බය වෙන්න එපා, මෙව්ව 100% ටැස් කොරාපුව, සැක නං බලන්නකො ඔය උඩතියෙන Home බොත්තම ඔබල. ඔය තියෙන්නෙ දිලිසි, දිලිසි යස අගේට.....( ඔබාගේ " චොප්පෙ අයියාගේ" කතාවෙන් උස්සන ලදී.. )
මම කොහොම වෙතත් ඔයාල , බොහොම මහන්සි වෙලා අපට බලන්ට ලිපි ලියනවා නෙව. ඔන්න අපි නිවාඩු දවසක, චැට් එකකට එහෙම පස්සෙ, දෙයියනේ කියල බ්ලොග් අවකාසෙ හැලප ගිල,ගිල යනකොට හොඳ ලිපියක් හම්බ වුනයි කියමුකො. ඒක බැලුව, ගියා. ඇයි අප්පේ තව කොච්චර නිල් කැට, පුස්පරාග වගේ ලිපි කීයක් ඔය බ්ලොග් වල වැලලිලා ඇත්ද? කාටද ඔය මී බෝල කරකවා, කරකවා, ඔව්වා හොයන්න ඇහැකි? මේකට උත්තරේ තමයි අද පාඩම:
අද බාස් උන්නැහේ කියල දෙන්න යන්නෙ, කොහොමද summary page එකක් හදාගන්නෙ කියල. මේක හැම පොස්ට් එකකින්ම ටික, ටික පෙන්නවා, හරියට ඔය සින්ඩිවල තියෙනව වගේ.හරිම ලේසියි. දැං ඉස්සර වගේ HTML එඩිට් කරගෙන නටන්න ඕනෙ නෑ. මේ පහසුකම Bloggerලම දීල තියනවා. හැබැයි , ඒක setting වල enable කරන්න ඕනෙ. මෙන්න මෙහෙම:
ඉස්සෙල්ලාම Dashboard -->Design--> Page Elements වලට යන්න. දැං "Blog Post" කියන කොටුවෙ "Edit" වලට කොටන්න
ඊට පස්සෙ මෙන්න මෙහෙම කොටුවක් එයි. ඒකෙ "Number of posts on main page"කියන එකෙන් තමන්ට පෙන්නන්ට අවශ්‍ය පෝස්ට් ගානයි. , "Post page link text" කියන එකෙන් තමන්ට කැමති "වැඩි විස්තර" වගේ එකකුත් දාලා මතක ඇතුව "Save" බොත්තම ඔබන්න.ඔය කිඹුලගෙ කට වගේ දැති තියෙන බොත්තම එබුවාම පහල රවුම් කරල තියෙන කඩ ඉරි මායිම වැටෙනවා. මේක ඇත්තම පොස්ට් එකේ පෙන්නන්නෙ නෑ. මේ මායිම ටෙම්ප්ලේට් එකට කියනවා, මෙතනින් තමයි, සංශිප්ත කරන්න ඕනෙ කියලා. එච්චරයි, ලේසියි නේද? :)
දැං ඉස්සර වගේ නෙමෙයි, Blogger එකේ හුඟක් හොඳ පහසුකං දීල තියනවා. Template Designer එකේ තියන "Custom CSS" එහෙම එකක්. හා එහෙනං දැං මේක අත්හදා බලල, තම තමන්ගේ බ්ලොග් වලට කෙලෝ ගෙනම කොහොමද කියල , කියලම හිටිමුකො, ඊට පස්සෙ බැරියෑ සීඇස්ඇස් කොරාන්ට :)










