| Bubble life -cat style |
Wednesday, August 9, 2023
බුබුලක ජීවත්වීම වරදක්ද?
ඉන්ටනෙට් බුබුල
Sunday, July 23, 2023
විහිලු විහිලු විහිලූ - හිරේ වැටෙන විහිලු
බංකොළොත් බව සොයන කමිටුවට උපදෙස් ගන්න විශේෂඥ මණ්ඩලයක්
මම දැන ගත්තෙත් පත්තරෙන් හිටං - ඩුබායි කොන්සල් ජනරාල්
යුරෝපීය කතුන් අපේ රටේ ගෘහ සේවයට එන යුගයක් ජනපති ගොඩනඟනවා – වජිර
එළිය වැටුණ වෙලේ ඉඳන් මී හරකෙක් වගේ වැඩ කරන ඇමති බන්දුල!
අපේ අපේක්ෂකයා රනිල්... අපි තරම් වැඩ පෙන්නපු අය නෑ! - අකිල
Chat GPT යොදාගෙන බුදු දහම ලෝකයට ගෙන යන සැලැස්මක් ජනපති කියයි
ජනාධිපති මන්දිරයෙන් හමු වූ සල්ලි විනාශ වූ මන්ත්‍රීන්ගේ ගෙවල් හදන්න එකතු වුන ඒවා – ගෝඨා
සෞඛ්‍ය ඇමති කෙහෙළිය හොදටම කරයි.. රට පුරා රජයේ රෝහල් හිස් වෙයි
අපි තාමත් කරත්තේ - ගොන්නු කව්ද කරත්තේ?
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)
Sunday, July 9, 2023
බස්සා දුටු අරාබි නිසොල්ලාසයේ අඳුරු පැත්ත
"ඒ හුකාරිස් කොහෙද මාත් එක්ක" කියලා, අලිබාබා යවනවා ගැන්සියක් ලන්ඩන්. දනෝ දහක් බලාගෙන ඉදිද්දී, මහ දවාලෙම ඇයව පැහැරගෙන එනවා. UN, ජිනීවා, ලන්ඩන් ජෝනා, බයි-ඩෝං නෙවෙයි "මීක්" කිව්වෙ. දඞුවම - අද ඈ නිවාස අඩස්සියෙ. හපේ විතරයි -වැජිටබල්.
2018 පෙබරවාරියෙ, ඇගේ සොයුරිය ප්‍රින්සස් "ලතීෆා" ත් පැනගන්නව ඉන්දියාවට, බටහිර රටකට යන බලාපොරොත්තුවෙන්. ශ්‍රේස්ඨ ඉන්දියාව නං, කලේ කෙලින්ම විකුණුව එකයි කුමාරිව අලිබාබාට. ආයිත්, තවත් වැජිටබල් එකක් තමයි.
ඊලඟ බිල්ල ප්‍රින්සස් "හායා". ඈ ජෝර්දාන රජාගෙ නංගි. ජෝර්දානෙ නිසා ඇයට විලාසිතා කරන්න, ඉහලට ඉගෙන ගන්න නිදහස තිබ්බට ලව් කරන්න නම් නිදහසක් තිබ්බෙ නෑ. ඇගේ, රාජකීය නොවෙන හමුදා පෙම්වතා, "හදිසි අනතුරකින්" අභාවප්‍රාප්ත වෙනවා. ඔන්න ඊට පස්සෙ ඇයව, වයසක අලිබාබගෙ 4 වෙනි බිරිඳද කොහෙද විදිහට විකිණෙනවා.අපේ කතා නායක අලිබාබාට වයස වුනාට කොණ්ඩෙයි, රැව්ලයි කලුයි. කොණ්ඩෙයි, රැව්ලයි විතරමද ඇහැව්වා? ඒක නං හරියටම දන්නෙ නෑ ආයිබෝං. අපේ අලුත් මනමාලි හරි පැෂන්කාරි නිසා, අලිබාබාවත් දක්කගෙන ලන්ඩන් යනවා අස්පයො අල්ලන්න. කොහොමද ඉන්න උජාරුව, ටොප්හැට්, ටේල්කෝට් ඇඳලා. ලබ්බට කෝටු ගැහැව්වා වගේ නේද? ඒ මඟුලෙත් ආවුස කොටයි.
