Thursday, May 6, 2021

දුකට කියන ටෙක්නිකල් විරිදු

පළමු ව මම වැන්ද බුදුන්, සිහි කර ගෙන ඒ ගුණ කඳ
දෙවනුව ව සද්ධර්මේ උතුම්,  මුදුනත් කර මෙන්න වැන්ද
තෙවනු ව මහ සංඝරත්නෙ, වැඳ සුරන් ට පින් දී සොඳ
කියනවා අපි බස්සගෙ සූදුව, කවියෙන් කර ප්‍රබන්ධ

මෙකලා ගෝතෙයෙක් උන්න බකමූණා කියල සොඳට
හිතලා වැඩ නොකල උන්දෑ, බකුස් නමින් පුරසිද්දෙට
ලැබිලා මක-බාස් කමක්, චීන පූසො අල්ලන්නට
එකලා ඔහු කළ දස්කං කියනවා මං පෙළින් පෙළට

තුට්ටු දෙකේ ගැජට් ෂොපින්, ඉව වැටුනා චීන්නුන්ට
කෙලින් ඉන්ට නො දී ඌට බලේ ගත්ත ඔවුන් අතට
තැපැල් මගින් ආපු චීන පූසො පිරුණ බකුසු පුරට
ඔවුන් අතර හිටියා MOS- FET කියල කෙනෙක් ජයට

බලන්න පුදුමයි මහතුනි, උන්දෑ හිටිය පීසීබි ය
බෙදන්ඩ එහි තට්ටු හතයි යටටත් ඒ තරම් විතර
තදින් ගේම් එක එතනයි ඔස්තාර්ල ඇවිත් නිතර
පනින්ඩ බෑ අල්ලන්නට බකමූණොත් බයයි මිතුර

කාගෙන් බේරුණත් බැරිය, උන්දෑගෙන් මාරුවෙන්ට
වේගෙන් පැන්නා බස්සා ඒ වුනාට ඉදිරිපිටට
උඹ ද මිතුරෙ කකුල් අටේ, චණ්ඩියා කියමින් මෙතෙන්ට
දුන්න ප්‍රෝබ් එකෙන් එකක්, පස්ස ගාතෙ කැඩිල යන්ට


හිට ගෙනම මලා එෆ්.ඊ.ටී, මැතිඳු ලැබුනු මරු පහරට
ටෙස් කිරිල්ල දැන් ඉවරයි, කෙලියා නේද තාප්පයට
ඉතිං අම්මෙ ඉදල මොටද, කියල බස්සා  පැන විජහට
ෆෝරම් වල කරක් ගැහුවෙ, විකල්පයක් සොයා ගන්ට
තිබුණු එකා බාල නිසයි, වුනෙ අකලට මැරිල යන්ට
දැනගෙන මේ සියළු රහස් බස්සා යයි චීන පොළට
වැලම තුනයි, බඩුත් හොඳයි මුදලාලිල කිව්ව කලට
තනියෙන්මයි අල්ල ගත්තෙ, දහයක් අත් අඩංගුවට

බස්සා කළ දස්කං නං, එක කටකට බැහැ කියන්ට
හැමදාමත් මතක් වෙන්ට, ජංජාලෙත් තියෙයි සොඳට
හිටියානං අද වෙනතුරු, රජ කරනව බෝඩ් එකට
ෂෝට් වුනේ MOSFET මගෙ , පස්සා පැත්තෙ අමාරුවට

ස්තූතිය: නෙයිනගේ සූදුව,දයානන්ද ගුණවර්ධනයන් ගේ මධුර ජවනිකා ( 1983 )

සංවේගයෙන් දැනුම් දීමයි:

වසර අරික්කාලක් ආයු වලඳා, MOS-FET  තරුණ මහතා, අත්වැරදීමකින් බස්සාගේ ටැස් බෙන්ච් එක මත, සසර ගමන නිමා කල බව, සියලු බ්ලොග් වාසී හිත මිත්‍රාදීන්ට සාතිශය සංවේගයෙන් දැනුම් දෙමි. මල් වඩම් අනවශ්‍යයයි.

Sadistic හෝතම්බුවෙක්: දුක නැතෑ ඉතිං, විහින් නෙව කරගත්තෙ? හයියෝ ෂල්ලි....

