ම්හු. ඒ වංගියෙ ගැහුවා WD-40, ඒත් සුම්මා.

පස්සෙ ගැලෙව්වා මයික්‍රො සුවිච් මදේ. ඇත්තට කරන්න තිබ්බෙ ඒක. ඔය විච්චූරණ ආවුද ආම්පන්න මුකුත් ඕනෙ නෑ, පොඩි පැතලි ඉස්කුරුප්පු නියනක් විතරයි ඕනෙ. සර්කිට් එකේ තියෙද්දිම ගැලෙව්වෑකි. එක පැත්තක මෙටල් ටැබ් එකේ තියෙන ක්ලිප් එකක්  පැන්නුවාම සම්පූර්ණ මදේම එලියෙ. ඔය දෙවනි පිංතූරෙ තියෙන්නෙ? ඊලඟට තියෙන්නෙ ටික්ක - ඒ කිව්වෙ අර ටික්-ටික් ගාන මෙටල් ඩිස්ක් එක , අනිත් පැත්ත හරවන එකයි. ඕන්න එතකොට පෙනෙයි, වටේට  බැදිච්ච කාබන් කාරම් තොගේ. අන්න එව්වා උලලා සුද්ද කලාම සුවිච් එක යස අගේට වැඩ.










ස්තූතිය - චීනය

දැන් ඔහෙල හිතන්නෙ මවුසා හරි ගියා කියලද? මොන, සුවිච් එක හරි වුනාට, දැන් එබුවට ටැබ් එක සුවිච් එකේ වදින්නෙ නෑ. ඒ කලින් කරපු නානාප්‍රකාර අනවශය ඔපරේෂන් නිසා. ඔය තියෙන්නෙ ලාබ මයික්‍රො සුවිච් පෙට්ටිය. තව ටියුබ් එකේ තියෙන්නෙ ලික්විඩ්  ෆ්ලක්ස්. SMD soldering වලට හරියටම හරියන්නෙ එව්වා.





මේ වගේ ටැක්නිකල් පෝස්ට් තව එකක් ලියන්නද?  රෙපයාර් මත් නෙමෙයි, ලාබෙට PC  එකට RGB rainbow lighting guide එකක් සහ digital Vs addressable RGB  වෙනස.



මේක ඇත්තටම " How NOT to repair a mouse" guide එකක්.

mouse repair guide නං ඔය ඕන පදං තියෙන්නෙ YouTube වල. වැඩි දෙනෙක් කැමති නෑ නෙව තමන්ට වැරදිච්ච තැන් කතා කරන්න. මට හිතුනා ඒක වැදගත් කියලා



වැරදීම බකුසු ගතියකි.  පාඩම් ඉගෙන ගැනීම ......










Wednesday, July 15, 2020

බනානා රිපබ්ලික්






හෝතම්ඹුවා : ඉඳා,  කාපිය



බස්සා : හුහ්, අපි නං කයි ඔය ජරාව. ඔය බැබලි,බැබලි හිටියට මෙලෝ රහක් නෑ



 උඹට කියන්න වෙන්නප්පුවෝ ( හෝතඹුවාගෙ ගම  වෙන්නප්පුවෙ), අපි පොඩිකාලෙ නෙව කෙසෙල් කෑවෙ. අප්පා එව්වයෙ රහ. කෝලිකුට්ටු, ඇම්බුං, රත් කෙහෙල්, තව නාග සලං



හෝතම්ඹුවා : හෑ. තෝ ඒකත් කෑවද? මං දැණ ගත්තා දේවාලෙ නාග සලං අතුරුදහන් වුනාම? නාග සලං නෙවෙයි උලමො ඒ  ආනම් පලං



බස්සා :  ආන්න හරි. ආනම් පලං. ඒ තියා එච්චර ලකයක් නැති ඇඹුල්, වතුපාලු උනත් මේ උලව්වට වඩා හොඳා. දැක්කා නේද  අර ලංකාවෙන් ගෙන්නුවයි කිව්ව අර නාටු ඇඹුල් ඇවරියෙ ගාණ. අම්මපා මයෙ තටු දෙකත් උගස් කරන්න වෙනවා නෙව එව්වා කන්න.