ප්‍රින්සස් හායා, ලමයි දෙන්නත් එක්ක ලන්ඩන් පනිනවා.£550m divorce settlement
ජෝර්දාන රජුගේ නංගි නිසාද කොහෙද, ඈ නම් බේරෙනවා. ප්‍රින්සස් හායා නඩුවෙදි කියනවා, ඇගේ දරුවන් අලිබබාගෙන් "බේරගන්න" ඕනෙ කියලා. මේ කතාව නියම තේරුමත්, කූඩු කරපු කුමාරිකාවොන්ගෙ සැබෑ තත්ත්වයත්, අදටත් අභිරහසක්. මේ කතා ටික, මේ ඛේදවාචකයෙ අවසානය නෙමෙයි. මෙයිට වැඩි විස්තර පහත වීඩියෝවෙ තියනවා.
මේ වීඩියෝවෙ දින, වකවානු නම් පටලව ගෙන තියනවා. 2018 පෙබරවාරියෙ පැනලා ගියේ ප්‍රින්සස් ලතීෆා. ප්‍රින්සස් ෂැම්සා පැන්නෙ 2000 දි, පවුලේ නිවාඩුවකට ලන්ඩන් ගිය වෙලාවකදියි. වීඩියෝව සාරාංශයක් ලෙස ගත්තාම ඕකේ. සමහර ආරංචි, මාලිගාවෙ හිටපු සේවකයන්ගෙ ප්‍රකාශ බැලුවාම, ඇත්තම කතාව මීටත් වඩා අඳුරුයි. ඒත් මෙහෙම හරි මේ කතාව කලාට, කතෘට අපි ස්තූතිවන්ත වෙන්න ඕනෙ.Tuesday, July 4, 2023
AliExpress, Temu සහ අටවන මාටින්ලා
මේ ඉන්නෙ "බිග් ක්ලයිව්". හතර රියන්, නෝ නොන්සන්ස් සුද්දෙක්, වගේම නොම්බර එකේ අටවන මාටින් කෙනෙක්. හරියට කිව්වොත්, "ඉත්තෑ අමාරුව" ආදායම් මාර්ගයක් කරගත්ත, "ගලවන මාටින්" කෙනෙක්. ලෝකෙ වටේම ඉන්න, එයාගෙ රසිකයො එයාට කැඩිච්ච බඩු එවනවා. එයැයි ඒව ගලවලා "පස්චාත් මරණ පරීක්ෂණය" පවත්වනවා. ඉලෙක්ට්‍රොනික්ස් වගේම ඉලෙක්ට්‍රිකල් ගැනත් ඔහුගේ දැණුම ඉතාම ඉහලයි. මේක විරල දැණුම් සංකලනයක්. ඔහු ඉලෙක්ට්‍රොනික්ස් පරිපථ "රිවර්ස් ඉන්ජිනියරින්" කරනවා වගේම, විදුලි පරිපථ වල ආරක්ෂාව ගැනත් උපදෙස් ලබා දෙනවා.අටවන මාටින් කෙනෙකුට නැතිවම බැරි ආයුධයක් වන "spudger" ගැන මම ඉගෙන ගත්තෙ ඔහුගෙන්. ඔහුගේ රෙකමදාරුව මෙන්න මේක: iSesamo . මීට වඩා ලාබ ඒව තිබ්බට, අනිත් එව්වා වගේ නෙමෙයි, මේ බ්‍රෑන්ඩ් එක කල්පවතිනවලු. දෙකම දෙකයි පනහයි, ෆ්‍රී ෂිපින් ඕඩරයක් මාත් දැම්මා.
අද කාලෙ ගැජමැටික්ස් ගලවලා තියන්න අය දන්නවා, දැන් ඇණ විතරක් දාලා එන බඩු නැති බව. දැන් වැඩි හරියක් එන්නෙ ප්ලාස්ටික් ටැබ් වලින් ලොක් වෙන එව්වා. සමහර එව්වා ගම් දාලා අලවලා, අනෙක්වා අල්ට්‍රාසොනික් ක්‍රමේට, ප්ලාස්ටික් වෙල්ඩ් කරලා. මේක කියාපු භාණ්ඩෙ එහෙම එව්වා ගලවන්න.
ඔය උඩ වීඩියෝවෙ තියෙන "රින්ග් ලයිට්" එක මමත් ගෙන්න ගත්තා. ඔය වගේම ලාබම එක තමයි ගත්තෙ. දහ අතේ වලිකෑව, කඩාගන්නෙ නැතුව ගලවන හැටි හොයාගන්න. බිග් ක්ලයිව්ට පිං දීලා, මමත් ඒක ගලවගත්තා.