රොක්..කි රෝඩ් ටු ඩබලින්

Well... in the merry month of May from me home I started
Left the girls of Tuam nearly broken hearted
Saluted Father dear, kissed mi' darling mother
Drank a pint of beer, me grief and tears to smother
Then off to reap the corn, leave where I was born
Cut a stout blackthorn to banish ghosts and goblins
A brand new pair of brogues, rattlin' o'er the bogs
Frightenin' all the dogs on the rocky road to Dublin

ප.ලි:
ආ , වැලම සුපියල් තුනයි, චීන බඩු ආවා. මේං කැඩිච්ච හාදයා, දැන් ගිණිකසයා වගේ වැඩ😊

If it ain't broke, break it. So, you can make it!

Monday, May 3, 2021

විකල්ප තාක්ෂණය - NiMH බැටරි

මේ ඉන්නෙ poor man's VR කන්ට්‍රෝලර් බානක්. ප්‍රශ්ණෙ තමා එයාල බැටරි කනවා වළඳනවා. සාමාන්‍යයෙන්  එලාම් ඔර්ලෝසු වගේ එව්වට විසඳුම රී-චාර්ජබල් NiMH බැටරි වුනාට, මේ දෙන්නට ඒක එච්චරම හොඳ විසඳුමක් නෙමෙයි. හේතුව, ඔය කන්ට්‍රෝලරේ අවශ්‍ය පමනට වඩා "ස්මාර්ට්" වීමයි.

ඔය කන්ට්‍රෝලරේ වැඩ කරන්නෙ AA බැටරි දෙකකින්. බැටරි බැහැගෙන එනකොට, ඉස්සෙල්ලාම අනතුරු හඟවනවා. ඒත් ඇහුවෙ නැත්නම්, කෙලින්ම ඔෆ් කරලම දානවා. මේක නරක දෙයක් නෙමෙයි, එහෙම කරන්නෙ කන්ට්‍රෝලරේ ආරක්ෂාවට. නමුත් ප්‍රශ්ණෙ වෙන්නෙ 1.5V බැටරි වෙනුවට 1.2V NiMH පාවිච්චි කරන්න ගියාමයි. කන්ට්‍රෝලරේ මොනිටර් කරන්නෙ බැහැගෙන යන වෝල්ටීයතාවය. දැන් හිතාගත්තෑකි නේද  කන්ට්‍රෝලරේ 1.2V NiMH බැටරි කන්නෙ ඇයි කියලා?

ගූගල් VR වලින් පිටකොටුවට බැහැලා ඇවිදින කොට, මරදානෙ පරණ පොත් කඩේට යන්න ඉස්සෙල්ලා කන්ට්‍රෝලරේ ඔෆ් වෙන එක කොහොමවත් සොඳුරු අත්දැකීමක් නෙමෙයි. " ඈ බොල #*&^#@ , ආයිත් කෙලියා නේද. තාප්පෙට" කියල තමා කියවෙන්නෙ.

1.5V   රී-චාර්ජබල් බැටරි දැන් තියනව වුනාට, ඒ තාක්ෂණය තවම මෝරල නෑ. අනෙක් අතට, ඒවා වලට විශේෂ චාජර් ඕන කරනවා. NiMH බැටරිවල අඩුපාඩු තිබුණත්, ඒවා හැම අතින්ම ආරක්ෂාකාරීයි. මේ තියෙන්නෙ, අවුරුදු 18 පරණ මැක්ස්වෙල් NiMH බැටරියක්,  ධාරිතාව ටිකක් අඩුවෙලා ඇති, ඒත් තාම වැඩ.අඩු වෝල්ටීයතාවෙ ප්‍රශ්ණෙට විසඳුම තමා, ඔය උඩින් තියෙන ගැජමැටික් එක.

ඒක 3.3V charge pump එකක්. බොහොම සරලයි, කකුල් තුනයි. වෝල්ටීයතාවය අඩු වුනොත් වැඩි කරලා , වැඩි වුනොත් අඩු කරලා, සෑහෙන පරාසයක් ඇතුලත 3.3V වලම පවත්වාගෙන යනවා. දැන් එතකොට මොකක්ද ප්‍රශ්ණෙ?

ප්‍රශ්ණෙ තමා, මම ගෙන්න ගත්තෙ, වැලම සුපියල් හයේ චීන කොපිය. ඔව්, වොව් "ආයෙත් නෑමක් තමා." එහෙම නොවෙන්න නම්, අනිවාර්‍යයෙන්ම ටෙස්ට් කරන්න ඕනෙ. ජාලෙ තිබුණා, රුසියන් කාරයෙක් මේකට මැරෙන තුරුම දසවධ දෙන හැටි, සබ් ටයිටල් දාගෙන බැලුවත්, මට අවශ්‍ය විස්තර ඔක්කොම එතන තිබ්බෙ නෑ( Russians, really know how to torture).  අනික, චීන පූසෙකුට වඩා , VR කන්ට්‍රෝලර් එකක්, බොහෝ මිල අධික නිසා, මටම ටෙස්ට් කරන්න  ඕනෙ වුනා.


