CPU එකේ පින් තියෙන AMD වගේ නෙමෙයි, ඔය Intel socket එක අන්තිම නරක ඩිසයින් එකක්( ද? *). සොකට් එකේ තමයි පින් තියෙන්නෙ. ඒ පින් එසේ මෙසේ ඒව එහෙම නෙමෙයි. අල්ප දයන්න වගේ ඇලේට තියෙන ලෝහ පතුරක කෙලවර නැම්මක් තියනවා. ඒ නැම්ම ගිහින් CPU එකේ තියෙන, අදාල පැතලි කන්ටැක්ට් ප්ලේට් එකත් එක්ක ස්පර්ශ වෙනවා.
සාමාන්‍ය Intel සොකට් එකක පින් දාස් ගාණක් තියනවා. ඊට අමතරව CPU වෝල්ටේජ් එක 1.0V වලට වඩා අඩු නිසා 165W වගේ cpu එකක් උපරිම ධාරිතාවෙන් වැඩකරන කොට, සමහර පින් හරහා සෑහෙන ඇම්පියර් ගානක් ගමන් කරනවා. ඒ වගේම ඩේටා ස්පීඩ් එක 3.8 GHz විතර වෙනවා. හැම පින් එකක්ම, නියමාකාරයෙන් ස්පර්ශව තිබීම වැදගත් වෙන්නෙ ඒකයි.Intel socket එක, කොහොමත් නැවෙන, තැලෙන, ඇදවෙන පින් වලට ලෝක ප්‍රසිද්ධයි. හරි, අපි හිතමුකො පින් වලට හානි වෙන එක, භාවිතා කරන්නගෙ වරද කියල. එක පින් එකක්වත් නමා නොගත්තත්, කතාව එතනින් ඉවර වෙන්නෙ නෑ. CPU එකෙන් එලියට, නියමාකාරයෙන් හීට් ට්‍රාන්ස්ෆර් වෙන්න, CPU cooler එකේ ඉස්කුරුප්පු ඇණ හතර, බැලන්ස් වෙන විදිහට, අඩුත් නැතුව, වැඩිත් නැතුව තද කරන්න ඕනෙ. මේක කරන්න කිසිම මාපකයක් නෑ, හිත් සෝදිසියට තමයි කරන්න වෙන්නෙ. එහෙම කලා කියමුකො. ඒත් කතාව තාම ඉවර නෑ.
මේ පින් සහ කන්ටැක්ට් වල රන් ආලේප කරලයි තියෙන්නෙ, වැඩි කල් පැවැත්මට. ඒත් යන එන අධික ධාරාව හෝ වේගය නිසා කල් යනකොට (වාතයෙ තියන දූවිලි අංශු, අධික ධාරාව නිසා කාබනිකකරණය වීම වෙන්න ඇති) මේ කන්ටැක්ට් පොයින්ට්වල කාර්‍යක්ෂමතාවය හීන වෙනවා. CPU රත්වීම-සීතලවීම(thermal cycle) නිසා ඇතිවන thermal stress එකත්, කන්ටැක්ට් පොයින්ට්වල වගේම තර්මල් පේස්ට් එකෙත් කාර්‍යක්ෂමතාවයන් හීන වෙන්න බල පානවා ඇති.
මේ ගැන සමහර විස්තර මෙතන තියනවා. Intel socket එකේ ක්‍රියාකාරිත්වය සහ ගැටළු ගැන විස්තර ටිකක් මෙතන තියනවා.
මේ වීඩියෝවෙ තියන හැම දෙයක්ම, මගේ රජකාලෙ CPU එකට අදාල නූනත් මූලික දේවල් හැම Intel CPU එකකටම පොදුයි. මට වුනේ, හිටපු ගමන් සම්පූර්ණ ස්ක්‍රීන් එකම තත්පර ගාණකට ෆ්‍රීස් වෙන එකයි. යම් උපාංගයක් සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වෙනකොට වගේ නෙමෙයි, මේ වගේ ලෙඩ සංකීර්ණයි. ඒ එකම ලෙඩේට හේතු ගණනාවක් තියෙන්නෙ පුළුවන් නිසයි.
වැරදි මාර්ග ගණනාවක් පස්සෙ දුවල, දුවල හති අරින කොට, OCCT එකෙන් දැක්කා සමහර ප්‍රොසෙසර් core වල උශ්ණත්ව වෙනසක්. ඒක රෙඩ් ප්ලෑග් එකක්. සාමාන්‍යයෙන් ඒවා ලඟින් යන අගයන්වල තියෙන්නෙ ඕනෙ.
වාසනාවට මගේ ලාබ vetroo v5 cooler එකේ ස්ප්‍රින් ලෝඩඩ් මවුන්ටින් සිස්ටම් එකක් තියනවා. ඒකෙන් සෑහෙන දුරකට බැලන්ස් ප්‍රෙෂර් එකක් CPU ඩයි කවර් ප්ලේට් එකට ලබා දෙනවා. ඒ නිසා තට්ට සෑර්ලා, හැට්ටරේලා ඇන්ජින් සීරු-මාරු කරන නිවැරදිතාවයට වැඩේ කරන්න ඕන වුනේ නෑ. දැනට වරුවක ටෙස්ට් රන් එකක් යනවා. තාම නං අවුලක් නෑ.
මේ තියෙන්නෙ දැන් core temp තියෙන හැටි. 100% සහතික වෙන්න බැරි වුනත්, තාම හිරවෙන, කහින ලෙඩේ ආවෙ නං නෑ. උන්න හැටියට මලා මඳැයි, නේද?






_(13982557487).jpg)