ඔහෙලට කියන්න, කඩාගන්නෙ නැතුව යමක් ගලවන හැටි කියන්නෙ වෙනමම කලාවක්. ඇයි ෂෙකද? තුන්වෙනි පිංතූරෙ තියෙන්නෙ, මගේ එහෙම ගලවපු, මකබාස් වැඩක්. ටෝච් එකත් නැත, බෙරේ පලුවකුත් නැත.😒
මගේ රින්ග් ලයිට් එකේ ඉදිමිච්ච බැටරිය නං කෙලින්ම අරන් දානවා, USB පවර් එකෙන් දුවන්න.රීචාර්ජබල් බැටරි කොටස දානවද කියලා තීරණය කරලා නම් නෑ.
දැන් අලුත් ෂොපින් සයිට් එකක් තියනවා Temu කියලා. ෆ්‍රී ෂිපින් තිබ්බට " අවම 20" ක බඩු ඕඩර් කරන්න වෙන නිසා, බොහෝවිට අනවශ්‍ය, වැඩකට නැති බඩුත් ඕඩර් කෙරවෙන සම්භාව්‍යතාවයක් තියනවා, ඒත් බඩු නං ලාබයි. ෂිපින් දවස් 10 එනවා, පරක්කු වුනොත්, ගාණක් ආපිට ගෙවනවා. ඒත් ඉලෙක්ස්ට්‍රොනික්ස් කම්පෝනන්ට්ස් වලට AliExpress වගේ ලොකු සිලෙක්ෂන් එකක් නම් නෑ.
අවවාදය: ඔන්-ලයින් ෂොපින් ඇබ්බැහිවෙන සුළුයි, වගකීමෙන් කඩේ යන්න.
මම මේ ප්‍රොමෝට් කරන "අටවන-මාටින්" සංස්කෘතිය කියන එකෙන් අදහස් කරන්නේ, " සේෆ්ටි රූල්ස්" විහිලුවක් ලෙස සැලකූ "ඕෂන් ගේට්" ක්‍රමවේදය කියල වරදවා වටහගන්න එපා. ඇත්තටම මම අදහස් කරන්නෙ, ඒකෙ අනිත් පැත්ත - safety is no joke, take it seriously කියන එකයි.
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)
Friday, June 16, 2023
රැජිනගෙ ඉංග්‍රීසි සහ ටින්-ටින් සමඟ කෝපි සැඳෑවක්
අපි නොදන්න
Accent
ඉංග්‍රීසි අපේ මව් භාෂාව නොවන නිසා, අපි බොහෝ දෙනෙකුට "ඇක්සන්ට්"
එකක් තියනවා.ඒත් ඒ බව, යමෙක් අපට කිව්වොත්, අපි ඒකට එච්චරම කැමති නෑ.
ඒක අපි හිතන තරම් අවුලක් කියල මට හිතෙන්නේ නැත්තෙ ලන්ඩන් නගරය
ඇතුලතම, ඉංග්‍රීසි උපභාෂා කීපයක්ම තිබෙන බව අසා තිබෙන නිසයි. මේ
භාෂාවල "ඇක්සන්ට්" එකට අමතරව, ඒවාටම ආවේනික යෙදුම්( Dialect)
තිබෙන බවත් අසා තිබෙනවා.
සුද්දන්ටත් උන්ගේම ඉංග්‍රීසි තේරුන්ගන්න ඔච්චර අමාරු නං, අපි ඒ ගැන එච්චර
හිතන්නෙ ඕනෙ නෑ කියලයි මට හිතෙන්නෙ. අනික සල්ලි දැක්කාම සුද්දගෙ ඉංග්‍රීසි
වුනත් නැමෙනවාලු.
ඔය අරාබියො, ඉංග්‍රීසී නම්-ගම් කියවන කොට තමයි ලස්සන.ඔන්න. මම මැද පෙරදිග
රස්සාව කරද්දි, දවසක් මොකක්ද ටෙනිස් ගේම් එකක් බලනවා. කමෙන්ට්‍රිය දෙන අරාබියා
"බරබරා, බරබරා" කියනවා. බැලින්නං ඒ කියල තියෙන්නෙ "බාබරා" කියන එකයි. ඒත්
පිටරටවල ඉගෙන ගත්ත, අරාබියො හොඳින් ඉංග්‍රීසි උච්චාරණය කරනවා.