ඉස්සෙල්ලම කලේ  VR කන්ට්‍රෝලර් එක ගන්න ධාරාව මනින එකයි. 40 - 50 mA, අවුලක් නෑ, specs වලට අනුකූලයි. සොයා ගත් අනෙක් දත්ත:

Buck mode 3.3V to 5V - Very good, no ripples at all - අදාල නැත

Boost mode - 3.3V to 1.8V - OK, but average 

Output cutoff - 1.2V -  එතරම් ප්‍රයෝජනයක් නැති විය හැක. 


Failure mode - dead short  - Bad, නමුත් භාවිතය boost mode  නිසා හානියක් නැත.

Parasitic current draw - 0.3 mA , පාවිච්චියෙන් පසු බැටරි ගලවන නිසා ප්‍රශ්ණයක් නැත.

Soft start - Not implemented

Deep sleep mode - තවුසෙට පයිත්තියන්ද?

සංකීර්ණ වැඩියි, නැතුවට කාරි නෑ

නිගමනය - safe to use but not the best.

සමහර වෙලාවට, සරල දේ හොඳම ක්‍රමය වෙනවා. මේ තියෙන්නෙ එහෙම එකක්: රී-චාර්ජබල් මේස ලාම්පුවක්. ඒකෙ තියෙන ඩිස්ප්ලේ එකට වෙනම 3V බොත්තම් බැටරියක් තිබ්බා. මම කලේ ඒක ගලවලා, Li-Ion බැටරියෙ සප්ලයි එක ඩයෝඩ් දෙකක් හරහා ඩ්‍රොප් කරලා දීපු එකයි. 






3.3V charge pump දෙකක් ටෙස්ට් කර ගත්තා. දැන් තියෙන්නෙ VR කන්ට්‍රෝලර් මදේ ගලවලා එව්වා ඔබන්න විතරයි. Wish me Good Luck 😜

Disclaimer: මේ පරීක්ෂණ සඳහා කිසිම බස්සෙකුට හානි නොකල බවටත්, මෙහි සිටින සියලුම පූසන්, චීනයේ සිට ආවේ තැපෑලෙන්  බවටත් සහතික වෙමි.

 Walpurgis Night  (මායාකාරීන්ගේ රාත්‍රිය -"වල්-පූගස්නාහ්ෆ්")
Long Live paganism!
VALHALLA calling me

Sunday, May 2, 2021

බකුසු දේශපාලනය

 බස්සා කියන්නෙ සරල සතෙක්. බහූදේව වාදී ලෙස ඉපදිලා, පන්සල්, කෝවිල් විතරක් නෙමෙයි පල්ලිත් ගිහිල්ලා, පස්සෙ දෙයියො එක, එක හැලිලා, පස්සෙ සංශ්‍යවාදී වුන සතෙක්.

අඩුම ගානෙ එහෙමයි, මම මං ගැන හිතාගෙන ඉන්නෙ. Joe Scott   නම් කියන්නෙ, සංශ්‍යවාදී-agnostic කියන එකේ " I don't give a s**t" වයිබ් එකක් තියනවා කියලයි. එයා, එයාව හඳුන්වා ගත්තෙ "Seeker" කියලයි. හ්ම්....ඒකත් නරකම නෑ. මම අද ඉඳලා Seeker බස්සා. හා, දැන් ඔය මට කතා හදන්න බලාගෙන ඉන්න උන්දලටයි මේ කියන්නෙ. බුදු හාමදුරුවොත් Seeker, ඒ නිසා ඇයි මට බැරි එහෙම වෙන්න? නෑ වාහෙ බුදු වෙන්නෙ නෙමෙයි, Seeker වෙන්න? වෙනස් වීම කියන්නෙ කියන්නෙ නරක දෙයක් නෙමෙයි, අත්‍යාවශය දෙයක්.

මම පිලිගන්නවා, මගේ දේශපාලන, ආර්ථික දැණුම දුර්වලයි කියලා. ඒත් මම හැමදාම යම් දෙයක් හෙව්වා. සහජයෙන්ම කම්මැලි සතෙක් වෙච්ච මට, ඔය "සමහරුන්ට" වගේ ටොන් ගණන් පොත-පත කියවන්න, ඉතිහාසය කටපාඩමින් කියන්වන්න තරම් උවමනාවක්, දක්සකමක් තිබ්බෙ නෑ, ඒත් මට දැනට පවතින ක්‍රමයේ, මොකක් නමුත් අවුලක් තියෙනවා කියලත්,  " something is missing" කියන හැඟීම හැමදාම තිබුනා. මගේ දුර්වල දේශපාලන, ආර්ථික දැණුම නිසා, ඒ අඩුව මොකක්ද කියල කියන්න තරම් හැකියාවක් මට තිබුනෙ නෑ.

"My watch has ended" කියල කිව්වෙ ජෝන් ස්නෝව්. මම හිතෙනවා, මම හොයපු දේ හම්බවුනා කියල.  මම මෙච්චරකල් හොයලා තියෙන්නෙ " අපේ දේශපාලන ඉතිහාසය" පැය බාගෙකින් කියල දෙන වීඩියෝ එකක්! Thank you Joe Scott.

Fasten your seat-belt and get ready for a bumpy ride....


ඔහු මේක හඳුන්වන්නෙ "Late Stage Capitalism" කියලයි. දෙපාරක්වත් බලන්න වෙනවා හරියටම තේරුම්ගන්න,  අමාරුම වැඩේ  කමෙන්ට් 19,724 කියවන එකයි. දැන් මෙතන confirmation bias බොරු වලක් තියෙන්නෙ බැරිද? මේ කතාවෙ credibility  එක කොහොමද? මම නං ඒ ගැන එච්චර වද වෙන්නෙ නෑ. ඇයි, ලිඳේ ඉන්න ගෙම්බොන්ට තෙල බෙදන්න ලේසියි, ඒත් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයොන්ට යූ-ටියුබ් එකේ, ඒ ගේම ගහන්න බෑ, උන් ඔහෙල  රෝස් කරන්නෙ, අමුවෙන්.

Joe Scott දක්සයි. ප්‍රේක්ෂකයාට බෝරිං නොවෙන්න කතාව කියන්න ඔහු දන්නවා. සාධාරණ පමනකට අපක්ෂග්‍රාහීයි කියලත් හිතෙනවා. දිව උලුක්කු වෙන බරපතල වචන, ක්වොන්ටම් සයන්ස් සමීකරණ වලින් කොලේ වහල, ප්‍රේක්ෂකයාව ඉච්චා භංගත්වට පත් කරල තර්කය දිනන වැඩ ඔහු ලඟ නෑ. සරල සිංහලෙන් භාෂාවෙන් කියන්න ඕනෙදේ කියනවා, දන්නෙ නැත්නම් නෑ කියනව. මම නූගත් බකමූණෙක් බව ඇත්ත, ඒත් මට කෙනෙක්ගෙ කතාවක "වයිබ්" එක තේරෙනව. බලන්න - එතකොට මම කියන්නෙ මොකක්ද කියල තේරේවි.

Friday, April 30, 2021

බස්සා දුටු හීනයක්


මම කැමතියි දවල්ට බුදියන්න. හරි, හරි නිසාචර කතාව හින්දම නෙමෙයි, වෙන හේතුවක් නිසා. දවල් එක්තරා වෙලාවක බුදිය ගත්තාම, අමුතුම හීන බලන්න පුළුවන් නිසා. මේ එහෙම දැක්ක හීනයක්,

මම හිටියෙ තට්ටු දෙකේ පරණ තාලෙ ගෙදරක, උඩ තට්ටුවෙ කාමරයක. ඒ කාමරේ බැල්කනියකුත් තිබුනා. කාමරේ හිටියෙ මමයි, තව මිත්‍රයො දෙන්නෙකුයි. ඔහොම ඉන්න කොට පිටසක්වල ජීවින් තුන් දෙනෙක් ආව. උන් ආවෙ පියාඹලා. ඇවිත් මගෙ ඔලුවට ගාබේජ් බෑග් එකක් දාලා, මාව බැල්කනියට ඇදගෙන ගියා. ඒ අරං ගියේ බිමට අතෑරලා මාව මරන්න. මම බෑග් එකේ එල්ලිලා, මාව ඇදගෙන ගිය එකාව ආපහු කාමරේට ඇදගෙන ආවා, අපි දෙන්නෙක් , දෙපැත්තෙන් අල්ලලා, ඇන්නා පිටසක්වලයගෙ ඔලුව බිම. තුන්වෙනි යාළුව, අතේ තිබුණ කෝප්පෙන් පිටසක්වලයගෙ ඔලුවට එකක් පතබෑව. ඒ ජවනිකාවෙ එච්චරයි මතක.