හෝතම්ඹුවා : ඈ බං. අපි ඒ කාලෙ කෑව අර කොල පාට ආනමාලු වලට මොකදෑ වුනේ?



බස්සා : වඳ වුනා



හෝතම්ඹුවා :  හෑ?



බස්සා : ඔව්, ඔව් වඳ වුනා, චුත වුනා, වාෂ්ප වුනා. දැන් මේ අපේ පරණ බ්ලොග් ලියන අප්පුල වාෂ්ප වුනේ? ආන්න ඒ වගේ තමා.



ඔන්න ඔහොමයි බස්සාගෙ බනානා රිසර්ච් එකට අඩිතාලම වැටුනෙ.



ඕං බනානා..... ඕං බනානා......







ඔය දැන් අපි කන කහ ඉත්තට බැබලි,බැබලි ඉන්නෙ

Cavendish බනානා. අර රස ඉදුනත් කොලපාට ආනමාලු Gros Michel. දිලීර රෝගයක් නිසා Gros Michel වැඩිහරියක් වඳ වෙලා. කෙසෙල් ගෙඩියේ කතාව එච්චරම සරල නෑ. හැබැයි බලන්න කම්මැලි නෑ.මට හිතෙන්නෙ මේ පහල වීඩියෝව ඒ ගැන හොඳට පැහැදිලි කරනව කියලයි.







ඔන්න එහෙනං monoculture, බහුජාතික සමාගම්. වෙළඳ අධිකාරිය. . මාෆියාව. බනානා රිපබ්ලික් දේශපාලනය සමඟ අපේ කෙසෙල් ගෙඩියේ අනාගතය.



ඇත්තම කතාව, එච්චරම රස නැතත් Cavendish නරකමත් නෑ. අකමැති වුනත්,  කෙසෙල් සරිරෙ සීනි පාලනයට අවශය, පොටෑසියම් ආකරයක්. අනික ඔය කිඹුල්ලු යස අගේට කිරිමැටිත් ගිලින්නෙ?



පසු සටහන:

නිවේදක ගෑල්ලමයා ග්‍රීන් හවුස් සුද්ද දිහා දාපු  බැල්ම වගේ අවස්ථාවකට ඔහෙලට මුහුණ දෙන්න වුනොත්, තම තමංගෙ කෙහෙල් ගෙඩි පරිස්ස කරගන්න එක, ඔහෙලගෙ වගකීම ඈ?

( අවුලක් නැ , මං නං ඉතිං කොහොමත් මූකලං(වල්) බස්සෙක් නෙව?)

Monday, June 8, 2020

ස්වයංපෝෂිත සිහිනය


මට මුලින්ම ලිසී ව හමු උනේ කවදාදැයි හරියටම මතක නැත. ලිසී කීවට හරියටම නම ලී සීකීද (Li Ziqi)දන්නෙත් නැත. මොක උනත් ඔන්න ඔහේ දන්න විදිහට ලිසී කියලා කියංඤං. හැබැයි ඒ හඳවල් ගානකට කලින්. එතකොට ලිසී යූටියුබ් එකේ එච්චර ප්‍රසිද්ධ නෑ. හැබැයි ඒ වෙනකොටත් එයා චීනෙ නම් ප්‍රසිද්ධයි. ඔයාලා දන්නවා ඇතිනේ චීන ඉන්ටර්නෙට් එකට වැටක් ගහල තියෙන බව. ඔව්, ඔව් චීන මහා ප්‍රාකාරය තමා. ඒ නිසා, ඒ දවස්වල චීන Weibo සයිට් එකේ තිබ්බ එයාගේ videos youtube වලට පෝස්ට් කලේ වෙන ගොබිලෙක්. දැන් නං එයා youtube වල ඉන්නවා. ඉන්නවා විතරක් නෙමෙයි 10.7 million අනුගාමිකයො ඉන්නවා.