ජැප්පො ඉංග්‍රීසි නම් කියන කොටත් එහෙම තමයි. ඒත් උන් ඒක කියන විලාසයෙ මාර
ගතියක් තියනවා. මම ඒකට කොච්චර කැමතිද කියනවා නම්, ජැපනීස් ෆිල්ම්ස් වල මම
කරන්නෙ, ඉංග්‍රීසි සබ් දාගෙන, ජපන් ඕඩියෝ අහන එකයි.
නානාප්‍රකාර ජාතීන් ඉන්න, මේ සාවියෙදි මට නං ඔය ඇක්සන්ට් ප්‍රශ්ණය ඒ හැටි ඇඟට
දැනිලා නෑ. ඇක්සන්ට් එකට, නොතේරුම්කමට මෙහෙ කිසිකෙනෙක් හිනාවෙන්නෙ නැති නිසා
වෙන්නත් ඇති. නොතේරුනොත්, ආයෙ අහන්නත් කිසි අවුලක් මෙහෙ නෑ. වැඩි හරියක් යැංකි
යෙදුම්, ඉඩියම්ස් තමයි මෙහෙ භාවිතා වෙන්නෙ. මෙහෙටම ආවේනික වෙච්ච යෙදුම්
තියෙන්නෙ ටිකයි.
| පොප් | සෝඩා | |
| ගෑස් ස්ටේෂන් | පෙට්‍රල් ෂෙඩ් | |
| ලූනි, ටූනි | ඩොලරය, ඩොලර් දෙක | |
| ඩබල් ඩබල් | සීනී 2, කිරි 2 දැමූ කෝපි | |
| බේගල් | හයිය බනිස් ජාතියක් (ටෝස්ට් කර, බටර් උලා ජෑම් ගාගත් විට මසුරංය) |
අපේ එපාර්ට්මන්ට් එකෙත් ඉන්නවා රතු ඉන්දියන් සම්භවයක් තියෙන හාදයෙක්. මල් ඔතන්න
දෙයියා වුනාට හරිම අහිම්සක පොලිස්, කාටවත් කරදරයක් නෑ. මලක් ඇදලා, ගිටාර් පාරක්
ගහලා දැහැනට සමවදිනවා විතරමයි. පෙනුම පිල්ලෙකුට සමානයි. අපේ හෝතම්බුවා, ඌට
කියන්නෙ "ආදිවාසියා" කියලයි. ඉතිං මේ ආදිවාසියා තමයි මට "ඉන්ඩියන් සමර්" එක ගැන
කිව්වෙ. එහෙන් මෙහෙන්, අකලට වහින සමර් එකට තමා එහෙම කියන්නෙ.
පිටිසර ගමක හැදුනු බස්සට, ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුව ඇති කල හාදයෙක් පන්තියේ
හිටියා. ඉංග්‍රීසි ටිකක් ගොඩදාගත්තොත්, වෙනම ලෝකයක් විවර වෙන බවත්, පාසැලේ
ඉංග්‍රීසි පාඩමෙන් එය නොකෙරෙන බවත් ඔහු කිව්වා. මලලසේකර ශබ්දකෝෂය ගන්නට වත්කමක්
නොතිබුණ නිසා, ඊට වඩා ලාභ ශබ්දකෝෂයක් අරගෙන, ලොකු අකුරු සහ තඩි පින්තූර තිබ්බ,
ඉංග්‍රීසි ලමාකතා වලින් පටන් ගත්ත, බකුසු ඉංග්‍රීසි පාඩමට "ටිංටිං" එහෙමත්
සෑහෙන සපෝට් එකක් දුන්නා.
මුලින්ම ප්‍රංශ භාෂාවෙන් ලියවුනු "ටිංටිං" පොත් ඉංග්‍රීසියට පෙරලීම, සෑහෙන
අමාරු කටයුත්තක් වුන බව කියැවෙනවා. එහෙම වෙන්නේ, සමහර ප්‍රංස විහිලු ඒ ආකාරයටම
ඉංග්‍රීසියට පෙරලුවාම, ඒවා නිකම්ම නිකං හිස් වදන් වෙන නිසාලු. පහල වීඩියෝවෙ
20:17 ටයිම්-කෝඩ්
එකේ, ඒ විස්තරය තියනවා.