පිටසක්වලයො රොබොල සැට් එකක් එව්වා. උනුත් ආවෙ පාවෙලා. එකෙක් ෆුට් බෝලයක් විතර ඇති. ටිකක් R2-D2 වගේ, වටේටම ලයිට් පත්තු වෙනවා. උන් කෙලින්ම ගියේ පහත මාලයේ තිබ්බ ඩිෂ්-වොෂර් එක ගාවට. ගිහින් කොටස් දෙකට බෙදිලා දෙපැත්තෙ හිට ගත්තා. ඊට පස්සෙ ඩිෂ්-වොෂර් එක ඇරලා, එක එක අරගෙන පාස් කරන්න ගත්තා. උන් හෙව්වෙ, අරූට තඩි බාපු කෝප්පෙ.

හීනෙ තව දිගයි, ඒත් අසම්පූර්ණයි, කඩින්, කඩ තමා පෙන්නුවෙ. දැන් මට තියෙන ප්‍රශ්ණෙ ඇයි අර කෝප්පෙ හෙව්වෙ කියලයි? නඩු භාණ්ඩයක් විදිහට ගන්න ද?  

Imagination - that's your creation


ඒ Netflix කස්ටියගෙ imagination එකක් -  Future of mankind in 4 minutes. හැබෑටම එහෙම වෙයිද, ඈ? ජෝ ස්කොට් නං කියන්නෙ, අපේ හිත අපට බොරු කරනව කියලයි, අනේ මන්දා!


Wednesday, April 28, 2021

විකල්ප තාක්ෂණය සහ තැපෑලෙන් ආ පූසා


 Here kitty kitty kitty- nope, not that kind of cat කියලා පෝස්ට් එකක් තිබුනෙ EEVblog Electronics Community Forum  එකේ. මේ කතා කරන්නෙ multimeter වල තියෙන CAT rating ගැන.

ඔය EEVblog  Forum එක, Electronics පිස්සොන්ට යන්න කියාපු තැන. එතන වයිවාරණ කස්ටිය ඉන්නවා. උගත් පිස්සෝ, ස්මාට් පිස්සෝ, දක්ස පිස්සෝ වගේ අය.  කොටිම්ම ඒකෙම උයන්න කැමති අයට, වෙනම කොටසක කෑම රෙසිපි පවා තියනවා. 

 හොඳම දේ, මේ අපි වගේ මඤ්ඤං පිස්සොත් ඉන්නවා.. එහෙම එකෙක්,  electric bug zapper  එකකට multimeter එක අල්ලලා, අහනවා මීටරේ මලාද කියලා? ඒක දැක්කාම මට හිනා ගියත්,  මට තේරුණා මම ආවෙ හරි තැනට කියලා. මම දැක්ක හොඳම දේ තමා, වැඩි දෙනෙක් ඒ ක්ෂේත්‍රයේ විශාරදයො වුනත්, අර නවකයට අපහාස නොකර, කියා දුන්න එක. මෙතන ඉන්නෙ යමක්-කමක් දන්න අය. ඒ නිසා යූ-ටියුබ් එකට වඩා යමක් ඉගෙන ගන්න පුළුවන්.

මගේ ප්‍රියතම යූටියුබ් ඉලෙක්ට්‍රොනික්  පස්චාත් මරණ පරීක්ෂකයෙක් තමා මේ ඉන්නෙ. 


අවුල කියන්නෙ ඔය ගැලෙව්වෙ, මගේ ගාවත් තියෙන "තැපෑලෙන් ආ චීන පූසෙක්".  නිගමනය -පූසා ෆේල්. ලාබෙට අස්පයො ගත්තාම ඔහොම වෙනව කියල, කව්දෝ කිව්වා කියලත් ලාවට වගේ මතකයි. ඉතිං, මම කිසිවකට නොසැලෙන "තාදී ගුණය" ප්‍රගුණ කලා. නෑ, නෑ මගේ චාජරෙන් "මැජික් ස්මෝක්" ආවෙ නෑ. ඒත් මම තීරණය කලා උන්දැව විශ්‍රාම යවන්න.

විකල්ප තාක්ෂණය  

චීන පූසො, ඔහෙල හිතන තරම්ම නරක නෑ. 
එකම දේ, මෙන්න මේ golden rules දෙක අනුගමනය කරන්න ඕනෙ.


1. Always go for a over-kill. අවශ්‍ය වොට් 50 නං අඩුම ගානේ වොට් 100 එකක් ගන්න.
2. තම-තමන් ගේ ආරක්ෂාව තමාම සලසා ගන්න. ඒ කියන්නෙ ආපු ගමන් සොකට් එකට ඔබන්නෙ නැතුව, ගලවල බලනව. බලන්න ඕනෙ මොනවද කියල දැන ගන්න තමා EEVblog  Forum එක ඕන වෙන්නෙ.

ඔහෙලට මතකද මන්දා, "කුසුම්පුරේ කීඩෑවෝ සහ සපත්තු ලේස් -2" පොස්ට් එකේ ලියපු USB-C  powered Soldering Iron එක ගැන. ඔව්, ඔව් RISC-V ප්‍රොසෙසර් එක තමා. නෑ ඇටැච් බාත්-රූම් එකක් නෑ, ඒත් motion sensor  එකක් නං තියනවා.

මේක පොඩි උනාට 65 වොට්ස් වෙනතෙක් දෙන්න පුළුවන් භාණ්ඩයක්. මුල ඉඳන්ම ඕනෙ වුනේ මේකට USB-C හරහා වැඩ කරවන්නයි. හේතුව සරලයි: USB power delivery protocols.

තේරෙන බාසාවෙන් කිව්වොත් චාජරෙයි,  Soldering Iron එකයි කතා කරගෙන එකඟතාවයකට එනවා, වැඩ කරන්න පුළුවන් උපරිම ධාරිතාව ගැන.

Soldering Iron: මේ හලෝ.ඔයා ගාව PD 3 තියනවද?

චාජරේ: තමුසෙට පිස්සුද ඕයි? මම ලාබ චීන පූසෙක්. QC 3 නං තියනවා. 12V  තමා උපරිම දෙන්න ඇහැකි.

Soldering Iron: හා, එවනවකො. ඒත් මට ඔහේව විස්වාස නෑ. ඉස්සෙල්ලා 5V එවලා ටික, ටික වැඩි කරලා බලමු.



මේ වැඩේට කොහොමත් මගේ ගාව තිබ්බ, ධාරිතාවෙන් අඩු චාජරේ හරි නොයන බව, ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ? අනික අඩුම ධාරාවකින්, වැඩිම ධාරිතාව ගන්න නං 20V දෙන PD 3 තියන චාජරයක් ඕනෙ වෙනවා.


ඕක ගෙන්න ගන්න කොට ෂිපින් ගෙවන්න වුනා නෙව. මම කලේ ඒකට බැර වෙන්න, ගෙන්න ගත්තා එයාලගෙම PinePower DeskTop ඒ පාර්සලේම . යැංකි සුපියල් 35  කට 120W කියන්නෙ නරක ඩීල් එකක් නෙමෙයි. අනික QC 3 යකාට ගියත් PD 3 - 20V තියෙනවා.

එකම අවුල, මේකෙ සැබෑ කොලිටිය ගැන කරපු රිවීව් හොයා ගන්න නෑ. ඒ නිසා මම ගැලෙව්වා මදේ. මෙන්න තොරණෙ විස්තරේ:






මඟුලක් අහනවා? ජැපනීස් කැපෑසිටර් තිබ්බෙ නෑ. ඇයි සුපියල් 35 ට මිලිටරි ග්‍රේඩ් කම්පෝනන්ට්ද බලාපොරොත්තු වුනේ?

වැදගත්ම එක හොඳට රබර් ඇහැ දාලා බලන එක. ඒකෙන්ම කිව්වෑකි, මේක "එපා වාහෙට හොදි බෙදන්න" වගේ කරපු ජොබ් එකක්ද නැත්ද කියලා. Dry soldering joints, Flux residue traces, ට්‍රිම් නොකර ඉතුරු කරපු නැටි,  heat sink/ bridge rectifier වලට හේත්තුව දාගෙන ඉන්න උස කැපෑසිටර් වලින් telltale කතාන්දරයක් කියවෙනවා. මම එහෙම "අතපසුවීම්" දැක්කෙ නෑ.  මම අපේ චෙකොස්ලෝවැකියානු යූටියුබ් ඉලෙක්ට්‍රොනික්  පස්චාත් මරණ පරීක්ෂක මහතා තරම් දස්ස නැති නිසා, එච්චරම ගැඹුරු පරීක්ෂණයක් නොකලත්, දැකපු දේ අනුව සෑහෙන්න පැහැදුනා.  NTC thermistor සහ ඇත්තම safety capacitor පාවිච්චි කිරීම හොඳ ලක්ෂණයක්.