මට හිතෙන්නෙ මේ ස්වයංපෝෂිත කියන සංකල්පය තුලම අවුලක් තියනවා කියලයි. හා දැන් බලාන්ට, ස්වයංපෝෂිත කිව්වාම, හැමදේම තමන්ම හදාගන්න ඕනෙ කියන අන්තයට තල්ලු වෙන්නෙ නැහ්ද? අපි එහෙම වැටක් ගහ ගන්නෙ ඇයි? මට නං එන්නෙ නිකං  eco terrorism වගෙ හැඟීමක්. අපි එහෙම සීමා වැටවල් ගහ ගන්න ඕනෙමද?

හරි වචනෙ sustainable living නැත්නම් eco living වෙන්න ඕනෙ. අර ඉන්නෙ Off the Grid living කරන කස්ටිය. එහෙමයි කියලා සම්පූර්ණයෙන්ම සමාජයෙන් ඈත් වෙන්න හෝ වැරදිලාවත් ඉන්ටනෙට්, ස්මාට් ෆෝන් පාවිච්චි නොකර ඉන්නම අවශයම නෑ. මං හිතන්නෙ ලිසී වැටෙන්නෙ මේ දෙවනි කැටගරියට.  

දැන් අපි ලිසීව පොඩ්ඩක් මෙතන තියලා ලංකාවෙ ඊරියගමට යමුකො ප්‍රේමකුමාර එපිටවල හමුවෙන්න.



මේ පහත කොටස උපුටා ගත්තේ ඉකොනොමැට්ටාගේ රොබින්සන් කෲසෝ සොයායාම පෝස්ට් එකෙන්.

ප්‍රේමකුමාර එපිටවල ගොඩක් ප්‍රසිද්ධ වෙලා හිටියේ මුද්‍රා නාට්‍ය, බතික් වගේ දේවල් වලට. එහෙත් අපිට වැදගත් වුනේ වෙනත් දෙයක්. ඒ ඔහු විස්තර කළ ඔහුගේ ස්වයංපෝෂිත ජීවිතය. කුඹුරෙන් හාල්. වත්තෙන් එළවලු. ඒ විතරක් නෙමෙයි අර මට පොඩි කාලේ වදයක්ව තිබුණු අනෙක් මූලික ප්‍රශ්නත් ඔහු විසඳාගෙන. ඇඳුම් හදා ගන්න කපු කටින යන්ත්‍රයක්. වෙන එකක් තියා කඩදාසි හදලා ඒ කඩදාසි වල මුද්‍රණය කරන එකත් කරන්නේ ගෙදරමයි. ගෙදර කිවුවට සෘතුව අනුව ජීවත් වෙන්න රම්‍ය, සුරම්‍ය, සුභ කියලා ගෙවල් තුනක්ම තියෙනවා. කියන විදිහට අන්තිමට ඉතිරි වී තියෙන එකම ප්‍රශ්නය කාර් එකට පැට්‍රෝල් ගහන එකයි.


