Thursday, July 14, 2011

රෑ වැඩමුරය අවසන් වන කනිසමට....

මේ දවස්වල මගේ ලෝකෙට පායපු සඳත් බැහැල ගිහින්. හරියටම කියනවා නං, කලු වලාවකින් වැහිලා. සමහර වෙලාවට අපිට තියෙන දේවල අගය තේරෙන්නෙ, ඒවා තවදුරටත් අපි ලඟ නැති උනහම නේ. හැමදාම ආදරේ ගැන, නැත්නම් විරහා ගීත ගැන කියන හින්දා, අද මට හිතුනා වෙනස් දෙයක් ගැන ලියන්න.කවදාවත්ම නිදා නොගන්න මේ කාර්මික නගරයේ රෑ වැඩ මුරය කියන්නෙ , මට අමුතු දෙයක් නෙමෙයි. ඒත් මේ මගේ පැල් ‍රැකිල්ල ගැන කතාවක් නෙමෙයි.

මේ අපේ අයියලා "ගාමන්ට් කෑලි" කියලා "ආදරයෙන්" හඳුන්වන, ඉඳලා හිටලා පඩිය සොච්චමක් වැඩි කරලා ඉල්ලුවාම , පොලිස් බැටන් වලින් කෘතගුණ සලකවන, ඒත් රටේ විදේශ විනිමයෙන් වැඩිකොටසක් ලබාදෙන, සන්නාලියන්ගේ කතාවයි....

අහන්න මහතුනි, අපේ කාලයේ කුමාරිකාවන්ගේ කඳුළු කතාව....

Sunday, July 10, 2011

Waiting For You.......

බස්සා බෙනේ තනිවෙලා හඳවල් කාලක් විතර උනා නෙව. ඒ මදිවට මෙහේ කණ පැලෙන්නෙ රස්නෙ. ඒ අවුවස්සෙ හෙම්බත් ගහපි. ඔහෙලට කියන්න, ලොක්කා, ජීවිතේ මෙලෝ රහක් නෑ, ඕං. බස්සා Iced Capp බීලා බැලුවා, කිරි කෝපි , milk Chocolate එක්ක ගහලා බැලුවා , මොන? ඒ තියා සුමිහිරි පානේට චෙරි ගෙඩි දෙකක් දාලා ගහලත් බැලුවා, ම්හු..ඒත් වැඩක් වුනේ නෑනෙ?

ජීවිතේ මොකක්දෝ අඩුවක් දැනෙනවා. මොකක්ද මන්දා?

Oceans apart, day after day

And I slowly go insane

I hear your voice on the line

But it doesn't stop the pain

Wherever you go, whatever you do

I will be right here waiting for you

Whatever it takes or how my heart breaks

I will be right here waiting for you

I wonder how we can survive, this romance

But in the end if I'm with you, I'll take the chance

Saturday, July 9, 2011

අරලිය ලන්ඳට..හඳ පායන කොට

අරලිය ලන්ඳට..සඳ පායන කොට

තනියෙන් සනි දින .. ෂොපින් කරනා විට

කොම්පීතරයට- මං නියවන කොට

ඔබ ගැන සිහිවෙනවා.. 

එතකොට..

ගී පද.. ලියැවෙනවා...

සිතිවිලි ඉගිලෙනවා....  

Saturday, July 2, 2011

බස්සෙක්..හෙම්බා..සහ පෝට්-වයින්

ඊයෙ අපේ ජාතික දිනය. බස්සටත් නිවාඩු. ඌ ජාතික දිනේ සමරන්න කියලා උදේම ගැහැව්වා සුමිහිරිපානේ. ටික වෙලාවකින් හචිස් දෙකකුත් ගියා, ඇඟටත් වෙනදට වැඩිය වෙනසක් දැනුනා. ඌ ඔය කිසිමදෙයක් ගණන් ගන්න සතෙක් නෙමයි නිසා. කෙලින්ම පැන්නා ඇඳට, බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ බුදි.

ඕන්න රෑ-ජාමේ මද්දහනේ එනවා SMS එකක්, බස්සා නිදිමරගාතේ බැලී නං අසෝකමාලා. එදා ‍රැ උයපු තම්පලා මාළුව නොකෑවට හේතු අහනවා. දැං බස්සට, නිදි මතයි, වයින් මතයි, ඒ මදිවට කෙලින් ඉන්න පන නෑ, හෙම්බා ගහලා. " මෙයා මේ මඟුලක් අහනවා" බස්සට එහෙම හිතුනා, ඒත් අතේ සාස් පානක් ඇති කියලා හිතුන හින්දා, ඌ උගේ හොඳම පෝකර්-ෆේස් එක දාගෙන මොන මොනවද කිව්වා,නිඳි මරගාතෙම. හුටා, පත්තු වුනේ නැතැයි චීන පටස් එක....

මා ඔබෙයි ඔබම කියයි

ඔබ මගෙද මටම බයයි

ඔබ සඳක් වගේ හැඩයි

හෙට අමාවක ද සැකයි..

බස්සෝ කියන්නෙ අමුතු සත්තු ජාතියක්. වැඩිය කිය වන්නෙ නෑ, උන්ගේ ආදරේ තියන්නෙ හිතේ.සැකේට හරි, බයට හරි එව්වා හිතේ තියාගෙන විඳවනවා. ඒකනෙ උන්ට බස්සො කියන්නෙ ගිරව් නොකියා. ඇයි අහල නැද්ද , සමහරු කියන්නෙ, " හුහ්, ඉන්න හැටි විතරක් බස්සෙක් වගේ බුකවා ගෙන.." කියලා.

මටත් අමාවක ලබන්නයි යන්නෙ, ආයිබෝං, එන සුමානෙ...

Wednesday, June 29, 2011

මෙලෝ රහක් නැති බස්සෙකුගේ ගීතය....

කන්ද උඩින් අටවක සඳ හිනා වෙනව මෝදුවෙන්ඩ…

රෑන් පිටින් පාත්තයන් පියාඹනව කූඩුවෙන්ඩ…

අඬති ළමා සුපැටියෝ උණුහුමකට ගාල්වෙන්ඩ…

එන්ඩ පිළට සැනසිල්ලේ ඇහැ ඩිංගක් පියාගන්ඩ..

මිඳුල පුරා රැස් මාලා අටවක දා හීන් හ‍‍ඳේ…

බැඳුම් සුවඳ සෙමින්,සෙමින් පැතිරෙනවා මුළුතැන්ගේ…

ගොපළුන් පිඹින නළාවේ

සුමිහිරි සත්සර පාවේ...

පිදුරු පියස්සේ තැවරෙන කළාමැදිරි කාන්තියේ…

නිවී පහන්වී දුරු වෙයි සෝක තැවුල් කාන්සියේ…

හිම කැට මිදෙන හීතලේ

හීතළ නොමැත රෑ පැලේ…

ප.ලි: හිම කැට මිදෙන හීතලේ..,හීතළ නොමැත රෑ පැලේ. හෙහ්..හෙහ්..[][], [][] 