Friday, December 30, 2011

සැමටම සුභ නව වසරක් වේවා!



ඕං අලුත් අවුරුද්දට මගේ ගානෙ නියම සිංදුවක්.



මට මෙන් ඌ..ටද කඬුල ඔබයි. මේක ඇහෙනකොට ඔහෙලටත් මට වගේම ටිකා..ක් මලකඩ කාපු සිංහල වොයිස් එකක් මතක් වෙනවද , හැබෑටම ? :))


                                      

Saturday, December 3, 2011

ගෙඹි කුමාරයා

ඔහෙලට කියන්න ආයිබෝං, මේ පහුගිය දොහක, මයෙ ආහාර ගබඩාව හිස් වේගන එන හින්දා මම පොඩි චෙරි-බෙරි ෂොපින් පාරක දාන්න කියලා, අර වෙල ඉස්මත්තෙ තියෙන ලඳු කැලෑවට රිංගුව නෙව. වෙනදා මෙව්ව තියෙන සාවියෙ පලදාව අඩුනිසා , නොදැනුවත්වම මාත් ගිහින්, ගිහින් නතර උනේ රූස්ස හිමේ. ඒ හරියෙ ඝණ මූකලාන, මෙලෝ සතෙක් යන්ට කැමති නෑ, ඔය මන්තර කාරියොත් ඉන්නවයි කියන්නෙ.





මාත් ඉතිං මේ බව නොදැන යනවා, උඩ බල,බල චෙරි හොය, හොය. ඔහොම යන කොට මට ඇහෙනවා, හඬක් " ෂ්, ෂ්, බෂ්ෂො" කියලා. බැලින්නං අර දෙළුං නෝනෙගෙ නෙළුං පොකුණ තියෙන්නෙ ආන්න ඒවගේ පොකුණක් ගාව ඉඳලා කව්ද හාදයෙක් මට කතා කරනවා. ඔය රූස්ස කැලෑවල තියෙන පොකුණු තියනවනේද? එව්වා මහ මායාකාර තැන් නෙව. මං ඒත් බැලුවා දිය මකරෙක් වත්ද කියලා, ම්හු... ගිනි පිඹින පාටක් නැති නිසා ලඟට කිට්‍ටු කලා.

අඟුරු කෑල්ල වගේ,හොඳ කඩවසම් පෙනුම තියෙන හාදයා, පොකුණ ගාව ඇනබාගෙන බොහොම දුක්මුසු විදිහට බලාගෙන ඉන්නව.

"මේ මටද කතා කලේ? මාව දන්නවද?"

"මොකද මං නොදන්නෙ, මේ අපේ නැන්දගෙ දොරකොඩ බස,බස ගාපු බකුසු උන්නැහේ නේද?"

" නෑ,නෑ මං ඒ බස්සා නෙවෙයි. ඒත් එයා අපේ කෙනක් නං තමා. ඔයා කව්ද?"

"මං ගෙඹි කුමාරයා. අර කුමාරිකාවගෙ බෝලෙ හොයලා දුන්නාම උම්මා දුන්නෙ. අන්න එයා"

"හැබෑටම? ඔය දුන්න උම්මා, සමනල උම්මද? අයිස්ක්‍රීම් උම්මාද?"

" මතක් කරන්න එපා. ඔය උම්මා තමයි මාව නැතිකලේ"

"ඇයි මොකද උනේ. කතාවෙ තියෙන්නෙ, ඉක්බිති සියල්ලෝම සාමයෙන් සතුටි ජීවත් වුනා කියලනෙ"

" ඔය කතන්දරකාරයො ඔහොම්මමයි. උන්දලා ඉතිං ඊට පස්සෙ වෙච්චි දේ කවදාවත් කියන්නෙ නෑ"

" හැබෑටම ඊට පස්සෙ මොකද වුනේ?"

"ඔහෙට කියන්න බෂ්ෂො, මං නිකම්ම නිකං හැල ගෙම්බා කාලෙ කොච්චර සං‍තෝසෙන්ද හිටියෙ? ඔහේ කැමති වෙලාවක් , නෙළුම් කොලයක් උඩට වෙලා ෂපාන් එකේ බුදිය ගත්තා. අනික් ගෙම්බොත් එක්ක සිංදු කිව්වා. බඩගිනි වුනාම බත් කූරෙක් දෙන්නෙක් ඩයට් එකට ගත්තා. හිතුනු වෙලාවක නෑවා. "



          



"ඇයි රජමාලිගාවෙ කුමාරයෙක් උනාම , රජසැපලු නෙ? ඕකනෙ කියන්නෙ ගෙම්බව කොට්ටෙ තියන්නෙ බෑ කියලා?"