මහත් බලාපොරොත්තු තියාගෙන ගියත් අපිට මුලින්ම පවා දකින්න ලැබුණේ කඩා වැටී තිබුණු ස්වයංපෝෂිත ආර්ථිකයක්. නිවස ඉදිරිපිට හදා තිබුණු රම්‍ය සුරම්‍ය කුටි, කාලයකින් පාවිච්චියට ගෙන නොතිබුණු කපු කටින යන්ත්‍රය, මුද්‍රණ යන්ත්‍රය වගේ දේවල් පෙන්නුවා මතකයි. ක්‍රියාත්මක කර පෙන්නුවේනම් නැහැ. ක්‍රියාත්මක කළ නොහැකි වීමට හේතු පමණයි අපට ලැබුණේ
අපේ ස්වයංපෝෂණ සිහිනය කඩා වැටුණේ කිහිප වරක් අසා කුඹුරු ගැන දැන ගැනීමෙන් පසුවයි. කුඹුරු පොළොන්නරුවේ. මිනිස්සු දම්මවලා වැඩ කරනවාමේ තමයි මම රොබින්සන් කෲසෝ පන්නයේ ස්වයංපෝෂණය වීමක් ගැන බරපතල ලෙස හිතපු අන්තිම අවස්ථාව. අපි කිහිප දෙනෙක්ට රොබින්සන් කෲසෝලා වෙන්න බැරිකමක් නැහැ. නමුත්, එය ඉතාම අකාර්යක්ෂම නිසා මේ වැඩේ කළ හැක්කේ වෙන මොන ක්‍රමයකින් හෝ සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක් එකතු කරගෙන සිටින ධනවතෙකුට පමණයි
.


උපුටා ගැනීම අවසන්.....





වෙජිටේරියන් අවවාදය :  ලිසී  ඉස්සව පොල්මුඩ්ඩෙන් හෝදලා(crayfish වෙන්නැති), හැබැයි උයන්නේ නං පණ පිටින් :) 




ප්‍රේමකුමාර එපිටවලට සැබැ කරගන්න බැරිවුන ස්වයංපෝෂිත සිහිනය, ලිසී නම් සැබෑ කරගෙන තියෙන විදිහයි, මේ වීඩියෝ වලින් පේන්නේ. වත්තෙන් , අසල කැලෙන් එළවලු. කපු, වූල් වත්තෙන්ම. සමහර වුල් සහ කපු රෙදිත් වියනවා, ස්වභාවික වර්ණ යොදලා රෙදි පාට කරනවා . සමහර රෙදි කඩෙන් වෙන්නටත් බැරි නෑ. මෙතන පුරාජේරු සුරංගනා කතා කියන්නෙ නෑනෙ? කතා නෑතුව, කරන දේ කරල පෙන්නනව, එච්චරයි.ඔයාල ලිසී ගැන ටිකක් හාර ඇවිස්සුවොත් තේරෙයි, ලිසී මේ ජිවන රටාව පටන් ගත්තෙ ධනවතෙක් විදිහට නොවන බව. අවුරුදු අටේදි දෙමාපියන් නැතුව, ආච්චි සීයා ගාව හැදිලා රස්සාවට නගරෙට ගිය, සීයගෙ මරණෙන් පස්සෙ ආච්චිචව බලාගන්න එන ගැමි කෙල්ලක්, ධනවතෙක් වෙන්න බෑනෙ?

දැන් මේකතාව ඇත්තද? ඉකොනොමැට්ටා ප්‍රේමකුමාර එපිටවලගෙ සුරංගනා කතාව ඇත්තද කියල බලන්න පේරාදෙණියෙ ඉඳන් ඊරියගමට ගියා නේ? ඔහෙලට නං මේ කතාවේ ඇත්ත නැත්ත හොයන්න ඊට වඩා බොහෝ දුර යන්න වෙනවා. හරියටම කියනව නං දකුණු චීන Sichuan ප්‍රාන්තයට.

දැන් එතකොට විචිකිච්චාව හැදිච්ච කට්ටිය එහෙ ගියාද? ගියාද කියලත් අහනවා දහස් ගාණක් ගියා. මොකක් කිව්වා මසුරන් දෙනවා කිව්වත් යන්නෑ කිව්වා? දැන් නෙවෙයි වාහෙ. මේ කියන්නේ කොරෝන හැදෙන්න ඉස්සෙල්ලා.