Fuse -OK
Creepage and clearance distance -OK
Common mode noise rejection - OK
Input/output filtering  - Not the best, but adequate
Heat sinks,  isolation and mechanical stress - OK 
Soldering - OK
Dual rail power design - Good

දැන් වැදගත්ම කොටස. මොනවද අවුල් කියන එක? output capacitor ratings එච්චරම හොඳ නෑ,  output එකට වඩා 5V තමා වැඩි. කේස් එක ප්ලාස්ටික් නිසා අදාල නූනත්, PE connection  එකක් තිබ්බ නම් තමා නියම. Dual rail power, විසාල Heat sinks  සහ  high efficiency, buck converter නිසා එච්චරම අවුලක් නැති වුනත්, ventilation ගැන නම් හිතලවත් නෑ. නිකන් දීපු අස්පයා - 10W wireless charging . Display එකෙන් එච්චරම accuracy  එකක් බලාපොරොත්තු නූනත්, වරදක් නෑ. Display එක ඔෆ් කරන්න තියෙන, ටච් සෙන්සර් එකත් හොඳ ඔප්ෂන් එකක්.




Monday, April 26, 2021

අනා-ගතේ තොපේ අතේ

 නවසිය බර ගණන් වල, ඒ කාලෙ තාක්ෂණ ලෝකෙ ලොක්කා වෙච්ච ජපානෙ Fifth Generation Computer Systems project (FGCS) කියල ව්‍යාපෘතියක් ආරම්භ කලා. මූලික අදහස වුනේ, අවු 10 ඇතුලත බුද්ධිමත් කම්පුටරයක් නිපදවීම. ලෙසටම, ව්‍යාපෘතිය අසාර්ථක වුනා.ඒ වෙනකොටත්, ලෝකෙට නව තාක්ෂණික නිෂ්පාදන ගණනාවක් හඳුන්වා දුන්න "ජපන් හපනුන්ගෙ " Asimov රොබොට්ටා තමයි මේ: 

"ඇසිමෝ" අපේ ආතා වගේ බොහොම පරිස්සමින් අඩි තියලා, දෙකට නැවිලා ඇවිද්දා, ඉඳලා හිටලා ෆුට් බෝලෙකට පයින් ගැහුවා. ඉතිං, වෙනද වගේම ඉර  පෑව්වා, මල් පිපුනා, කුරුල්ලො සිංදු කිව්වා,  ඔහොම කිසිම අවුලක්, කනස්සලක් නැතුව කාළය ගලාගෙන ගියා.

ඒ කාලෙ කස්ටිය මෙහෙම "රොබෝ නැටුං" කියල නැටුමකුත් නැටුවා.



ඒත් ලඟකදි ඉඳං මේ තත්ත්වය ( කොහොමද මගේ සඤ්ඤක, ඈ?) වෙනස් වෙන්න ගත්තා. මට නිකන් විචිකිච්චාවක් වගේ එකක් පහල වුනා. එතකොට තමා මෙයාලා අපිට නැටුං පෙන්නන්න ගත්තෙ.


ඈ බොල රොබෝ සිංඤෝ, උඹ මොකාටද එන්න හදන්නෙ? දැන් ඔහෙලට හිතෙන්නෙ මෙයාල හරි "කියුට්" කියලද? එයාල නටන්නෙ ඇයි?  මට නං ඒක එච්චර ඇල්ලුවෙ නෑ, මේක අපට ආතල් දීමක් විතරක්ම නෙමෙයි කියල හිතෙන්නෙ මට විතරමද?

ඔහෙලට කියන්න ආයිබෝං, මට නං හොටේ ඉඳන් නැට්ටටම දාඩිය දැම්මා. අර සවුදි අරාබියො බෞතීස්ම කරවපු "සොෆියා" ගැන මට අවුලක් නෑ. ඒත් Boston Dynamics රොබෝල වෙනම ලෙවල් එකක්. දැන් ඔහෙලා කියාවි, මම පිචෑර් බලල , නිකාං බයවෙන බස්සෙක් කියලා. ඇත්ත, මම agnostic බස්සා, හැම එකම ප්‍රශ්ණ කරනවා. ඒත් ඊලොන් මස්ක්ටත් එහෙම හිතෙනව කියන්නෙ?



මම ඊලොන් මස්ක් අනුගාමිකයෙක් නෙමෙයි. Apple, John Deere වගේම Tesla ගෙන යන unethical business practices ගැන මට සෑහෙන අවුලක් තියනවා, ඒත් ඒක එහෙමයි කියලා, ඊලොන් මස්ක්  අලුතෙන් යමක් ලෝකයට දුන්න බව පිලිගන්න මම මැලිවෙන්නෙ නෑ.