" අනේ බොල බෂ්ෂො, ‍තෝ දන්න ඉටිගෙඩිය. මට වුනේ මං අනුන්ගෙ රජ ගෙදරක බින්න බැහැපු එකේ වැ‍රැද්ද නෙව. රජ කුමාරි, රාජ්‍ය කටයුතුවලට එහේ මෙහේ ගියා. මං තමයි රජ ගෙදර, රථාචාර්ය්‍යා, සූපවේදියා එතකොට ප්‍රධාන බට්ලර්තුමා. ඒ ඔක්කොම සුමේ කරලත්, පොඩ්ඩ බැරිවෙනකොට එනව නේද පොල්ගෙඩි අකුරෙන් SMS", "YOU DON'T LOVE ME ANYMORE" කියලා, කැපිටල් අකුරෙන්ම. 

" ඒක නං හරියි කියලා කියන්න බෑ තමයි. ඉතිං හැබෑටම, ඔහේට සැපක් කියලා දෙයක් ලැබුනෙම නැහ්ද , මං අහන්නෙ?"

" මොකෝ නැතුව? මුලින්, මුලින් නං රජසැප. ඒත් පහු, පහු වෙනකොට එව්වා අඩුවෙලා ගිහිල්ලා, ඔය ඉඳහිට, අවාරෙට කජු වැටෙන්නැහෙ උම්මා එකක්, දෙකක් ලැබුනා නං තමා. පස්සෙ මගෙ නිදහස නැත්තටම නැතිවුනා. මං යන එන තැන්, කතා කරන අය ගැන හොයන්න ගත්තා. බෂ්ෂො උඹ අහල තියනවද, රජ බොජුන් දීලා ,රන් කුඩුවෙ තිබ්බත් ගෙම්බව සං‍තෝසෙන් තියන්න බෑ කියන කතාව?"

" මං නං අහල තියෙන්නෙ ගිරව කියලයි. දැං කාලෙ බේතකටවත් ගිරවෙක් හොයාගන්න නෑ නොවැ. ඒ තියා මූදු මංකොල්ල කාරෙයොන්ගෙ කරේ ඉන්න ගිරව් හිටන් කොල්ලකනවා කියන්නෙ?ඒක නෙමයි, මොකද ඔහේ, මේ හැල ගෙම්බා වහේ බකන්නිලාගෙන මේ පොකුණ ගාව කරන්නෙ?"

"මං මේ මන්තර කාරියෙක් එනතුරු බලාගෙන ඉන්නවා. මන්තර කාරියෙක් නැහ්නං, බටකොළ ආච්චි කෙනක් වුනත් කාරි නෑ, ආයිත් ගෙම්බෙක් වෙන්න තියනව නං.





ආදර්ශය: තමන්ට ඇතිදේ වල අගය දැනෙන්නේ, ඒවා තව දුරටත් නැතිවූ විටය



Thursday, November 24, 2011

අපිත් සිංහ වංසෙ.....





පහුගිය දොහක බැස්සිත් එක්ක කතාවක් දාහෙන ඉන්නකොට, කියපි ඔයා හරි chicken කියලා. ඕක සිංහල හැරෙව්වොත් "ඔයා හරි කුකුලා" වෙනවා. එතකොට එන්නෙ වැරදි අදහසක් නෙව. හරි, අපි කා ගාවත් පොඩි "කුකුල්" ගතියක් නෑ, කියලා මං කියන්නෙ නෑ. Wikipedia එකේ chicken අර්ථදක්වල තියෙන්නෙ මෙහෙමයි "a domesticated fowl.". ඒ කියන්නෙ එයා සැවුළ් පවුලෙ කෙනක්. ඔය ලොකුවට හිතාගෙන හිටියට මොනරු, හංසයො,පාත්තයො ඔක්කොම ඒ පවුලෙ තමා :)). ඒ වගේම බවලත් උදවියට "ගිනි කිකිලි" කිව්වොත් ඒකෙන් එන්නෙත් වෙනත් අදහසක්.