මේකේ ඇත්ත නැත්ත ටක්කෙටම කියන්න නම් මන් දන්නෑ. මොකද මම එහේ ගිය එකක්යැ? මාත් ඔය වීඩියෝ වලින් පෙන්නන ටිකතමා දන්නේ? මේ වෙනකොට ලිසී කෝටිපතිනියක්. එහෙම කෙනෙක් මෙහෙම අල්පේච්ච ජිවිතයක් ගත කරයිද? හැබැයි ලිසී කියන්නෙ පට්ට ටැලන්ට් අම්මණ්ඩි කෙනෙක්. එහෙම අය එන්නෙ , නැවකට එකයි.

ලිසී මාකට් කරන්නේ, මොන හත්තිලව්ව තිබුනත් satisfied වෙන්නැති මිනිස්සුන්ට හීන වෙන්නත් පුළුවන්. බලාගෙන ගියාම ඒකෙත් වැරද්දක් නැහැ නේ ? මොකද හොලිවුඩ්, බොලිවුඩ් කරන්නෙත් හීන විකුණන එකම තමා.

එතකොට දැන් එයා යූටියුබ් එකේ ඉන්නේ කොහොමද? එයාට චීන මහා ප්‍රාකාරය නැද්ද? එව්වට තමා පින්වත්නි politics කියලා කියන්නේ. චීන polity bureau එක මේක චීනෙ ප්‍රමෝට් කරන්න හොඳ අවස්ථාවක් කියලා ප්‍රොපගැන්ඩා එකක් විදිහට යූටියුබ් යන්න දුන්නා වෙන්නත් පුළුවන්.
ජෙෆ් බෙසෝස් ගේ concept එකක් අරගෙන ජැක් මා අලිබබා හැදුවා.එහෙව් එකේ ලිසීගේ concept එක අරගෙන වෙනම එකක් හදන එක අවුලක් නෑනේ?










ලිසීගේ වගේම මේකත් ඇත්තට නැත්තද කියල මං දන්නෙ නෑ?  දැනගන්න ඕනෙත් නෑ.  දෙකම හීන විදිහටම තියාගන්න කමා මං කැමති. ඒකත් වෙනම ආතල් එකක් ඈ.






Disclaimer: මෙව්වා බලලා, මේ කොරෝනා පීඩනය පිට, නැට්ට උඩදාගෙන, තියෙන ලබුකැටෙත් දමා ගහල,  ස්වයංපෝෂිත සිහිනෙ හොයාගෙන  ගිහින් කෙලව ගත්තාට, කිසිම මූකලන්  බස්සෙක් වග කියන්නේ නැත.



Sunday, May 10, 2020

මූලාශ්‍ර , සාධක සහ විස්වාස


නිමිත්ත: කොරෝනා, ස්වයං නිරෝධනය, මඤ්ඤං සහ Cabin Fever




Sunday, May 3, 2020

බස්සා සහ අවුල් ජීවිතේ




Sleep Walking to Disaster



ඔහෙල දන්නව නෙව, ට්‍රම්පුච්චගෙ සුප්‍රකට  It may get bigger, ......we are totally prepared කතාව? තව එතකොට එන්ගලාන්තෙ ජොන්සන්ගෙ " පට්ටි ප්‍රතිශක්තිකරණ " සංකල්පය සහ ඉස්පිරිතාලෙ කොරෝනා ලෙඩ්ඩුන්ට අතට අත දීගෙන, දීගෙන ගිහිල්ලා , කොරෝනා හැදුනට පස්සෙ , ලාවුලු කාපු රිලවා වගේ හිටිය කතාව.



සමහරු නං අහනවා " අරහෙ චීනෙ වහගෙන වහගෙන් යනකොට US,UK නිදාගෙනද හිටියෙ කියලා?" එහෙම බලාගෙන යනකොට, එයාල විතරක් නෙමෙයි, තව කොච්චර බටහිර රටවල් ඔය ටිකම කලාද?