මේක මරු ඩොකියුමෙන්ට්‍රි එකක්, ටින්ටින් පිස්සොන්ට නං ඔක්කොම බැලුවත්
වටිනවා. ලොව පුරා "ටිංටිං" සෑහෙන භාෂා ගාණකට ( බෙංගාලි වලට පවා) පරිවර්තනය වුනත්,
එය සිංහලට පරිවර්තනය නූන එකම හොඳයි කියල වෙලාවකට හිතෙනවා. හ්ම්....බුබුලු නගින
බෙලිකටු
අද ඉංග්‍රීසි ඉගෙන ගන්න, එච්චරම කට්ටක් කන්න ඕනෙ නෑ, ශබ්දකෝෂ ඔන්ලයින් තියනවා,
ඇට-හුටාමාරක් වීඩියෝ තියනවා. නැත්තෙ, ඒකාලෙ අපට තිබ්බ උනන්දුවයි, කට්ටකාල ගත්ත
ප්‍රතිඵල නිසා අපට ලැබුන ආතල් එකයි වෙන්නත් ඇහැකි. ඉංග්‍රීසි දැණුම නිසා, වෙනම
ලෝකයක් විවර වීම කෙසේ වෙතත්, තියෙන ලෝකයේ සීමාවල් පුළුල් වෙන බව නං ඇත්තයි.
ඉංග්‍රීසි ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගන්නවා - පුවතක්
හා! ( ලංකාවෙ "නිදහස්" අධ්‍යාපනයෙ වගේම සෞඛ්‍ය සේවයෙත්
තියෙන්නෙ Two-tier system එකක්)
ආ යූ ඕකේ, අ යු ඕකේ ෆොනී
යූ විල් හිට් බයි ස්මූ...ත් කිරිමිනෙල්
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)
Thursday, June 8, 2023
ඇමරිකාවේ අවසාන නාසි යුධ සිරකරුවා
අපේ කතා නායකයා, ජෝර්ජ් ගාට්නර්(Georg Gärtner) ඇමරිකාවේ සිටි නාසි යුධ සිරකරුවෙක්. ජෝර්ජ් පැනලා ගියේ යුද්දෙ ඉවර වුනාම නිසා ඒකත් වරදක් නෙමෙයි. හොරෙන් ඇමරිකාවෙ හිටියයි කියන්නත් බෑ, ජෝර්ජ් ඇමරිකාවට ගෙනාවෙ, එයාගෙ කැමැත්තෙන් නොවන නිසා. ජෝර්ජ් යුධ අපරාදකාරයෙකුත් නෙමෙයි. තමන්ගෙ රට වෙනුවෙන් යුද්ද කල තවත් සොල්දාදුවෙක් විතරයි. හැංගිලා හිටිය අවු 40 කිසිම වරදකට අහුවෙලත් නෑ. ගොනු කරන්න චෝදනාවක් නැති නිසා FBI එක ජෝර්ජ්ව නිදහස් කරනවා.
සිර කඳවුරෙන් පනින්නෙ හොඳට ප්ලෑන් කරලා. පැනලා කඳවුර ලඟින් ඉබ්බ වේගෙන් යන බඩු කෝච්චියක එල්ලෙනවා.
අවු 40ක් බලධාරීන්ට අසුනොවී ඉන්න, ජෝර්ජ් පාවිච්චි කරල තියෙන්නෙ සරල උපක්‍රමයක් - ඇනෝනිමස් භාවය. මෙලෝ යකෙකුට, තමන් කව්ද, තමන් ගෙ අතීතය කිව්වෙ නැති එක. කසාදයක් එහෙම බැඳගෙන, දන්න කරුමාන්තයක් කොරගෙන හිටිය අහිම්සක ජෝර්ජ්ට කෙලෙව්ව කවුරු කියලද හිතෙන්නෙ? අවු 40 ක් හැංගිලා හිටිය ජෝර්ජ් බලධාරීන්ට භාර වුනේ ඇයි කියන එක අනුවේදනීය කතාවක්. ඔව්, ඔව් ගෑනියෙක් තමයි. ඔය ඇමරිකන් ඩොටේ ගෑනු ඉන්නව නේද? හරියටම මේ අපේ ඇනෝල වගේමයි. ඕන්නැති මල හත්තිලව්වක් නෑ, මුළු පැටිකිරියම දැණගන්න කං නින්ද යන්නෙ නෑ.
