![]() |
| ඩේටා කන බස්සෙක් |
![]() |
| ඩේටා කන බස්සෙක් |
![]() |
| මිස්ට(ර්) දෙලුං |
![]() |
| තීන්ත වේලෙන්නත් ඉස්සෙල්ලා.... |
ඔය හැරී පොටර්ව ගෙදරින් එලියට දාලා, නන්නත්තාර වෙලා ගිහිල්ලා නගිනව ඩබල්-ඩෙකර් එකකට. ඒකෙ ඉන්න බූතයා කියනව මෙහෙම: It's gonna be a bumpy r....ide.
දුක් විඳලා Windows 11 යන එක වටිනවද? මගේ උත්තරේ "ඔව්". Clean minimalist design වලට අමතරව, නොපෙනෙනෙ underlying hardware utilization improvement වල සිට, පෙනෙන පොඩි නමුත් ප්‍රයෝජනවත් සෑහෙන දේ තියනවා. සැකුරිටි ගැන විශේෂ අවධානයක් යොමු කරලාත් තියනවා. සමස්ථයක් වශයෙන් කියන්න තියෙන්නෙ, වැඩිහරියක් හොඳ තමයි. මේක ටයිප් කරන්නෙත් අලුත් එකෙන්. පොඩි, පොඩි අවුල් නැතුවමත් නෙමෙයි, ඒත් මේක බීටා නිසා එය තේරුම් ගත හැකියි.
![]() |
| බොට මස්කටු ඕනෙද, ටිකිලා ඕනෙමද? |
![]() |
ජැකා කොහේ අල්ලන්නද, අපෙ මැතිඳාගෙ නැට්ට හුරේ රන් එකක් දුන්නා, යයි මැතිඳා හැටේ හැටට |
![]() |
| Living is easy, eyes closed |
මෙහෙ නිදහස් සෞඛ්‍ය ක්‍රමය සෑහෙන කාර්‍යක්ෂමයි කියන එක සාධාරණයි. එක ක්‍රමයක් තමා, තැපෑලෙන් එවන කැන්සර් ටෙස් කිට් එක. මම ඕක අවුරුදු ගාණක් නොතකා ඇරියා. ඒත් මෙදා පොටේ, ඕන පු*ක් ප්‍රීති වෙසක් කියල සාම්පලයක් ඇරියා. ආවෙ නැතෑ රිසාල්ට් එක අවුල් කියලා? අවුලා හොල්මන් වෙලා, අඤ්ඤකොරොස් වෙලා ගියා.ජනාධිපතිවරු, සිනමා තරු, ගායක-ගායිකාවො, රැජිණියොන්ට බැස්ටිය දීපු මේ කැන්සරයාට , සඤ්ඤක බස්සෙක් කියන්නෙ නතිං. එහෙන් පවුලේ ඩොකා කතාකරලා බැන්නා, ඇයි ෆෝන් එක ආන්සර් කරන්නෙ නැත්තෙ කියලත්. විෂය භාර වෙදා කතා කරයි, ආන්සර් කරපිය කියලත් කිව්වා. ඕං ඉතිං අසරණ සඤ්ඤක පක්සියා එදා හිටන් ෆෝන් එකේ වයිබ්‍රේශන් ඔෆ් කරලා, ෆුල් ඇලට් එකේ හිටියා. ආවා කෝල් එක සඳුදා පාන්දර. උදේට තාම කෑවෙ නෑ කිව්වම, කිව්වා හෙට 12.30pm එන්න කියලා.
හපෝයි විඳපු දුකක්! දවස් එකහාමාරක් කෑමක් නෑ. ඊට හපන් බඩ හෝදන්න දීපු බෙහෙත. යනවා යෑමක් වක්කඩ කැඩුව වගේ, තනිකරම යන්නෙ වතුර. අපාරාදෙ කියන්න බෑ, හෝතම්බුවා මාව එක්කන් ගියා ක්ලිනික් එකට. ප්‍රයිවෙට් කිලිනික් එකක්, ගෙවීම ආණ්ඩුවෙන්. මෙහෙ හන්දි ගානෙ චැනල්දැන් පක්සියා ඉන්නවා, හුඹහෙන් ඇදලා ගත්ත තලගොයා වගේ. ලස්සන නේස් නෝන කෙනෙක් ඇවිත් ඔක්සිජන් බටයක් නහයට දාලා, ප්‍රෙෂර්, ලේ වල ඔක්සිජන් ලෙවල් දෙපාරක් බැලුවා. ඩොකෙක් ඇවිත් කිව්වා, බොට දැන් නින්ද යයි, ඇහැරෙන කොට ගේම ඉවරයි කියලා. තව ඩොකෙකුත් ඇවිත්, නේස් නෝනෙත් එක්ක බස්සව පැත්ත පෙරලුවා. කියන්න ලැජ්ජයි මහත්වරුනි, බකුසු පස්ස එලියෙ. පලවෙනි ඩොකා මොනවද විදිනව විතරයි මතක.