 ට්‍රම්පුච්චගෙ වැඩ වලට හිනා වුනාට , එයැයිගෙ සමහර කෙලින් වැඩ වලට මං කැමතියි. WHO එකේ දොස්තර කැතහිතගෙයි, CCP එකෙයි වැඩ වලට කෙලින්ම විරුද්ධව කතා කලේ  ට්‍රම්පුච්ච විතරයි.



කොච්චර උනත් ජොන්සන්  බ්‍රිටිෂ් ඇක්සන්ට් එකෙන් කතා කරන විදිහ නං අහං ඉන්න ආසයි.



දිථට දම්ම වේදනීය කර්මය


ඔහොම අනිත් අයට හිනා වුනාට,  ජොන්සන්ගෙයි, ට්‍රම්පුච්චගෙයි රටපාලනය කිරීමෙයි, මගෙ  කොම්පුටර් නඩත්තුකරණයෙයි, අතර වැඩි වෙනසක් නෑ.



ඒ කිව්වෙ , කලින් ආණ්ඩුවෙන් කාල, උලාකාලා අනාත වෙච්ච් ආර්තිකේ අලුත් ආණ්ඩුවට බාරදීලා " හා පුළුවන් නං කොරල පෙන්නපල්ලකො" කියන්නැහෙ. මං කොම්පීතරේ  මදර්බෝර්ඩ්/ ප්‍රොසෙසර් මොනව අප්ග්‍රේඩ් කලත් කවදාවත් වින්ඩෝස් ක්ලීන් ඉන්ස්ටෝල් කරන්නෙ නෑ.



ඇයි සීවරං දෙයියනේ, මේ ඇටහුටහමාරක් ප්‍රෝග්‍රෑම් ආයෙ ඉන්ස්ටෝල කරන්න කියලැයෑ? තව එතකොට අමාරුවෙන් අටෝගත්ත VR සහ අටෝරාසියක් ගැජමැටික් අඩුමකුඩුම?ඇයි එතකොට ඔය ඇප්ස් වල රෙජිස්ට්‍රේෂන්. එව්වා දැන් කොහෙන් හොයන්නද?


මීතොටමුල්ලේ කුණු කන්ද නොහොත් හිරෝෂිමා ගිණි කන්ද


දැන් ඔහෙලට තේරෙනව ඇති නෙව කතාව?  මගෙ වින්ඩෝස්  ඩිරෙක්ටරිය හරියට මීතොටමුල්ලෙ කුණුකන්ද වගේ. ඕකෙ නැති ඩ්‍රයිවර් එකක් නෑ. ඒ වගේම තමා කොයි රටේ ඕන කොම්පීතරේකට ගැහැව්වත් මයෙ හාඩ්ඩිස්ක් එක බූට් වෙනවා,



ඒ ඉතිං හොඳ පැත්ත නෙව? මේ අනවශ්‍යය ඩ්‍රයිවර් නිසා මගෙ වින්ඩෝස් , උපන් ගෙයි ලෙඩා. අනවශ්‍ය ඩ්‍රයිවර්  සුද්ද කරන්න විදිහක් නෑ, ඇයි  මොකක් කියලා/ කොච්චර කියල සුද්ද කරන්නද?





නිකං හිතා ගන්නකො. අතපය කෙට්‍ටු , බඩ ආරපු පාණ්ඩු ලෙඩෙක්. ආන්න ඒ වගේ තමා. වින්ඩෝස් ඩිරෙක්ටරිය එන්න එන්නම ආරනවා. තව ඉතිං ඉඳලා, හිටලා කහිනවා, කාරනවා . ඔහොම තමා අපේ දුප්පත් බකුසු ජීවිතේ. ලබා උපන් හැටියට නෙව බබා වැනෙන්නේ!