ජෝර්ජ් කොච්චර හොඳ සැමියෙක් වුනත්, උන්දැගෙ මායියට ඉවසිල්ලක් නැති වෙනවා, ඇයි මූ මට පැරණි රසාංග නොකියන්නෙ කියන එක. ගෑණි තර්ජනය කරනවා. අපේ ජාතියෙ පොරක් වෙච්ච ජෝර්ජියා නෙමෙයි සැලෙන්නෙ, කෝටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙනම ඉන්නවා, කට නොඇරම. ඒ වංගියෙ ගෑණිට මල පැනලා, ඇඳුම් පැක් කරගෙන ගෙදරින් යනවා. ජෝර්ජ්ට සංසාරෙම එපා වෙලා පොලෝසියට බාර වෙනවා. නෑ, එහෙම්ම නෙමෙයි වුනේ, කතාව හරියටම දැන ගන්න, වීඩියෝ එක බලපල්ලා. මට බෑ ඔක්කොම පරිවර්තනය කරන්න.
අවුරුදු ගාණක් අනුන් ගෙ රටක හිටියාම, ඒකට ඇබ්බැහි වෙන ගතියක් තියනවා . පස්සෙ, උපන් ගම-රට වන, සමාජවාදී නැගෙනහිර ජර්මනියට ගිය ජෝර්ජ්ට තේරෙනවා, තමන්ට එහි ජීවිතයක් නැති බව. දික්කසාද වුනු බිරිඳගේ, කලින් කසාදෙ දරුවන් ගෙ දරුවොත්( ඔව්, එහෙ ඒම තමයි) ඔහුව සලකන්නෙ තමන්ගෙම සීයා ලෙස. ඒ කිසිම දේකින් ඔහු වැටුන බවක් පේන්නෙ නෑ. පලාතේ ජර්මන් කතාකරන මිතුරන් සමඟ සමාජගත වෙමින්, ඔහුගේ විනෝදාංශය වන චිත්‍ර අඳිමින් ජීවිතය ගතකරනවා. බොහොම පරක්කු වෙලා, අවසානෙදි ඇමරිකාව ඔහුට පුරවැසිකම පිරිනමනවා 2009 දී. ඒත් 2013 දී වයස අවු 92 ආයු වළඳලා ඔහු මියයනවා. RIP Georg.
උපත - 1920, විපත - 2013
ඔන්න ඔහොමයි පිංවතුනි, ගෑණියෙක් අහිම්සකයෙක්ව නැති කලේ. දැන් තේරෙනවා නේද අපි හැංගිලා ඉන්නෙ, ලිස්සලා යන්නෙ ඇයි කියලා?
Disclaimer: I may have butchered his German name. Apologies Mi'Lords. On the hindsight, if Americans can do that......
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)
Saturday, May 20, 2023
මීයා මලා
ඊළඟ පියවර
දැන් මෙහෙම එකක් වුනාම, සාමාන්‍ය බකුසු ප්‍රොටෝකොල් එක මීයා මස් කරන එකයි. ගූගල්ගෙන් ඇහැව්වාම කිව්වෙ, මයික්‍රො ස්විච් එක මාරු කරන්න කියලයි. ඒක පිලිගන්න ඇහැකි, ලොජිකල් තර්කයක් කියල හිතෙනවා. කොන්ටැක්ට් ක්ලිනර් වලින් මයික්‍රො ස්විච් එක ක්ලීන් කිරීම වගේ විසඳුම්, බොහෝ විට තාවකාලික වෙන්න ඉඩ තියනවා. මිඩ් රේන්ජ් මීයෙක් වෙච්ච, මේ Logitech MX518 වැනි මීයෙක්, අකාලයේ අභාවප්‍රාප්ත වීම, කලකිරෙන සුලු හේතුවක්. ඒ නිසාම, ඕන පාං බාගයක් කියලා, චීනෙන්ම මයික්‍රො ස්විච් පහක්ම දෙකයි පනහයි ඕඩරයක් දැම්මා.