ලස්සන නේස් නෝනෙ, චට පට ගාලා කම්බුලට ගහලා බස්සව ඇහැරෙව්වා. ඔහෙලට කියන්න, ගෙදර බුදියෑව්වට වඩා සනීපෙට නින්ද ගිහින් තිබුනා කියහංකො. ඩොක්කු දෙන්නගෙන් එකෙක් ඇරියා කියල නං බුදු ෂුවර්. මම හිතාගෙන හිටියෙ, බලන එක විතරයි කරන්නෙ කියලා. උස ඩොකා ඇවිත් කිව්වා, කැන්සර් නෑ, ඒත් තිබිච්ච කුඩා ගැටිති දෙකක් අයින් කලා කියලා. ඒ ගැටිති පසු කාලෙක කැන්සර් වලට වර්ධනය වෙන්න ඉඩ තියෙනව කිව්වා. ආයෙ අවුරුදු පහකින් එන්න කියලත් කිව්වා.මම එන ගමන්, ලස්සන නේස් නෝනෙට කිව්වා " මම ආයෙ අවුරුදු පහකින් ඔයාව බලන්න එඤ්ඤං " කියලා. එතකොට අනිත් නේස් හයියෙන් හිනාවෙලා කිව්වා " Then, it's a date" කියලා. ඩොකා මට කන්න එපා කියල කිව්වෙත් නෑ, මම ඇහැව්වෙත් නෑ. ගෙදර ඇවිත් ඇදලා ඇරියා ඉඳි ආප්ප, පූරි, වඩේ පාරක්. පස්සෙ තමා ඉන්ටනෙට් එකෙන් බැලුවෙ. එතකොට මේං කියනවා, සර්ජරි එකට පස්සෙ සැහැල්ලු ආහාර ගන්නලු. අපේ බඩවල් වලට "කමාන්ඩෝ ට්‍රේනින්" දීලා තියෙන නිසාද, කොහෙද බඩ යාන්තං ඤුරු, ඤුරු ගෑවා විතරමයි. බත් කෑවෙ පස්සෙන්දා.
බොලා දැන් කියනව නෙව " ඇහුනම නං කියන්නෙ පස්සා පැත්තෙ අමාරුවක් නෑ කියලයි" වගේ කතන්දර. ඕං , රාළෙ මෙදා පොටේ නං ඒ අමාරුවත් සුවයි, ඈ? බොරුවක්, මුසාවක් කියනව නෙමෙයි, මැඩිකල් රිපෝට් එකකුත් තියෙනවා.
පිදුම: ආයෙ ලියන්න මතක් කරපු "වම්හ"ට
![]() |
| ඇත්තමයි, සාලාමි මං කීබෝඩ් එකට විතරමයි කෙටුවෙ! |
![]() |
| ඩ්‍රැකියා වම්හ රියලා |
![]() |
| නින්ද තරම් සොමියක් කවියෙකුට වෙන නැතේ |
![]() |
| ගැහුවොත් ගැහැව්වමයි..... |
![]() |
| පුස්තකාලෙමයි කාලය ගත වෙන්නේ.,ඒකයි.. |
![]() |
| බෙල්ල බේරා ගන්ට ඇඳපු, නාහෙ වෙනස් ඩ්‍රැකී |
![]() |
| I pulled the trigger, again! Veikk A15 Pro |
හොඳට තිබ්බ කැටලීනා හිටපු ගමන් ලෙඩ ඇඳට වැටුනා. බොහොම කඩිසර ලෙස වැඩ කරමින් හිටි උන්දෑ, හිටපු ගමන් නොන්ඩි ගහන්න ගත්තා. ඊට පස්සෙ ඉන්ටනෙට් නැතුව ගියා. ඇත්තටම මේක ලෙඩ දෙකක්. ඕකට කියන්නෙ මල්ටි බැරල් මයලෝමා වගේ බරසාර නමක් , මහිතේ? ලංකාවෙ නං, ඔය වගේ "ඉහල පැලැන්තියේ" ලෙඩක් හැදුනාම "ආසිරි එකේ නැවැත්තුවෙ මෙයා, සේලයින් එකට විතරක් විසිදාහයි" වගේ කතා කියල ආතල් ගන්න ක්‍රමවේදයක් තියනව නේද?
එකම හොඳේ, කැටලීනාට තියනවා "ටයිම් මැෂීන්" එකක්. අනිත් අවුල තමා, මම වින්ඩෝස් 11 දාන්න බයෝස් සෙටින් වෙනස් කරපු එක. සෑහෙන තොයිලයක් නටලා ලෙඩේ හොඳ කර ගත්තා. බයෝස් වල වෙන, වෙනම "යූසර් ප්‍රොෆයිල්" හැදුවා. එකම අවුල, රෙස්ටෝර් කරල. "මම අනිත් ඔක්කෝම හැදුවා, ටයිම් මැසිමෙ පාටිශන් එක උඹම රෙපයාන් කරගනින්" කිව්ව එකයි. ඒක නොකර ටයිම් මැෂීමෙ මෝල හිටින්න ඉඩ තියනවා.
ටයිම් මැසිමෙ 850Gb තියනවා, මට එච්චර කොපි කරන්න ඉඩක් එහෙ නෑ. වින්ඩෝස් වලින් AFPS ෆයිල් සිස්ටම් කියවන්න බෑ. මෙතෙන්දි මට උදව්වට ආවෙ මෙන්න මෙයා: Paragon Hard Disk Manger වැඩ නං හරිම හෙමින් , දැන් වරු ගානක් තිස්සෙ තාම බැකප් ගන්නවා. ඒත් නිකං ඉන්න මට, ඔහොම මඳෑ!මේක එයාලගෙ 25 වෙනි ඇනිවසරි එකට නිකං දෙන එකක්. බැකප් සහ පාටිෂන් මැනේජර් දෙකම එකට තියනවා. මගේ "එදා වේල" බැකප් ඇප් එක Macrium Reflect වුනත්, මේ කරන වැඩේ එයාට කරන්න බෑ. මම හැමදාම Giveaway of the day ගිහින් බලනවා. නිකං දෙන හැම එකම නොගත්තාට, ඉඳලා හිටල හරි, මේ වගේ වැදගත් එව්වත් නිකං ලැබෙනවා.
හෝතම්බුවා මට උගේ කිසිම දෙයක් හදන්න දෙන්නෙ නෑ. මේ ලඟදි කියනවා, මම උන්දැගෙ කැඩිච්ච ඇම්ප්ලිෆයර් එක උස්සන් දුවනවා දැක්කලු හීනෙන්. ඔය කතාව පොඩි කාලෙදි අපේ ගෙදර ඈයොත් කියල තියනවා, මට යමක් අහුවුනොත්, ඒක ඉවරයි කියලා. හැබෑටම, ඔහෙලටත් එහෙම හිතෙනවද, ඈ?
ඉන්ට-ගැලැක්ටික් "ටග් ඔෆ් වෝ" කොම්පිටිෂන්, රනරප් සෑ...ර්!
ඒත් මෙන්න මේ උලව්ව, ගෙඩි සුපියල් හතලිහට, ටැක්ස් නැතුව, ගෙදරටම ගෙනත් දෙනවා කීවාම නං උන්දෑ නන්නත්තාර වුනේය. අවසානයේදී බකමූණාත් පතුරම හැපුවේය( bit the bullet).
නම: Royal Kludge RK71
මොඩලය: 71 key 70% LED Wireless Mechanical Gaming Keyboard
පහසුකම්: Wireless(Bluetooth) + Wired (detachable USB C), single colour, but individual LED illuminated keys, side RGB LED strips, double shot key caps.
තනි අඟිල්ලෙන් කොටනා අපිට එතරම්ම ප්‍රයොජනයක් නැතත්, සීරියස් ගේම් ගහනා අයට සහ කම්පුටර් වෘතීයකයන්ට නං නරකම නැත. මේකේම RGB වර්ශන් එකකුත් වැඩි ගාණට ඇත.
ගේම් මෝඩ් එකේදී මැක්‍රෝ 4 ක් දාගත හැකි වුනත්, අත්හදා බැලුවේ නැත. මදය ගලවා, ටිකක් වැඩි ධාරිතාවක බැස්ටියකට මාරු කිරීමත්, සද්දය අඩුකිරීමට ඇතුලට ෆෝම් එබීමත් සිදු කරන ලදී. චීනෙන් කලින් ගෙන්වා ගත් USB කේබලයක් මගින්, USB C පෝට්එක මැග්නටික් කිරීමත් පමණක් සිදු කරන ලදී. Windows සහ MacOS දෙකටම භාවිතා කල හැක. මේ සඳහා යම් ආකාරයක Keyboard layout re-mapping ක්‍රමයකට පහසුකමක් ඇත. custom key re-mapping කරන විදිහක් ( QMK configurator) තිබුනත්, ඒ "හරාකිරි" ක්‍රමවේදයේ අවශ්‍යතාවයක් දැනට නැත.
නිගමනය: වියදම් කල මුදලට, සරිලන වටිනාකමක් ඇති මුත්, අත්‍යාවශ්යම දෙයක් නොවේ. ඒත් දවස පුරාම කී-බෝඩ් කොටන හාදයෙකුට නං පාඩුවක් නැත.
වීඩියෝවේ ඇති කී-බෝඩ් එකට වඩා අළුත් වර්ශන් එකක් මට ලැබී ඇති බව පෙනේ. මගේ කී කැප්ස් ඩබල් ශොට් බව පින්තූරයෙන් පැහැදිලි වේ. ගලවා ඇති කී කැප් එකේ, කලු සහ සුදු, ප්ලාස්ටික් තට්ටු දෙකක් ඇත. සුදු ප්ලාස්ටික් කී කැප් එකේ කලු පින්තාරු කර ඇති එකට වඩා ඩබල් ශොට් කී කැප්ස් මිළ වැඩි නමුත්, හොඳ වන්නේ, කී කැප් ගෙවෙන විට හම යන්නේ නැති නිසාය.