මටම මා ගැන, බය හිතෙන ජාතියෙ "TED Talks" එකක් බැලුව. මාතෘකාව "Why you think you're right -- even if you're wrong"
මාතෘකාව පොඩ්ඩක් අවුල් වගේ නේද? එහෙම කොහොමද අපි වැරදි වෙන්නෙ, නේද? අම්මපා, මට හිතුනෙත් ඔහොම්මමයි නෙව? වැඩේ කියන්නෙ ආයිබෝං, අපි එහෙම හිතන එකටත් නමක් තියනව නෙව? ඒකට කියන්නෙ "Cognitive Bias - The self-serving bias" කියලලු.
අර පලවෙනි වීඩියෝවෙ කියවෙන්නෙ "confirmation bias" ගැනලු. ඒ කියන්නෙ ඉස්සෙල්ලා තීරණයට එළඹෙනවා"Self-regulating free market theory" වගේ එකකට. ඊට පස්සෙ පරිස්සමින් සියලු විරුද්ධ මත බැහැර කරමින්, තර්කය ගොඩ නඟනවා. මේකට දේශීය උදාහරණයක් ගමුකො " ලෝකයේ ඉන්න බුද්ධිමත්ම රාජ්‍ය සේවකයො ඉන්නෙ ලංකාවෙයි" කියල. දැන් ඕක ඔප්පු කරන්නෙ මෙහෙමයි. ගහක් දෙකක් කැපුවාට, ඔක්සිජන් හිඟවෙන්නේ නැත. ඇත්ත නෙව? ගස් නැති කාන්තාර වලත්, ඔක්සිජන් හිඟයක් නැත. අමූලික ඇත්ත. දැන් කවුරුහරි අපතයෙක් " එතකොට මුදලාලි, කපන්නෙ ගහක් දෙකක් විතරමද?, එව්වට වැසි වනාන්තර කියන්නෙ ඇයි අපෙ හාංදුරුවනේ" වගෙ කඩාකප්පල්කාරී ප්‍රශ්ණ ඇහැව්වොත්, ටක් ගාලා කපලා දාන්න ඕනෙ, නෑ, නෑ ගහ නෙමෙයි, කඩාකප්පල්කාරී ප්‍රශ්ණ අහපු එකාව.
ඔහෙල දන්නව නෙව, පූරුවෙ කල පව් පල දීලා, මෙහෙ හිටියට, මාත් ඝර්ම කලාපීය බස්සා වග. ඒ නිසා. මට නිකමට හිතුනා, යකඩෝ, අනුන්ට කිව්වට මාත් වැඩකරන්නෙ එහෙම වත්දෑ කියලා? තමන් හැම විටම නිවැරදියි කියා සිතීම confirmation bias රෝග ලක්ෂණයක් කියන්නෙ. හහ්, එයාල නං කියයි, අපිනෙ දන්නෙ, තමන් වැරදියි කියල පිලිගන්න තියෙන අමාරුව.
ටිකක් කියවල බැලුවාම තිබුනා නිර්දේශ දෙකක්:
1. Reject the first impression. ඒ කියන්නෙ, If it looks like a duck, walk like a duck, and talk like a duck, then it probably is NOT a duck. මට තේරෙනවා, විස්වාස කරන්න අමාරු බව. හරි, අපි මෙහෙම අහමුකො? ඔහෙල ඇත්තටම හිතාගන ඉන්නෙ මම අහිංසක බකමූණෙක් කියලද?
2. තමන් නොදන්න බව දැණගැනීම සහ තම වැරදි පිලිගැනීමට තරම් නිහතමානී වීම. ඒ ගුණාංගෙ නං ඉගෙන ගත්තෙ මෙන්න මේ හාදයගෙන්:
"You could never convince a monkey to give you a banana by promising him limitless bananas after death in monkey heaven"
“Ever since the Cognitive Revolution, Sapiens have thus been living in a dual reality. On the one hand, the objective reality of rivers, trees and lions; and on the other hand, the imagined reality of gods, nations and corporations. As time went by, the imagined reality became ever more powerful, so that today the very survival of rivers, trees and lions depends on the grace of imagined entities such as the United States and Google.”
― Yuval Noah Harari, קיצור תולדות האנושות








