මේ සුරූපී කාන්තාවගෙ නම ඇනිටා. ලස්සනයි වගේම උගත් ඇයට, දෙයියො දෙන්න ඕනෙ ඔක්කොම දීලා තියනවා. බාගදා, ටිකක් වැඩියත් එක්කම. ලස්සනට කතා කරගෙන යන අතරෙ, හිටපු ගමන් අමුතුම සද්ද දානවා, විසිල් ගහනවා. සද්ද විතරක් නං මොකෑ, එක වංගියක් අහවල් කරුමාන්තෙ කොර, කොර ඉන්න කොට පාට්නර්ගෙ රංඩිංගටත් පාරක් කෙලල ඇරියා කියලත් කිව්වා.
ඇගේ මේ අවංක ජීවන කතාවට සවන් දුන්නොත්, ඔබට තේරේවි "ටුරෙට් සින්ඩ්‍රෝමය" කියන්නෙ මොකක්ද කියලා.
ටුරෙට් සින්ඩ්‍රෝමය, හුදී ජන බාසාවෙන් "ටිපර් වෙනවා" කියන දේ නෙමෙයි. ග්‍රැමී ඇවෝඩ් වලදි කනට ගැහැව්වෙ, ටිපර් වෙලා. එතකොට ඒක "ටුරෙට් සින්ඩ්‍රෝමය" කියන්න බැරි නිසා, ඔන්-කැමරා අඞලා සමාව ගන්න සීන් එක රඟ පාන්න වෙනවා. ටුරෙට් සින්ඩ්‍රෝමයෙ "ටික්ස්" එන්නෙ, සම්පූර්ණයෙන්ම අපේ පාළනයෙන් තොරවයි.
ඇනිටාගෙ ජීවන කතාව මට අල්ලලා ගිය අනිත් කාරනේ තමයි, ඇගේ කතාව අවංකයි කියල හිතිච්ච එක. අද ලෝකෙ විරල දෙයක් තමයි අවංකකම. සමහරු මටත් චෝදනා කරනවා, මම මගේ සම්පූර්ණ කතාව කියන්නෙ නෑ කියලා. ඇත්ත, එහෙම කියන්න ඇහැකි අර "සුප්පා දේවිට" විතරමයි. අනික තට්ටයා මහත්තයත් කිව්වා, එච්චරම අබංක වෙන්න අවශ්‍යම නෑ කියල. ඒත්, වෙන කව්රු හරි අවංක කතාවක් කියනවා නං, එය අගේ කරන්න, ඒක බාධාවක් වෙන්නෙ නෑ.
මෙහෙම චිත්‍රයක් හිතේ මවා ගන්න. ඔබ රටේ වැදගත් පුරවැසියෙකුගේ කතාවක් අසාගෙන සිටිනවා. " දැන් ගෑස් තියෙනවද, දැන් ගෑස් ඇති නේද?" , "දැන් සැපද?" වගේ කොටසක් ඇහිච්ච ගමන් ඔබට "*&#$@**@#*^&" කියලා කියවෙනවා. මේක හිතලා කියන දෙයක් නෙමෙයි, ඉබේම කියවෙනවා. ආන්න එහෙනං ඔබටත් ටුරෙට් සින්ඩ්‍රෝමය තියෙනවා. ඒ උත්තමයන්ගෙ රංඩිංගට, පරම්පරා කුට්ටමට කෙලලා අරින්න හිතෙනවද? එහෙනං ගොයියෝ, ආයෙ දෙකක් නෑ, ටුරෙට් සින්ඩ්‍රෝමයම තමයි.
කඩයිම් ප්‍රශ්ණය:
මේ කතා ඇහැව්වාම ඔබව "ටිපර්" වෙනවද, "ටුරෙට්" වෙනවද?
1. ඔය කියන තරම් ප්‍රශ්ණයක් නෑ. මිනිසුන්ට සල්ලි තියනවා. කෝ ආර්ථිකේ අද වැටෙයි, හෙට වැටෙයි කිව්වට වැටුනද?
2. මේ අර්බුදේ ආරම්භ කලේ මම නෙමෙයි. කවුරුවත් කියන්නෙ නෑ මම කරපු හැටි.
3. මොල හතානෝ ඉන්නකං අපිට ඩොලර් ගැන බයක් නෑ. අප්‍රේල් වෙනකොට, මේ සුළු,සුළු ප්‍රශ්ණ විසඳලා රට යථා තත්ත්වය පත් කරවනවා.
4. අපි මේ නිධානයක් උඩ ඉඳගෙනයි, හිඟා කන්න යන්නෙ. මේ රට හදන්න බැරි නං, හදන්න පුළුවන් වෙන රටක් නෑ. අපි සමාජවාදී චීනෙන්, සමාජවාදී රුසියාවෙන් ආධාර අරගෙන මේ රට දියුණු කරනවා.
5. දැන් සැප......ද?
අද රට පත්වෙලා තියෙන තැනට වග කියන්න ඕනෙ කව්ද කියන එකට සරල උත්තරයක් මම දන්නෙ නෑ. හැමෝම අඩු-වැඩි වශයෙන් දායක වෙලා ඇති. නිදහසෙන් පස්සෙ, හැමෝම ණයට අරන් පිනට කන්න පුරුදු වුනා. රට කරවපු ඇත්තො ණය අරන් ඇවිත් අපිටත් දුන්නා. උනුත් කෑව, අපිටත් දුන්නා, ඉතිං අපිත් කෑවා(70-77 කාලෙ ණයට කන පුරුද්ද වෙනස් කලාට, දූෂණය, අක්‍රමිකතා සහ අසාධාරණය හුදී ජනයාව නොමරා මැරුව). රටට ආදායමක් එන දේකට අලුතින් කෙරුනෙ, ගෘහ සේවිකාවො මැද පෙරදිග යවපු එක සහ ගාමන්ට් පැක්ටරි විතරයි. ඒ දෙකත් අසාධාරණකම් එමට තිබ්බා. අපේ රටේ මොල හතේ කපුටො හිටිය නං එහෙම වෙයිද?
මොල හතේ කපුටොන්ට ඩොලර් ගේන්න, කඹුරපු සන්නාලියොන්ට සලකපු හැටි:
බයින්න නං එපල්ලා. යාන්තං මාසෙට පෝස්ට් තුනේ කෝටා එක ඉවර කොලා.😉🙏
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි