Monday, February 20, 2012

බලු මහත්තය - Pooch in Boots



අදත් උදේ වැඩ ඇරිලා එනකොට බලු මහත්තයව හම්බ වුනා. කච්චිය පිච්චියට ගියත් බල්ලා එළුවෙන් කියන්නෙ බොරු නෙව, ආයිබෝං, ඔය අපූරුවට කෝට්-බෝට් ඇඳලා කකුල් හතරටම සපත්තුත් දාලා හිටියෙ( මෙහෙ වින්ටර් එකේදි බල්ලොන්ට ඇඳුම්, සපත්තු අන්දවනවා.) බල්ලෙක්ගෙ උනත් අවසර ගන්නෙ නැතුව පිංතූර ගන්න එක, මෙහේ හැටියට වැරදි වැඩක් නිසා පින්තූරයක් ගත්තෙ නෑ. මේක ගත්තෙ නං ඉන්ටනෙට් එකෙන්:











ඒත් උගේ ඇති මහත්ත කමක් නං නෑ, මාව දැක්කා විතරයි , මූ සුපුරුදු පරිදි මට ගෙරවිල්ලක් දැම්මා. ඕකා මාත් එක්ක තරහයි. කොහෙද, පටිය අල්ලන් හිටිය අර බඩ තඩි සුද්දා හිටියෙ නැහ්නං මට උන්දැට හොඳවැයින් දෙකක් කියා දෙන්න තිබුනා. ඊට පස්සෙ මේකා අණ්ඩක් එහෙම උස්සලා ලඟ තිබුණු ලයිට් කණුවකට සුළුදිය පාරක් ඇදබෑව. ඔය වැඩේ කරද්දි අණ්ඩෙන් පොඩි සපොට් එකක් දෙන එක ගැන කතාවක් තියනවා. පරම්පරා ගාණකට ඉස්සෙල්ලා උන්ගෙ බලු මුත්තෙක් තාප්පයකය ඔය වැඩේ කරද්දි තාප්පෙ කඩා වැටිලා උන්දැ එතනම අභාවප්‍රාප්ත වෙලා තියනවා. ඒක ගැන හොයන්න පත්කරපු බලු කමි‍ටුවේ නිගමන තමයි මේ:



1. ආණ්ඩුවේ කොන්ත්‍රාත් කාරයෙකු සෑදූ එම තාප්පය බලු නොවටිනා බවත්

2. මින් ඉදිරියට සියලුම බල්ලන් සුළුදිය බෑමට පෙර අණ්ඩක් ඔසවා තාප්පය ජැක් ගැසිය යුතු බවත්ය.



 මේ කතාව මට කිව්වෙ අපේ ටොමියා. ඇත්ත වෙන්න ඇති, පරයා ඩෝග් වුනාට ඌ එහෙම බොරුවට බුරන බල්ලෙක් නෙමෙයි. හරි, ආයිත් එමුකො ප්‍රධාන මාත්තුරුකාවට. බලු නොවටින මේ බලු ඇඳුම් , අපේ ඇඳුම් වලටත් වැඩිය ගණන්. ඒත් මේ බලු මහත්තුරු සූට්-බූට් දාලා බොහොම උජාරුවට යනකොට මට නං මතක් වෙන්නෙ අර අහිකුණ්ටික ඇත්තො නටන්න ගෙනියන රිලවුන්ව.




"හා,  කඳමලු බැඳගෙන නැන්ද මාමලෑ අහ යන හැටි පෙන්නලා ගහපං පුතා බඩ පිනුමක්!"

Wednesday, February 8, 2012

Part-time Lovers

We are undercover passion on the run

 Chasing love, up against the sun

We are strangers by day, lovers by night

Knowing its so wrong, but feeling so right



I guess that two can play the game

Of part-time lovers

You and me, part-time lovers








මට මතක් වෙන්නෙ කාලෙකට ඉස්සර අඳුනන බළලෙක් කියපු කතාවක් ." මචං බෂ්ෂො, හොරා කන්න නං පුරුදු වෙන්න එපා. හැබැයි එක එක සැරයක් හොරා කෑවොත්, මඟුල් මේසයක් ඇරලා දුන්නත්, කුස්සියට පැනලා හැලිවලං පෙරල ගෙන කනවා මිසක්, වැදගත් විදිහට කනවා නං බොරු".සිංදුවෙ " Knowing its so wrong, but feeling so right " කියලා කියන්නෙ ඒකනෙ.



මේ අසම්මත ප්‍රේම කතා මෙච්චර රසවත් ඇයි? රසයත් සමඟ එන, අවදානම එයට උත්ප්‍රේරකයක් වෙන නිසාද?


හොරා කාපු කිසිම බළලෙක් ඇත්ත කියන්නෙ නෑ, ඒත් හොඳින් බැලුවොත්, ‍රැව්ල් ගස් අතරි ගෑවිච්ච දැලි පේනවා.ගිය සතියෙ අපේ ටීම් ලීඩර් කෙනෙක් කියුබා ගියා වැකේෂන් එකට. මිනිහගෙ පැටිකිරිය දන්න අය නං කිව්වෙ, එයා තනියම ගියේ කියුබා සුරුට්‍ටු බොන්නම විතරක් නෙමයි කියලයි. වැඩේ කියන්නෙ, කොච්චරවත් ඇටි කෙහෙල් කාපු රිලවා වගේ මුඩ් ගහලා හිටපු හාදයා ආපහු ආවෙ , චන්දෙ කිට්‍ටු වෙච්ච අපේ දේසපාලු උන්නැගේ කෙනෙක් වගේ ප්‍රිය මනාපවයි. උන්දෑ මොල් කලන්තෙටත් බේත් කරගන්ට ඇති!



ගතානුගතිකව, කො‍ටු පැනීම, පිරිමින්ට විශේෂ වෙච්ච වරප්‍රසාදයක් විදිහටයි සැලකෙන්නෙ, විශේෂයෙන්ම ආසියානු සංස්කෘතියෙ. ඒත්, වැඩේ කියන්නෙ මේ කිසිම පිරිමියෙක්ට තමන්ගෙ භාර්‍යාව ඒකට එකට එක කලොත් එය විඳ දරාගන්ට බෑ. මං මේවා දැකලා අහල තියනවා.ඒත් එහෙම කියලා ගෑණු අහිංසකයි කියලා මං කියන්නේ නෑ, මොකද පිරිමිටත් වඩා කිසිම හර්ද සාක්ෂියක් නැති විදිහට වැඩකරන්න දක්ෂ ගෑණු නිසා :p .






I've got something that I must tell

Last night someone rang our doorbell

And it was not you my part-time lover

And then a man called our exchange

But didn't want to leave his name

I guess that two can play the game

Of part-time lovers

You and me, part-time lovers

But, she and he, part-time lovers




චැහ්! මේව්වයෙ හරි වැරදි අහගන්ට අපේ ස'(ර්)ප්‍රියා වත් මේ සාවියට එන්නෙ නෑනෙ. ඒත් ජීවිත කාලයක් අපට පොවලා, දැන් අර‍ටු බැහැපු "හරි මඟේ" වරදකාරී හැඟීම, මේ සමාජයේ "සාමාන්‍ය" දෙයක් වන හොරා කෑමේ නිදහස සමඟ ඉඳලා හිටලාවත් සටන් කරන්නෙ නෑ කිව්වොත්, ඒක ඇත්ත නෙමෙයි.


බඩගිනි වෙලා මා ගිය කල කැන්ටිමට

රස කෑමක් ආවයි මගෙ ඉදිරියට

නහය ලඟින් ගෑවී ගෙනගිය කලට

කන්දෝ, නොකන්දෝ කියලා සිතුනි මට



නිකං බොරු කියන්නෙ මොකටද අපිත් හොරා කාල තියනවා. අපේ ගමේ අල්ලපු වත්තේ, පංසල් වත්තෙ පොල් ගස්, තැඹිලි ගස් වලින් ඇහැව්වොත් ඒවට සාක්කි කියයි.



මේ සිංදුවෙන් කියවෙන්නෙ නං අසම්මත ප්‍රේමයක්,  නැහ්නම් කො‍ටු පැනිල්ලක් පිළිබඳ කතාවකුයි. ඒත් අසම්මතත් නැති, සම්මතත් නැති ප්‍රේම කතාවකුත් තියෙන්න පුළුවනිද? ඇයි බැරි සුදු සුදු මහත්තයගෙයි, අබංක කුසුමගෙයි කතාව. එතකොට සුදු මහත්තයක් පැන්නෙ කො‍ටුද? නැත්නම් අබංක කුසුමගෙ අයියට අහුවුනාම සුදු මහත්තයා ආත-බුත කඩාගෙන දිව්වෙ ඇයි? කව්ද දන්නෙ , "පරම්පරාවෙ නම්බුව ‍‍රැකගන්ට , මලයණ්ඩි" කියලා කවුරුහරි කිව්ව වත්දෑ කියලා? 

මට නං හිතෙන්නෙ සුදු මහත්තයගෙයි, අබංක කුසුමගෙයි කතාවට ගැලපෙන්නෙ මේ සිංදුව කියලා: 

 



        





මේ ඒක නෙමෙයි , ඔහෙලටත් ඔය " part-time love " වගේ දේවල් වෙලා තියෙනවද? නෑ මං මේ කිව්වෙ, ඔය නිකං මේ ඉන්නවා, මේ නෑ වගේ හැඟීමක් එන එව්වා.





මුනිවත හොඳයි, දෙබසින් දුක වැඩි හින්දා

Friday, February 3, 2012

යා දෙක නොරත රත....



“යා දෙක නොරත රත
සමග පෑසීමෙක් නැත”

මේකෙ තේරුම "රත් වූ යකඩයන් නොරත් වූ යකඩයක් සමග පෑස්සීමක් නැත." කියලයි කියන්නෙ, කියලා තියෙන්නෙ අලගියවන්න මුකවෙටිතුමා. තේරෙන බාසාවෙන් කියනවා නං " අනේ පනේ, අලි දෙඤ්ඤං, කොටි දෙඤ්ඤං" කිව්වත් නොගැලපෙන සමාජ මට්ටම් දෙකක ඉන්න දෙන්නෙක් අතර පහුවෙලා හරි ප්‍රශ්ණ මතුවෙනවා කියන එකයි.






මේක සීත කාලෙ නොවැ. පහුගිය දොහක හිම වැටෙන උදයක බස්ස යනව තව බකමූණෙකුත් එක්ක ගමනක්. මඟ කඩයකින් උණු-උණු කොපි කෝප්පයක් එහෙම ඇද බාලා, යන කොට අහපු සිංදුවක් තමා මෙන්න මේක:

                        
                                      

මේක ඇහුව විතරයි, මෙච්චර වෙලා කියෝ කියෝ හිටපු බස්සගෙ කට ඉබේම වැහුනා. ඌ ගියා ක්ලැසික් බස්සා මූඩ් එකට. යාළුව අහන ප්‍රශ්ණ වලට "හූම්..හූම්.." කියලා කිව්වා

"මොකද බොල උඹට උනේ, බස්සා වගේ "හූම්..හූම්.." ගාන්නෙ"

" හූම්.."

( යටි සිතින් - හහ්, 'හූම්..හූම්..' නොගා මම 'ක්වැක්, ක්වැක්' ගාන්නයෑ, මම බස්සෙක්නෙ)

බස්සගෙ හිතේ, විදුලි වේගයෙන් චිත්ත රූප පෙලක් මැව්නා. ලොකු ගෙයක්, සැඳෑ සාදයක් සහ ගතින් කෙසේ වෙතත්, හිතින් තනි වෙච්ච කුරා කුහුඹුවෙක්......

"හැබෑටම මචෝ එහෙම වෙයිද?"

" කොහොම වෙන්නද? මොකක්ද? වමාරපිය,වමාරපිය  මට තේරුනා බොට මොකක් නමුත් පටලැවිල්ලක් තියෙන බව, ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්න කොට"

" නෑ, මම මේ කිව්වෙ, අර සිංදුවෙ වගේ..කුරා කුහුඹු මිනිසා..."

" ආයි අහල, අන්වා ඩෙෆා. මං දන්න ඔහොම කේස් එකකුත් තියනවා"

"ඒ කිව්වෙ?"

" මගේ බැචෙක්, දෙන්නම මෙහෙ ආවා. කෙල්ලට මූට වැඩිය සිරා පෝස්ට් එකක් සෙට් වුනා, කෙල්ල හරි බ්‍රයිට්. මූ හොඳට කැපිලා පේන හාදයා. වැඩ කරන තැන, විරුද්ධ පක්සයෙන් බලපෑම් ආව. මූත් ඉතිං නිකං ඉන්න නැතුව ඇති, අඩු ගානෙ මල් කඩන්නවත් ඇති. එහෙන් මෙහෙන් වැඩේ කෙල්ලගෙ කණට ගියා. එදා ඉඳන් මූ ගෘහ මූලික"

"ඒ කිව්වෙ?"

" ඒ කිව්වෙ උගුඩුවෝ, ඌ ගෙදර ඉඳන් උයනවා, අස්-පස් කරනවා, ලමයි බලනවා. ගෑණි රස්සාවට යනවා. දැන් ඌ වැඩිය අපිත් එක්ක සෙට් වෙන්න එන්නෙ නෑ, අපි කාඩ් ගහයි කියලා බය ඇති"

"හූම්..හූම්.."

Wednesday, February 1, 2012

ඈවරයි..දෑවරයි......

මේ දවස්වල ගෙම්බොන්ට මාර ඉල්ලුමක් තියනවැයි කියන නිසා මාත් හිතුව පොඩි පහේ ගෙම්බො බිස්නස් එකක් කරන්න. මෙන්න ගෙම්බා, හා තියන්න බලන්න ලන්සුවක්.... 





    

Tuesday, January 31, 2012

Farewell

But I'm sad to say I'm on my way

Won't be back for many a day

My heart is down, my head is turning around

 I had to leave a little girl in far-away town



 Down at the market you can hear

Ladies cry out while on their heads they bear

`Akey' rice, salt fish are nice

And the rum is fine any time of year



Sounds of laughter everywhere

 And the dancing girls sway to and from

I must declare my heart is there

Though I've been from Maine to Mexico










-The song is ended, but the melody lingers on -





           

Wednesday, January 25, 2012

අපේ විත්ති ......







http://2.bp.blogspot.com/-

C2lMoMOpDK0/UOmthrpwgmI

/AAAAAAAAQsc/gL

JReDYbE5Q/s1600

/Funny+Cats+Fight

+Wallpaper.jpg

මේ දවස්වල කුමාරිහාමිත් රට ගෙම්බො හොයන්න ඒරොප්පෙ ගිහින් නිසා වලව්වත් පාළුවට ගිහින්. ඔය ඉඳලා හිටලා පිරිතකට, බණකට වැඩලා දානෙ වලඳලා ආපු බිලාල උපාසකමාතාවක් "පුරු,පුරු" ගෑවොත් මිසක්කා, වලව්වෙ මීක් සද්දයක් නෑ, ආයිබෝං. ඒ තියා වෙනදා මේ අහ නිතරම ගැවසෙන අපේ ස'(ර්)ප්‍රියා ආදිපාදතුමා වත් නෑ පාළු කපන්න, එයත් ගිහිල්ලා "මෙව්ව එක" හිතටද ගතටද කියලා හොයන්න.



 මමත් දවල් බතට කක්කුට්ටෙක්වත් හොයාගන්ට කියලා පාරට බැස්සා. ඔහෙල දන්නවනෙ අර බේකරිය ලඟ සිල්ලර කඩේ - " ඇවිත් ටිකක් අඬලා යන්න." ඕං ඔතන කස්ටිය ‍රැස්වෙලා  පුරුසයොන්ට "මෙව්ව" ගැසීමට ඇති මුලික අයිතිවාසිකම ගැන සාකච්චාවක්. ඔය කඩේ මුදලාලි ඉන්නව නේද? අනේ හරිම සාදාරන මනුස්පයා. දැහැමින් සෙමින් වෙළදාමක් කරගෙන ඉන්නවා මිසක්කා, අනික් වෙලෙන්ඳො ගැන කිසිම කහටක් නෑ, කොටින්ම අහල-පහල එක කඩයක්වත් වස්සවල නෑ කිව්වම. හැබැයි කඩේ වැඩට ඉන්න කොලුව " ලෝකයා" නං විස්වාස නැති බුවා. හිංගල අවුරුද්දත් ලඟ ලඟම එන නිසා අවුරුදු උත්සවයක් පවත්තලා ගමේ කස්ටිය එක්කාසු කරන්නත් ඒ අස්සෙ කතාවක් යනවා. මෙන්න යෝජනා වෙච්චි කෙලි සෙල්ලං:



1. කණාට පොල්ලෙන්/මුට්ටියෙන් ගැසීම

2. පව්කාරයාට ගල් ගැසීම

3. හොඳම "බ්ලොගික" කුහකයා තේරීම. අනුන්ගේ කඩවලට යන සෙනඟ ගණන් කිරීම, ඒ කඩවල බඩු විකුනන වෙළඳ උපක්‍රම විශ්ලේෂණය, සහ හරි හැටි නින්ද නොයාම මූලික සුදුසුකම් වේ.

4. හොඳම ග්‍රීස් -යකා තේරීම. මූ නං යකා උනාට , ඉන්නෙ මනුස්පයෙක් වගේ වෙන්ට ඕනෙ, මෙලෝ යකෙකුට කියන්න බෑ ඌ යකෙක් කියලා, වැඩිපුරම බැල්ම දාන්නෙ ස්තිරි පාර්සවේට,වයස පුරස්නයක් නෑ. හොඳට කන-බොන , ගම්-දනව්වල සංචාරෙ කරපු යකෙක් වෙන්නම ඕනෙ.



ඊට පස්සෙ කස්ටිය ගහ මරාගෙන්ට පටන් ගත්තා. ඔය අතරේ කව්දෝ හාදයෙක් කඩුවක් අරගෙන සටනට පැන්නා. පැන්නෙ නැතෑ කඩේ කොලුවට මල, ඌත් "හහ්, යුද්දෙට නැති කඩුව 'ජැක්' කොටන්නද" කියලා මන්නයක් අරගෙන සටනට පැන්නා. පස්සෙ කස්ටිය අනෙක් ගෙවල්වල ගෘහ මූලිකයාට අමතරව ඉන්නා "නිත්‍ය පදිංචිකාරයොන්ට" විරුද්ධව සත්‍යග්‍රහයක් පැවැත්වීමට කමි‍ටු යෝජනාවක් සම්මත කර ගත්තා.



මෙව්වා බලං හිටපු මාව නිකං නන්නත්තාර වෙලා ගිය නිසා මාත් දෙකක් නමා ගන්ට අලි මඩුව පැත්තට මංගැච්චුවා.

Friday, December 30, 2011

සැමටම සුභ නව වසරක් වේවා!



ඕං අලුත් අවුරුද්දට මගේ ගානෙ නියම සිංදුවක්.



මට මෙන් ඌ..ටද කඬුල ඔබයි. මේක ඇහෙනකොට ඔහෙලටත් මට වගේම ටිකා..ක් මලකඩ කාපු සිංහල වොයිස් එකක් මතක් වෙනවද , හැබෑටම ? :))