කරුමෙට කකුල් අටයි කියලා, මයෙ අලුත්  මදර් බෝඩ් එකෙත් මොකක්දෝ හාඩ්වෙයා අවුලක් තියනවා. ඉඳලා හිටලා තප්පරයක් දෙකක් ඔක්කොම ලොක් වෙනවා. මේක නිසා මම කොහොමත් සෙවිල්ලෙන් ඉන්නෙ.ලෙඩේ දරුණු  නැති නිසා ඔන්න ඔහේ තියෙන්න ඇරියා.ඒ ක්‍රමවේද ඔක්කොම  ඉගෙන ගත්තෙ  කොරෝනා ඔස්තාර්ලගෙන් තමා. We closely monitor the current situation කියලා තමා එයාල කිව්වෙ.

මේ ලඟකදි මං  ගියා Task Manager පැත්තෙ ඔහොම  වෙලාවක කැහැපු වෙලාවක, කව්ද වැඩියෙන් ප්‍රොසෙසර් පවර්, මෙමෙරි පාවිච්චි කරන්නෙ කියලා බලන්න.

කිරි අප්පට බස්සො කොටපි! මේං Windows Push Notifications User Service කියලා හාදයෙක් මෙමරියෙන් 80% කාලා. සුලුප‍ටු ගාණක් නෙමෙයි 28Gb .



අර  Notification Centre එකේ ඉඳන්  එපා එකටයි , අරකටයි මේකටයි කොච්චෝරවත් කේලං කියන එකා, ආන්න ඌ තමා. මං අහන්නෙ සත පහකට  වැඩක් තියන එකෙක්ද? අනික මෙමරියෙන් 80% ඌ කෑවම  අනිත් උන් කන්නෙ උගෙ ල$%^$#@?



ඔන්න ඉතිං බස්සා ගූගලේ , යූටියුබ් එකේ ගුරුන්නාන්සෙලාගෙන් උපදෙස් අරගෙන නොයෙක් බලි, තොවිල් ගුරුකං කරලා ඒ ලෙඩේ සුවකලා කියමුකො. මොනවද කලේ කියල නං අහන්න එපා. කලේ මොනවද, නොකලෙ මොනවද කියල මටවත් මතක නෑ කිව්වම. windows scrips, අර මාගල් වගේ එව්වා. ආන්න එව්ව තමා run කලේ. අපරාදෙ කියන්න බෑ  CMD promt දිගෑර ගන්නවා . අර පැත්ත බලල මේ පැත්ත බලන කොට සිං ගාලා දුවලත් ඉවරයි. මොනවා කලාද කියලා හාං කවිසියක්  නෑ. දැන් බලන්න මේ මැරෙන්න යන කොරෝනා ලෙඩ්ඩු. උන්ව පරික්ෂණාගාර මීයො ගානට අරගෙන ඔය නානාප්‍රකාර බේත් පොවල අත්හදා බලන්නෙ. ආන්න ඒ වගේ තමා.


වැරදුනු කුරුමාණම


ඔන්න තොයිලෙ හමාර වෙලා වින්ඩෝස් බූට් කලා. හුටා! බූට් මෙනු එක අන්තරස්ධාන වෙලා. ඔව්, ඔව් චුත වෙලා/ වාෂ්ප වෙලා.



 කලින් තිබුණද කියල ඇහැව්වා? තිබුණා, තිබුණා යස අගේට තිබුණා.තව ඔය අව් අස්සෙ නානාප්‍රකාර වැරදි තීරණ අටෝරාසියක් අරගෙන, සාර්ථක ලෙස ලෙසටම අනා ගත්තා.



දැන් පිංවතුනි, බූට් කරන්නත් බෑ. Macrium Reflect බැකප් තිබ්බට ඒක පාවිච්චි කරන්න USB එකට යන්නත් බෑ. දැන් ඉතිං ඉන්නව විරවගෙන ලාවුලු කාපු රිලව කොරෝනා හදා ගත්ත බෝරිස් ජොන්සන් වගේ. ඔන්න ඔහොමයි පිංවතුනි, බස්සොයි, කොරොනා ඔස්තාර්ලයි දෙගොල්ලොම කෙලව ගත්තෙ.



