ඔහෙලා දන්නව නෙව දැන් මොබයිල් වල ඉස්සර වගේ ලේසියෙන් බැස්ටි මාරු කරන්න බැරි බව. ඒත් ගෙන්න ගත්ත බැස්ටිය දකිනකොට වරදකාරී හැඟීමකුත් එනවා. නෑ මං අහන්නෙ, බැස්ටියක් මාරු කරගන්න බැරි බස්සෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද, නේද?
ඒත් බැස්ටිය මාරු කරන්න හිතෙනකොටම "දැන් මොකටෑ ඔහේ ඕක ගැලෙව්වෙ, ඇයි ඉත්තෑ අමාරුවටද" කියල කව්දෝ අහනව මැවිල පේනවා.
ලොකු අවුලක් නැතුව බැක් කවර් එක ගලෝගත්තා. ෆින්ගර් සෙන්සර් කේබල් එකත් පරිස්සම ගැලෙව්වා. පරණ බැස්ටිය, කෝටුවෙ ගිය ඉබ්බා වගේ, දත කාගෙන අයින හපාගෙනම ඉන්නවා. හෙලවෙන්නෙවත් නෑ.
මම නිතර දකින මේ වගේ නිවුස් නිසා, පරන වුනත් ලිතියම් බැටරි වලට ගවුරවයෙන් සලකන්න ඕනෙ බව දැන ගෙන හිටියා. නවන්න, අනින්න බෑ. අඞු-පඞු වලින් අදින්න බෑ. රත් කරන්න බෑ.
ඒ වංගියෙ, ප්ලාස්ටි ප්‍රයින් ටූල් එකක් ආධරයෙන් යාන්නත් බැටරියෙ පැත්තක් උස්ස ගත්තා. ඊට පස්සෙ යහමින් අයිසොපොර්ෆයිල් වඩියක් පොවලා කාරිය, වදෙන් පොරෙන් පරණ බැටරිය ගලව ගත්තා.
අලුත් බැටරිය දැම්මා. ආයෙ ඒකත් එක්ක ආව, ගම් ස්ටිකර් ඕන වුනේ නෑ. පරණ එකෙන් ඉතිරි වෙච්ච ටික වැඩියත් එක්ක සෑහුනා. එහෙන් මෙහෙන් සර්කිට් බෝඩ් වලට විසිවෙලා තිබ්බ අයිසොපොර්ෆයිල් බිංදු වලට "පුහ්" ගාලා කටින් පිඹලා, දෙයියන්ට පිං දීලා මොබයිල් එක ඔන් කලා.
මුලදී ඒ හැටි අවුලක් තිබ්බෙ නෑ. ඒත් ස්ක්‍රීන් එක යටින් සිතියමක් වගේ පැල්ලමක් මතු වෙන්න ගත්තා. ඊට පස්සෙ ස්ක්‍රීන් එක
ගැහිලා........ගැහිලා..................ගැහිලා.............................................මලා. ආ, මැරෙන්න කලින් එයාම හතර වටේටම කෝල් කීපයක්ම ගත්තා. පොලෝසියට මන්දා?
මාගේ නිගමන සහ නූගත් උගත් පාඩම්:
1. 50% අයිසොපොර්ෆයිල්වල බාගෙට, බාගයක් තියෙන්නේ වතුරය.
2. දෛයන් මොබයිල් රෙප්‍යාර් කරන්නේ නැත.
3. "ඩොලර් ඉස්ටෝරුව" මොබයිල් රෙපයාර් බඩු ගැනීමට හොඳ තැනක් නොවේ.( වටේ පිටේ කිසිම තැනක් 99.99% අයිසොපොර්ෆයිල් නැත. ගිණිගන්නා සුළු නිසා විය හැක.
4. මොබයිල් වතුරට අකමැතිය. නාන්න නං කොහොමවත් කැමති නැත.
5. මලකඩ කෑම ( corrosion ) යනු රසායනික ප්‍රතිකිරියාවකි. බැටරි විදුලිය එයට උත්ප්‍රේරකයකි. ෆෝන් එක "ඕෆ්" කිරීම යනු සම්පූර්ණ බැටරි විදුලිය විසන්ධි කිරීමක් නොවේ.
6. අවුරුදු 5ක් වයස වුවද, ඇන්ඩ්‍රොයිඩ් 10 දිව්වද, WiFi 5GHz, LTE, biometric, fast charging ඇති 4Gb/64Gb Redmi Note 7 තාමත් අපූරු මොබයිලයකි.
7. මොබයිල් රෙප්‍යාර් යනු වෘතීයමය රැකියාවකි. සුපියල් 20-30 මොබයිල් කඩේ චීනාට දුන්නා නං , අද මේ දුක විඳින්නේ නැත. ඒත් එහෙම වුනා නං මට ලියන්නට පෝස්ට් එකකුත් නැත..නඩු භාණ්ඩ - Exhibit A
අද ඕඩර් කරපු බඩු ආවා. රුපියල් 12 කට, Touch screen සහිත සම්පූර්ණ LCD මුහුණතක් දෙන්නේ කෙසේද කියා මා දන්නේ නැත. ඒකටම ඇල්කොහොල් වයිප් සහ ප්‍රොටෙක්ෂන් ග්ලාස් එකක්ද ඇතුලත් වී තිබුනි. මේ දිනවල චීනයේ මොබයිල් දන්සැලක් පවතිනවා විය හැක.ඊලඟ පිංතූරයේ ඇත්තේ. බැක්-ලයිට් කොන්ට්‍රෝල් IC වැලකි. සංසංදනයට තබා ඇති, පොල් උලක් මෙන් පෙනෙන්නේ ඉඳිකටුවකි. වාසනාවට ඒ IC එකට හානියක් වී තිබුනේ නැත.රෙප්‍යාර් කල මොබයිලයා ගිණිකසයා සේ වැඩය. ඒත් තාම ගම් දමා අලවා නැත. පවර් ඔන් ලෝගො එක දැක්කාම, බාප්පව දැක්ක වගේ සතුටක් ආවා.
මොබයිල් එක නැති කාලෙ මට දැණුන දෙයක් තමයි, අපි තාක්ෂණය මත කොතරම් යැපෙනවද කියන එක. තාක්ෂණය මඟින් මිනිසෙක්ගේ පැවැත්ම මකවලා දාන්න හැකි දිනය වැඩි ඈතක නෑ කියලත් හිතෙනවා.මෙන්න මේකත් ලාභ වුනත් මයික්‍රො-සොල්ඩරින් වලට සුපිරි භාණ්ඩයකි. සේල් වෙලාවෙ ෆ්‍රී ෂිපින් එක්ක රුපියල් 40 කට තිබ්බා.
චීනා බුදු වේවා!