සහයට ඩැනී - G 305
හවුස් බස්තියන් වල මීයන්ගෙන් හිඟයක් නෑ. බකුසා, සේල් කාක්කා. ඩීල් එකක් දැක්ක ගමන් කොටන්නෙ උඩ පැනලා. එහෙම ගත්ත ඩීල් මීයෙක් තමා දැනට පාවිච්චියට ගත්තෙ . දෙවනි පිංතූරෙ නැට්ට කොටාට හේත්තුව දාගෙන ඉන්නෙ ඒකා තමයි. ඒත් මගේ පරණ නැට්ට ඇති මීයාව මිස් වෙනවා. ලොගො එකේ සායම යනකං, අපි දෙන්නා එක්ක කොච්චර කොටන්න ඇද්ද? හිටින්, චීන බඩු ආපු ගමන් මම උඹව ගොඩ දානවා.
බ්ලොග් ලෝකේ සැරිසැරුවේ අපි එකටවැටක් ගහල ලිස්සුවෙ බං අපි එලට
ඇයි මස්සිනේ , ටෝ මැරුනේ අකාලෙට
කඩවුනු පොරොන්දුව
තව මීයෙක් ( Logitech touch T400) : අනේ පලයං බස්සො යන්න. උඹ ඔහොමම තමයි මටත් කිව්වෙ. දැං බලපං, මාව වලදාලා අවුරුදු කීයක්ද? කෝ හැදුවද?ඔහෙලට කියන්න, වැඩි විච්චූරණ නැතුවට, ඔය T400 හරි අපූරු මවුසා. ස්ක්‍රෝල් වීල් එක වෙනුවට තියෙන්නෙ ටච් ස්ට්‍රිප් එකක්. මම ගොඩගන්න උත්සාහ කලා. ඒත් වැඩේ ජෝන් බාස්ට ගියා.
වෑල්ඩිං බාස්
අපි හැමෝම හිතනවා මෙහෙම: අපෝ soldering මහ කජ්ජක්ද? ගත්තා බවුත් එකයි, ඊයම් රෝලයි. රත්කලා එබුවා , එච්චරයි නෙව?
මාත් හිතුවෙ එහෙමම තමයි. ඒත් micro soldering ඊට වඩා අමාරුයි. මවුසගෙ PCB එකේ තියනවා තඩි ground plane එකක්. ඒ නිසා හොඳ heating mass එකක් තියෙන, ටිකක් හොඳ බවුත් එකක් ඕනෙ. හොඳ බවුත් එකක් ඕනෙ, ground plane උරා ගන්න තාපය, ඉක්මනට සමතුලිත කරන්න. ඕනවට වඩා බවුත් එක රත් කරලා ඒ වැඩේ කරන්න බෑ, වැඩි රස්නෙට PCB pad ගැලවෙනවා.
අනික ඔය කාලෙ, මම soldering වල wetting action එකේ වටිනාකම දැනගෙන හිටියෙ නෑ. කතාවට කියනවා, ආධුනික සහ පලපුරුදු පාස්සන්නන් අතර වෙනස flux කියලා. ඊයම් වාතය නිරාවරණය වෙලා තත්පර ගානක් ඇතුලත, වාතයේ ඔක්සිජන් එක්ක ක්‍රියාකරල ඔක්සයිඩ ස්ථරයක් හදනවා. මේ ඔක්සයිඩ ස්ථරය තාප සන්නයනය බ්ලොක් කරනවා. පාස්සන කොට, ජොයින්ට් එක flux වලින් නාවන්න ඕනෙ ඒක වලක්වගන්නයි.
බොහෝ ඊයම් රෝල් වල එන කම්බිය ඇතුලෙ flux ටිකක් තියනවා. බොහෝ අය හිතනවා, ඒ මඳෑ කියල. තව අය රත් වෙච්ච බවුත් එක flux ටින් එකේ ඔබල ගත්තාම ඇති හිතනවා. ඒ එකක්වත් හරි ක්‍රමය නෙමෙයි. මොකද, පෑස්සිල්ල වෙනකොට flux වාෂ්ප වෙලා ඉවරයි. ඇත්තටම පෑස්සිල්ල වෙන්න ඕනෙ, flux දියරය ඇතුලෙ. එතකොට තමයි, ඩ්‍රයි ජොයින්ට් නැති වෙන්නෙ. ඊයම් සහ තඹ අතර සීමාවෙ, මිශ්‍ර ලෝහයක් හැදිලා, බන්ධනය ශක්තිමත් වෙන්නෙ.පාස්සන්න flux මහෝපකාරී වුනාට,පෑස්සිලෙන් පස්සෙ ඒක එහෙම තියෙන්න අරින්නත් බෑ. පෑස්සුවට පස්සෙදී, මුලදී වාතයක් වුන ඔක්සයිඩ ස්ථරය ආයෙ ඕන වෙනවා. ඒක තමයි, එක දිගටම ඊයම් ටික ඔක්සයිඩ් වෙන එක වලක්වන, ජොයින්ට් එකේ ආරක්ෂක පටලය. flux තියෙන්න ඇරියොත්, උන්දෑ වැඩ පටන් ගන්නවා - ඉස්සෙල්ලම flux, ඔක්සයිඩ පටලය කනවා, එතකොට, යටින් තියෙන ඊයම් නිරාවරණය වෙනවා. ඒක ආයෙ වාතයේ ඔක්සිජන් එක්ක ක්‍රියාකරල ඔක්සයිඩය හදනවා. ආයෙ flux ඒ පටලයත් කනවා.....