මෙහෙම කියන ඊලොන් මස්ක්ම, Neuralink එකත් කරනව කියල ඔබ කියාවි. ඊලොන් මස්ක්ගෙ ගේම් එක මොකක්ද කියලා මම දන්නෙ නෑ. හැමෝගෙම එක, එක ඇජෙන්ඩා ඇති. Agnostic බස්සො ඔය හැමදෙයක්ම, හැමදෙනෙක්ම දිහා බලන්නෙ සැකෙන්. ඔටුවෙක් වගේ , එකම මතයක එල්ලිලා ඉඳගෙන, මම හරි තාර්කිකයි, සුනම්‍යයි කියල හිතාගෙන හිටියට වැඩක් වෙන්නෙ නෑ. වෙනස් වන ලෝකෙත් එක්ක, අපේ විස්වාස, මත වෙනස් කර ගන්න ඕනෙ. Neuralinkවත් AI වත් යන ගමන නවත්වන්න අපට බෑ, එහෙම වෙන්න ඕනෙත් නෑ. ඒත් මේ වීඩියෝවෙ නඟන සාධාරණ තර්ක සුළුවෙන් තකන්න අමාරුයි.

ඩාර්වින්ගෙ පරිනාමවාදෙ Survival of the fittest තියරියෙන්  සතුන්ගෙ පැවැත්ම/වඳවීම පැහැදිලි කරනව. එතකොට AI අපේ පාලනයෙන් ගිලිහුනොත් මොකද වෙන්නෙ? ලෝකෙ ඉරණම තීරණය කරන සුළු පිරිස, හැමදෙයක්ම කරන්නෙ ලෝක සුභසිද්ධිය සඳහාමයි කියල මම නං හිතෙන්නෙ නෑ. මම හිතන්නෙ ඊලොන් මස්ක් මට වඩා හොඳට ඒක පැහැදිලි කරනව " අධි වේග පාරක් හදන කොට හුඹහක් තිබුනොත්,වේයන්  ස්වර්ගස්ත වන්නේ , අපි වේයන්ට වෛර කරන නිසා නොවේ" කියල.

එන්ගලාන්තෙ කුරුල්ලො ගැන පර්‍යේෂණ කරපු හාදයෙක්, සම්පූර්ණ අවුරුද්දක්ම රෑට බස්සෙක් වගේ කෑ ගහලා, ඒ සඳහා ආපු "බකුසු ප්‍රතිචාර" ලේඛනගත කලාලු. පස්සෙ තමා දැනගෙන තියෙන්නෙ " ප්‍රතිචාර බස්සා" අල්ලපු ගෙදර හාදය බව.

-පුවතක්-

පස්සෙ ඒ හාදයා මන්නෙකුත් අරන් අල්ලපු ගෙදරට ගියාද කියල, මේ දවස්වල ඩ්‍රැකියා බිසි නිසා, බුරාගෙන් තමා අහන්න වෙන්නෙ.

Tuesday, April 20, 2021

අමුතු සත්තු

 රට්ටු නං කියන්නෙ බස්සා අමුතු සතෙක් කියලයි. උලමා නැත්නම් යක් කුරුල්ලා කියන්නෙත් බස්සෙක් කියලයි සමහරු නං කියන්නෙ. ඒ කතාවෙ ඇත්ත නැත්ත මම නොදන්නව වුනාට, මට සමහරු "උලමා" කියලත් අමතලා තියන නිසා, බාගදා එහෙම වෙන්නත් පුළුවනි. ලෝකයාට මාව කොහොම පෙනුනත්, මට නං,  මම තාම  "මූකලං බස්සා."

ඔහොම කිව්වට, ඔය අමුතු සත්තු ගැන මගේ පොඩි මනාපයක් නැත්තෙමත් නෑ. මේ ඉන්නෙ එහෙම හාදයෙක්:


ඔහෙල දන්නව නෙව Lawyer ( සඤ්ඤක අවුල්ය)  මහත්තුරුන්ගෙ උඩෘත පාඨය -  I'll nail your a**, right on the court floor බව.  වැටවල් වලට තියල ඇණ ගහන්න කැමති මහත්තුරු හිටියත්, ඔය කස්ටියගෙම අතේ මිටිය වරදින්නෙ නෑ. මේ Lawyer මහත්තයා අමුතු හාදයෙක්. එයා කැමති අගුල් වලට. 

හ්ම්....  "ලාවුලු කෑ රිලවා" කියල ඉංගිලිසියෙන් ලියන්නෙ the cat who ate the canary කියල නේද?

AI -Artificial Intelligence  ගැන ලියන්න අදහසක් තියනවා. අනේ මන්දා, ඒ ගැන මගේ හැඟීම එච්චරම සුභවාදී නෑ. හැමතිස්සෙම සීරියස් පෝස්ට් ලියන එක නරක නිසා, මේක එව්වා තනුක වෙන්න දාන එකක්.