හරි, BIOS CMOS reset කරන්න තිබුනා. ඒක අන්තිම තුරුම්පුව නෙව.



ආන්න එතකොට මට සම්යක් දෘස්ටිය පහල වුනා, ඔච්චර තාක්සනේ, ධනය   බලය තියාගෙනත් ලෝක බලවතුන්ට කෙල වුනේ කොහොමද කියලා. මට වෙච්ච දේම තමා වුනේ.  අන්තිම තුරුම්පුව - ආර්ථිකේ රීසෙට් කරන්න මැලි වුනා. ආන්න ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරගෙන කොරෝනා කෙලියෙ නැතෑ චකබ්ලාස් වෙන්නම. ඊට පස්සෙ ආයෙ මොනවද බබිත් සුන්, බබීගෙ අම්මත් සුං.



මම නං එක ‍රැයක් නිදි නැතුව  වැඩේ ගොඩ දා ගත්තා. මගේ රිකවරි ප්ලෑන්/ ඩිසාස්ටර් මැනෙජ්මන්ට් සිස්ටම් සම්පූර්ණයෙන්ම පුනුරුත්ථාපනය කලා.අර කස්ටියට නං තවකල් යයි ගොඩ එන්න. ඒ ඇවිල්ලත්  මිනිසුන් වශයෙන් අපි,අපි ගැන අධිතක්සේරුවක ඉන්නෙ  කියන එක තේරුං අරගෙන. පරිසරය සතා සීපාව දිහෑ බලන කෝණය වෙනස් කරයිද මන්දා?







Hiren’s BootCD PE 

මෙන්න මේක සෝක්  ඔහොම ආපදා අවස්තාකට. USB එකෙන් බූට් වෙනවා. Full graphical interface එක. Windows PE උඩ දුවන්නෙ. ඕන කරන tool ඔක්කොම තියනවා.  Macrium Reflect  ඒකෙම තියන නිසා වෙනම ඕනෙ නෑ.  ඒ තියා වැඩ කරන ගූගල් ක්‍රොම් බ්‍රව්සර් එකක් පවා තියනවා.



ඉතිං ඔන්න ඔහොමයි මේ දවස් වල අපේ ජීවිතේ. සුද්දො අපිට "අවුල්" කියන්නෙ ඇයි කියල දැන් තේරෙනව නේද?




පසු සටහන:

ඉඳලා හිටලා කොම්පීතරේ හුස්ම හිරවෙන ලෙඩේ උත්සන්න වුනා. මවුසත් හිරවෙන්න ගත්තා. මං දන්න ගොඩ වෙදකං ඔක්කොම කලා හරි ගියේ නෑ. 

නිකමට වගේ මං දැක්කා GPU උෂ්නත්ත්වය ටිකක් වැඩි වගේ කියලා. ඒක තමා ලෙඩේ . GPU temperature වැඩි වෙනවා   සැරින් සැරේ . එතකොට ඒකෙ fans ඔන් වෙලා temperature  අඩු කරනවා. මේක හරියට ගේ ගිණිගන්න කොට වතුර බාල්දියක් ගහනවා වගේ. ආයෙ ගිණිගන්නවා, ආයෙ වතුර බාල්දියක් ගහනවා. 

මං Windows Push Notifications User Service ගොයියට බැන්නට  උන්දැ හදලා තියෙන්නෙ මට කේලම කියන්න. ඒත් කිව්වේ ඇත්ත නෙමෙයි, අලි කෙබරයක්. ඒ අවුවස්සෙ  හොල්මං වෙච්ච උන්දැ මෙමරිය කාගෙන, කාගෙන ගියා.

දැන් ඔක්කොම බබා වගේ වැඩ. මෙන්න මේ දෙන්න තමා උදව් කලේ ලෙඩේ හොයා ගන්න.