මතක ඇතුව, අවසානයේ අයිසොප්‍රොෆයිල් දාලා ජොයින්ට් එකේ flux ඉවත් කරන්න ඕනෙ ඒ නිසයි. මෙන්න, පෑස්සීම ගැන පොඩි වීඩියෝවක්:
වැරදුනු කුරුමාණම
වැඩි දෙනෙක්, යමක් කැඩුනාම ඒක විසි කරලා අලුත් එකක් ගන්න එක නාස්තියක් හැටියට දැකපු මට, දැන් ඒ ගැනත් ආයෙ හිතන්න වෙලා තියනවා.
පස්චාත් මරණ පරීක්ෂණයක්:
ඔය ඉන්නෙ මවුසා මෝචරියෙ එම්බාම් එකට දාලා. කට කපල "ටිකිලා" සොට් එකයි දුන්නෙ, Hallelujah! සියලු රෝග සනීපයි, ආයෙ මොනවද, බොක්සරයා පිරිත්පැන් බිව්වා වගේ තමා?
මවුසා ගැලෙව්වාම, ඇතුලෙ තිබ්බ දූවිලි බෝලෙ හැටිය, අනුමාන කරන්න ඇහැකි micro switch එකට රිංගපු ඉතා කුඩා දූවිලි අංශු, කොන්ටැක්ට් එක මත කාබනීකරණය වෙන්න ඇති කියලා. නිකං මොකටද ඉල්ලං කන්නෙ කියලා, micro switch එක නං ඇරියෙ නෑ. micro switch එකට ඇල්කොහොල් ඉන්ජෙක්ෂන් එකක් තමයි දුන්නෙ. දැනට ආපදාවක් නෑ, ලෙඩේ සනීපයි.
ඔපරේෂන් මල්ලෙ-පොල්:
ඇත්තම රෙපයාර් එකට යන්නෙ විනාඩි 5. ඒත් මං මේ අවවාදයක් විදිහටයි කියන්නෙ, අනවශ්‍ය රිබන් කේබල් ගලවන්න නං යන්න එපා. කරුමෙට කකුල් අටයි කියලා, කනෙක්ටරේ ප්ලාස්ටික් කෑල්ලකුත් ගලෝගත්තොත්, තව පැය බාගයක් එකතු කරගන්න, ඈ? සාමාන්‍යයෙන් රිබන් කේබල් එකක් ගලවන්නෙ, ලොක් වෙන ප්ලාස්ටික් කෑල්ල පොඩ්ඩක් ඉස්සරහට ඇදලා. කොයි පූසිගෙ පුතාද යකෝ, ඒක පියන වගේ ඇරෙන්න ඩිසයින් කලේ? $#@*****...😡
යූ-ටියුබ් එකේ තියෙන විදිහට, ස්ටොක් Omron switch ඔය ඩබල්-ක්ලික් ලෙඩේට කුප්‍රකටයිලු. ස්ථීර විසඳුමක් විදිහට, මම ආයෙ kailh GM 2.0 ස්විච් දෙකක් ඕඩර් කලා.
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)










:max_bytes(150000):strip_icc()/__opt__aboutcom__coeus__resources__content_migration__serious_eats__seriouseats.com__recipes__images__2017__01__20170127-bagels-vicky-wasik-2-a2f8b4b04ba74902955c323cfc9df695.jpg)