 ඔය කුකුල් කතාව ඇදිලා ආවෙ, එයා අහපු දේකට මං ටිකක් අදිමදි කලා කියලයි. හහ්,"chicken" කිව්වා කියලා, හිතේ ඇති අපි අහුවෙයි කියලා. මං නං කියන්නෙ, හැම මිනිහෙක් තුලම, කුකුලෙක්, හරකෙක් සහ සිංහයෙක් ඉන්නව කියලයි




                

Friday, November 18, 2011

නිඳි දෙව්දුව....

සිහිල් බෙනේ තුල යහන සදා දෙමි

සැතපෙනු මැන සුවසේ.....

එවන් වෙලාවක සමනල උම්මා

දෙන්නද මම රහසේ...



අහල පහල බස්සොන්ට පෙනෙන්නට

නොයනු මැනවි පිටවී.....

සදා ඔබේ කොට්ටය වෙන්නම් මම

එහි සැතපෙනු මැනවී...



මෙවන් හැඟීමක් නැත පෙර පහළව

අරුමෙකි මහ පුදුමයි..

භවෙන්, භවේ ඔබ මට හමුවන්නට

මා පතනා පැතුමයි....











P.S: මොකක්දෝ කියාගන්ට බැරි දුකක් හිතේ තියාගෙන , තනිවෙලා ඉන්න කෙනෙකුගෙ මුහුණට හිනාවක් ගෙනාව නං, මගේ කාරිය සම්පූර්ණයි.....

Saturday, October 29, 2011

When everything's made to be broken.....

අනේ මන්දා, බලන්නකො ඉන්න හැටි

 බස්සා පවු නේද? සසර කලකිරිලා වත්ද?






And you can't fight the tears that ain't coming

Or the moment of truth in your lies

When everything feels like the movies

Yeah you bleed just to know you're alive






And, I don't want the world to see me

 'Coz I don't think that they'd understand


When everything's made to be broken

 I just want you to know who I am








       



P.S:  වලි ඉවරා...යි.











And, you asked me what I want this year

and I try to make this kind and clear

 just a chance that maybe we'll find better days...
















     

Monday, October 24, 2011

මන්දාරමෙන් එහා..

අහන්නකො මේ සිංදුව. ලස්සනයි නේද?





                





මේ දවස් වල මෙහාට ටික, ටික වහිනව. අහස පුරාම වැහි බීරම. ඒත් ඉතිං වැඩට යන්න එපෑයැ. හුළඟට ඇඟේ හිරි ගඩු පිපෙනවා. ඉතිං කාවද මතක් වෙන්නෙ? දුම් දාන කෝපි කෝප්පෙයි, බැස්සිවයි තමා.

සිංදුවෙ මෙන්න මෙහෙම කියනවා:





මන්දාරමෙන් එහා..

දෙව් දුවක් ඇති බලා...

මට යන්න දෙන්න සියුමැලියේ...

සුවඳ සොය සොයා..

මේ රාත්‍රියම නිසංසලයි.. ඒත් ඔබ නිසා...





මට ඕක තේරෙන්නෙ නෑ නෙව ආයිබෝං, සියුමැලියා ලඟ ඉන්නව නං ආයි මොකටද අර දෙව්දුවක් හොයන්න යන්නෙ. බස්සට නං, අරලිය මලයි, සුදුපාට මීදුමයි, සියුමැලියයි ඔක්කොම එක්කෙනයි.





අර ගුල්ලා මට ජූජක බමුණයි කිව්වා. ඕං බලා ගන්ටකො බස්සව. එකක බස්සා බුදි.



















අනිකෙ ඔලුවට පොලු පාරක් වැදිලා වගේ බලන් ඉන්නෙ,             මොනව දැකලද මන්දා?

Sunday, October 23, 2011

පැණි හැලීම, මල් කැඩීම, කො‍ටු පැනීම සහ හැලප ගිලීම....

අනික් අය වගේම, බස්සත් කැමතියි, සංගීතෙ අහන්න, නැ‍ටුං බලන්න. ඔය 'මූන්ලයිට් සොනාටා" තරම් සම්භාවනීය එව්වා නොවුනාට මෙන්න මේ වගේ එව්වා:













 සමහරු නං මේකට කියන්නෙ, හැලප ගිලින්ට යනවා කියලයි. අනේ ආයිබෝං, යැංකි රටේ, අයර්ලන්තෙ කොයින්දෑ හැලප? හා, ඔහෙලම කියන්ට බලන්න, අනික් හැමෝටම , චිත්‍රපටි බලන්න, පොත් කියවන්න හොඳ නං , බස්සෙක් මේව බලන එකේ වැ‍රැද්ද මොකක්ද කියලා?